IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ප්‍රථමාධාර දුන්නත් රෝහල් සේවක මියයයි

යතුරුපැදියකින් යමින් සිටි හැත්තෑ හැවිරිදි විශ්‍රාමික රෝහල් සේවකයෙක් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බලංගොඩ කළුපහනේදී යතුරු පැදිය නවතා පාරේ දිගා විය.

කිසියම් අසනීපයක් නිසා ඔහු එසේ කළ බව දැනගත් පාරේ ගිය අය ඔහුගේ හදවත පිරිමදින්නට වූහ.

වහා ඔහු රෝහලට ද රැගෙන ගිය නමුත් ඔහුගේ ජීවිතය බේරා ගත නොහැකි විය.



අදහස් (0)

ප්‍රථමාධාර දුන්නත් රෝහල් සේවක මියයයි

Sarath Sunday, 16 June 2013 08:43 PM

අගය කලයුතු ක්‍රියාවක්! මෙවැනි දේවල් තමා අපේ ලාංකික බවේ සංකේත! මෙවැනි අවස්ථාවලදී අපි කව්රුවත් අදාල පුද්ගලයා දෙමළද,සිංහලද, මුස්ලිම්ද කියල හොයන්නේ නෑ! කලුත්ත කුමක්ද ඒ දේ කරනවා! අ වගේම මම ඡායාරූප ගත්ත කෙනා අත්අඩංගුවට ගනීද දන්නේ නේ! කෙනෙක් මියයනකොට ඡායාරූප ගත්ත කියල! (අ)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 16 June 2013 08:50 PM

මේ දරුවෝ දෙන්නගේ පින්තුරයක් ලංකාදීපයේ පල කරන්න.අගනා දරු දෙන්නෙක්. (අ)

:       0       0

සරති Sunday, 16 June 2013 08:54 PM

අප සියලුදෙනා කුමන රටවල ජීවත් වුනත් කුමන මැති මතාන්තර දරුවත්, කුමන ආකාරයට ජීවත් වුනත් අපිට හිමි මරණය ආ විට ඉන් ගැලවීමට නොහැක! (අ)

:       0       0

චාමි Monday, 17 June 2013 12:36 PM

වෙලාව ආවහම අපි කවුරුත් යන්න ඕනෑ. ඒක හැමෝටම පොදුයි (නි)

:       0       0

රවිනිත් Sunday, 16 June 2013 09:11 PM

ආඩම්බරයක් මෙවැනි පුත්තු රටකට. ලෝක ප්‍රසිද්ධ වූ ශ්‍රී ලංකික දරුවෝ දෙන්නෙකුගේ යහපත් ක්‍රියාවක් මේ ලින්ක් එකෙන් කියවන්න. (අ) http://narsandanews.blogspot.com/2008/09/get-to-god-without-any-prayer.html

:       0       0

දිල්රූ Monday, 17 June 2013 12:49 PM

අනේ හරිම දුකයි.මට මගේ තාත්තා මතක් වෙනවා.ඔබට නිවන් සුව පියාණනි. (නි)

:       0       0

සිරි Monday, 17 June 2013 12:54 PM

පවූ අහිංසක මනුස්සයා!! (නි)

:       0       0

ජනක Sunday, 16 June 2013 10:00 PM

පවු අහිංසක මනුස්සයෙක් (නි)

:       0       0

ගාමිනී Sunday, 16 June 2013 10:20 PM

නිදහස මහ මුහුදක් වේ- එහි උල්පත පුත නුඹ වේ- ඒ බව සිහිකොට මෙලොවේ- යුතුකම ඉටුකල යුතු වේ.(නදී)

:       0       0

යලිදු Sunday, 16 June 2013 10:23 PM

මා දකින සැබෑ මනුෂ්‍යත්වය මෙයයි. ඔබ සැමට තෙරුවන් සරනයි.(නදී)

:       0       0

චානක Sunday, 16 June 2013 10:48 PM

හැම දෙනාටම මෙවැනි යහපත් මරණ හිමි වෙන්නේ නැහැ. මොහු යහපත් සතියෙන් ජීවත් වුනු කෙනෙක්, එම නිසයි මරණය වෙලාවේදී බයිසිකලයෙන් බැහැලා බිම දිගා වුනේ. මේ මගින් ඉතා වටිනා දෙයක් සිහියට එනවා. මිනිසා ප්‍රාර්ථනය කල යුතු වන්නේ ජීවිතයට වස්තුව ලඟා කර ගැනීම නොව මෙන්න මෙවෙනි යහපත් මරණයකි. මන්ද මරණය එතරම්ම වේදනාකාරී දෙයක් නිසාවෙනි. ඒ වගේම මේ සී. පී. ආර්. ප්‍රථමාධාරය පුහුණුවී තිබීම ඉතා අත්‍යාවශ්‍ය දෙයක්. මේ කොල්ලෝ දෙන්නගේ සේවය අගය කල යුතුයි.(නදී)

