IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පිරිත් කළ ජල ටැංකි රජරටට

නියඟයෙන් පිඩා වීදින පොළොන්නරුවේ ජනතාවට  ජල බෝතල  දස ලක්ෂයක් සහ ජල ටැංකි  දස ලක්ෂයක් බෙදා දීමේ පිංකම සංකේතවත් කරමින් පොළොන්නරුව විහාරස්ථානවල හිමිවරුන්  පස් නමකට ඒවා ලබා දීම  කොළඹ සම්බෝධි විහාරස්ථානයේදී අද (12) සිදු කෙරිණි.

ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාව හෙට (13) පස්වරු 4 ට පිටත් වීමට නියමිතය.

කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට පිං පතා මෙම වැඩසටහන සංවිධානය කැර තිබේ.

එම ජල බෝතල් සියල්ල  මහා සංඝරත්නය විසින් දින තුනක්   දහස්වාරයක් රතනසුත්‍රයෙන්  පිරිත් කර ඇත.

 ------1 ------2 ------4

 

 

 

 

 



අදහස් (0)

පිරිත් කළ ජල ටැංකි රජරටට

නුවන් Tuesday, 12 August 2014 07:20 PM

සාධු සාධු සාධු! උතුම් පින්කමක්. මේ පින්කමේ බලයෙන් පතන්නා වූ ලෙසින්ම අපගේ අනගාරික ධර්මපාලතුමාට (සිරි දේවමිත්ත ධර්මපාල හිමියන්ට) උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වේවා !! (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 12 August 2014 07:40 PM

මේ කළ පිනෙන් ජලය උතුරන්නා සේ සෑම සැප සම්පතක්ම ලැබේවා! (නි)

:       0       0

රවීන්ද්‍ර Wednesday, 13 August 2014 07:07 AM

බොහොම හොඳ වැඩක්.පින් සිදු වේවා සියලු දෙනාටම. සතුන්ටත් වතුර ටිකක් හරි දෙනවා නම් ලොකු පිනක් (නි)

:       0       0

සිරිල් Wednesday, 13 August 2014 07:08 AM

එකිනෙකාට උදව් කරන එක තමයි කරන්න ඕනෑ (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 12 August 2014 09:10 PM

තිබහ තිබෙන කෙනෙකුට වතුර ටිකක් දීම ඉතාමත් විශාල පුණ්‍යකර්මයක්. එහි ප්‍රතිඵල මෙලොවදීම දැකබලා ගත හැකියි (නි)

:       0       0

අපොන්සු Tuesday, 12 August 2014 09:32 PM

ටැංකි හිස් වුණහම නැවත පුරවන්න වැඩ පිළිවෙළකුත් සකස් කරන්න පුලුවන් නම් ‍කොච්චර හොඳද? (නි)

:       0       0

හැරිසන් Tuesday, 12 August 2014 09:43 PM

මේ කළ පිනම ඇති අපේ හාමුදුරුවනේ (නි)

:       0       0

යොහාන් Tuesday, 12 August 2014 09:44 PM

බොහොම උතුම් ක්‍රියාවක් (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 August 2014 11:18 PM

උතුම් පින්කමක් අපේ හාමුදුරුවනේ. එදා රජ දවස ඇති වුණයි කියන බැමිණිතියාසාය වෙලාවෙත් මේ මිනිසුන් ‍ ආර්ය පරපුරේ කුසගින්න නිවුවා කියලා පොතපතින් අපි අහලා තියෙනවා. ඉතින් මේ උතුම් පිනෙන් ඔබ වහන්සේලා බලාපොරොත්තු වන උතුම් නිර්වාණයම අවබෝධ කරගැනීමට හැකිවේවා! සාදු සාදු සාදු! (නි)

:       0       0

අශාන් Wednesday, 13 August 2014 07:55 AM

බොහොම වටිනා වැඩක්. පින් සිද්ධ වේවා! ඒ වගේම මේ පැති වලට ඉක්මනීම් වැසි ලැබේවා! (නි)

:       0       0

සම්පත් Wednesday, 13 August 2014 02:42 PM

නොපෙනෙන දෙවියන්ට වඩා මේ වගේ අසරණ අයට උදවු කරන අය ඒ මිනිසුන්ට දෙවියන් වගේ පෙනේවි. (නි)

:       0       0

නන්ද Wednesday, 13 August 2014 02:26 AM

විදේශයක සිට පැමිණ සිටින මට මේ උතුම් පින්කමට සහභාගිවන්නට අවස්ථාව ලැබුනා. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 13 August 2014 02:36 AM

කොහොම වුණත් නියඟයෙන් දුක් විඳින අයට වතුර ලැබෙන එක නම් ලොකු දෙයක්. (නි)

:       0       0

බිමල් Wednesday, 13 August 2014 08:48 AM

දැන් අයට ජලාප්‍රවාහන ක්‍රම ඕනෑ නැහැ. ඕනෑ කරන්නේ ගමට සුරුස් ගාලා යන්න පුළුවන් අධිවේග (නි)

