IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පේරාදෙණියෙන් 3714 දෙනෙක් උපාධි ලබති

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  මේ වසරේ උපාධි ප්‍රධානෝත්සවය  කුලපති මහාචාර්ය  ඊ ඩබ්ලිව්  ඈපාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  විශ්ව විද්‍යාලයයේ  ගෘහස්ත  ක්‍රිඩාගාරයේදී අධියර දෙකක් යටතේ පෙරේදා (28) පැවැත්විණි.

පීඨ අටක උපාධිධරයෝ  තුන්දහස් හත්සිය  දා හතර දෙනෙක් උපාධි ලදහ.

පේරාදෙණිය  විශ්ව විද්‍යාලයයේ  උපකුලපති  මහාචාර්ය අතුල සේනාරත්න උපාධි ප්‍රධානෝත්සවයේ සභාපති මහාචාර්ය ඒ එම් නවරත්න බණ්ඩා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ  ලේඛකාධිකාරී  ආචාර්ය නිශ්ශංක ජයවර්ධන  ඇතුළු  පීඨ අටේ  පිඨාධිපතිවරුන් මෙම අවස්ථාවට සහභාගී වුහ.

 

 

 

 

 



අදහස් (0)

පේරාදෙණියෙන් 3714 දෙනෙක් උපාධි ලබති

නිලංග Saturday, 31 May 2014 08:08 AM

උපාධිය ගත්තාට විතරක් රැකියා ලැබෙන්නේ නැහැ. බහුතරයක් උපාධිධාරියෝ අද කාලයේ හැටියට රැකියා වෙළඳපොළට හරියන විදියට , සමාජයට අනුගත වෙන්න දැනීමක් නැහැ. උපාධිය ලැබුන ගමන් , ආණ්ඩුවේ තැනක නැතිනම් කොහේ හරි කමක් නැහැ ලොකු පුටුවක් එකපාරටම බලාපොරොත්තු වෙනවා. පොඩි තැනින් වැඩක් ඉගෙන ගෙන දියුණු වෙන්න කැමති නැහැ. සේවය ලබා ගන්න එන මහජනයාට කතා කරන්න දන්නේ නැහැ. පුටු රත් කරලා ලොකු පඩියක් ගැනීම ඇරෙන්න ඵල දැයි සේවයක් කරන්න හිතාගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද ? බහුතරයක් රැකියා දියව් කියා කියා ආණ්ඩුවට බනිනවා. නමුත් රැකියාවක් ලබාගන්න තමන්ගේ අඩුපාඩු හදාගෙන ඉදිරිපත් වෙන්නේ මෙතනින් කීයෙන් කීදෙනාද? (ස) .

:       0       0

අශේන් Saturday, 31 May 2014 03:02 PM

නිලංග,කසුන්, ඔයාල කියන තත්වයට හේතුව අපේ අධ්‍යපන ක්‍රමයේ වැරැද්ද සහ කුඩා කල සිට අපට උගන්වන පුහු මාන්නය. අපි ඉන්න රටවල මොන රැකියාවත් එකයි. මෙහෙ පියන්සලා නැහැ. ඒ වගේ සමාජයක් ලංකාවෙත් ඇති විය යුතුයි . (අ)

:       0       0

ප්‍රදීප් Saturday, 31 May 2014 09:19 AM

උපාධිය විතරක් මදි. අනුන් ගැනත් හිතන යහපත් පුරවැසියෙක් වෙන්නත් ඕන. (ස)

:       0       0

උඩුරාවණ Saturday, 31 May 2014 09:23 AM

ඔබ සැමට ජය. මේ විදියට ඔබ උපාධිය ලබන්නේ අන්තරේ කරදරේ අතරින් ඉදිරියට ආ ඔබ උගත් බොහෝ දේ නිසයි. උපාධිය ලද පමණින් සියල්ල සම්පුර්ණයයි නො සිතා, තව දුරටත් වියදම් කිරීමට හැකිකම හදාගෙන තවත් ඉහළට ඉගෙන ගන්න. ඔබේ සියලු ජය එවිටය. රටට බරක් නොවන්නේ එවිටය. ඔබ උගත් නම් ඔබට සමාජයේ නියම තැන අනිවාර්යයෙන් ලැබෙනවාමයි. (ස)

