IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ප්‍රතිරූපය නංවන්න තව කුට්ටියක් ගෙවයි

ජාත්‍යන්තරය ඉදිරියේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය ගොඩනැගීම සදහා තවත් ඇමරිකා සමාගමක සහය ලබාගැනීමට රජය කටයුතු කර තිබේ.

ඇමරිකාවේ වොෂිංටන් නුවර පාදක කරගෙන කි‍්‍රයාත්මක වන සමාගම් සමූහයක් වන ලිබර්ටි ජාත්‍යන්තරය හා රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුමක් අනුව ලිබර්ටි ජාත්‍යන්තරයේ හවුල්කාර සමාගමක් වන ‘‘ලෙව්ක්‘‘ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් කේන්ද්‍ර  වන පරිදි ශී‍්‍ර ලංකාව පිළිබඳ යහපත් ප‍්‍රතිරූපයක් ගොඩගැනීම සඳහා වන වැඩසටහන් දියත් කිරීමට නියමිතය.

දශක 3 ක බිහිසුණු සිවිල් යුද්ධයකට මුහුණදුන්නද ඉතා කෙටි කාලයකදී ශී‍්‍රලංකාව ලබා ඇති ප‍්‍රගතියත්,ලොව අංක එකේ ත‍්‍රස්ත සංවිධානයක් පරාජය කර පෙන්වූ දක්ෂතාවයත්,ශී‍්‍ර ලංකාව හා ඇමරිකාව අතර තව තවත් ආයෝජන හා වෙළඳ සබඳතා ගොඩනගා ගැනීමට ඇති ඉඩකඩත් ආදී කරුණු පදනම් කරගෙන මෙම වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරෙන බව ලෙවික් හි ප‍්‍රධානී මාර්ක් අයිරියන් කර ඇති ප‍්‍රකාශයක දැක්වේ.

ඇමරිකා මාධ්‍ය හා ඇමරිකා රාජ්‍ය නිළධාරීන් ශී‍්‍ර ලංකාව ගැන දැනට දරන මතය වෙනස් කිරීම මෙම වැඩසටහන් වල අරමුණයි.

මේ කටයුතු සම්බන්ධයෙන් ලිබර්ටි ජාත්‍යන්තරය හා පසුගිය අගෝස්තු මාසයේ රජය අත්සන් කළ ගිවිසුම එළැඹෙන වසරේ ජූලි මස අගදී අවසන් වන අතර එහි වටිනාකම ඩොලර් හත්ලක්ශ හැටදහසකි.මීට අමතරව ලෙව්ක් සමාගම වෙත මාස්පතා වෙනම ඩොලර් හැටදහසක මුදලක්ද ගෙවීමට රජයට සිදුවේ.

අන්තර්ජාතික තලයේ,විශේෂයෙන් ඇමරිකාවේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රතිරූපය ගොඩනැගීමට රජය දැනට ඇමරිකා සමාගම් 8 කගේ සහය ලබාගෙන ඇත.

මෙලෙස ජාත්‍යන්තර සමාගම් වල සහය පැතීමට රජයට සිදුව ඇත්තේ පසුගිය මාර්තු මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් සිදුව ඇතැයි ඇමරිකාව හා බටහිර රටවල් නැගූ චෝදනාවත්,එයට පිළියම් ලෙස ඔවුන් ඉදිරිපත් කළ අන්තර්ජාතික පරීක්ෂණයක් පැවැත්වීමේ යෝජනාවත් කවුන්සිලයේ වැඩි ඡුන්දයෙන් සම්මත වී ශී‍්‍ර ලංකාවේ නාමයට කැළලක් එක්කළ නිසාය.

ඇතැම් බටහිර මාධ්‍ය නොනවත්වාම විවිධ චිත‍්‍රපට හා වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කරමින් විවිධ කරුණු ගෙනහැර පාමින් දිගින් දිගටම ශී‍්‍රලංකා ආරක්ෂක අංශ හා රජය විවේචනය කිරීමේ යෙදීම හා ඊට ප‍්‍රතිචාර දැක්වීමට රජයේවූ ප‍්‍රමාදයද තත්ත්වය තවත් බරපතළ කර ඇත.



අදහස් (0)

ප්‍රතිරූපය නංවන්න තව කුට්ටියක් ගෙවයි

සේන Sunday, 26 October 2014 10:14 AM

හමුදාවේ කැපවීම නිසා යුද්දේ දිනුවා මිසක් ජාත්‍යන්තරය කළමනා කිරීම අතින් රජය පරාජිතය් කියලා සමහරු කියන කතාව ඇත්තක් වද්ද? (බ)

:       0       0

ජොහාන් Monday, 27 October 2014 05:06 AM

ජයසේකර මහත්තයෝ, ඔය කියන අය ළංකර ගත්තේ කවුද? ඉතින් වැරැද්ද කාගේද? (නි)

:       0       0

නාලි Monday, 27 October 2014 05:44 AM

මේවා සිදුවිය යුත්තේ රාජධුත සේවෙන් මිසක් කොන්ත්‍රාත් කාරයින්ගෙන් නෙමෙයි. තානාපතිසේවයට දේසපාලන හෙන්චයියලාට පත්වීම් දුන්නනම් අතින් කයිස් කර ගන්න වෙනවා . අනේ අපේ අර මැදපෙරදිග දුක්විඳින මිනිස්සු හොයා දෙන විදෙස විනිමය ආපසු යන දිහාව , යන හැටි ....(බ)

