IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘පේරාදෙණි වළේ බිත්තර ප්‍රහාරයක්‘

පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේ (වළේ) පැවැත්වීමට තිබූ නාට්‍ය උළෙල අවලංගු කළ බව එහි කලා මණ්ඩලය පවසයි.

ඉරිදා (9) සිට 15 වැනිදා දක්වා පුරා සතියක් පැවැත්වීමට නියමිතව තිබූ නාට්‍ය සියල්ල ඒ අනුව අවලංගු කැරුණු අතර ඊට හේතු වූයේ ආරම්භක දර්ශනය වු මනමේ නාට්‍යයට එල්ලවු බිත්තර ප්‍රහාරයක් බව කියති.

උපකුලපතිවරයා හා සියලු පීඨාධිපති වරුන්ගෙන් සමන්විත අනුශාසක මණ්ඩලයේ තීරණයක් මත ඉදිරි නාට්‍යය දර්ශන සියල්ල අවලංගු කිරීමට පියවර ගත් බවත් මෑත කාලයේ වළේ නාට්‍ය සඳහා බාධා එල්ලවූ තෙවැනි අවස්ථාව මෙය බවත් එම විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය ශාම් කුමාර බන්නැහැක මහතා පැවැසිය.

සිසුන් මේ පිළිබඳව කිසියම් එකඟතාවකට පැමිණ සුබවාදී ප්‍රතිචාරයක් නොදක්වන තාක් කල් ඉදිරියට එළි මහන් රංග පීඨයේ කිසිදු කලා කටයුත්තක් සිදු නොකිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කැර ඇති බවද ඒ මහතා කීය.



අදහස් (0)

‘පේරාදෙණි වළේ බිත්තර ප්‍රහාරයක්‘

ඉන්දික Tuesday, 11 October 2016 04:36 AM

හරිම කනගාටුයි,අපේ කාලයේ වළ සතිය හරි සුන්දරයි. අපි රස වින්ද හොදට. (බ)

:       0       0

සාගර Tuesday, 11 October 2016 04:54 AM

සර් අයිවර් ජෙනින්ස් පටන් ගත් මෙම විශ්ව විද්‍යාල තුල ක්‍රමයෙන් වර්දනය වූ වැඩවසම් සංස්කෘතියේ එක පිලිබිඹුවක් හැටියට මෙය දැකිය හැකිය. (බ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 11 October 2016 05:06 AM

රොක්සි, මනමේ නාට්‍යය අපිට කොහොමවත් එපාවෙලා නැහැ. දැනුත් විශ්ව විද්‍යාල සිසුන් එහි ගීත හා ඒවාට වෙනත් අරුත් දැමු ගීත සෑම අවස්ථාවකම ගයනවා. මනමේ නාට්‍යයට මුලදී කැමති නැති වූ එක ප්‍රධාන පෙළේ විචාරකයෙක් එකල නාට්‍යය බලා කීවේ එය ගීත නාට්‍යයක් නොවේ, සිංහල භාෂාවේ ඇති වූ සංස්කෘතික ප්‍රාතිහාර්යයක් බවයි. (නි)

:       0       0

අබේරත්න Tuesday, 11 October 2016 06:59 AM

අපේ කාලයේත් පේරාදෙණිය හරිම සුන්දරයි....මම කියන්නේ මල් වත්ත හරිද (බ)

:       0       0

දිල්ෂාන් Tuesday, 11 October 2016 07:57 PM

සිදුවීම වෙනකොට මමත් මනමේ රස විඳිමින් හිටියේ. හිතට ලොකු දුකක් දැනුනා. (නි)

:       0       0

නලින් Tuesday, 11 October 2016 07:08 AM

අද වළ තියෙන්න ඕනේ ශිෂ්‍යයන්ට නෙමෙයි , දේශපාලකයන්ට. අද තරුණ මනස ඉතා ඉහළ මට්ටමක තියෙන්නේ. උන්ට ඔය වළෙන් උගන්වන්නට හදන කල්පැනපු හණමිටි සංකල්ප නෙවෙයි අවශ්‍යය.(බ)

