IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘පැරදුණා නම් මං ඉවරයි‘

ජනවාරි අට වැනි දා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් තමා මරා දැමීමට පවා ඉඩ තිබුණු බව මෛත්‍රීපාල සිරිසේන ජනපති සිය පළමු පොළොන්නරු සංචාරයේ දී පැවසීය.

‘මහින්ද රාජපක්ෂ දිනුවා නම් මගේ දරුවනුත් අත්අඩංගුවට ගන්න හිටියා. මට වද හිංසා කරන්න සියලු පිඹුරුපත් සකසා තිබුණා. ‘

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ සිරිසේන මහතා තරඟයට ඉදිරිපත් වූයේ එක්කෝ රජ ගෙදර යන්නයි නැත්නම් හිරගෙදරට යන්නයි.

වික්‍රමසිංහ මහතා හිටපු ජනපතිට ද ස්තුති කළේය. රාජපක්ෂ පාලනය ගැන කළකිරී සිටි ඡන්ද දායකයන්ට සිය ඡන්දය දිමට අවස්ථාව සලසා දීම ඊට හේතුව බව ද වික්‍රමසිංහ මහතා කීවේය.

නව ජනපති පිළි ගැනීමට පොළොන්නරුවට අදත් මහ පිරිස් ඇදී ආහ.

සිරිසේන මහතා ළමා කාලයේ සිටම ආ ගිය ධර්ම විජයාරාමයට ද ගියේය.

දහම් පාසල් දරුවෝ රටේ නායකයා එහි දී සෙනෙහසින් පිළිගත්හ.

01(58) 01(59) 02(44) 03(39)

 

 



අදහස් (0)

‘පැරදුණා නම් මං ඉවරයි‘

ලෝචන Monday, 26 January 2015 03:00 PM

ජනාදිපති වුනාට පස්සෙත් ඔය වගේ කතා කියන එක ඔබතුමාගේ ඊළඟ චන්දෙටනම් හරිම අවාසියක් නේද? දොස්තර මහත්තයත් ඔය කතාවම කිව්වා අපිට මතකයි.(අ)

:       0       0

රෝහන Monday, 26 January 2015 03:04 PM

මෝඩ රණවකයෝ ඉස්සර ඔබ වගේ කෙනෙක් හිටිය බන්දුල පෙරේරා කියල ඔබත් ඒ වගේම ගොනෙක්. (අ)

:       0       0

පද්මිණී Monday, 26 January 2015 03:07 PM

අනේද කියන්නේ උදාර, අලිබබා සහ හොරු හතලිහ කතාවත් ලංකාවේ විතරක් නෙවේ ලෝකෙම ජනප්‍රියයි.(අ)

:       0       0

සන්වානි Monday, 26 January 2015 03:12 PM

මහින්ද යූඇන්පියට පරාජය කිරීමට නොහැකි නිසා ඔහුගේම පක්ෂය වූ ශ්‍රීලනිපයෙන් ගත් කොටස් උපයෝගී කරගෙන ශ්‍රීලනිපය භේද කර උතුරු නැගෙනහිර ඡන්ද සමග එකතුකොට බලයෙන් ඉවත්කිරීමේ කොන්ත්‍රාත්තුව වත්මන් ජනධිපතිතුමා ඉටුකර තියෙනවා. යූඇන්පියේ අය හැර ශ්‍රීලනිපයෙන් මහින්දට එරෙහි වූ සියල්ලම අහිමි වූ හා නොලද යම් යම් වරප්‍රසාදමත මහින්ද කෙරෙහි අතෘප්තියෙන් හා වෛරයෙන් ඔහුට එරෙහි වූවා මිස රටට හෝ අපට ආදරේට මහින්දට එරෙහි වූවෝ නොවන බව අප ඡන්දයට පෙර සිටම දැක්කා. (අ)

:       0       0

සෙනෙවි Monday, 26 January 2015 03:56 PM

බන්දුල පෙරේරා නමින් මෙච්චර කල් ලියල තියෙන්නෙ ගෝඨා වෙන්න ඇති (අ)

:       0       0

චන්දු Wednesday, 28 January 2015 12:27 PM

හිටපු ජනාධිපතිතුමා රට බේරාගත් බව අපි දන්නවා. ඒකෙ සැකයක් නැහැ.එතුමාට අපි ණයගැතියි.දැන් ඔබතුමා මේ රට තවත් සංවර්ධනය කරමින් රටේ ජනතාවට හොඳින් ජිවත්විය හැකි ආර්ථිකයක් සාදාදෙන්න. අපිට පක්ෂ පාට වැදගත් නැත.ඔබතුමාට ජයෙන් ජය !!!!! (නි)

