IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණි සිසුවෙක් ඩ්‍රෝනයකින් ලොකු වැඩක් කරයි

පේරාදෙණි විශ්ව විද්‍යාල ඉංඡිනේරු සිසුවෙකු වන රනුක මදුසංඛ සිසුවා මාර්ග වල රථවාහන හැසිරවීමට හැකි ඩ්‍රෝන යානාවක් නිපදවා තිබේ.

වාහන තදබදය බහුල මාර්ග වලට ඉහළින් මෙම ඩ්‍රෝන යානාව ගුවන්ගත කර ලැබෙන දත්ත අනුව මාර්ග වල තදබදය විසදෙන අයුරින් සංඥා ක්‍රියාත්මක කළ හැකි බව ඔහු පවසයි.ඒ අනුව නිතර යාවත්කාලීන වන මාර්ග තොරතුරු අනුව නිසිලෙස රථවාහන හැසිරවීමට හැකි බව කියයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල‍ය මගින් සංවිධානය කරන නිෂ්පාදන ඉංඡිනේරු හා කාර්මික ඉංඡිනේරු සම්මේලනය පිලිබද හා ඉංඡිනේරු පීඨ සිසුන්ගේ නව නිපැයුම් පිලිබද මාධ්‍ය  දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවකදී ඔහු මෙම නිපැයුම ඉදිරිපත් කළේය. එම සම්මේලනය මේ මස 22 වැනිදා සිට බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ දි පැවැත්වෙයි.

මෙහිදී ඉංඡිනේරු සිසුන්ගේ නව නිෂ්පාදන එලිදැක්වීමට නියමිත බව ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡය සේනානායක මහතා පැවසිය.සිසුන් විසින් නිෂ්පාදිත එළවලු කපන නව යන්ත්‍රයක්ද,මිනිසුන්ගේ දායකත්වය නොමැතිව තේ කර්මාන්තයේදි තේ දලු වල අවශ්‍ය ඡල ප්‍රමාණයන් හදුනාගැනීමේ යන්ත්‍රයක්ද,ඉවතලන ඉඟුරු බඩ වලින් දැව අඟුරු නිෂ්පාදන යන්ත්‍රයක්ද,ඇඟලුම් ශාලා වල රෙදි වල ප්‍රමිතිය නිරික්ෂණය කරන උපකරණයක්ද හදුන්වා දිමට නියමිතය.

මෙම මාධ්‍ය හමුවට නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡය සේනානායක, නිෂ්පාදන ඉංඡිනේරු දෙපාර්තුමේන්තුවේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය සංඡීව විතාරන, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ කතිකාචාර්‍ය දර්ශන අතාවුද, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය රිෂිකා ඒකනායක, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ කතිකාචාර්‍ය එම් ධර්මවර්ධන, නිෂ්පාදන ඉංඡිනේරු අංශයේ ඡේෂ්ඨ කතිකාචාර්‍ය අසේල කුලතුංග යන මහත්ම මහත්මීන් සහභාගි වුහ.

1 4 5 6 7 8 9 11 12



අදහස් (0)

පේරාදෙණි සිසුවෙක් ඩ්‍රෝනයකින් ලොකු වැඩක් කරයි

නිමල් ලලිත Friday, 21 October 2016 01:59 AM

සිංහලයේ ශ්‍රේෂ්ඨ දරුවනි, දැරියනි, ඔබගේ දායකත්වයෙන් මේ රට දියුණු වේවා! ඔබගේ හැකියාව, බලපෙරේත දේශපාලකයන්ගේ පණ්ඩිතකම් වලින්, බලපෑම් වලින් තොරව මේ රටට ලැබේවා! ඔබට ජය! (නි)

:       0       0

ඉසුරු Friday, 21 October 2016 02:00 AM

ලංකාදීපයට ස්තූතියි අපිට මේවා දැනුම් දෙනවාට (නි)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Friday, 21 October 2016 02:11 AM

ඔබගේ හැකියාවන් වලට සුදුසු තැනක් ගන්න ඕනෑ නම් ඇමෙරිකාවට එන්න. දේශපාලන බලපෑම් මෙහෙ නැහැ. (නි)

:       0       0

පෙරේරා Friday, 21 October 2016 02:16 AM

අයියෝ! අර ටීවී වල ස්ටාර්ලා වෙන්න සින්දු කියන කොල්ලෝ කෙල්ලෝනේ අද කාලේ ‘පොරවල්‘....... (නි)