:       0       0

චනා Saturday, 31 May 2014 04:15 PM

මම සිටින රටේ තරුණ තරුණියන් සරසවියේ ඉන්න ගමන් කම්කරු රැකියා කරලා අධ්‍යාපන වියදම් හොයා ගන්නවා. උපාධිය ලැබූ පසුවත් ආණ්ඩුවට බැන බැන ඉන්නේ නැතිව ඉතා සුළු රැකියාවක් උනත් භාර අරගෙන දෙමව්පියන්ටත් රටටත් බරක් නැති ලෙස ජීවත් වෙනවා. අපේ රටේ සමහර විශ්ව විද්‍යාල තරුණ තරුණියන්ට උදේ තේ කෝප්පයේ ඉඳලා අතට දීලා, ඇඳුම ටිකත් අම්මලා සෝදලා දෙන පුරුද්දට හැම දෙයක් ම අතට ලැබෙන කම් බලා ඉන්නවා. නැතිනම් ආණ්ඩුවට බනිනවා. මේවා වෙනස් වෙනකන් අපේ රටේ උපාධිධාරියාගේ ගුණාත්මක භාවය රැකියා වෙළඳ පොලේදී අවතක්සේරු වෙනවා. (අ)

:       0       0

ටීනා Friday, 30 May 2014 06:38 PM

මමත් බොහොම ආසවෙන් ඉන්නේ අවුරුදු 3ක් ප්‍රමාද වූ මගේ උපාධිය 2015 පෙබරවාරි ලබා ගන්න. (අ)

:       0       0

ජගත් Friday, 30 May 2014 07:35 PM

මමත් මෙහෙම ගිය හැටි මතකයි (අ)

:       0       0

නාලක Friday, 30 May 2014 08:34 PM

මමත් මෙහෙම ගියා මතකයි (දිල්)

:       0       0

දොන් සේතං Friday, 30 May 2014 09:17 PM

මමත්මෙහෙම ගියා මතකයි අැහැරිලා බලනකොට ඒක ලස්සන හීනයක්(අ)

:       0       0

කසුන් Saturday, 31 May 2014 11:42 AM

නිලංග ගේ කතාවේ සැහෙන ඇත්තක් තියනවා. මගේ කාර්යාලයට අනුයුක්ත කල එක්තරා නවක උපාධිදාරිනියක් , ෆයිල් එකක් ගන්නවත් පුටුවෙන් නැගිටින්න කැමති නැහැ. පියන්ට කතා කරන්නේ මලපතේ අකුරක් බැරි කෙනෙකුගේ සාම්පලයට දාල. පුදුම උද්දච්චකමක්. හැබැයි ඉතින් ඉතා හොඳින් රැකියාවේ යෙදෙන දක්ෂ අයත් මම දැකලා තියනවා. (අ)

:       0       0

අජන්ත Saturday, 31 May 2014 07:49 PM

ඔබ සැමට ජය! (නි)

:       0       0

මාගෙදරගමගේ Friday, 30 May 2014 11:55 PM

අපිට මෙහෙම අවස්තාවක් ලැබුනේ නැහැ. ඒකාලේ ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායකගේ. එයා ඒවා නතරකලා. (ස)

:       0       0

කෝලිත Saturday, 31 May 2014 12:43 AM

විශ්ව විද්‍යාල වල ඉන්න ඉගෙන ගන්නවා කියන ළමයි හැමදාම වාගේ ඉන්නේ උද්ගෝෂණ කරගෙන නේ ....කොහොමද මේ කට්ටිය උපාධි ගත්තේ...(ස)

:       0       0

සිරි Saturday, 31 May 2014 02:48 AM

අර මහපාරවල් වල දියව් දියව් කියපු අයත් උපාදි ගත්තද ...????(දී)

:       0       0

ප්‍රදීපා Saturday, 31 May 2014 03:13 AM

අනන්ත දුක් අනුභව කර, කුසට හරිහැටි අහරක් නැතිව, නිදිවරා පාඩම් කර ,ආර්ථික ප්‍රශ්න වලින් හෙම්බත්ව- (මගේ පියාණන් හදිසියේ මියගිය නිසා කටුක දුක් විඳ) , අවසානයේ, මමත් ඔය අවස්තාව ලැබුවේ ඉතාමත් සතුටින්.කවදාවත්ම සරසවියේ ලස්සන මම වින්දේ නැහැ.හන්තානට පායන සඳ මට ලස්සනට පෙනුනෙත් නැහැ. මගේ අම්මට බොරු කියමින්, පෙම්වතෙකුගේ අත අල්ලගන සරසවියේ ඇවිදින්න මට හිතුනේ නැහැ.නමුත් විවාහවී ඉහල රැකියාවක් කරමින් මම දැන් ලස්සනට ජීවත් වෙනවා. (දී)

:       0       0

සඳුන් Sunday, 01 June 2014 03:32 AM

අශේන්, නිලංග, කසුන්, ඔබ ඔය කියන්නේ ලංකාවේ රාජ්‍ය සේවය ගැන. පෞද්ගලික අංශය ඊට ගොඩක් වෙනස් වගේම ඉදිරියෙනුයි ඉන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 962 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 321 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 221 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2283 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3182 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2275 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36907 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24348 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site