IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පරණ හාම්පුතා ජීවිත රැසක් ගොඩ දමයි

ගාල්ල කරාපිටිය රෝහ‍ලේ ළමා හෘද සැත්කම් කිරිම සඳහා එංගලන්තයේ සිට හෘද රෝග විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැමිණ සිටියි. ඔවුන් මේ වනවිට සැත්කම් 225 කට අධික ප්‍රමාණයක් සිදුකර  ඇත.

අඩු ආදායම්ලාභි දෙමාපියන්ගේ දරුවන් වෙනුවෙන් මෙම සේවාව සිදු කරයි.  විශේෂඥ වෛද්‍යවරු අටදෙනෙක් හෙදියෝ 10 දෙනෙක්  සහායකයෝ සිවු දෙනෙක් මෙම කණ්ඩායමට අයත් වෙති.

මෙම පිරිස එංගලන්න‍යේ එවලිනා රෝහලේ සේවය කරන අතර වාර්ෂික නිවාඩුවට ලංකාවට පැමිණ සැත්කම් සිදුකරන බව වෛද්‍ය කණ්ඩායමේ නායක විශේෂඥ වෛද්‍ය පෝල් ස්කෑලීස්  පවසයි.

වසර 14ක් පුරා මෙලෙස තම සේවාව ඔවුන් ලංකාවට ලබා දී ඇත.

එංගලන්තයේ ජනතාව මේ සඳහා මුදල්  ආධාර ලබාදෙන බවද එක් අයෙකු සුව පත් කිරීම සඳහා ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ තුනක සිට රුපියල් ලක්ෂ 30 දක්වා මුදලක් පමණ වැයවන බවද ඔවුහු පැවසූහ.

මෙයට අමතරව ගාල්ල කරාපිටිය රෝහලට අවශ්‍ය සැත්කම් උපකරණ, උපාංග හා ඖෂධ මොවුන් විසින් ලබා දී ඇත.

unnamed-(1) unnamed-(2) unnamed



අදහස් (0)

පරණ හාම්පුතා ජීවිත රැසක් ගොඩ දමයි

රුවන් Friday, 21 October 2016 11:34 AM

ඇසට කඳුලක් අාවා සතුට වැඩිකමට. මට කරන්න බැරිදෙයක් එතුමලන්ලා කරනවා. ගොඩක් සතුටු හිතෙනවා. ඔබ සැමට අමාමහ නිවන ලැබේවා! මතු උපදින ජාතියක නිවන් දකිනතුරු ඔබතුමාලා එරටේම ඉපදේවා! මොකද ඔය ගුණදම් අද මගේ රටෙන් නැතිව යන නිසා (නි)

:       0       0

ලංකාසිරි Friday, 21 October 2016 11:52 AM

ඇස් වලට කඳුළු ඉනුවා මේ පුවත දැකලා. මේ මං පදිංචි රටේ දෙවිවරු වන් මිනිසුන් (නි)

:       0       0

දසුනි Friday, 21 October 2016 11:53 AM

අපේ තාමත් හුඟක් අය හිතාගෙන ඉන්නේ ලෝකෙන් උතුම් රට, උතුම් මිනිස්සු ඉන්න එකම රටත් මේක කියලනේ. (නි)

:       0       0

සහාන් Saturday, 22 October 2016 07:41 AM

මේ වගේ උතුම් වැඩකත් වැරදි දකින අමනයෝ ඉන්නවනේ අපේ රටේ. (අ)

:       0       0

රංග Friday, 21 October 2016 12:26 PM

අපේ මේ වරප්‍රසාද ඉල්ලා වැඩ වර්ජනය කරන අය මතක් වුනා...! (අ)

:       0       0

සාලිත Saturday, 22 October 2016 11:02 AM

වසර 14ක් පුරාවට මෙම සැත්කම කරනවාය කියන්නේ ඉතා ඉහළින්ම අගය කළයුතු ක්‍රියාවක්. ලංකා රජයෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන් දෙන ඉහළම සම්මානය මේ වෛද්‍ය කණ්ඩායමට සහ මෙයට මුදලින් සම්මාදම්වෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් පිරිනමන්න වටිනා කියන සත්ක්‍රියාවක්.

