IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘ප්‍රතිඵල ගැන සතුටක් නෑ’

ලැබු ප්‍රතිඵල පිලිබදව සෑහිමකට පත් නොවුවවද සිටි ස්ථානයේ කිසිදු වෙනසක් සිදුව නැතැයි පලාත්සභා ඡන්ද ප්‍රතිඵල පිලිබදව කතා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා එසෑණ සමග පෑවසීය.සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය තුන්වෙනි බලවේගය බවට පත් වී ජනතා විමුක්ති පෙරමුණ ඉන් පහළටත් ඇද වැටිම ගැන එසෑණ කල විමසුමට සෝමවංශ මහතා මෙසේ කීය.

එක,දෙක,තුන අංක අනුව නොවෙයි අපි දේශපාලනය කරන්නේ. රටේ තිබෙන පක්ෂ අතර විනයක් හා හොදම සංවිධාන ශක්තියක් ඈති එකම පක්ෂය අපේ පක්ෂය්යි. ඔබ සදහන් කරපු පක්ෂය විකල්ප පක්ෂයක් හෑටියටයි අපි දකින්නේ. අන්න එවැනි විකල්ප පක්ෂ එකට එකතු වු දවසට තමයි මේ රජයේ ඈද වෑටිම සිදුවෙන්නේ බෙබදු කම, සුදුව ගනිකා වෘත්තිය මේ රට විනාශ වෙලා, ණය ණය ණය හෑම අතින්ම ණය වෙනවා. මේ ණය කොහොමද ගෙවන්නේ? යන විදියට නියත වශයෙන්ම රටේ ආර්ථිකය කඩා වැටෙනවා.

 ඒක ස්ථිරයි. අවුරුදු 30ක් ලෝක බලවතා එක්ක යුද්ධ කරපු වියට්නාමය අද සීග්‍ර ආර්ථික දියුණුවක් ලබමින් පවතිනවා. චිනය උත්සහා ගන්නේ ලොක ආර්ථික බලවතා වෙන්න. ඒ හැම දේකටම රහස සමාජවාදි ආර්ථික ප්‍රතිපත්තිය. අපි පෙරමුණ ගන්නේ අන්න ඒ දේ රටට ලබා දෙන්නයි.

 



අදහස් (0)

‘ප්‍රතිඵල ගැන සතුටක් නෑ’

රණා Monday, 23 September 2013 03:20 PM

පැදුරේ ඉඳලා අපි කොහොමද බිමට වැටෙන්නේ. (නි)

:       0       0

රණා Tuesday, 24 September 2013 09:57 AM

ඒ උදවිය දැන් සිරි සගබෝ නාට්‍යය කරනවාලු (නි)

:       0       0

අමරසේන Monday, 23 September 2013 09:18 PM

මිනිහෙක් අමාරුවේ වැටුණ අවස්ථාවේ සිනාසෙන සමාජයක්. (නි)

:       0       0

තාරකා Monday, 23 September 2013 03:25 PM

මොනවද නායකතුමා මේ කියවන්නෙ ? වමේ පක්ෂ ගැන ජනතාවට තිබුන විස්වාසය නැතිවෙලා කියලා ඇයි අවංකව පිළිගන්න බැරි ? අනෙක් කාරනය ඔයාලගෙ ජ වි පෙ බර අදින්න හිටපු කොල්ලො ටික කඩා ගෙන ගියපු එකත් ඔය පරාජයට බලපෑවා. අපිට තේරෙන ඇත්ත ඕක. (නි)

:       0       0

හේරත් Monday, 23 September 2013 09:20 PM

නටපු නැටුමකුත් නෑ.බෙරේ පලුවකුත් නෑ.නේද අයියේ? (නි)

:       0       0

විජේසිරි Tuesday, 24 September 2013 10:05 AM

සතුටු වෙන්න තරම් හරි හමන් ප්‍රතිපලයක් හම්බවුනේ නැහැනේ... (නි)

:       0       0

බිනර Tuesday, 24 September 2013 07:42 PM

මොනා කරන්නද, .දැන් "අනේ ඉතින් අපි දෙන්නට මේ තුන් සරණේ පිහිටයි ." කියනවා ඇරෙන්න.(නදී)