:       0       0

පාලිත Wednesday, 13 August 2014 03:12 AM

ආදර්ශවත් අගය කළයුතු වැඩක් (නි)

:       0       0

ධර්ම Wednesday, 13 August 2014 04:00 PM

උතුම් පින්කමක්. ත්‍රිවිධ රත්නයේ බලයෙන් නියඟය දුරුවේවා! (නි)

:       0       0

චාමර අනුර සම්පත් කුමසාරු Wednesday, 13 August 2014 04:31 PM

අනුන්ගේ දුකේ දී හදවත කම්පා වන සෑබෑ ලාංකික ‍බෞද්ධයෝ ...... (නි)

:       0       0

හසිත් Wednesday, 13 August 2014 09:43 AM

පින්සිදු වෙනවා ඔබ සැමට (නි)

:       0       0

ලියනගේ Wednesday, 13 August 2014 09:51 AM

මෙය ඉතා හොඳ සද්ක්‍රියාවක්.සැමදාමත් අපේ සිංහල ජාතිය එකට එකතු වූ අවස්ථා තිබෙනවා.මට මතකයි සුනාමිය.මාත් ඒකට බොහොම ක්‍රියාවෙන් දායක වූ කෙනෙක්.නමුත් මෙහෙම ජලය හිඟ වන බව අපි කලින් දැනසිටියා නේද? ඒත් අපිට ඒකට විසදුමක් දෙන්න නොහැකි වුණා නේද? අපි මේවා දකිනකොට ලැජ්ජා වෙන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රියංකා Wednesday, 13 August 2014 03:43 AM

ඔබ සැමට තෙරුවන් සරණ ලැබේවා! (නි)

:       0       0

ජනක Wednesday, 13 August 2014 03:54 AM

සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නා හිමියනේ, ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුවය අත්පත් කරගනිත්වා!!! (නි)

:       0       0

රංජිත් සමරතුංග Tuesday, 12 August 2014 02:19 PM

පින් අයිති වෙයි දායක වෙන හැමෝටම (නදී)

:       0       0

පුෂ්පා Tuesday, 12 August 2014 02:49 PM

උතුම් පින්කමක් . තෙරුවන් සරණයි. (අ)

:       0       0

ඩයස් Tuesday, 12 August 2014 02:50 PM

මෙන්න ආදර්ශවත් වැඩක්. බලවේග කල යුත්තෙත් මෙවැනි වැඩ. ඔබ සැමට පින්.(අ)

:       0       0

සමීර සාලින්ද Wednesday, 13 August 2014 11:13 AM

මේ කාර්යයට දායක වු සැමට පින් (දිල්)

:       0       0

ගාමිණී - සිරිවර්දන Tuesday, 12 August 2014 02:55 PM

ඡන්දය නිසා මොණරාගල,බදුල්ල පැත්තට ජලයෙන් නම් කිසිම අඩුපාඩුවක් නැතිව ඇති .(අ)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Wednesday, 13 August 2014 04:27 AM

උතුම් යහපත් පුණ්‍ය ක්‍රියාවක් (නි)

:       0       0

ශ්‍රියා Wednesday, 13 August 2014 04:51 AM

අප කෙරෙහි අනුකම්පාවෙන් බුදුන් වදාල ධර්මය සියලු ලාංකිකයන්ට වටහා දෙන වැඩ පිළිවෙළක් හදන්න හාමුදුරුවනේ... එතකොට ගස්වැල් සතුන් පරිසරය රකින කාලයක් නැවත ඒවි. කල් වැසි ලැබී ...කෙත් වතු සරුවී... සත් සිත් නිවී .. පහන් වේවි ... (නි)

:       0       0

නිසාර් Tuesday, 12 August 2014 03:55 PM

දෙවියන් වහන්සේ සියලු සත්වයන්ට ඉක්මනට වැස්ස ලබාදෙයි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 13 August 2014 04:53 AM

ඇති හැකි අය නැති බැරි අයට මේ විදිහටවත් පිහිටක් වෙනවා නම් කොච්චර ලොකු පිනක්ද? (නි)

:       0       0

දිනූෂා Tuesday, 12 August 2014 04:21 PM

බොහොම පින්! (නි)

:       0       0

මිලානො ජයන්ත Wednesday, 13 August 2014 05:08 AM

ඉතාමත් හොඳ ක්‍රියාවක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 12 August 2014 04:50 PM

හොඳ වැඩක්. බුදුසරණයි! (නි)

:       0       0

සීලා Tuesday, 12 August 2014 04:56 PM

මිනිසත් බවේ නාමයෙන් උදව් කරන්න. (නි)

:       0       0

පසන් Wednesday, 13 August 2014 05:20 AM

අපිත් මෙයට දායක වුණා. අපිට හරිම සතුටුයි (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​ Wednesday, 13 August 2014 12:46 PM

මේවා ජනතාවට ලැබෙන්නට සැළැස්වීම පිං අතේ වැඩක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 192 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1082 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3803 8

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2916 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3380 3

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1483 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site