:       0       0

රවි Monday, 26 January 2015 04:21 PM

අනේ මන්දා මෙයා මොනවා කියනවද කියලා (දිල්)

:       0       0

රුචිර Monday, 26 January 2015 04:21 PM

අපේ රට බේරාගත්තේ වීරෝධාර රණවිරුවෝ ඒ යුද ජය රණවිරුවන්ට හිමි විය යුතුයි (දිල්)

:       0       0

ධම්මික Monday, 26 January 2015 05:32 PM

සන්වානි ගෙ මතය දරන තවත් හුගදෙනෙක් මේ රටේ ඉන්නවා. ඒ සියළු දෙනාට ඉක්මනින්ම ප්‍රඥාව පහළ වේවා කියා ප්‍රාර්ථනය කරනවා. (නදි0

:       0       0

රජීව් Monday, 26 January 2015 05:48 PM

මොකද මේ ජනතාව අතරින් යනකොට ලොකු ගාර්ඩ් එකක් දාගෙන යන්නේ? අනේ ළමයිනේ දැන් ඉතින් ඈත ඉඳන් වැඳගෙන ඉන්න.(නදී)

:       0       0

නජිත් Monday, 26 January 2015 05:56 PM

නුවණක්කාර ජයන්ත දිවුරුම් දෙන දවසේ රු 6000න් ඒ වැඩේ කරගන්න ඉන්ධන දුන්නේ ඔයාගේ වියදමෙන් වෙන්න ඇති නේද? ලැජ්ජයි තමා. එ්ත් මේ වගේ ගොන් ජෝක් දාන්න පටන් ගත්ත අයට එයාලගේ ඔලුවේ තියන වල්බිහිවුන අදහස් අයින් කරගන්න කිව්වා නම් වඩා හොඳයි. (නදී)

:       0       0

අමිළ Monday, 26 January 2015 06:08 PM

මේ පින්තුරයෙන් පැහැදිලි වන්නේ මෙතුමා නියම ජන නායකයෙක් නොවන බවයි. පන්සලක සැදැහැවත් පිරිසක් අතරට යාමටවත් ඔහුට නොහැකියි. ආරක්ෂකයින් පිරිවරාගෙන යන්නේ පන්සලකට නොවෙයි යුද්දයකට වගෙයි.(නදී)

:       0       0

සෝබනා Monday, 26 January 2015 06:35 PM

පැරදුනා නම් අපි ඔක්කොම ඉවරයි. රටත් ඉවරෙටම ඉවරයි. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 26 January 2015 06:38 PM

මිනීමරු ප්‍රබාකරන්ගෙන් රට නිදහස් කර ගත්තට වැඩිය ලොකු යුද්දයක් කරලයි රට නිදහස් කර ගත්තේ.එ්කත් හමුදා කුමන්ත්‍රණයකින් වෙනස් කරන්නයි බැලුවේ. ඉදිරියටත් පරිස්සමෙන්. කරුණ,කප්,දයා මාස්ටර් ජෝර්ජ් මාස්ටර්ලා ඔක්කොම ඉන්නේ හිටපු ජනාධිපති ලග. (නදී)

:       0       0

තම්බි Monday, 26 January 2015 06:56 PM

ෂෙරිෆ් රිහම් ඔය සෞදියේම ඉන්න ලංකාවට එන්න හිතන්න එපා (නදී)

:       0       0

අතුල Monday, 26 January 2015 07:24 PM

දිය ඇදල කලේ බින්දා වගේ වැඩක් හිටපු ජනපති කලේ. යුද්දය දිනුවට ජනතාව කලගුණ සැලකුවා අවුරුදු හයකට. (නදී)

:       0       0

සමන් Monday, 26 January 2015 09:20 AM

ඉවරයි තමයි.(හේ)

:       0       0

සත්‍යපාල Monday, 26 January 2015 09:20 AM

පැරදුනානම් ඔබතුමා විතරක් නොවෙයි අපිත් ඉවරයි ,රටත් ඉවරයි .එහෙනම් අපිට ඉන්න වෙන්නේ මැදමුලන වලව්වේ සේවකයෝ වගේ.(හේ)

:       0       0

හසී Monday, 26 January 2015 08:34 PM

බන්දුල ගේ අවතාර ගොඩක් මේ කේ තියෙනවා . සන්වානි ,ලෝචන , සුනිල් , කුමාරි ,රණවක ,උදාර මේ ඉන්නේ බන්දුල ගේ අවතාර ටික (බ)

:       0       0

ශාම් Monday, 26 January 2015 09:32 AM

අනිවාර්යෙන්ම (බ)