:       0       0

සමන් Friday, 21 October 2016 02:41 AM

මෙතන තිත්ත ඇත්ත. මේ දක්ෂතා දක්වන අය වැඩිදෙනා අධ්‍යයන කටයුතු අවසන් වූ පසු විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හෝ වෙනත් සැළකියයුතු වැටුපක් සහිත රැකියාවල් ලංකාවේ ලබාගත නොහැකි වුවහොත් නිසැකවම විදේශ කර ඇදියනවාමයි. උදාහරණයක් ලෙස 250ක් වූ මා සමඟ එකට ඉගෙනුම ලැබූ කණ්ඩායමෙන් අද ලංකාවේ සිටින්නේ විසිපහකට අඩු පිරිසක්. රජය මේ පිළිබඳව සැළකිල්ලක් දැක්විය යුතුමයි. (නි)

:       0       0

අනුර Friday, 21 October 2016 02:43 AM

සින්දු ස්ටාර්ලා පොරවල් කරන චැනල් වලට පුලුවන්නම් මේ වගේ දක්ෂ ළමයින් ගැන වැඩසටහන් කරන්න?? අපේ කුහකකම් නිසා මේ දරුවොත් කවදාහරි ඕස්ට්‍රේලියාව හරි කැනඩාව හරි දියුණු කරයි. අපි දිගටම මහින්දටයි රනිල්ටයි කඩේ යමු (නි)

:       0       0

ප්‍රියාන් Friday, 21 October 2016 02:45 AM

ඔබ සැමට සුබ දිගු ගමනක් යාමට සුභ පැතුම්! (නි)

:       0       0

නිමල් ලලිත Friday, 21 October 2016 02:45 AM

කැලිපෝනියා මහින්ද මහත්තයෝ, කොපමණ, දැනුම හැකියාව තිබුනත් මේ රටේ බලපෙරේත,සමහර දේශපාලකයන්ගේ අණට උඩින් ගියහොත් යන එන මං නැතිවෙන නිසා ඔබේ මානසිකත්වයෙන් බැලුවහොත් ඔබ හරි. එහෙත් මේ මේ දරුවන් දැරියන් මේ රටේ මිලකළ නොහැකි වස්තුන්. මේ දරුවන් අන්‍ය රටකට දායාද කරන්න සුදානම් වෙන්න එපා. (නි)

:       0       0

අබේවික්‍රම Friday, 21 October 2016 02:48 AM

මෙහෙම දේවල් මොනතරම් මේ රටේ නිකන් අපතේ යනවද? (නි)

:       0       0

අමිත් Friday, 21 October 2016 02:49 AM

ඇමරිකාවට ආවා නම් මීට නියම තැන ලැබේවි (නි)

:       0       0

ධම්ම Friday, 21 October 2016 03:00 AM

හෙට අනිද්දා අපේ වගිකිවයුත්තන් කියාවි, අන්න පේරාදෙණියේ ශිෂ්‍යයෝ කණ්ඩායමක් නව නිපැයුම් වගයක් කරලා, අපි ඒ ගැන සතුටුවෙනවා කියලා. ඒ මදැයි. (නි)

:       0       0

සඳුනි Friday, 21 October 2016 03:15 AM

ඇයි පිටිගල මිලානෝ, වෙන නිෂ්පාදන මොකකටද? ඔයා වගේ බුද්ධිමත් ළමයි ටිකක්ම මදිද? (නි)

:       1       0

සුගත් Friday, 21 October 2016 03:23 AM

මෙවැනි බොහෝ නිර්මාණ බිහිකරන්න අපේ දරුවන්ට ශක්තිය ලැබේවා! (නි)

:       0       0

මධුසංඛ Friday, 21 October 2016 03:27 AM

පේරාදෙණියේ සිසුවකු වීම ගැන මට ආඩම්බරයි (නි)

:       0       0

අසංග Friday, 21 October 2016 04:21 PM

මෙතන අදහස් දාන මිනිස්සුත් රැල්ලට හොඳයි කියනවා මිසක් නිකමට හොයලා බලනවද මේවා කොහොම නිර්මාණද කියලා... (නි)

:       0       1

කේ. කේ. විජේවීර Friday, 21 October 2016 03:39 AM

රටටම ආදර්ශමත් සිසුන් (නි)