:       0       0

සමරසිංහ Monday, 10 October 2016 02:38 PM

හරිම කණගාටුයි . අපේ කාලේ මේ වගේ දේවල් වුනේ නැහැ. පේරාදෙණිය කියන්නේ නිදහස් තැනක් . හැමෝටම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය තියෙන්න ඕනි. ජවීප සහ පෙරටුගාමීන් ළමයින්ගේ මනස විකෘති කරනවා .නිදහස් මිනිසෙක් බිහිවෙන්නේ නැතුව රටක් හැදෙන්නේ නැහැ. (බ)

:       0       0

නසාර් Monday, 10 October 2016 02:39 PM

උගත් වුනාට බුද්ධිමත් නැති ගොන් රැලක් තමා අද කාලේ කැම්පස් වල ඉන්නේ .. මෙලෝ රහක් නෑ...(බ)

:       0       0

උදය Monday, 10 October 2016 03:05 PM

නසාර් ඔය වැඩේට ඔක්කොටම බනින්න එපා. දිස්ත්‍රික් මට්ටමේ අඩු ලකුණු ලබාගෙන ආව සමහරු දේශපාලනේ කරන්න හදනවා. එයාලට මතක නෑ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් ඇවිත් ඔහොම පිස්සු නටන්න එයාලට අයිති නැති බව. (හේ)

:       0       0

චතුරි Monday, 10 October 2016 03:17 PM

ඔක්කෝගේම ඔලුව ඉදිමිලා.(හේ)

:       0       0

කාරියවසම් Monday, 10 October 2016 03:25 PM

විශ්ව විද්‍යාල සිසුන්ගේ විනය ඉතාමත් පහල මට්ටමකට වැටිලා. හරිම කණගාටුයි....(හේ)

:       0       0

සරත් Monday, 10 October 2016 03:35 PM

ඉස්සර වල සතිය කිහපුවහම පුදුම සතුටක් දැනෙන්නේ.ළමයින්ගේ ආකල්ප වල පුදුමාකාර පසුබෑමක් තියෙනවා දැන්.(හේ)

:       0       0

ජනක Tuesday, 11 October 2016 11:52 PM

අවසානයේ මනමේටද බිත්තර ගසා වළේ පහරන අසරණයින් ගැන කුමක් ලියන්නද? නුඹලා ගල් ගැසිය යුත්තේ කලාකරුවන්ට නොවේ. ලොව සොඳුරු බව රඳාපවතිනුයේ විවිධත්වය මත බවද, යථාර්තය වඩාත් ඔපනැංවෙනුයේ වෙනස් අදහස් වල ගැටුමෙන් බවද නුඹලාගෙන් සැඟවූ, සියලු දෙයට ඇත්තේ එකම එක උත්තරයක් බව නුඹලාගේ ඇට මිඳුළු තුළට කා වැද්දු මේ අධ්‍යාපන ක්‍රමයටත් එයට අනියමින් හෝ මුක්කුගසන ගුරුවරුන් වන අපටත්ය. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 10 October 2016 03:48 PM

අපේ කාළේ නම් මේවගේ දේවල් එළිමහන් රංග පීඨයේ වුනේ නැහැ . (හේ)

:       0       0

අසෝකා Monday, 10 October 2016 04:07 PM

රටේ අනාගතය බාරගන්නට බිහිවන බුද්ධිමතුන් මෙහෙම නම් අනාගතය ගැන කුමන කතාද? මේවට වගකිවයුත්තෝ පාලකයන්. (නි)

:       0       0

විද්‍යා Monday, 10 October 2016 04:11 PM

කොමියුනිස්ට්වාදය පිටුපස යනකම් රටට සෙතක් වෙන්නේ නැහැ. අතීතයේ මේවා කරපු අය අපිට මතකනේ (නි)