:       0       0

නිමල් Monday, 26 January 2015 10:19 PM

රණවක ,තවම වලන් හෝදන වැඩේ කරගන යනවා නේද ,දැන්වත් ඕක නතර කරලා ගෙදර යන්න (බ)

:       0       0

රණවක Monday, 26 January 2015 09:33 AM

මෙයාට වධ හිංසා කරන්න කව්රුත් යන්නේ නැහැ . අවරුදු කීපයකට පෙර ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමති කියල ඇමෙරිකාවට ගෙනල්ල සම්මානෙකුත් දුන්නනේ.අන්න ඒක තමයි මොහුව ජනාධිපති අපේක්ෂක කමට යොදා ගැනීමේ උපාය.රට බේරා ගත් නායකයාව විනාශ කරන්න තමයි මෙයා ඇවිත් ඉන්නේ.මේක රටේ ජනතාව තේරුම් ගත යුතුමයි. (බ)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Monday, 26 January 2015 10:28 PM

හලෝ රණවක නිකන් කළුවරේ ඉඳගෙන අතපත ගාන්නේ නෙතුව උත්සහ ගන්න පෙනෙන මාර්ගයේ යන්න. ඔයා දන්නේ නැතිනම් දැනගන්න මහින්ද හැම දෙයක්ම කර තිබෙන්නේ නීතියට විරුද්ද දේවල්මයි. මෙයා මේ විදියට පරාද නොවුනා නම් මෙයාට සිදුවෙන්නේ කුණු කාණුවක් යට ජීවිතෙන් වන්දි ගෙවන්නයි (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Monday, 26 January 2015 10:36 PM

සන්වානි, කරුණා කරලා කියන්නකෝ මොකද ඡන්දෙ පරාද උනු ගමන් බැසිල් රාජපක්ෂ රටෙන් මාරු වුනේ කියලා. ඕගොල්ලන්ට හැම දේකටම උත්තරයක් තිබෙනවානේ. බොරු කියන්න එපා මොකද ඔහු ගැන අපි හොඳට දන්නවා. ඒවා අවශ්‍ය නම් ඉදිරියට අපි දෙන්නම් (නදී)

:       0       0

දුමින්ද Monday, 26 January 2015 09:42 AM

ඇති ගරු ජන පති තුමනි අතීතය ගැන ප්‍රීතිවීම ශෝක කෙරීමට කලයක් නොමැත දිනු සාමයට යහ පාලනය ගොඩ නැගිය යුතුය.(හේ)

:       0       0

විරාජ් එකනායක Monday, 26 January 2015 09:44 AM

මැදමුලන වලව්වක් කොයි හරියේද තියෙන්නේ .(හේ)

:       0       0

රොබින් Tuesday, 27 January 2015 12:45 AM

දැනුත් ඉතින් මලා වගේනේ ,නැත්ද ? (ස)

:       0       0

ධම්ම Monday, 26 January 2015 09:47 AM

ඔබයි අපේ ජනපති. ඔබයි අපට කියා දුන්නේ විරුද්ධවාදීන්ට මෛත්‍රිය කරන්න කියා. එහෙත් මෙවන් කතා නිසා අප තුළ රාජපක්ෂලා ගැන වෛරයක් ඇතිවෙනවා. (බ)

:       0       0

ප්‍රභාත් Tuesday, 27 January 2015 12:56 AM

අපට රැකියාවක් තමයි ඕනේ. (ස)

:       0       0

රංග Tuesday, 27 January 2015 01:04 AM

රණවක වැඩ කරන්නේ මැදමුලන වලව්වේද නැති නම් කාල්ටන් වලද ? (නදී)

:       0       0

කාංචන Tuesday, 27 January 2015 01:06 AM

සෙනෙවි දැන් එයා රමණි කියල ගැහැණු නමකින් ලියනවා. ඒක අල්ල ගත්තෙත් පාඨක සභාවේ බවලතුන් ටික. ලැජ්ජාවේ බැහැ. (නදී)

:       0       0

සුරංග Tuesday, 27 January 2015 01:09 AM

රණවක හිතන්නේ ඔය රට බේරා ගත්තේ අසවලා සහ පවුලේ කට්ටිය කියල. රටේ අනිත් හැම මිනිහාම ඒ ගොල්ලන් රට බේරා ගන්න කන් බුදියන් ඉඳලා තියෙන්නේ. (නදී)

:       0       0

සමන්ත Tuesday, 27 January 2015 01:11 AM

රණවකට ඉල්ලා ගන්න තිබුන වරදාන ටික අරගෙන ඉවර කර ගන්න බැරි වෙලා වගේ. තව ටිකක් කල් ඉල්ලනවා. (නදී)