:       0       0

සරත් Friday, 21 October 2016 03:48 AM

මහරගම ප්‍රදේශයෙන් ලබාදුන් තාක්ෂණික නගරයෙන් මොරටුවට හා තවමත් පටන්නොගත් ජපුර ඉංජිනේරු පීඨයට තැනක් සහ මුදල් වෙන්කළත් පේරාදෙණිය ඉංජිනේරු පීඨයට එවැනි අවස්ථාවක් දීම අතහැර තිබෙන බව ආරංචියි. (නි)

:       0       0

සෙන්සා Friday, 21 October 2016 03:57 AM

වෙනසක් කරන්න රටේ, එකට වෙලාව මේකයි. රටේ ස්ථාවරය ඔබේ අනාගතයි.දේශපාලකයිනේ! අත දෙන්න නිර්මාණකරුවන්ට (ම)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 20 October 2016 03:56 PM

දරුවනේ ඔයගොල්ලෝවත් මොනවාහරි හදලා පිටරට පටවන්න. නැත්නම් අර රත්තරන් අතුරන වියදමකින් හදපු පාරවල් වල විනෝද ගමන් විතරයි යන්න වෙන්නේ. (නි)

:       0       0

අතුල Friday, 21 October 2016 06:13 AM

ඔන්න සහයෝගය දෙනවා අධ්‍යාපන අමත්‍යංශයේ වැය ශීර්ෂය කොටි 10900 කින් අඩු කරලා. (බ)

:       0       0

චන්ද්‍රා Friday, 21 October 2016 06:13 AM

සියලු සිසුන්ට අපේ සුබ පැතුම් (බ)

:       0       0

තිස්ස Thursday, 20 October 2016 04:02 PM

ලංකාවේ තියෙන ගැටලුව මෙවන් නිර්මාණ වාණිජකරණය නොවීම. සුද්දෙක් හැදුවා නම් දණගහලා වැඳලා බාරගන්නවා. අපේ නිර්මාණකරුවන්ට දෙයියන්ගේ පිහිටමයි (නි)

:       0       0

අජිත් Friday, 21 October 2016 06:18 AM

මෙවැනි බොහෝ නිර්මාණ බිහිකරන්න අපේ දරුවන්ට ශක්තිය ලැබේවා! (ම)

:       0       0

අමරසිරි Friday, 21 October 2016 07:11 AM

අගය කරමු වටිනා දේශීය සම්පත්. විද්‍යා හා තාක්ෂණ ඇමති කෙනෙක් ඉන්නෙ නමටද? ඇයි මෙවැනි තොරතුරු ජාත්‍යන්තරයට හඳුන්වාදෙන්නෙ නැත්තේ? ලෝකයම බලාපොරොත්තු වෙනවා නව නිපැයුම් වෙළඳපොළට එනතුරු

:       0       0

ජේ.ඒ.ප්‍රියංකර Friday, 21 October 2016 07:15 AM

අගය කරමු වටිනා දේශීය සම්පත් විද්‍යා හා තාක්ෂණ ඇමති කෙනෙක් ඉන්නෙ නමටද? ඇයි මෙවැනි තොරතුරු ජාත්‍යන්තරයට හඳුන්වා දෙන්නැත්තෙ?ලෝකයම බලාපොරොත්තු වෙනවා නව නිපැයුම් වෙළඳපොලට එනකල්. මොළේ මල බැඳුනු පාලකයන් ඉන්න කල් බුද්ධිමත් සිංහලයාට තවත් කොතැනද තැනක් ලොවේ. (අ)

:       0       0

සලීම් Thursday, 20 October 2016 05:52 PM

විදේශයක ප්‍රදර්ශනය කරන්න අනුග්‍රාහකයෝ ඕනෑතරම්. මෙහෙනම් කොමිස් එක හැටියට අනුග්‍රහය (නි)

:       0       0

දේව Thursday, 20 October 2016 06:30 PM

මේවා මොනතරම් නිපදවා තිබුණත් ඒවායින් කවුද වැඩක් ගන්නේ රටට? (නි)

:       0       0

සචිත් Friday, 21 October 2016 08:09 AM

මේකේ භාවිතාවෙන තාක්ෂණය ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් හොඳයි. බොහෝදුරට යාන්ත්‍රික බුද්ධියක් විසින් වෙන්න ඕනෑ මේ පාලනය කරන දේ කරන්නේ. (නි)

:       0       0

අනුර පද්මපෙරුම Thursday, 20 October 2016 07:01 PM

අපේ රටේ දරුවන්ගේ මෙවැනි නව නිර්මාණ බෙහෙවින්ම අගය කළයුතුමය. මා අවංකවම ආඩම්බර වෙමි. ඔබ සැමට තව තවත් දිරිය හා සැමගේ සහයෝගය ලැබේවා! (නි)