:       0       0

ගුණදාස Monday, 23 September 2013 03:30 PM

ඇත්තටම් රටට හදන්න පුළුවන් ජ.වි.පෙට. අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ගොඩක් දෙනෙක් තමන්ගේ වාසි ගැන විතරයි හිතන්නේ (නි)

:       0       0

අතපත්තු Tuesday, 24 September 2013 10:10 AM

අනේ ඉතින් දුක් වෙලා දැන් මොනවා කරන්නද?ඕක තමයි ඉතින් ඔයාලට මේ රටේ තියෙන තැන... (නි)

:       0       0

ශාන් Monday, 23 September 2013 03:34 PM

හිනා කාලා මැරෙනවා (දී)

:       0       0

දුම්මලසූරිය... Monday, 23 September 2013 03:35 PM

ජේ ව් පි ...හොද පක්ෂයක ලකුණු පෙන්නුම් කල මීට කාලෙකට ඉස්සර....අපිත් ජේ ව් පි රටේ බලය ගනී කියල අසාවෙන් බලා සිටි කාලයක් තිබුණා...... එත් දැන්නම් ඒ ගැන හීනෙන්වත් හිතන්න බැරිබව ඔප්පුවෙලා.... (දී)

:       0       0

චින්තක Monday, 23 September 2013 09:25 PM

අනේ ඔයාලා ඔහොමම ඉන්න. කොහෙවත් යන්න එපා. රටට හොඳයි, ඔයාලටත් හොඳයි, රටේ කොල්ලන්ටත් හොඳයි. (නි)

:       0       0

විමුක්ති Monday, 23 September 2013 03:35 PM

මේ මිනිස්සුන්ට ඕනේ අද කෑම වේල කාලා ඉන්න. මේ රට අන්තයටම පිරිහුණ දාට.මිනිසුන්ට නුවන එනකන් අපි බලන ඉමු.අනේ මටනම් කමක් නැ,මම පිට රටක ඉදන් සල්ලි කහොමහරි එවනවා.එත්, මේ රටේ ඉන්න මිනිස්සු ගැන දුකේ බෑ.රටේ සල්ලි කනකන් ඔහොම හිටපල්ලා මිනිසුනේ (දී)

:       0       0

පෙරේරා Monday, 23 September 2013 09:35 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය පලදීලා. (නි)

:       0       0

සම්පත් Monday, 23 September 2013 09:39 PM

මේවා අහලා පන පලයන් ලබන පෙරේදා. (නි)

:       0       0

ඉන්දික Monday, 23 September 2013 03:57 PM

අලි පක්ෂයේ ලොක්කත් එක්ක කෝපි බීලද කොහෙද? (ස)

:       0       0

ජනිත් Monday, 23 September 2013 03:58 PM

නරකද ඔය කෙහෙල්මල අතැරලා දාල අනිත් අය පැන්නොත්.. (ස)

:       0       0

පාලිත Monday, 23 September 2013 03:58 PM

දුකට කියන කවි සීපද නේද සෝමේ ඔය. (ස)

:       0       0

අමර Tuesday, 24 September 2013 10:38 AM

මේ රටේ මිනිස්සු එන්න එන්නම ප‍්‍රපාතයටයි ගමන් කරන්නේ. (නි)

:       0       0

ආනන්ද Monday, 23 September 2013 04:00 PM

ලජ්ජාවට කියන කතා එහෙම නෙමෙයි නේද. (ස)

:       0       0

සුමිත් Monday, 23 September 2013 04:01 PM

විමුක්ති. ඔබතුමා මේ රටෙත් නැතුව කොහොමද මේ රට ගැන කතා කරනේ..ඔබතුමාත් එක එකෙනගේ ලණු කාල වගේ පෙන්නේ.. (ස)

:       0       0

සිසිර Monday, 23 September 2013 10:09 PM

අනේ දුකට කියන කතා (නි)

:       0       0

ජයසිංහ Monday, 23 September 2013 04:07 PM

ෆොන්සේකා මහත්තයාට එකතුවෙලා රටට වැඩක් කරන්න (නි)

:       0       0

ධම්ම Monday, 23 September 2013 04:17 PM

ප්‍රතිපල ගැන අපට නම් සතුටුයි. (නි)