:       0       0

සම්පත් Monday, 17 June 2013 07:06 PM

අනුර,අපි රතු කුරුස සමාජයෙන් පාසල්වලත්,ගම්මාන වලත් මේ වගේපුහුණුවීම් කරනවා.ඒවාට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්.සෑම දිස්ත්‍රික්කයකම රතු කුරුස සමාජ කාර්යාල තියෙනවා. (අ)

:       0       0

දිනේෂ් Monday, 17 June 2013 01:07 PM

කනගාටු දායක පුවතක්

:       0       0

නිමල් රණසින්ග්හේ Monday, 17 June 2013 12:47 AM

ඔබට නිවන් සුව මත්මයානෙනි! (නි)

:       0       0

තිලක් Monday, 17 June 2013 02:11 AM

අසරණ මිනිස්සු! (නි)

:       0       0

සේනක සිඩ්නි Monday, 17 June 2013 04:34 AM

කලුපහනේදී හින්දා මේ වගේ මිනිස් දෙවිවරු හිටියා. නගරෙකදි නම් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි ඉන්න රටේ නම් කොහොමටවත් බලාපොරොත්තු වෙන්න බැහැ. මම මේ ලඟදි එසැණ පුවත් වල දැක්කා ඉන්දියාවේ නගරෙක මෙවැනි මිනිහෙක් වැටිලා ඉදිද්දි අනෙක් අය නොදැක්කා වගේ යන හැටි. අපේ ගම්වල තවමත් ඉන්නේ හදවත මුදලට විකුනපු අය නෙමෙයි. කළුපහන ගමේ හැමෝටම මගේ ප්‍රණාමය. (නි)

:       0       0

සනත් Monday, 17 June 2013 07:08 AM

හදවත් රෝගයක් වෙන්න ඇති.අපි මොනවා තළත් අයිති එකම දෙය මරණයයි.ඒ මහත්මයාට නිවන් සුව අත් වේවා! ඔහුව බේරාගන්න උත්සහ කළ මහත්වරුන්ටත් බොහෝ පින් අත් වේවා! (නි)

:       0       0

අනුර Monday, 17 June 2013 02:08 PM

සම්පත් , ප්‍රථමාධාර පාසල් වල හරියට උගන්වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ප්‍රායෝගික දැනුම. මේ වගේ අවස්තාවල් වල ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. (නි)

:       0       0

අතුල Monday, 17 June 2013 07:27 AM

නියම තරුණයන් දෙදෙනෙක්. ඔබ දෙදෙනාටම හිස නමා තුති පුදකරමි.(නදී)

:       0       0

හේලි Monday, 17 June 2013 07:52 AM

නන්නාදුනන කෙනෙකු අනතුරකට පත්වුන විටක තමන් යන ගමන ටිකක් පහුවෙන නිසා හෝ ඕවට අත දැමීමෙන් ලෙඩ වැටේවිය කියා මගහැර දුවන සමාජයක මෙවැනි උත්සාහයක යෙදීම අගය කළයුතුය.මුදල් ටිකක් ලැබුන විට ගේ වටේ තාප්පයක් බැදගෙන තනියම ඉන්නටත්, තම දරුවා යන පාසැල ඉහල නමක් ඇත්නම් පොඩි පාසලට යන ළමයන් සමග තම දරුවා සෙල්ලම් කිරීමට නොයවන තැනට කටයුතු කරන සමාජයක් බිහිවී ඇතිබව අත්දැකීමෙන් දනිමි. එහෙත් තමන්ගේ මවට පියාට දරුවට සොහොයුරියට කරදරයක් උදවුවක් අවැසි විට තමනට ළග සිටිය නොහැක.කළයුත්තේ තමන් දුටුතැන අනුනට උදවුකරන,පිහිටවෙන සමාජයක් බිහිකරගැනීමය. කුලය,නිලය,මුදල,පක්ෂය,වර්ගය,ආගම මත තනි තනිව ජීවත්වන්නට නොහැකිය. (නි)

:       0       0

සෙන්සා Monday, 17 June 2013 07:55 AM

මේ අහිංසක කොල්ලො දෙන්නා උසාවි පොලිසි ගානේ රස්තියාදු කරයිවද්ද දන්නෙ නැහැ. එහෙව් ලංකාවක් නෙ දැන් තියෙන්නේ. (නි)

:       0       0

බොරගොල්ල Monday, 17 June 2013 08:14 AM

බලන්න හසන්ත මහත්තයෝ මේ කැමරාකාරයත් අර මනුස්සයට උදවු නොකර ෆොටෝ ගන්න එක විතරනේ කරලා තියෙන්නේ. මේ කැමරාකාරයවත් අත්අඩංගුවට ගන්න ඕනා. (නදී)