:       0       0

රණවක Tuesday, 27 January 2015 09:36 AM

දේශපාලන පක්ෂවල ඉන්න සමහරුන්ට රට ගැන ආදරයක් නැහැ තමන්ගේ වාසිය විතරයි බලන්නේ. (නි)

:       0       0

චනිල් Tuesday, 27 January 2015 01:18 AM

රණවක හිතන්නේ මේ ඔයාට ඕන විදියට අනිත් මිනිස්සු ඡන්දෙ දෙන්න ඕන කියලද ? මේක ගෝත්‍රික රටක් ද ? මිනිස්සු තමන් කැමති කෙනෙකුට ඡන්දෙ දීල වැදගත් විදියට නායකයෙක්ව පත් කර ගත්තා. මොකද මේ මනුස්සයා රණවකගේ ලොක්කව බලෙන් එලවලාද මේ තනතුර ගත්තේ ? නිකන් මෝඩ කතා කියන්න එපා. මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. (නදී)

:       0       0

සිරිනිමල්-හඟුරන්කෙත Monday, 26 January 2015 09:57 AM

ඔබතුමා වගේම අපිත් පින්වන්තයි. ඔය තත්ත්වය නොවුනානම් අපටත් හුනුපෝරනුවේ වැඩ නැතිව යනවා.(හේ)

:       0       0

අහිංසා Monday, 26 January 2015 09:59 AM

අපිට දැනටමත් ඔබ තුමා ගැන බයයි.වටේ ඉන්න ගෝලයෝ ගැන ප්‍රවේශමෙන්.(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 27 January 2015 01:30 AM

අපොයි ඒක ඇත්ත,උදාර, හොරු 40 ක් එක්ක හිටපු අලි බබා තාමත් ජනප්‍රියයි.. (නදී)

:       0       0

සමන්ත Tuesday, 27 January 2015 01:38 AM

වැඩ කෙරේ මැදමුලනෙද? කරුණාකර ඔයාගේ අධ්‍යාපන මට්ටම රටටම පෙන්නන්න එපා. මහින්දගේ හොරකමේ ලංකාවේ ඔක්කොම වගේ දන්නවා. අනේ පවු. ඔයාට රට යන්නේ උදවු කරේ කවුද? (ස)

:       0       0

ෂෙරිෆ් Monday, 26 January 2015 10:03 AM

ආයේ කතා දෙකක් නැහැ,(හේ)

:       0       0

ෂෙරිෆ් Monday, 26 January 2015 10:04 AM

ආයේ කතා දෙකක් නැහැ, එස් එෆ් අන්දපු ඇඳුම අන්දනවාමයි (බ)

:       0       0

ඇඩ්රියන් ද මෙල් Monday, 26 January 2015 10:05 AM

මහින්ද දේශපාලනයෙන් ඉවත් කිරීමේ මෙහෙයුම දෙවැනි අදියර ආරම්භ කරන්න වගේ (බ)

:       0       0

කුමාරි Tuesday, 27 January 2015 02:06 AM

ගරු ජනාධිපතිතුමනි ,සියලු දේවල් අතහැරලා ඔබට නිර්භීතව තීරණයක් ගන්න හිතුනු එක රටේ වාසනාවට සිදුවූ දෙයක්. පරණ කතා අමතක කරලා වැඩ කරන්න ඔබට ධෛර්ය ලැබේවා. (ස)

:       0       0

රුවන් සම්පත් Monday, 26 January 2015 10:05 AM

පැරදුනානම් ඉවරයි තමා (බ)

:       0       0

සුජිත් Tuesday, 27 January 2015 02:21 AM

මහින්ද ඡන්දෙ කරපු විදිහ ගැන මොනවද හිතන්නේ , කරුණා කරලා විවෘතව හිතන්න. (ස)

:       0       0

ශලිනි Monday, 26 January 2015 10:13 AM

රණවක මහත්තයෝ ඔයාට හොදටම විශ්වාසද එහෙම වෙන්න තිබුන කියල. අපි දන්නා රජ පවුල නම් ඊට වඩා ගොඩක් වෙනස්. මතක නේද හොඳම යුද හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයට වුන දේ. (බ)