:       0       0

ධනු Tuesday, 24 September 2013 10:48 AM

අනේ මන්දා, ලැජ්ජා නැද්ද කියලා මෙහෙම කියන්න? (නි)

:       0       0

ලක්ෂ්මන් පෙරේරා Monday, 23 September 2013 10:23 PM

පිස්සු හැදෙනවා මට නම්... (නි)

:       0       0

සේරම් පැරිස් Monday, 23 September 2013 04:30 PM

ලංකාවේ දේශපාලන භූමියෙන් දෙන ජේ වී පි පක්ෂය ජනතාව හෙළා දකිනවා . මොකද ඔවුන් සැමදා කලෙත් කරන්නෙත් ලංකාව අස්ථාවර කිරීමත් අහිංසක සිසුන් රවටා අමාරුවේ දැමිමත් පමණි . දැන් ජනතාව එදාට වඩා බුද්ධිමත් . ජේ වී පි අයට සැමදා එම රැවටිල්ල කරන්න බැහැ. (ස)

:       0       0

කුමාරි Monday, 23 September 2013 04:31 PM

අනේ මේ මෝඩ කතා කියන්න එපා මහත්තයෝ, ඔයාලා තමා මේ රට කෑවෙ. (ස)

:       0       0

අරවින්ද Monday, 23 September 2013 04:40 PM

කවුරු දිනුවත් මිනිසුන් ඡන්දෙන් හැමදාම පරාදයි. ඒක අවබෝධ වනතුරු ඇත්තටම ජය ගන්න බැහැ. (නි)

:       0       0

කුමාර Monday, 23 September 2013 04:40 PM

දකුණේ ජනතාවගේ දේශපාලනය අවසාන වෙන්නේ කවදාද ? උතුරේ ජනතාව මොලේ පාවිච්චි කරලා තියෙනවා (නි)

:       0       0

දර්ශන Monday, 23 September 2013 04:44 PM

චීනයේ ඇති සමාජවාදයක් නැහැ. එහි අර්ථ ක්‍රමය ඒකාධිපති ධනවාදී. කොමියුනිස්ට් පක්ෂයේ කට්ටියගේ පවුල් වල අයට තමයි බැංකු ටික අයිති. ලෝකයේ ඇති නැති පරතරය වැඩිම සහ කම්කරු නීති නැතිම රට තමයි චීනය. ඇමරිකාවේ තියෙනවා ඊට වඩා කම්කරු නීති (නි)

:       0       0

සජීව Monday, 23 September 2013 11:15 PM

කොහොමද මහත්තයා ඔහොම කියන්නේ? (නි)

:       0       0

යොහාන් Monday, 23 September 2013 04:45 PM

දැන්වත් අර විශ්ව විද්‍යාලේ තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකට ඉගෙන ගන්න ඉඩ දීලා, රටට යමක් කරන්න දෙනවද? (ස)

:       0       0

කුමාරිහාමි Monday, 23 September 2013 04:49 PM

හොදම සංවිධාන ශක්තියක් තිබෙනවා නම් මොකද පරදින්නේ? හැම ඡන්දෙකටම පස්සේ කියනවා "අපි ඡන්ද බලාගෙන මන්ත්‍රීකම් බලාගෙන නොවේ දේශපාලනය කරන්නේ " කියලා. ඡන්ද අරන් මන්ත්‍රීකම් නොගෙන කොහොමද රටේ වෙනසක් කරන්නේ (නි)

:       0       0

සිල්වා Monday, 23 September 2013 11:41 PM

තම පක්ෂ නිර්මාතෘට ගරු කරන, පක්ෂය හා රටේ තරුණ පෙල වෙනුවෙන් වැඩකරන අයට තමයි ඉදිරියේදී තැනත් ලැබෙන්නේ (නි)

:       0       0

මනෝජ් Tuesday, 24 September 2013 12:00 AM

මට පිස්සු වගෙයි (නි)

:       0       0

කුමාර රෝමය Tuesday, 24 September 2013 12:15 AM

ජේවීපීයට වපුරපුවා තමා එකතු කරන්න වෙන්නේ (නි)

