සාර්ථකව හිමාලය තරණය කර යළි පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයේ තෙවැනි වසරේ සිසුවිය ඇතුළු කණ්ඩායමට උප කුලපති මහාචාර්ය උපුල් බී දිසානායක මහතා අද (23) සිය සුබ පැතුම් පිරිනැමීය.
‘අපේ රටේ කදු නැගල තිබ්බට ඒ කඳු නැගිම හාත්පසින්ම වෙනස්. සීතල තමා ඉවසන්න බැරිවුණේ. නමුත් දිනෙන් දින ගත වෙද්දි අපි හැමෝම ඒ දේවල් වලට පුරුදු වුණා. සමහර තැන් වලදි නිවෙස් වල අයට පණිවිඩයක්වත් දෙන්නට නොහැකි වුණා. ඇත්තටම මේ වගේ ගමනකට හොඳම කණ්ඩායම අපි තමයි කියල දැන් මට හිතෙනවා‘ යැයි හිමාල තරණයට මෙරට විශ්ව විද්‍යාලයකින් ඉදිරිපත් වු පළමු සිසුවිය වූ එම කණ්ඩාමේ ඔමේෂා ජයමිණි සිල්වා කීවාය.
හිමාල ගවේෂණය අතර තමාට අතපසුවූ විභාග කටයුතුවලට යළි පෙනී සිටින්නට අවසර දීම සම්බන්ධයෙන් උපකුලපති ඇතුළු ආචාර්යවරුන්ට සිය ස්තූතිය පළ කරන බවද ඇය කීවාය.
‘කණ්ඩායම් නායකයා හැටියට මට විශාල වග කිමක් තිබ්බ මොකද සියල්ලන්ම නවකයින් නවකයින් වුණාට කිසිදේකට පසු බැස්සෙ නෑ. ඇත්තටම මට විශාල සහයෝගයක් ලැබුණා‘ යැයි කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඉංඡිනේරු පිඨයේ අධ්‍යයන උපදේශක නිමේෂ වික්‍රමසිංහ මහතා කීවේය.
‘අපි ