IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පැරණි යකඩ එකතු කරන්නෝ ගාල්ලේ වීදි බසිති

මෙවර අයවැයෙන් පිලට් නමැති යකඩ පොලු සඳහා ආනයනික බදු සහන ලබාදීම හේතුවෙන් මෙරට අබලි යකඩ එකතුකරන්නන්ගේ රැකියා අනතුරේ වැටී ඇතැයි පවසමින් දකුණු පළාත් පරණ යකඩ එකතුකරන ව්‍යාපාරිකයෝ අද ගාල්ල බස්නැවතුම ඉදිරිපිට මාර්ගයේ උද්ඝෝෂණයක නිරත වූහ. ඔවුන් පවසන්නේ තමන් එකතුකරන පැරණි යකඩ මෙරට දී පිලට් සෑදීමට අළෙවි කළ බවයි. බදු සහන හේතුවෙන් මෙරට පිලට් නිෂ්පාදනය නවතිනු ඇතැයි ද එසේ වුවහොත් දකුණු පළාතේ පැරණි යකඩ එකතුකරන්නන් 12,000 ට පමණ ආදායම් අහිමිවෙතැයි ද උද්ඝෝෂණයේ නිතරවූවෝ කියති.

SAM_4041 - Copy SAM_4045



අදහස් (0)

පැරණි යකඩ එකතු කරන්නෝ ගාල්ලේ වීදි බසිති

සම්පත් Thursday, 26 November 2015 08:43 AM

ගෙදර එහා පැත්තේ හදන්න දාලා තිබුණු යතුරුපැදිය අපේ සීයාට හොරෙන් අරගෙන ගිහින් ගාල්ලේ පරණ යකඩ බඩුකාරයෙක්. සමස්තයක් වශයෙන් මෙයාලගෙන් රටට වෙන සේවයට වැඩිය ආනයනය කළ බද්ද වැඩිකිරීමෙන් වෙන සේවය වැඩියි. (නි)

:       0       0

උපාලි Thursday, 26 November 2015 08:47 AM

පවු අහිංසක මිනිස්සු (නි)

:       0       0

ලතා Thursday, 26 November 2015 08:48 AM

අහෝ දුකකි! දිලිප්ගේ අදහස වටිනවා (නි)

:       0       0

තුසිත Thursday, 26 November 2015 08:54 AM

කොහොමත් ආණ්ඩුව ලංකාවට වඩා ඉන්දියාවට ආදරෙයි.. වාගේ (ම)

:       0       0

නයන Thursday, 26 November 2015 10:17 AM

"ගයනා" දැන් හරියට හිතට අමාරු ඇති නේද? කාර් ගන්නනේ හිතන් හිටියේ. (බ)

:       0       0

සම්පත් පතිරණ Thursday, 26 November 2015 10:24 AM

අපි නම් දැන් යන්නේ කාර් එකේ..... සෙල්ලම්. (ස)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 26 November 2015 10:39 AM

කවුරුහරි දේශපාලුවෙකුට හොඳ කුට්ටියක් ඇති, නැතිනම් යකඩ ගෙන්නන සමාගම ඇමැතිගේ මාමාගේ වෙන්න ඇති. (බ)

:       0       0

සේන Thursday, 26 November 2015 12:21 PM

සෙන්ට් ඇන්තනීස් සමුහ ව්‍යාපාරයේ මුල්ම සභාපති වූ ඒ.වෛ.එස් ඥානම් මහතාත් රුපියලයි ශත පනහයි සාක්කුවේ දාගෙන කොළොඹ ඇවිල්ල මුලින්ම කරලා තියෙන්නේ ඇන මුරිච්චියි පරණ යකඩයි එකතු කරපු එකයි. (ස)

:       0       0

ප්‍රනාන්දු Thursday, 26 November 2015 12:36 PM

දකුණු පළාතට පමණක් නොවේ මුළු රටටම කරන අපරාදයක්. අබලි යකඩ පමණක්ම නොවේ අප රට තුල හදන්න හැකි සියලුම දේවල් පිට රටින් ගෙන්වීම දිනෙන් දින අඩු කිරීම සඳහා පියවර ගත යුතුව තිබෙන නමුත් රජය ස්වානිෂ්පදන දිරි ගැන්වීම සඳහා කිසිම් උත්සහයක් ගන්න බව නොපෙනේ. ඉදිරියට සියලුම දේවලට ඉන්දියාවට අත පාන්න වෙයිද කියලා හිතනවා. මන්ත්‍රී වරුන් ගම් වල ඇවිදලා බලන්න. ටින් කර රට යැවිය හැකි කොපමණ එළවලු පලතුරු ආහාර ද්‍රව්‍ය අපේ වතුවල නාස්ති වෙනවද කියලා. හොඳම උදාහරණය කන්කුන්. අපි ගණන් ගන්නේ නැහැ. ලොකු හෝටල් වල දීසිය රු 2000 ක් විතර වෙනවා. (හේ)

:       0       0

සමන්ති Thursday, 26 November 2015 02:02 PM

පරිසරය වනසන පරණ වාහන කෑලි, පරණ පරිගණක ගෙන්වීම නැවැත්විය යුතුයි. (නි)

:       0       0

සුමනපාල Thursday, 26 November 2015 07:22 AM

දුක හිතෙන දෙයක්. අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ට සහනයක් ලබා දිය යුතුය. (ස)

:       0       0

ගයනා Thursday, 26 November 2015 07:26 AM

අනේ මන්දා තව ටික දවසකින් කුලී මිනීමරුවොත් පාරට බහියි මිනීමරුවන්ට දඩුවම් දීම නිසා තමන්ගේ කර්මාන්තේ කරගෙන යන්න බැරිවෙනවා කියලා. (ස)

:       0       0

දිනේශ Thursday, 26 November 2015 07:41 AM

මේ අය අනුන්ට බරක් නොවී තමන්ගේ වේල හොයාගන්න පිරිසක්. මෙවර අය - වැය දුප්පතාට සහන දුන්න නම් මේ අයට මෙහෙම ඉල්ලීම් කරන්න ඕනේ නෑ. (ස)

:       0       0

දිලිප් Thursday, 26 November 2015 07:48 AM

ඇත්තටම මොවුන් දිරිමත් කළයුතුයි. ප්ලාස්ටික් බෝතල් වලටත් වටිනාකමක් දියයුතුයි. අපේ රට හැමදාම පස්සටමයි යන්නේ (නි)

:       0       0

විජිත් Thursday, 26 November 2015 04:46 PM

අර " යකඩ සුදා .." තවමත් සතුටින් යෙහෙන් වැජබෙනවානේ.ඇයි දෙවියනේ ඒකා හොරා කියලා ඔප්පුවෙලත් තවම එළියේ. (අ)

:       0       0

බුද්ධි Thursday, 26 November 2015 08:04 AM

ඇත්තටම පරණ යකඩ එකතු කරන අය නිසා පරිසරය බොහෝසෙයින් රැකෙනවා (නි)

:       0       0

අජන්ත Thursday, 26 November 2015 08:05 AM

පැලට්වල ආනයන බද්ද අඩු කිරීමෙන් වානේ මිල අඩු වනු ඇත. එයින් ඉදිකිරීම් ඇතුළු යකඩ භාවිතාවන කර්මාන්ත කිහිපයක පිරිවැය අඩු වනු ඇත. මෙය විශේෂයෙන්ම නිවාස ඉදිකරන්නන්ට සහනයකි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 597 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1599 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 752 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 772 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 767 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20062 15



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16563 0

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site