:       0       0

තිලක් Tuesday, 11 October 2016 08:24 AM

හොරකමට වංචාවට හරි කියන අයගෙන් යහපතක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද? (නි)

:       0       0

සුසන්ත Monday, 10 October 2016 04:26 PM

අද කාලේ විශ්ව විද්‍යාල ළමයින්ටත් කිසිම රසඥතාවයක් නැහැ. ඔන්න සුපිරි තාරුකාවක් ගෙනල්ලා සින්දු කියෙවුවා නම්, නැටුවා නම් විසිල් ගගහා බලාවි. මනමේ නාට්‍යයට බිත්තර ගහන්න තරම් පහත් රසඥතාවයක් තියෙන තැනක් වුණාද අද පේරාදෙණිය? බොහොම කණගාටුයි! (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 11 October 2016 08:29 AM

ඉස්සර හිටපු විද්‍යාර්ථින් මික් කියන්නේ නැතිව නරඹපු නාට්‍ය , දැන් ඉන්න පුස්සෝ හු කියනවා ගල් ගහනවා උඩ පනිනවා , ඔන්න ඕකයි එදා සහ අද වින්දනයේ වෙනස (බ)

:       0       0

රන්ජිත් Monday, 10 October 2016 05:03 PM

නාට්‍යයේ තියෙන වරද මොකද්ද බිත්තර ගහන්න. (නි)

:       0       0

නිමල් Monday, 10 October 2016 07:46 PM

වළ කියන්නේ සුන්දරම තැනක්. එ්කෙත් හැසිරෙන්න දන්නේ නැත්නම් ඔවුන් ගැන කතාකරන එකත් තේරුමක් නැහැ

:       0       0

ඒකනායක Monday, 10 October 2016 08:11 PM

පේරාදෙණියේ ඇතිවෙමින් පවතින්නේ දාමරික සංස්කෘතියකි. මෙයින් අපට ඉගෙනීමට හැකි එක වැදගත් පාඩමක් වන්නේ ජවිපෙට හෝ පෙරටුගාමීන්හට අපගේ ජාතික විශ්ව විද්‍යාල ප්‍රජාතාන්ත්‍රික පදනමක සිට ගෙනියන්නට නොහැකි බවය. පිටින් පැමිණෙන කලාකරුවන්ට මෙලෙස සළකන අතර ඇතුළේ වෙනස් මත සහ විරුද්ධ මත දරන අයවළුන්හට සළකන ආකාරය කොතරම් දාමරික සහ ම්ලේච්ඡද යන්න සිතාගැනීම අපහසු නැත. (නි)

:       0       0

සිරි වීරසිංහ Monday, 10 October 2016 09:40 PM

නසාර් මහත්තයට කියන්න පුලුවන්ද ඔබ පේරාදෙණියේ හිටියේ කොයි අවුරුදු වලද කියලා? (නි)

:       0       0

මිහිර Tuesday, 11 October 2016 10:08 AM

මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්. මෑතදි සිදුවුණ කඩාකප්පල්කාරි සිදුම් තුනේදිම මම වළේ හිටියා. හරිම කණගාටුයි කියන්න අපෙන් නිදහස් චින්තනය ඈත්වෙලා යනවා. වෙන කෙනෙකුගේ අදහසක් සාවධානව අහගෙන ඉඳලා ඒක වචන වලින් විවේචනය කරන්න තරම් තාර්කික බුද්ධියක් අද විද්‍යාර්තයන් ළඟ නැහැ. අපි කොහෙටද මේ යන්නේ? මොනවා වුණත් ඒ ගමන පරෝපකාරය ඇති, මානවහිතවාදි සුභ ගමනක් නම් නොවෙයි (නි)

