(අජන්ත කුමාර අගලකඩ)
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ මත ගැටුමක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්තිවලට ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකුම විරෝධය පළකිරීම ඊට හේතු වී ඇතැයි දැනගන්නට ඇත .
විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතාද මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලට එකඟ විය නොහැකි බව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය .
මේ අතර ,යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් තමා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව අධ්‍යාපන රාජ්‍ය ඇමති අරවින්ද් කුමාර් මහතා ද උතුරේදී ප්‍රකාශ කළේය.
මෙම තත්වය හමුවේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවදුරටත් කල් යනු ඇතැයි පැවසේ.
මේ අතර, මෙම පනත් කෙටුම්පත ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ පහරක් බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ද මීට සති කිහිපයකට පෙර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළහ.
පනත් කෙටුම්පතින් ත්‍රස්තවාදය යන්න නිර්වචනය කිරීම සහ රඳවා තබා ගැනීමේ විධිවිධාන නිකුත් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ,ප්‍රතිත්‍රස්ත පනත ගෙනඒමට රජය තීරණය කළ අතර එය ඉකුත් 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
මහා සංඝරත්නයෙන් මෙන්ම ,පොදුවේ සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දින නියමයක් නොමැතිව කල් ගිය අතර,සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.
මේ අතර, යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව එක්ව කටයුතු කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ ද තීරණය කර ඇත.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රතිත්‍රස්ත පනතට ආණ්ඩුවත් බෙදේ
sujeewar Saturday, 06 May 2023 07:39 PM
මේ රට අස්ථාවර කරන්න ආයිත් මොනවා හරි විනාශයක් වෙනකම් පිල් බෙදි බෙදි ඉමු. අපේ රටේ විකාරී බහු ආගමික හා බහුවාර්ගික අදහසයි, රටේ පිහිටි ස්ථානයයි, අපේ රටට කෙලහලන විජාතික බලවේගයි එක්ක මේ රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් පනත් තිබිය යුතුමයි. ආගම් හෝ වේවා, ජනමාධ්‍ය හෝ වේවා, වෘත්තීය සමිති හෝ වේවා, දේශපාලනය හෝ වේවා කිසිවකුත් පරමාදර්හී හෝ සාධාරණ හෝ නැත. සියල්ලෝම තම මතය නිවැරදි සේ දකිනා අන්තවාදයකට කොටුවූවන් පමණි. බෞද්ධයාගේ පූජනීයම ස්ථානවලට පහරදී තිබියදීත් බෞද්ධයා කතමැට නොදොඩා නිහඬව විඳ දරාගෙන සිටියි. ඔවුන් මෙම දැඩි නීතිරීතිවලට කැමැති විය යුතුමයි. ඒත් සමහරුන් ඒ සියළු විනාශ හමුවේ වුවද ත්‍රස්තවාදීන් පෝෂණය කළා පමණක් නොව අදටද ත්‍රස්තවාදයට එරෙහි වීමට ද එරෙහි වේ. සාමාන්‍ය සාධාරණ බහුතර මිනිසාගේ දෛනික ජීවිතයට හානිවන ඕනෑම ක්‍රියාවක් ත්‍රස්තවාදයකි. එය ආයුධවලින් පමණක් නොව පාර අවහිර කරමින් කෑ ගසමින්ද, පෑන හසුරවමින්ද, සමාජ රූප මාධ්‍යයෙන්ද සිදුකළ හැකියි. ඒවායේ දිගුකාලීන ප්‍රතිඵල හා අරමුණ ත්‍රස්තවාදයමයි. ඒවා වැළැක්විය යුතුමයි. අයිතිවාසිකම් උගන්වන සෑම රටකම දැඩි නීතිරීති පවතියි...
C.K.Lankaputhra Saturday, 06 May 2023 07:40 PM
ප්‍රතිත්‍රස්ත පනත ගෙනෙන එක කෙසේවෙතත් ඒකට පක්ශව කටඅරින හැම කොයි ගොබිලට වුණත් වැස්ස වලාහක දෙවියන් කරන්න ඕනෑ දෙය අකුරටම කරාවි. ඒකෙ දෙකක් නෑ...
Lalla Saturday, 06 May 2023 09:51 PM
තිබෙන ආණ්ඩුව හැමදාම ඉන්නවා කියලා හිතල ඉදිරිපත් කරන පනත්.. තකතීරුකමට බෙහෙත් නැත.