IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘පැරැණි ජීවන රටාවට යළි හුරුවිය යුතුයි‘

දියවැඩියාව වැනි බෝ නොවන රෝග වසංගතයක් ලෙස පැතිරෙමින් පවතින බවත් වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යා දත්ත බලන විට බියක් ඇති වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවසීය.

කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති සදීපා පොත් ප්‍රකාශකයන් විසින් ‘නිරෝගී දිවියකට‘ පොත් පෙළෙහි දෙවැනි අදියර එළිදැක්වීමේ උළෙලේ ප්‍රධාන දේශනයට එක්වෙමින් පාදෙණිය මහතා එසේ කීවේය.

පරිසර හිතකාමී හෙවත් එකෝ ෆ්‍රී යන බටහිර සංකල්ප මෙරට යළි ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් එය ඈත අතීතයේ සිට අපේ රටේ ජනතාව අතර නිරායාසයෙන් ක්‍රියාත්මක වූවක් බවද පෙන්වා දුන් පාදෙණිය මහතා පාණාතිපාතා වේරමණී සිල් පදයේ සිට පරිසරයට ආදරය කළ කෘෂිකාර්මික දිවි පෙවතක් ගත කළ පැරැන්නන්ගේ ජීවන රටාවට යළි හුරුවීමෙන් ලෙඩ රෝග අවම කරගත හැකි බවද කීවේය.

භෞත චිකිත්සක ජාලිය උඩුවැල්ල මහතාගේ භෞතචිකිත්සාව, පෝෂණවේදී රොෂාන් දෑල බණ්ඩාර මහතාගේ නිවැරදි ආහාර පුරුදු, විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක හා මාධ්‍යවේදිනී නාලිකා රාජපක්ෂ සංස්කරණය කළ තරබාරුවෙන් අත්මිදෙමු, වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ යොවුන් වියට ලිංගික අධ්‍යාපනය, යෝගාචාර්ය රෝලන්ඩ් විතානගේ මහතාගේ ගත සිත සනසන යෝග ව්‍යායාම, වෛද්‍ය උපාලි වේරගම මහතාගේ ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගවලින් අත්මිදෙමු ඇතුළු ග්‍රන්ථ 8ක් එහිදී එළි දැක්විණි.

IMG_3759 IMG_3773 IMG_3788



අදහස් (0)

‘පැරැණි ජීවන රටාවට යළි හුරුවිය යුතුයි‘

ජයවික්‍රම Friday, 26 August 2016 07:13 AM

ඔබතුමා ගමේ කෙනෙක්. නගරයට ගියා කියල ගැමිකම වෙස් වෙලා නෑ. කවුරු මොනව කිවත් ඔබ රටට ආඩම්බරයක් (බ)

:       0       0

මංජුල Friday, 26 August 2016 07:11 AM

දොස්තරලා සල්ලි වලට හරිම කෑදරයි කියලා අපේ මුත්තා කිව්වා. ඒක ඇත්තද දන්නේ නෑ.(හේ)

:       0       0

අකිල Friday, 26 August 2016 07:22 AM

දුමින්ද, මෙදාත් බොහෝ ඉසිවර වෙදැදුරන් මුදලට ලොල් නැත සමහරක් එසේ වූවාට. මේවගේ එකකට අදහස් ප්‍රකාශ කරදිදී ඒ ප්‍රවෘත්තියට අදාලව අදහස් දක්වන්න තමන්ගේ කුහකකම ප්‍රදර්ශනය නොකර. වෛද්‍යතුමා දක්වා ඇති අදහස් අප සැමට අදාල දේවල්. ඒක අප සැමගේ සෞඛ්‍ය ගැන මිසක් වෛද්‍ය වෘත්තිය සම්බන්ධ නෙමෙයිනෙ. (බ)

:       0       2

ලක්ෂි Friday, 26 August 2016 07:18 AM

අපේ රටේ ඉන්න වයසක අයගෙත් අාකල්ප දැන් හුඟක් වෙනස්වෙලා. පෝය දවසට සිල්අරගෙන හවසට ගෙදර ඵනකොට කඩේකින් කොත්තුවක් අරගෙන තමයි ගෙදර ඵන්නෙ. අද අැඟට හරිම අමාරුයි කියල. (බ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Friday, 26 August 2016 07:39 AM