:       0       0

රොෂාන් Saturday, 22 October 2016 01:06 PM

චාමර වැරදි දැක්කට හැම විටම විවේචනය කරන්න එපා... මේක අවුරුදු 14ක් තිස්සේ ලංකාවේ වෙන දෙයක්. මේක ලංකාවට ගෙනාවේ එංගලන්තේ පදිංචි ශ්‍රී ලාංකිකයෙක්. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබුනේ සෝමාලියාව වැනි රටක්. නමුත් ලාංකිකයාගේ ඉල්ලීම මත මෙම සේවය ලංකාවේ අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් ලැබුන. මේ එංගලන්තෙය් හදවත් සැත්කම් උගන්වන වෛද්‍ය විද්‍යාලයක සැම වසරකම පිටත් වෙන නවක වෛද්‍යවරු සඳහා ප්‍රයෝගික පුහුණුව සඳහා කරන්න දෙයක්. මෙතන පුහුණුව අවශ්‍ය නවක වෛදරුන් මෙන්ම එංගලන්තෙය් ප්‍රවීන වෛද්‍යවරුන් ඉන්නවා. මෙම අවුරුදු 14 ටම මම දන්නා විදියට එකම එක මරණයක් වාර්තා වුණා. එකත් ඉතාමත් අසීරු සැත්කමක්. එහි ඇති අවදානම දෙමව්පියන්ට පවසා ඔවුගේද ලිකිත අවසරයක් මත තමයි එක කරේ. මෙම සැත්කමක් කරන්න අඩුම ගානේ ලක්ෂ 10ක් වත් වියදම් කරන්න වෙනවා. ඔය සියලු වියදම් දරන්නේ එම විද්‍යා විද්‍යාලයෙන්. ලක්ෂ 10ක් තිය රුපියල් 1000ක් වත් හොයාගන්න බැරි මිනිස්සු වෙනුවෙන් මේක කරන්නේ. අපේ අහිංසක මිනිස්සුන්ගෙන් ගන්න බදු සල්ලි වලින් ඉගෙන ගෙන අහිංසක රෝගීන්ගේ ජිවිත ප්‍රාණ ඇපයට තියාගෙන වර්ජන කරන දොස්තරලා ඉන්න රටක මේ කරනදේ ඉතාම විශිෂ්ටයි (අ)

:       0       0

රොකි Saturday, 22 October 2016 01:47 PM

චාමර ගැන අනුකම්පා හිතෙනවා! (අ)

:       0       0

ද සිල්වා බර්ලින් Friday, 21 October 2016 04:55 PM

අපේ වෙද්දු වාහන පර්මිට්, දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලමින් ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට අරන් වර්ජනය කරනවා. විදේශිකයෝ ඇවිත් අපේ ජිවිත බේරනවා. අපේ වර්ජන කරන වෙද්දුන්ට සහ වෙදසිසුන්ට ජනතාව මහපාරේදී ගල්ගසා එළවන දිනය වැඩි ඈතක නොවේ (නි)

:       0       0

සීලන් Saturday, 22 October 2016 06:48 PM

තිළිණ, අවුරුදු සියගානකට කලින් සිටි උදවිය කළ දේ අල්ලාගෙන මෙහෙම හොඳ වැඩක් කරන අයට ගරහන එක හරි ද ? (බ)

:       0       0

අමල් Friday, 21 October 2016 05:07 PM

චාමර සමඟ මම එකඟයි (නි)

:       0       0

අබේරත්න Saturday, 22 October 2016 08:49 PM

සුද්දෝ ලංකාවට ආපු එකයි පාවා දුන්නු එකයි ගැන උඩ දාගෙන කෑ ගහන අය දැන් මොකද කියන්නේ...(බ)

:       0       0

ගීකියනගේ සුනිල් Friday, 21 October 2016 06:57 PM

සේවයක්ම නම් හොඳයි. ඒත් මේවා දිහා මීටවඩා විමසිලිමත් වියයුතුයි. ඇත්තටම මේ අය විශේෂඥ වෛද්‍යරුද එහෙම නැත්නම් පුහුණුව සඳහා අපේ දරුවන්ව යොදා ගන්නවාද. මේ අයගේ සහතික, පුහුණුව බලලා වෙන්න ඇතිනේ මේවාට ඉඩ දෙන්නේ. (නි)

:       0       0

ජයරත්න Friday, 21 October 2016 07:03 PM

මොනතරම් වටිනා සේවයක්ද? (නි)

:       0       0

ආනෝල්ඩ් ගුණවර්ධන Friday, 21 October 2016 07:17 AM

අන්න පින්වත්තු. (අ)

:       0       0

වසන්ජය Friday, 21 October 2016 07:17 AM

ගරු සේවයක් අවුරුදු 14 තිස්සේ කළා කිව්වට දැනගත්තේ අද .. සමහරවිට අත්හදා බැලීම් වෙන්න බැරිද (අ)

:       0       0

චාමර Friday, 21 October 2016 07:20 AM

ඒ ගොල්ලන්න්ගේ ප්‍රයෝගික පුහුණුවීම්වලට ලංකාවේ ළමයිව යොදාගෙන එකට මෙ පමණක් වියදම් වුණා කියල කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ රටවල මානුෂික අයිතිවසිකම්ය කියා පොඩ්ඩ බැරි වුණොත් මිලියන ගණන් ගෙවන්න වෙන්නේ. මෙහෙට ඇවිල්ල උදවුවක් කර කියල ගානකුත් පෙන්වනව. ඔලුව අතගාල ටොකු අනින්නේ. (අ)

