කොළඹ රාජකීය විද්‍යාලයයට හා විශඛා විද්‍යාලයයට සිසුන් ඇතුළත් කරන බව කියමින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක් ගත් බව කියන කොළඹ සමීපයේ ප්‍රධාන නගරයක පාසලක විශ්‍රාමික ගුරුවරියක (57) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇය වෙනත් බාලිකා විද්‍යාලයක උගන්වද්දී එම මුදල් ගෙන ඇති බවත්, ඉන් පසු ස්ථානමාරු වී ඇති බවත්, මීට මාස හයකට පෙර විශ්‍රාම ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
පිළියන්දල පදිංචිකාරියක වන ඇය දැන් රත්මලානේ සිටිතියි ද කියති.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පරණ පව් පස්සෙන් එළවයි
සත්‍යයා Saturday, 15 February 2014 04:50 AM
සැක පිටනේ හිරබාරයට අරන් තියෙන්නේ. ඒ හින්ද ඒ තරම්ම විඳින්න වෙන එකක් නැහැ. අනික ඉදිරියට විදුහල් පති වරු වැඩ වර්ජනය කෙරුවහම මේ අයව තමයි හදිසි අවස්ථාවේ සේවයට කැඳවන්න වෙන්නේ.(නදී)
අල්විස් Saturday, 15 February 2014 09:22 AM
අප්පච්චියෝ. කරගෙන තියෙන වින්නැහියක්. ලස්ස හතක් කියන්නේ අද රටේ තත්ත්වේ හැටියට මහා කජ්ජක්ද අප්පා.! ගුරුහොරු කියන කොට්ටාසයට මෙයත් වැටෙනවා නේ. එක අතකින් පවු කියලත් හිතෙනවා. (අ)
දයා ලහකූන් Saturday, 15 February 2014 09:25 AM
මේවා කවදාවත් අපේ රටේ නැවතීමක් වෙන්නේ නැත. (අ) .
පාරා Saturday, 15 February 2014 10:52 AM
ඔය එක්කෙනෙක් නෙවෙයි, කොලඹ පාසල්වල ගොඩක් කට්ටිය ඔය පාසැල් සිසු ජාවාරම කරනවා.(නදී)
රුවනි Saturday, 15 February 2014 04:12 PM
" සැකපිට අත් අඩංගුවට ගැනීම" යනු උසාවියකින් වරදකරු වනතුරු යම් පුද්ගලයෙකු " සැක" තත්වයේ තබා ගැනීම නීතිමය ව්‍යවහාරයයි. (නදී)
කුමාරි Friday, 14 February 2014 05:49 PM
කරන කලට පවු මිහිරිය මී සේ... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.... හදින මෙපවූ දුරලන උපදෙසේ...නුදුන මැනවි තුන් දොර අවකාසේ...(නදී)