:       0       0

වික්ටර් Tuesday, 11 October 2016 10:13 AM

මනමේ නාට්‍යයට බිත්තර ගහන්නේ කුකුල් මොළ තියන පිරිස්. මේ කුකුල් මොළකාරයන්ට අපේ සංස්කෘතිය, සභ්‍යත්වය සහ කලාව ගැන ඉගැන්විය යුතුව තිබෙනවා. (නි)

:       0       0

ශාන්ත Monday, 10 October 2016 10:08 PM

විශ්ව විද්‍යාල කාලය කියන්නේ අවුරුදු තුන හතරක් වන ජීවිතයේ ලස්සනම කාලයක්. එවන් කාලයක් අත්දකින්න බැරි අය ගැන හරිම කණගාටු හිතෙනවා (නි)

:       0       0

ලුම්බිණි Monday, 10 October 2016 11:48 PM

ඉතාම කණගාටුදායකයි අද විශ්ව විද්‍යාල පත්වෙලා තියෙන තත්වය නම්... (නි)

:       0       0

ජගත්‍ Tuesday, 11 October 2016 12:27 AM

හරිම හිතට අමාරුයි. අපේ කාලේ වළ කියන්නේ හරිම විනෝදජනක තැනක්. (නි)

:       0       0

උද්දික Tuesday, 11 October 2016 10:59 AM

විශ්ව විද්‍යාලයට යන්නේ ඉගෙනගන්න. රසවින්දනයක් නැති මිනිස්සු වෙලා දැන්. ලැජ්ජයි. මෙයින් වෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන අය වැඩිවෙන එකයි. ලැජ්ජයි. (නි)

:       0       0

රොකී Tuesday, 11 October 2016 01:13 AM

සමරසිංහ, මේ අපේ කාලේ කියන්නේ කොයි කාලේද? 1963 දී සාහිත්‍ය මණ්ඩලෙන් පැවැත්වුණු රැස්වීමේදිත් බිත්තර හටනක් සිදුවුණා. රැස්වීම කෙළවර වුණේ හූවෙන්. මමත් එතන හිටියා. මමත් හූ කිව්වා, එහෙම නොකළොත් මට තත්වයක් නැති හින්දා. හැබැයි මහත්තයෝ, එදා ජේ.වී.පී.එකක් නම් තිබුනේ නැහැ. කොහේහරි වළියක් ගියොත් එ්ක ජේ.වී.පී එකට සම්බන්ධ කරන්න හදන එක මෝඩකමක්. (නි)

:       0       0

රොක්සි Tuesday, 11 October 2016 01:21 AM

මනමේ නාට්‍යය ඔය ක්ෂේත්‍රයේ එක්තරා වැදගත් අවස්ථාවක් තමයි. එහෙත් ඕක දැන් බලලා බලලා එපාවෙලා ඇති. `විශ්ව විද්‍යාල වල ළමයින්ගේ විනය තත්වය පහළ මට්ටමකට වැටිලා` නම් ඒකට වගකියන්න ඕනෑ කවුද? (නි)

:       0       0

හේවා Tuesday, 11 October 2016 02:12 AM

නිදහස් අධ්‍යාපනයට ගිය කල! (නි)

:       0       0

අමල් Tuesday, 11 October 2016 01:32 PM

මේ ගැනනම් හරිම කණගාටුයි. (ර)

:       0       0

මදුසංක Tuesday, 11 October 2016 01:32 PM

ලොකු දුකක් හිතට දැනෙන්නෙ. මේක පිටුපස්සෙ ඇත්තෙ සුළු පිරිසකගෙ ඉතාම පටු අරමුණක්. අපි පේරාදෙණියෙන් අරන් ආපු සුන්දර මතකයන් අද ඉන්න මල්ලිලා නංගිලාට කවදාවත් ලැබෙන්නෙ නෑ. මිහිර වගේ අයත් තාම පේරෙ ඉන්න එකගැන සතුටුයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 685 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1357 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site