:       0       0

විජේරත්න Friday, 21 October 2016 07:24 AM

අපේ අය නම්, නොමිලේ තුවාලෙකට බෙහෙත් ටිකක් දායිද...? (අ)

:       0       0

ජයතිස්ස Saturday, 22 October 2016 02:00 AM

ගුණවත් මිනිසුන්ගේ සත්ගුණවත් කටයුතු ගැන සමහරුන්ට කිසිම දැනීමක් නැති බව ඉහත සමහර අදහස් වලින් පෙනෙනවා (නි)

:       0       0

රොකී Friday, 21 October 2016 08:21 AM

අපේ වෛද්‍යවරුන්ගේ සංගමය මේ ගැන විරෝධය දක්වලා ස්ට්‍රයික් කරන්නේ එහෙම නැද්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 21 October 2016 08:32 AM

සුබ පතනවා හැමෝටම වගේම පින් සිදුවෙනවා මේ අහිංසක දරුවෝ වෙනුවෙන් පෙනීහිටියට!

:       0       0

කුමාර් Friday, 21 October 2016 08:37 AM

අපේ අයට වාහන, එයාලගේ දරුවන්ට හොඳ ඉස්කෝල දෙන්න ඕනෑ ඕවා කරගන්න නොවැ. අනික සැත්කමක් කළොත් ලෙඩාගේ අවසානය තමයි (නි)

:       0       0

කෝලිත Friday, 21 October 2016 09:00 AM

කොච්චර හොඳ වැඩක්ද මේ.(හේ)

:       0       0

සෙලනිකස් Friday, 21 October 2016 09:54 AM

කෝ මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කණ්ඩායම? මේකටත් මොකුත් කිව්වේ නැත්නම් ලොකු අඩුවක් නේද? (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 21 October 2016 10:16 AM

වසර 14ක් පුරාවට මෙම සැත්කම කරනවාය කියන්නේ ඉතා ඉහළින්ම අගය කළයුතු ක්‍රියාවක්. ලංකා රජයෙන් මනුෂ්‍යත්වය වෙනුවෙන් දෙන ඉහළම සම්මානය මේ වෛද්‍ය කණ්ඩායමට සහ මෙයට මුදලින් සම්මාදම්වෙන බ්‍රිතාන්‍ය ජාතිකයින් වෙනුවෙන් පිරිනමන්න වටිනා කියන සත්ක්‍රියාවක්. (නි)

:       0       0

ධම්මික Friday, 21 October 2016 10:36 AM

ආදරණිය මිනිස්සු...! අපේ මිනිස්සු නිවාඩු අරන් පිටරට ගිහින් සැප විදලා එනකොට එ් මිනිස්සු තමන්ගේ වාෂික නිවාඩුවත් අසරණයින් වෙනුවෙන් කැප කරනවා. (නි)

:       0       0

තිළිණ Saturday, 22 October 2016 06:44 AM

මේක හොඳ වැඩක් තමයි. ඒත් මේ අයට වෙස්සන්තරලා මෙන් වැඩ කිරීමට අවශ්‍ය ධනය ලැබුණේත් අපේ රට ඇතුලුව තවත් රටවල් ගනනාවක් "දුප්පත් " රටවල් බවට පත් වුනේත් මේ අයගේ මුතුන් මිත්තන් අවුරුදු සිය ගනනක් අපේ රට රටේ සම්පත් හා ශ්‍රමය සූරා කෑ නිසා බව මතක තියා ගන්න (අ)

:       0       0

එඩ්වඩ් Friday, 21 October 2016 10:46 AM

ඔන්න නියම මිනිස්සු! (නි)

:       0       0

එම්.සමරවීර Friday, 21 October 2016 10:46 AM

අපේ ප්‍රණාමය ඔබතුමන්ලාට! (නි)

:       0       0

බන්දුල Friday, 21 October 2016 10:46 AM

ඉතා හොඳ අගය කළයුතු වැඩක් (නි)

:       0       0

අරුණලු Friday, 21 October 2016 10:55 AM

අපේ දොස්තර මහත්තුරු සල්ලි පස්සේ දුවනවා මිසක් නිකමට මේ වගේ හොඳ වැඩක් කරනවද (නි)

:       0       0

ජයාත් Friday, 21 October 2016 11:01 AM

මේ වගේ අය පිටරටක සිට විත් මේ කරන සේවය විශිෂ්ටයි. අපේ ඊනියා සංගම් වල අයත් ඇස් ඇරලා මේ දිහා බැලුවොත් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 286 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 548 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 877 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1492 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 505 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 957 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 30 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site