:       0       0

වීරවංශ Tuesday, 27 January 2015 02:29 AM

සමහර විට එහෙම වෙන්නට තිබුන.මොකද පසුගිය ජනාධිපතිවරණයේදී පොදුඅපෙක්ෂකයා හිරේ දැම්මනේ,මේපාර ඔබ තුමාට ඒවගේ දෙයක් කරන්න ඉන්න ඇති. ඒකාධිපති පාලනය අවසාන කරන්නට ඔබතුමා ඉදිරිපත් වීම රටේ වාසනාව,ජනතාව පිට බදුබර පටවා රට කිරීම පසුගිය රජයේ ප්‍රතිපත්තිය එය නැවත්වීමට ඔබතුමාට හැකි වේවා !!ජයවේවා!! (බ)

:       0       0

අනෝමා Tuesday, 27 January 2015 02:38 AM

රණවක ගේ අදහස් දැක්කම හිතෙන්නේ බන්දුල පෙරේරා වගේම විලි ලජ්ජා නැති තව කෙනෙක් මේ ලෝකේ ඉන්නවා කියලා. (බ)

:       0       0

උදාර Monday, 26 January 2015 10:21 AM

මොන, ලැජ්ජාවක්ද? අපේ ජනාධිපත් තුමා දාන්නේ රු 1000.00ක් වත් විටින්නේ නැති හම් සෙරෙප්පු කුට්ටමක්නේ.(හේ)

:       0       0

ඉන්දික Tuesday, 27 January 2015 02:48 AM

මේවා මහින්ද නැවත දේශපාලනයට එන එක වළක්වන්න කියන කතා. මිනිස්සු තුළ මහින්ද ගැන වෛරයක් ඇතිකරන්න තමයි මේවා කියන්නේ. මේ පිටපත ලියල දීල ඇත්තේ මංගල. මේවා හරියන්නේ නැහැ. ලබන ඡන්දෙදි මේපාර වෙච්ච වැරැද්ද හරිගස්ස ගන්න මෛත්‍රීට ඡන්දෙ දීපු නිදහස් පක්ෂේ අය බලාගෙන ඉන්නවා. (බ)

:       0       0

කිඹුලාපිටිය Monday, 26 January 2015 10:26 AM

අපට පෙනෙන හැටියට හිටපු ජනපති රුහුණේ ජනතාවටත් , ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයනටත් බරපතලම අපහාසයක් කරලා තිබෙන්නේ. (බ)

:       0       0

රකිත් Tuesday, 27 January 2015 02:54 AM

උදාර, එහෙම නැතුව ජාතික ඇඳුම ඇඳලා රු 150,000ක් දීලා ලුවී විටෝන් සපත්තු දෙකක් දාන්නද කියන්නේ? සමහර ලොකු බබාලා එහෙම සපත්තු තමයි දැම්මේ පහුගිය කාලේ. (බ)

:       0       0

නන්දනී හෙට්ටි ආරච්චි Tuesday, 27 January 2015 02:58 AM

නව ජනාදිපතිතුමනි ඔබතුමා පැරදුනා නම් ඔබතුමාගේ පවුල නොව අපේ පවුලත් මේ වෙනකොට මිහිදන් කර හමාරයි. (නදී)

:       0       0

උමේෂ් Tuesday, 27 January 2015 03:01 AM

සෙනෙවි එයා දැන් බන්දුල පෙරේරා නෙවෙයි පිවිතුරු යහපාල. ඊයේ හිටි ගමන් රමණි වුනා. (නදී)

:       0       0

පද්මිණී Monday, 26 January 2015 10:29 AM

අපි නිදි මරාගෙන ඇහැරිලා හිටියේ තුනුරුවන්ට කියා කියා..(බ)

:       0       0

ගීත් Monday, 26 January 2015 10:30 AM

අපිට හරිම ආඩම්බරයි අපේ ජනාධිපතිතුමා මහත්මා ගාන්ධි තුමා වගේ...(බ)

:       0       0

තුවාන් Monday, 26 January 2015 10:35 AM

මෙයාට වද හිංසා කරන්න කවුරුත් යන්නේ නැහැ .(හේ)

:       0       0

වසන්ත Monday, 26 January 2015 10:43 AM

ඔය දේපොළ එක වාහනේ යන එක ආරක්ෂාවට හොද මදි .(හේ)

:       0       0

දිලාන් Monday, 26 January 2015 10:48 AM

රණවක ඉස්සෙල්ල කියන්න ඔය කියන රට බේරාගත් කෙනා අමරණියද කියලා ? සක්විති රජතුමාටත් එතුමාගේ චක්‍රවර්ති රාජ්‍යයෙන් චුත වෙන්න දවසක් එනවා. එහෙව් එකේ කාටවත් මෙතන පරමායුෂ වන 120 න එහා රජකම් කරන්න බැහැ. ඒ නිසා තමන්ගේ ආසනය කවදා හරි වෙන කෙනෙකුට දෙන්න වෙනවා කියන කාරනාව ගැන උපේක්ෂා සහගතව හිතන්න බැරි කෙනෙකුට නායකත්වය තව දුරටත් සුදුසු නැහැ. (හේ)

