IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පරණ පිනක් කඩා වැටුණා

 

rdy

 

‘‘ඇත්තටම මම හරි සරලයි. හිනාවෙලා, විනෝදයෙන් පාඩුවේ ඉන්න කැමති කෙනෙක්. අනුන්ගේ වැඩ ගැන බලනවාට වඩා, මාගේ වැඩක් කරගෙන කා එක්කත් හොඳින් ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම මට හිතෙන විදියට මම හරි සරලයි.


මේ විදියට කියන්නේ, මේ දිනවල විකාශය කෙරෙන මිනි මහිම ටෙලි මාලාවේ ‘සිලූනි’ නමැති චරිතය රඟපාන රශී ප‍්‍රභා සංදීපනී යොවුන් ශිල්පිනියයි. මෙම චරිතයට අමතරව ඇය විකාශය කෙරෙන ‘‘රෑන’’ නාට්‍ය මාලාවේ චරිතයකින්ද අපට හමුවන්නීය. මීට අමතරව වේදිකා නාට්‍ය නිර්මාණයක් සමගත් පේ‍්‍රක්‍ෂකයන්ට හෙට දින ඇය දැක ගත හැකි වේවි. මේ රශී ප‍්‍රභා කවුද? රංගනයෙන් බොහෝ දුර යා හැකි දක්‍ෂතා ඇති මේ යොවුන් ශිල්පිනිය සමග අපි කතා බහකට එක්වෙමු.

  SAN_8764


button රශී ප‍්‍රභා සංදීපනී, ඒ අතරින් වැඩිපුරම ඔබ අමතන්නේ මොන නමින්ද?
රශී කියලා.

 


button රශිගේ වයස?
අවුරුදු 20යි

 


button ගම?
මොරටුව

 


button පවුලේ විස්තර?
අම්මයි- තාත්තයි, මමයි මල්ලියි

 


button රඟපෑමට පැමිණීම අහම්බයක්ද? නැත්නම් අරමුණක ඵලයක්ද?
පොඩි කාලයේ ඉඳලාම ස්වාධීන රූපවාහිනියේ ළමා නිවේදිකාවක ලෙස කටයුතු කළා. නමුත් ඇත්තටම රඟපාන්න ලැබුණේ නම්, අහම්බයකින්. චංචලා බුලත්වත්ත නිෂ්පාදිකාව නිසා තමයි ඒ අවස්ථාව ලැබුණේ. වැහිලිහිනි ටෙලිනාට්‍යයේ තමයි මුලින්ම රඟපෑවේ. ඉන්පසුව ආත්තම්මා, හිරු තනිවෙලා, මිනි මහිම සහ සියත රූපවාහිනියේ විකාශය වූ නිර්මායා සහ සිරසේ විකාශය කෙරෙන රෑන නාට්‍යවල රඟපෑමට ලැබුණා. මේ දිනවල තවත් අලූත් ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම්වලට දායක වෙනවා.

 


button ‘‘පරණ පිනක්’’ හිසේ කඩාගෙන වැටෙන්න යනවා කියන්නේ?
ප‍්‍රවීන රංග හා නාට්‍ය වේදිනි දමයන්ති ෆොන්සේකා මහත්මිය තමයි ඒ පින ලබා දුන්නේ. ඇත්තටම වේදිකා නාට්‍යයක රඟපෑමට ලොකු ආසාවක් මට තිබුණාට දමයන්ති ෆොන්සේකා මහත්මිය නිසා ඒ අරමුණ ඉටු වුණා. ‘පරණ පිනක්’ වේදිකා නාට්‍ය මෙම 29  වැනිදා වේදිකාගතවීම ඇරඹෙනවා.

 


button රශී රඟපෑම විතරමද කරන්නේ? ඒ කියන්නේ ඔබ වෘත්තීය ලෙස කරන්නේ රඟපෑම ද?
උසස් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්න සූදානමින් සිටින්නේ්. කලා අංශයෙන් උපාධිය ලබා ගැනීම තමයි අරමුණ.

SAN_8745


button වෙනත් රැකියාවක් ගැන නොසිතා රඟපෑම ගැනම හිතුවේ ඇයි?
කුඩා කාලයේ ඉඳලාම පාසලේදී නැටුම්- ගැයුම් ආදී දේ කළා. මාව කලාවට යොමු කළේ ගංගා පරණවිතාන ගුරුතුමියයි. පසුව පාසල් කාලයේදී සමස්ත ලංකා මට්ටමින් හොඳම නිළිය සම්මානය පවා ලැබුවා. ඉගෙන ගත්තේ, මොරටු මහා විද්‍යාලය සහ පානදුර බාලිකා විද්‍යාලයෙන්.

 


button ඔයාගේ මුහුණ ගැන ගොඩක් අය කතා වෙනවා නේද?
කම්මුලේ තියෙන ඩිම්පල් එක සහ දිගු කොණ්ඩය නිසා තමයි ගොඩක් අය කතා වෙන්නේ. අක්කි ඔයාගේ කොණ්ඩෙට ආසය කියලා චූටි නංගිලා මගේ ළඟට ඇවිත් කියනවා.

 


button රඟපෑම කියන විෂය ගැන ඔබට කොහොමද හිතෙන්නේ?
මම හිතන්නේ චරිතයක් රඟපාද්දී අපි ඇතුළාන්තයෙන්ම ඒ චරිතයට සමීප වෙන්න  ඕනෑ. එතැන දී සැබෑ ජීවිතයේ දී මගේ චරිතය අමතක කරන්න  ඕනෑ. ඒ විදියට රඟපෑමට අනුගත වෙන්න නම් බොහෝ දේ හැදෑරීම කළ යුතුයි. බොහෝ ප‍්‍රවීණයින් මට බොහෝ දේ කියලා දෙනවා. රංගනයෙන් හොඳම දෙයක් කිරීම තමයි ලොකුම අරමුණ.

 


buttonසංඛේත්, කසුන් හොඳම යාළුවෝ නේද?
රෑන සෙට් එකේ ඔක්කෝමලා හොඳම යාළුවෝ.

 


button එත් හොඳම යෙහෙළිය ‘විනූ’ නේද?
විනූ සිරිවර්ධන තමයි ක්ෂේත‍්‍රයේ හොඳම යෙහෙළිය. නිලූක්‍ෂි ප‍්‍රනාන්දු, සුභාෂිනී (රෑනේ) ගොඩක් හිතවත්. ඒ වගේම නිල්මිණි තෙන්නකෝන්, දමයන්ති ෆොන්සේකා සහ මානෙල් වානගුරු මහත්මීන්ගේ ගොඩක් උපදෙස් ලැබෙනවා.

sadun-gamage

 



අදහස් (0)

පරණ පිනක් කඩා වැටුණා

ට්‍රේවෝර් පෙරේරා Tuesday, 19 May 2015 12:21 PM

ඔව් කෙල්ලගේ ලස්සන අඩුවක් නැති බව පේනවා. නිලියෙක්ද කියල කියන්න අපහසු මොකද අද නිලියෝ නළුවෝ කියන්නේ ලස්සන කොල්ලෝ කෙල්ලෝ නිසා. රුපලවන්ය කඩ තියෙනකම් කෙල්ලෝ කැත වෙන්නේ නෑ. ඔක්කොම බෝනික්කෝ වගේ. (ර)

:       0       0

කුමාරි Tuesday, 19 May 2015 05:42 AM

ගොඩක් ලස්සන දුවෙක්. අනාගතයට සුබ පතනවා! තෙරුවන් සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 87 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 961 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 190 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 878 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3544 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2248 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site