:       0       0

ජයසේකර Sunday, 26 October 2014 01:04 PM

රජයේ විදේශ ප්‍රතිපත්ති වල විශාල දුර්වල තැන් තියෙනවා. රජයේ දුර්වල ස්ථානවලට ප්‍රහාර එල්ල වෙනකොට රට තුල වෙන මතයක් ගොඩ නගමින් ජනතාව මුලා කර පටු දේශපාලන වාසි ගන්නවා. මෙයට ප්‍රදාන හේතුව විෂය නොදන්නා මෝඩ ඇමතිවරු රැලක් ජනාදිපති තුමා ලංකර ගෙන සිටීමයි. (නදී)

:       0       0

රූපවතී Monday, 27 October 2014 06:10 AM

අපේ මිනිසුන් හැමදාම ඉදගන්නේ මොලේ උඩ..ඒක නිසා, යහපත්දේ ගැන සිතාබලන්න ගොඩාක් කල් යනවා වගේම..භුද්ධි මත්ව සිතන්න ඉඩක් නැතිවීම නිසා අසරණයෝ හැමදාම රටේ පාන් කකා .වතුර බිබී, ලෝක බැංකුවලින් ගන්නා නය ගෙවනවා...? ඇත්තටම අපේ රටේ පාර්ලිමේන්තුවට බැරිද හැම ඇමති මන්ත්‍රී කෙනෙකුටම පඩිය 25000,ක් කරන්න ..කිසිම දීමනාවක් නොගෙවා ..තම වියදමින් පාර්ලිමේන්තුවට යාම , ඒ ම, තම වාහනය පමණක් පාවිච්චිය, නිල නිවාස ලබා නොදීම, එවැනි දේ සදහා මාසිකව රජයට කුලී ගෙවීම ..මාව රටේ ජනාධිපති උනානම් ඒක දවසකට .මම මේ කියපුවා තමයි ඉස්සරලම ක්‍රියාත්මක කරන්නේ,??මම රට වැසියාට සේවය කරන්නේ පඩියක්ද නොලබා.!!එහෙනම් ඔය කියන ආශ්චර්ය අපිට ඒක මාස හයෙන් ලගාවෙනවා ..දෙවියන්පල්ලා ...!!! (බ)

:       0       0

රූපවතී Monday, 27 October 2014 06:12 AM

මේ නිවෙස් ඒක ඇමරිකාවේ ඩේලි නිව්ස් වල පල උනාම ...?? (බ)

:       0       0

කුමාර Sunday, 26 October 2014 02:59 PM

සමහරවිට සුදුකොඩි කතාව නිසා ඒ රටවල් අපෙන් ඈත්වුණා කියලා හිතන්න පුළුවන් (නි)

:       0       0

නිශාන්ත-ඇමෙරිකා Sunday, 26 October 2014 03:42 PM

ඇමරිකාවේ හුඟක් අය ලංකාව කිව්වට දන්නේ නැහැ. ලංකාවේ මිනිසුන්ට කවදා මේවා තේරෙයිද? (නි)

:       0       0

නලීන් Sunday, 26 October 2014 08:35 PM

මේකට හේතුව විදියට මම නම් දකින්නේ විදේශ සේවාවේ හිටි උගත් අය ඉවත්කළ එකයි. දැන් වෙන වෙන ක්‍රම හොයනවා. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 27 October 2014 12:06 AM

පසුගිය දේවල් අමතක කරලා අපේ මව්බිමේ ප්‍රතිරූපය රැකගන්නත් එහි දියුණුවට වැඩකිරීමත්, අතහිතදීමත්,ලක් මවගේ දරුවන් ලෙස ලෝකයේ මොනරටක ජීවත්වුවත් අපගේ වගකීමයි, යුතුකමයි. (නි)

:       0       0

මිගාර Monday, 27 October 2014 12:52 AM

නිශාන්ත-ඇමෙරිකාව, අනේ ඕවා කියන්න කොණ්ඩය බැඳපු චීනුන්ට. ඔහෙලා වගේ අය තමයි ලංකාව ගැන නොදන්නේ. අපි ඉතින් මෝඩයෝනේ! ඔබතුමන්ලාට බැරියෑ ලංකාව ගැන සුද්දන්ට කියලා දෙන්න. (නි)

:       0       0

සත්‍යයා Monday, 27 October 2014 02:05 AM

ගෙදර අනාගන්නවා. විදේශ සේවාවට සම්බන්ධ ප්‍රධානියෙකු හිතා මතාම ලංකාව අපහසු තාවයකට පත් කරන්න වැඩ කරලා ඊට පස්සේ රජයටම උපදෙස් දෙනවා ප්‍රතිරූප නංවන බටහිර රටවල මෙවැනි සමාගම් වලට කියල පමණයි මේ ප්‍රශ්නය විසඳා ගන්න පුළුවන් කියා. අපට හැඟෙන විධියට මේ මුදලෙනුත් ප්‍රතිශතයක් අපේ ඔය කියන ඊනියා පණ්ඩිතයෝ යටි මඩි ගහගන්නවා. ලංකාවට හෙන ගැහුවත් ඒ අයට ගානක් නැහැ. (නදී)

:       0       0

රොකී Monday, 27 October 2014 03:05 AM

දැන් එතකොට අපේ රටෙන් තානාපතිවරු පිටරට වලට යවලා තියෙන්නේ මොකටද? මේ සෝබන වැඩ වලට කරන වියදම් වලින් ප්‍රයෝජනයක් ලැබෙනවා නම් ලැබෙන්නේ පිරිසකට විතරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 540 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 954 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 806 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1575 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 464 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 233 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site