:       0       0

චමිල Monday, 26 January 2015 10:55 AM

වෛරය වපුරන එක නතර කරමු නේද . (අ)

:       0       0

සලාම් Monday, 26 January 2015 11:04 AM

සත්‍යපාල ඔබ නිවැරදි. (අ)

:       0       0

ලයන්ත Tuesday, 27 January 2015 04:22 AM

රට බේරාගත් සියලු දෙනාට පින්! කාටවත් රට බෙදන්න නොහැකි බව අපි දන්නවා. රනිල් රටට ආදරය කරන නායකයෙක්. (නි)

:       0       0

කේ පෙරේරා Monday, 26 January 2015 11:12 AM

රණවක! ඔයාට අද බෙහෙත් ටික බොන්න අමතක වුනාද ?(හේ)

:       0       0

ටිරෝන් Monday, 26 January 2015 11:13 AM

අපිට ඕන ඔබතුමා වගේ නිහතමානි නායකයෙක් නැතිව මේකප් පාරක් දාගෙන නැති වීර කමක් පෙන්නගෙන දකුණු ඉන්දියානු චිත්‍රපට වල ඉන්න බොරු චන්ඩි වගේ අය නෙවේ ඔබතුමා එඅතින් කොච්චර සරලද ?(හේ)

:       0       0

චතුර Monday, 26 January 2015 11:14 AM

අනිවරෙන්ම එහෙනම් අපිත් ඉවරයි.(හේ)

:       0       0

රණවක Monday, 26 January 2015 11:17 AM

පැරදුනානම්නේ ඒ.දැන් දිනුම්නේ.(හේ)

:       0       0

උදාර Monday, 26 January 2015 11:19 AM

රනිල් මහත්තයා සහ ෆොන්සේකා මහත්තයාව ඉවර කළාද? කට්ටිය මහින්ද මහත්තයට බය වෙලා ඉන්නේ. අදටත් සිංහල ජනතාව අතර ජනප්‍රියම නායකයා ඔහු.(හේ)

:       0       0

අමාන් ජයතුංග Monday, 26 January 2015 11:28 AM

පලිගන්න ඔය තරම් බලාපොරෝතුවක් තිබුන නම් මොකද වැරදි කරපු අයට දඩුවම් නොදෙන්නේ? (අ)

:       0       0

රේණු Monday, 26 January 2015 11:31 AM

ඔබ තුමා අපේ රට නිදහස් කෙරුවට ගොඩක් පිං උදව් කළ සියලු අනෙක් පක්ෂවලට මගේ ප්‍රණාමය (අ)

:       0       0

ජයලාල් Monday, 26 January 2015 11:32 AM

ඇත්ත නේන්නම් උදාර. ඒකනේ අර සාත්තර කාරයොත් බයටම බොරු සාත්ත්රයක් කිව්වා කියන්නේ. අඩු ගානේ රටේ සාත්තර කියන කෙනාටවත් බය නැතිව ඇත්ත කියන්න පුළුවන් කමක් තිබිල නැහැ. එච්චරට ජනප්‍රියයි. (අ)

:       0       0

නජිත් Monday, 26 January 2015 11:36 AM

මොන තරම් නිහතමානි නායකයෙක්ද?නාස්තිය පිටුදැකීම සඳහා දැන් ඇඳුම් අඳින්නෙත් අඩුවෙන්. (අ)

:       0       0

ධනංජය Tuesday, 27 January 2015 04:57 AM

එකක්වත් ඔප්පු කරන්න බැරිවුණ බොරු චෝදනා විතරයි තාමත් ඇහෙන්නේ. තාමත් ඇඟට දැනෙන දේකට වුණේ ඉන්ධන මිල අඩුකළ එක විතරයි. කවදාද වැඩ පටන්ගන්නේ? (නි)

:       0       0

රණවක Monday, 26 January 2015 11:41 AM

දිලාන් ඔබ හිට්යේ අර පාමංකඩ රවිල එක්ක නිසා රට බේරා ගත් නායකයා අමරණීය බවපිළිගන්න කැමති නැති බව අපි දන්නවා.රට බේරා ගත් නායකයාගේ නාමය සද අමරණීයයි.ලිච්චවි රජවරු,සක්විති රජවරු ගැන කියන ඔබ වැනි කට්ටිය ඉන්නවා..ඔබගේ අදහසට අනුව නම් තවත් එතුමාට රට පාලනය කරන්න පුළුවන්.මොකද සක්විති රජවරුන්ට 120ක් පුලුවන්නම් හිටපු රට බේරා ගත් නායකයට තවත් කාලයක් දෙන්න පුළුවන්. ඔබ සැම දෙනාම හිටපු නායක තුමාට ණය ගැතියි. (බ)