:       0       0

කෝලිත Monday, 23 September 2013 05:16 PM

බෙල්ලට වැලක් දා දාගත්තොත් නරක නැහැ නේද ...බහුබූත කියවන එක නතර කරලා ? (ස)

:       0       0

ජයසේකර Monday, 23 September 2013 05:18 PM

අපේ රටේ මිනිස්සුන්ට ජේ වී පි කියන දේ තේරුම්ගන්න මොලයක් නැති එක ගැන දුකයි මට (නි)

:       0       0

චින්තක Tuesday, 24 September 2013 11:42 AM

හැමදාම මෙයාලගේ කට විතරයි (නි)

:       0       0

දර්ශන Monday, 23 September 2013 05:30 PM

විමුක්ති , ඔයා රතු මල්ලිලාගේ හෙන්චයියෙක් වගේ (නි)

:       0       0

බන්දුල Monday, 23 September 2013 05:55 PM

ඇත්ත වශයෙන්ම රට දැන් හොදයි. මිනිසුන්ට පඩි අවශ්‍ය නැහැ. රජයේ සේවකයින්ට බදු ක්‍රමයක් පැනවිය යුතුයි (නි)

:       0       0

වසා Monday, 23 September 2013 06:01 PM

මේකේ අදහස් දාපු අයට පන්තිය ගැන දැනුමක් නැහැ. (නි)

:       0       0

උපාලි Tuesday, 24 September 2013 05:49 AM

දුම්මලසුරිය, ඒක ඇත්ත. අපිත් එහෙම බලා හිටියා තමයි. සම්ප්‍රදායික වමේ කට්ටියට ජන හදගැස්ම තේරුම් ගන්න බැරිවීම නිසා කොන් වී ගියා වගේම මේ ගොල්ලන්ටත් බැරිවුනා ඒක තේරුම් ගන්න. ඒ හින්දා ඒ ඉරණමම ජේ.වී.පී.යටත් අත්වේගෙන එන බව නම් පැහැදිලියි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 23 September 2013 06:36 PM

මළමිනී දේසපාලනේ අවසාන ප්‍රතිපලය ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ වලින් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා තමන්ම ජීවත්ව සිටින මල මිනියක් වීම පමනයි..රතුපස්වල මළමිනී ඉතාලියේත් විකුනපු රතු මල්ලිලා වපුරපු දේ අස්වැන්න අරන්..එච්චරයි... (ස)

:       0       0

මසූඩ් Tuesday, 24 September 2013 06:46 AM

අහවල් තැන එල්ලුණු හැම පක්ෂයකට ඔහොම වුණා (නි)

:       0       0

අමරසේන Monday, 23 September 2013 06:54 PM

මටත් එහෙමයි. කිසිම සතුටක් නැහැ (නි)

:       0       0

රණා Tuesday, 24 September 2013 07:23 AM

ජෙනරල් ළගදීම දෙවන පක්ෂය වෙනවා. (නි)

:       0       0

ට්‍රොස්කි Monday, 23 September 2013 07:02 PM

වියට්නාමයට ඇමෙරිකාවෙන් විශාල ආයෝජන කරලා ඒ රටේ නිෂ්පාදන ඇමෙරිකාවෙන් මිලදී ගන්නවා, චීනේ වියට්නාමෙට කරපු දෙයක් නැහැ. (නි)

:       0       0

ලලිත් Tuesday, 24 September 2013 08:09 AM

අනේ මහත්තයෝ, හිටපු ස්ථානයේ කිසිදු වෙනසක් සිදුව නැහැ කියන්නේ කවුරුවත් අලුතෙන් ඡදයක් දීලා නැහැ කියන එකනේ. (නි)

:       0       0

දිනේෂ් Monday, 23 September 2013 07:24 PM

මට හරිම දුකයි මේ අය ගැන. පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව මොනවට දේශපාලනය කරනවද මන්දා. රටටත් නැහැ,තමන්ටත් නැහැ, ගෙදරටත් නැහැ (නි)

:       0       0

සම්පත් Tuesday, 24 September 2013 08:47 AM

අපි හිතුවෙත් මුලදී හොදට තමයි (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Monday, 23 September 2013 07:55 PM

අහෝ දුකකි (නි)