:       0       0

කින් බෙනට් Monday, 17 June 2013 08:12 AM

පවු .. පින්තුරේ දැක්කම අහිංසක කෙනෙක් බව පේනවා. ඒ වගේම තව හොඳ කොල්ලෝ දෙන්නෙකුත් මේ රටේ ඉන්න එක ගැන සතුටුයි. මිය ගිය කෙනාට නිත්‍ය සැතපීම ලැබේවා! (නි)

:       0       0

චන්දි Sunday, 16 June 2013 06:10 PM

ඔබට නිවන් පුර රුවන් දොරටු විවර වේවා !!!ඔහුට උදව් කර ඔබ සැමට මගේ හද පිරි ප්‍රණාමය පුදමි !!...(ත)

:       0       0

පෙරුමාල් Sunday, 16 June 2013 06:21 PM

අපි හැමෝටම ඔහොම තමයි. ඔහුට නිවන් සැප! (ත)

:       0       0

ප්‍රසාද් Monday, 17 June 2013 08:42 AM

ජීවිතයනම් තණ අග රැදී පිනි බිදු වැනිය. (නදී)

:       0       0

ලාල් Monday, 17 June 2013 08:49 AM

උදව් කරපු හැමෝටම ගොඩක් පින්. ඔය වගේ මිනිස්සු ඉන්න රටට තමයි ශ්‍රී ලංකාව කියන්න ඕනෑ. (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Sunday, 16 June 2013 06:37 PM

ගුණ යහපත් දෙමව්පියන්ගේ දරුවෝ දෙන්නෙක් සෙරෙප්පු දෙකත් ගලවල මේ උතුම් ක්‍රියාව කරන්නේ අගේ කලයුතු දරුවෙක්, මේ දෙන්නටම ප්‍රණාමය පුද කරන්න ඕනා. ඒ වගේම මිය ගිය පියතුමාටත් නිවන්සුව!(නදී)

:       0       0

ඕෂන් Sunday, 16 June 2013 06:42 PM

ඔහුගේ ජීවිතය බේරාගැනීමට උදව් කළ අයට ස්තුතියි.(නදී)

:       0       0

සම්පත් Monday, 17 June 2013 08:55 AM

ඔබ මේ ගත් උත්සාහයට අපගේ ස්තුතිය. නමුත් ඔබ තව දුරටත් මේ ප්‍රතමාදාර ගැන ඉගෙන ගත්තනම් හොදයි කියලා මට හිතෙනවා. ඔබට මේ සම්බන්දයෙන් ඉගෙන ගන්න විස්තර ලබා ගන්න පුලුවන් මේ වෙබ් සයිට් එකට යන්න. (නදී) www.redcross.lk

:       0       0

නාලක Sunday, 16 June 2013 06:47 PM

ප්‍රථමාධාර දුන්නු අයව සහ මේ ෆොටෝ එක ගත්තු අයව සහ ෆොටෝ එකේ ඉන්න අයව උසාවි ගෙනියාවිද දන්නේ නැහැ? කොහොම වුනත් කමක් නැහැ මියගිය කෙනා නම් දැන් දුකින් මිදිලා.... ජීවත් වෙන අය තමයි දුකින් මැරිමැරී ජීවත් වෙන්නේ... මේ උදව් කරපු කට්ටියටත් හුගක් දුක ඇති මෙයාව බේර ගන්න බැරිවෙච්ච එක ගැන...(අ)

:       0       0

ජනිත් Sunday, 16 June 2013 06:52 PM

අපේ රටේ තාමත් මනුස්ස කම පිරිලා ඉතිරිලා ගිය මිනිස්සු ඉන්නවා , (අ)

:       0       0

ඉන්ද්‍රජිත් ලොකුගේ Sunday, 16 June 2013 06:55 PM

ඔහුට නිවන් සැප (අ)

:       0       0

ටෙනිසන් Sunday, 16 June 2013 07:26 PM

අනුන්ගේ විපතේදී හදවත් උණුවන පින්බර මින්සුන් තවමත් අපේ රටේ ඉන්නවා.කොයිතරම් ආඩම්බරද ?(අ)

:       0       0

ප්‍රියා Sunday, 16 June 2013 07:32 PM

මා දකින සැබෑ මනුෂ්‍යත්වය මෙයයි. ඔබ සැමට තෙරුවන් සරනයි.(නදී)

:       0       0

පාරා Sunday, 16 June 2013 07:43 PM

හොද කොල්ලෝ ටික, හදපු දෙමව් පියන්ට අපි ස්තුති කරමු. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 420 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 449 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 743 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 566 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 397 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 734 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site