:       0       0

මත්තිම Monday, 26 January 2015 11:49 AM

යන එක අනාගතය විසින් තීරණය කරනු ඇත.අපි එතෙක් බලා සිටින්නෙමු. (අ)

:       0       0

ලෙස්ලි ලෝව් Monday, 26 January 2015 11:49 AM

රටකට අවශ්‍ය අතේ වශිබෝල තියාගෙන සාස්තරකාරයින්ගේ කීමට වැඩ කරන නායකයෙක් නොව රටේ ජනතාවගේ අනාගතය පිලිබදව දැක්මක් තමන්ගේ ඔලුවේ තියාගෙන වැඩ කරන නායකයෙක් (අ)

:       0       0

දිලාන් Monday, 26 January 2015 11:53 AM

මම ණයගැති මගේ මව් බිමට පමණයි. එහි පාලකයන්ට නොවෙයි. ඔබේ ණයගැති බව පුද්ගලික නම් එය ඔබේ කැමැත්තයි. (ර)

:       0       0

ජෙනි Tuesday, 27 January 2015 05:24 AM

බන්දුල පෙරේරා දැන් බවලතුන්ගේ නම් වලිනුයි පෙනී සිටින්නේ. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට​ Monday, 26 January 2015 11:55 AM

රණවක..,උදාර.., ඔබ දෙපලගේ අදහසට මමත් එකගයි. (නදී)

:       0       0

මේනක Monday, 26 January 2015 11:56 AM

රණවක, ඔය කියන හැටියට තව ටික කලක් ඉන්න තිබුන රටේ අයිතිකාරයා වගේ වැඩ කරන්නේ නැතිව රටේ භාර කාරය වගේ සිටිය නම් (නදී)

:       0       0

ශානක Tuesday, 27 January 2015 05:48 AM

ඔබතුමා අපේ රට ගොඩගන්න. අපි ඔබතුමා සමඟයි (නි)

:       0       0

පුෂ්පකුමාර Monday, 26 January 2015 11:56 AM

රණවක මහත්තයෝ, ඔය කියන ඔබේ ඒ නායකයා වෙනුවෙන් අපි අපේ ණය පොලිත් එක්කම ගෙවලා තියනවා. පරම්පරා ගානක් ගොඩ යන්නම. නියම යුධ වීරයා වූ සරත් ෆොන්සේකා මහත්තයා වෙනුවෙන් අපිට විශාල ණයක් ගෙවන්න තියනවා. ඒ උතුම් මිනිසා වෙනුවෙන් ණය ගෙවන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. මේ දමල තියන ෆොටෝ එක දිහා බැලුවම පේනවා නේද? මෛත්‍රීපාල මැතිතුමා අතේ වශී බෝල මුකුත් නැහැ. ඒ එතුමාගේ දෑත් පිරිසිදු නිසා වෙන්න ඇති.

:       0       0

ආනන්ද ආර් Monday, 26 January 2015 11:58 AM

රට කාපු අයට තවමත් කඩේ යන්නන්ට මේවා ඇලජික් වගෙයි. (නදී)

:       0       0

අමරවීර Monday, 26 January 2015 12:00 PM

රණවක, ඔබට තිබෙන්නේ එක්තරා අන්දමට පුද්ගලික ප්‍රශ්නයක්. රට බේරා ගැනීම තනි ප්‍රයත්නයක් නෙවෙයි. ඒකට අපි කලගුණ සැලකුවාම, රට නාස්තියට අරන් ගියා. එහෙම උන රටක් චක්‍රවර්ති රාජ්‍යයක් නෙවෙයි රණවක. බලය අපහරණය රට බේරා ගත්තට දෙන බල පත්‍රයක් නෙවෙයි. (නදී)

:       0       0

පිවිතුරු Tuesday, 27 January 2015 06:02 AM

කට්ටිය හිතාගෙන ඉන්නේ අප්පච්චි මැරුණා කියලා.ලක්ෂ 50 කට වැඩි පිරිසිදු සිංහල බෞද්ධ ඡන්ද තාමත් ඒ අප්පච්චි පිටුපස කියලා කට්ටියට අමතකවෙලා. හිතාගෙන ඉන්නේ ඔහුගේ දේශපාලනය අවසන් කියලා නම් ඒක ඉදිරි මැතිවරණයේදී බලාගන්න පුළුවන් වේවි.අටලෝදහම එතුමාට කැරකුණේ වසර 10 කට පස්සේ. නමුත් සමහරුන්ට නම් ඒක කැරකෙන්න මාස තුනක්වත් යන එකක් නැහැ. (නි)

:       0       0

නිලන්ත Monday, 26 January 2015 12:02 PM

පැරදුනා නම් අදටත් අපි හැම දේකින්ම බදු ගෙවන්න සිදුවෙනවා. රටේ ජනතාවගේ වාසනාව. ඔබතුමා දිනපු එක. ජයවේවා. (නදී)

:       0       0

වර්ණසූරිය...... Monday, 26 January 2015 12:12 PM

ඔබතුමාගේ කුසල් ශක්තිය සහ රටේ අහිංසක ජනතාවගේ වාසනාව නිසයි මේ තත්වය උදා වුණේ.එමනිසා ජනපතිතුමණි, අනාගත තීන්දු තීරණ ගන්නා හැම අවස්ථාවකම ඔය කියූ දේවල් හොඳට මෙනෙහි කරන්න.ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේම පිහිටයි.....(දිල්)

:       0       0

ප්‍රශීන් Monday, 26 January 2015 12:13 PM

බලය අනිසි ලෙස පාවිච්චි කිරීමේ ප්‍රතිපල නව වැනිදා ලැබුණා. සුභ අනාගතයක්.(දිල්)

:       0       0

කුමාරි Monday, 26 January 2015 12:18 PM

මොනවා වුනතු එකක් නම් පේනවා මහින්ද මහත්තය ගමනක්කොට යනකොට එ් පලාතම එලියයි. ලමයි ටික මොකද බලාගෙන ඉන්නේ ,පළාතම අදුරු පාට ,ලංකාවට දවසකට හරි එන්න හිතෙනවා බලල යන්න යන යන තෙන රනිල් පස්සෙ එල්ලිලා‍ මෛත්‍රීට රනිල්ගෙන් නම් බේරුමක් නෑ කාගෙන් බේරුනත්.(අ)

:       0       0

සුනිල් Monday, 26 January 2015 12:18 PM

යහ පාලනයේ වෛරී පාලනය දැන්වත් ඔය පලිගැනීම නවත්වන්න මල් වට්ටියක් බුදුන්ට තියල බොරු කියන එක ,නින්දිත වැඩක් හොදේ ,,,,,,(අ)

:       0       0

ලලිත්. Monday, 26 January 2015 12:22 PM

ආප්පකාල.හොරෙන්ම ගිය නිසා.වෙන්නැති පළිගන්නේ.අපේ රජා.පලිගන්න රජෙක් නොවන.බව..කරඩුව.ඔලුවේ තියාගෙන යනවිට දැනෙන්න නැතුව ඇති අනේ..පව්. (අ)

:       0       0

නලින් Monday, 26 January 2015 01:00 PM

සියල්ලටම පෙර රටේ නිතියක් තිබිය යුතුයි. (ර)

:       0       0

ප්‍රගීත් Monday, 26 January 2015 01:03 PM

ජනපතිතුමනි, සියලු පක්ෂ සයෝගය අරගෙන හොරකම් මැරකම් කරපු අයව එලවන්න. රට එදිරියට මෙයවන්න දැනටමත් රට අස්ථාවර කරන්න කට්ටිය බලන් ඉන්නවා. තෙරුවන්සරණ ලැබේවා.! (ර)

:       0       0

සුජිත් Monday, 26 January 2015 01:04 PM

මේ උත්සවයට ගිය වියදමත් රු 6000 ද? (ර)

:       0       0

ජයන්ත Monday, 26 January 2015 02:28 PM

සුජිත් මෝඩයෙක් වගේ කතාකරන්න එපා හැමදේම එකම 6000 ට කරන්න පුලුවන්ද ? අනික මේ කට්ටියට පොළොන්නරුවට යන්න ඉන්දන දුන්නේ ඔයාගේ වියදමින්ද ලැජ්ජයි හලෝ දැන්වත් ඔය ඔලුවේ තියන වල්බිහිවුන අදහස් අයින් කරලා මේ අපේ රට කියල හිතන්න අපක්ෂපාතිව. (අ)

:       0       0

ගාල්ලේ පාල Monday, 26 January 2015 02:34 PM

රණවකට ගොඩක් පාඩු ඇති.එයා මැදමුලන වලව්වෙ භාරකාරයානෙ.ඇත්තටම ඔයාට දුකයිද.දැන් නම් රට ගොඩේ ගොඩ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 384 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 120 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1829 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2331 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3714 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site