:       0       0

ඉන්දික නුවන් බංඩාර Friday, 21 October 2016 08:33 AM

අපේ අයගේ ඔළුවලින්, අත්වලින් රටට ගොඩක් දේවල් නිර්මාණය වෙනවා, නිර්මාණය වුණා. ඒත් ඒවට මේ රටේ පාලකයෝ ඇයි අවස්ථාවක් නොදෙන්නේ.... (නි)

:       0       0

රජිත් Friday, 21 October 2016 08:41 AM

ඉදිරියටම යන්න! (නි)

:       0       0

අබය Thursday, 20 October 2016 09:52 PM

ජයවේවා! අපේ රටේ උන්නතිය සඳහා මේ දරුවන් යොදාගන්න. (නි)

:       0       0

පුබුදු Thursday, 20 October 2016 10:09 PM

මෙවැනි දක්ෂයින් ගැන පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ අවධානය යොමුවේවා! පක්ෂ පාට බේදයකින් තොරව මෙවැනි නව නිපැයුම්කරුවන්ගෙන් වැඩ ගන්නවා නම් ලංකාව ලෝකේ දියුණු රටක් කරන එක අරුමයක් නොවේ (නි)

:       0       0

ඇන්ජලෝ Thursday, 20 October 2016 11:02 PM

අනේ මේ දරුවන්ගෙන් රටට සේවයක් ලබාගන්න උත්සාහ කරන්න. මේ රට කාබාසිනියා කරලා මේ රට විනාශ කරන්න දෙන්න එපා. දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාදාමය මේ රටේ විනාශයට බලපානවා. හැමෝම එකතුවෙලා අපේ රට ගොඩගන්න උත්සාහ කරමු. තමාගේ වාසිය ගැන නිතරම හිතන එක නවත්තමු (නි)

:       0       0

තෙරුමාල් Friday, 21 October 2016 09:24 AM

හොද වැඩක්. ඔය කට්ටිය මේවා අපේ වෙළෙද පොලට ගැලපෙන විදියට සකසන්න. අපිට ඕනේ අළුත් භාණ්ඩ . සුබ පැතුම්.(හේ)

:       0       0

අන්වර් Friday, 21 October 2016 10:15 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

අතුල Saturday, 22 October 2016 06:34 AM

මේ වගේ අමිල මැණික් අපේ රටේ පාලකයන්ට හිස රදයක් ,සමහර වෙලාවට අනතුරක් වුණා කියල මරල ලයිට් කණුවක් ළඟ දාල තියාවිද ? කවදා පායන්ද අප පුන් ස්දානෝ , මේවගේ කීදෙනෙක් ලෝකය මවිත කරන දේවල් සොයා ගත්තද කෝ වැඩක් වුණාය. මුලින්ම රටකට නිවැරදි පාලකයන් පත් කර ගමු මේ හොර නඩය ටී වී එකට මුණ පෙන්න පෙන්නා කරන මහා ඇස් බැඳුම කවදා රටේ ජනයා තේරුම් ගනීවිද මන්ද ? (අ)

:       0       0

චාමර Friday, 21 October 2016 12:50 AM

අපේ කට්ටියගේ දක්ෂතා පිටරටට ගලා නොයන විදියට, මෙම දක්ෂතා ඔප්නංවා දෙන මෙන් ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

ජයාත් Friday, 21 October 2016 01:08 AM

මේ දවස් වල පේරාදෙණියෙන් වගේම මොරටුවෙනුත් ඇහෙන්නේ සුබවාදී කතා. නමුත් අපි මේවයින් ප්‍රයෝජනයක් කවදාවත් අරගෙන නැහැ, මම හිතන්නේ (නි)

:       0       0

චාමින්ද Friday, 21 October 2016 01:11 AM

පේරාදෙණිය ඉංජිනේරුවකු වීම ගැන ආඩම්බර වෙමි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 291 0

70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම


හඳට සමාන බොරු හඳක් හදලා
2024 ඔක්තෝබර් මස 10 552 0

අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්


දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි
2024 ඔක්තෝබර් මස 10 880 0

කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය


හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 1498 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට
2024 ඔක්තෝබර් මස 10 507 0

කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 960 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39712 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25821 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 30 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 375 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1239 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site