නිවැරදි ආහාර රටාවනට ජනතාව නැඹුරු කිරීමට විද්‍යුත් මාධ්‍යයට විශාල වගකීමක් පැවරෙනවා එමෙන්ම ක්ෂණික ආහාර, වල අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය පිළිබදව දැනුම නිසි පරිදි සම්ප්‍රේෂණය කිරීම මහත් වටිනා කටයුත්තකි..එමෙන්ම දරුණු රෝගාබාධ වලට හේතු කාරක වන (පිළිකා කාරක ) කෘතීම රසකාරක සහ වර්ණක අඩංගු අහර පිළිබද වෙළද ප්‍රචාරණය තහනම් කරන්නේනම් අපේ මිනිසුන් සිරුරට හිතකර දේශීය ආහාරවලට වලට නිසැකයෙන්ම යොමුවනු ඇත, (බ)

:       0       0

ලසන්ත Friday, 26 August 2016 07:35 AM

‘පැරැණි ජීවන රටාවට යළි හුරුවිය යුතුයි‘ අපොයි ඔව්! අපිත් කැමතියි ඉස්සර ගමේ හිටිය වෙදමහත්තයා ආයෙත් එනවා නම්. වෙලාවක් කාලයක් නොබලා, මුදල් ගැන නොසිතා මැරෙණකන් අනුන් වෙනුවෙන්ම කැපවු, මුදල් වලින් තත්වතානන්තරයෙන් නොව වෙදකමින් සතුටු වූ, කිසිදිනෙක සුළු සුළු දේවලට සේවා වර්ජන නොකරපු. තවත් බොහෝ ඇත..(බ)

:       0       0

අනුරාධ Friday, 26 August 2016 05:19 AM

ඔබ හරි වෛද්‍යතුමනි.අපේ රටේ ගොඩාක් මිනිස්සුන්ගේ ජීවිත අවුල් වෙලා තියෙන්නේ(ආර්ථිකය,සෞඛ්‍ය,පවුල් ජීවිත.....)කිසිම පිළිවෙලක් නැති බොරු සෝබන ජීවන රටාවන් වලට පුරුදු වී තියෙන නිසා.ගොඩක් අයට කොලෙස්ටරෝල් සහ දියවැඩියාව තියෙනවා.සමහරක් අය කාර්යාලයේ දවල් කෑමට කන්න ගන්නෙම ෆ්‍රයිඩ් රයිස්.හැමෝම කන්නේ ඒවා නිසා රතු කැකුළු බත් එතන කෑවොත් එ්ක මදිකමක් වගේ කියල කියනවා මම අහල තියෙනවා. රැල්ලට යන්න තමයි හැමෝටම ඕනේ. (බ)

:       0       0

නීල් ප්‍රියන්ත Friday, 26 August 2016 05:19 AM

පාදෙණිය මැතිතුමනි ඔබ අපේ රටට සම්පතක් (බ)

:       0       4

ජයා Friday, 26 August 2016 05:32 AM

මම රැකියාවට ආව කාලේ නිවසේ සිට බස්රථය ගැනීමට ආවේ ඇවිදගෙන එහෙම නැත්නම් පාපැදියෙන්.පාසලෙන් අයින් වෙන තුරුම ආවේ ගියේ ඇවිදගෙන. අදනම් පාපැදියක් දකින්න තියෙන්නේ කලාතුරකින්. ළමයෙක් ඇවිදගෙන පාසලට යනව කියන්නේ පුදුමයක් වෙලා. කන කෑමවල අසීමිත ලෙස වස විස. ඉතින් ලෙඩ රෝග හැදෙන එක පුදුමයක් නොවෙයිනේ. (බ)

:       0       0

දුමින්ද Friday, 26 August 2016 05:52 AM

එදා ඉසිවර වෙදැදුරු මුදලට ලොල් නැත (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 110 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 62 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 635 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 365 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1865 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 703 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site