:       0       0

සුනෙත් Monday, 23 September 2013 02:37 PM

අනේ මන්ද... හොද සිහියෙන් කියන කතා ද මන්ද (දී)

:       0       0

රේමා Monday, 23 September 2013 02:42 PM

අනේ කවදද ඕක අපට ලැබෙන්නේ කියන්නකෝ ඔයාලා බලයට ඇවිල්ලා ? ආපු හැටියේ දෙනවද ? (ස)

:       0       0

එදිරිසිංහ Monday, 23 September 2013 08:12 PM

ඔවුන්ගේ තිබුණු ප්‍රතිපත්තියට අද මෙසේ වෙන එක වළක්වන්න පුළුවන්කමක් නැත (නි)

:       0       0

සේනාදීර Monday, 23 September 2013 02:42 PM

ඡන්දෙකට ගියාම වැලේ වැල් නෑ..කතාව නම් තියෙන්නේ රට අල්ලන්න.. (ස)

:       0       0

නිසාර් Monday, 23 September 2013 02:45 PM

කොම්පියුටර් ගේමක් නැහැ ඒ කියන්නේ. (ස)

:       0       0

චාන් Monday, 23 September 2013 08:22 PM

විනයක් ඇති සහ හොදම පක්ෂය අපි කියලා තමන් කියා පලක් නැත (නි)

:       0       0

කලන Monday, 23 September 2013 02:50 PM

පිස්සු මනුස්සයෙක්, ආපු දා ඉඳල ජ වී පෙ ට හෙන. ඔය දැක්ම නිසා තමයි දියුණු වෙන්න බැරි. නිකන් ඉඳපල්ලකෝ චන්ද ඉල්ලන්නේ නැතුව , තව ටික දවසකින් ඔය කියන ටිකත් නැති වෙනවා ෂුවර්. නායක කමින් අයින් උනා නම් නේද හොඳ දැන්වත්. (දී)

:       0       0

ස්ටැන්ලි Monday, 23 September 2013 02:53 PM

මුන්නැහෙගෙ කතාව හරි. හිටපු ස්ථානයේ වෙනසක් නැහැ. අනෙක් අය ඉස්සර වෙලා ඒකනේ වෙලා තියෙන්නේ. ඡන්දෙකින් පස්සේ පැරදුනහම කියන සාම්ප්‍රදායික වචන සෙට් එක කියන එක තමා දැන් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. (ස)

:       0       0

චාන් Monday, 23 September 2013 08:33 PM

සමහරුන්ට ලංකාවේ නොවේ ,ලොවේ කොතනකවත් තැනක් නැත. ජනතාව එය දන්නවා (නි)

:       0       0

විමලසූරිය Monday, 23 September 2013 02:59 PM

සතුටු වෙන්න නෙමෙයි, කොහොමත් අඬන්න තමයි වෙන්නෙ. (ස)

:       0       0

ශාන් Monday, 23 September 2013 03:03 PM

වැලේ වැල් නැතුවට නැව් ටෝක් දෙන්නේ කුජීතයි නේ පප්පේ ...... (ස)

:       0       0

චාමර බළන්ගොඩ Tuesday, 24 September 2013 09:28 AM

රිලව් වැල කනකොට කෝඳුරුවෝ හැපිලා මැරෙනවලු........ (නි)

:       0       0

රයන් Tuesday, 24 September 2013 09:28 AM

දැන් තුන නැහැ... ලබන පාර මුකුත්ම නැහැ (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 24 September 2013 09:29 AM

රටේ අවාසනාවට තමයි ජේ.වී.පී.ය පිරිහිලා ගියේ (නි)

:       0       0

තබුක් සිල්වා Monday, 23 September 2013 03:08 PM

රතු මල්ලිලා හැමදමත් ඔය බනෙම තමයි කියන්නෙ. හීනෙන්වත් හිතන්න එපා මුතු ඇටය තුල රතු පාට ආණ්ඩුවක් ලබෙයි කියලා. (ස)

:       0       0

දම් Monday, 23 September 2013 03:08 PM

සෝමවංශ මහතාණනි...පොදු එකමුතුවකට කාලය පැමිණ නැතිද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 91 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1005 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1425 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 173 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1090 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1206 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26145 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23464 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site