පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකය නොමේරු ලෙස පවතින බවත් එම ඒකකය සංවර්ධනය කර ජාත්‍යන්තර තලයට ගෙන යා යුතු බවත් ප්‍රසව හා නාරි වෛද්‍ය විශේඥ වෛද්‍ය කපිල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
1984 ආරම්භ කරන ලද මෙම නොමේරු ළදරු ඒකකය මේ වන විට ඉඩකඩ පහසුකම් ප්‍රමාණවත් නොවීමෙන් මහත් දුෂ්කරතාවයට පත්ව ඇත. මෙම රෝහලේ වර්ෂයකට දරු උපත් දස දහසක් , එකොලොස් දහසක් අතර පමණ සිදුවන බවත් එයින් සියකට පහළොවක් නොමේරු ළදරුවන් වන බවත් කියති. වෙනත් රෝහල් වලින් ද නොමේරු ළදරුවන් මෙම ඒකකයට යොමු කරන බවත් දරුවන් දෙදෙනෙකු සිටිය යුතු තැන දහ දොළොස් දෙනෙකු සිටින බවත් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සන්ධ්‍යා බණ්ඩාර මහත්මිය කියන්නීය.
නොමේරු දරුවකු ඉපදී මාස දෙකක තුනක් යන තුරු මව රෝහලේ රැදී සිටිය යුතු බැවින් ඇයට නැවතී සිටීමට පහසුකම් ද නොමැති අතර දරුවකු ඉපදුණු පසු මවට ඇති වන ආතතිය සඳහා වෙනම ප්‍රතිකාර කිරීමට සිදු වී තිබෙන බවත් පැවසේ. නොමේරු ළදරු ඒකකයේ වෛද්‍ය කණ්ඩායමට වැසිකිලි පහසුකම්වත් නැත.
සෞඛ්‍යය අමාත්‍යංශයෙන් අවශ්‍ය උපකරණ සහ බෙහෙත් අඩුපාඩුවකින් තොරව සැපයෙයි. ඉඩ පහසුකම් වැඩි කර ගැනීම සඳහා ගොඩනැගිලි සැලසුම් හා ඇස්තමේන්තු රෝහල් අධ්‍යක්ෂවරයා විසින් අනුමත කර මුදල් ද වෙන් කර වර්ෂයකටත් වඩා ගත වි ඇතත් ඉදිකිරිම් ප්‍රමාද බව දැනගන්නට ඇත.
නොමේරු ළදරු ඒකකය අසල බල්ලන් ද ගැවසෙන බවත් කියති.
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්
ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පේරාදෙණි රොහලේ ළදරු එ්කකයට අමාරුයි
අභය Tuesday, 01 December 2015 03:17 PM
සියල්ලටම කලින් මෙවන් ප්‍රශ්න වලට විසඳුම් දියයුතුයි (නි)
ජයවීර Tuesday, 01 December 2015 08:57 AM
වෛද්‍ය කපිල ගුණවර්ධන ජාත්‍යන්තර තලයේ කෙනෙක්. (ස)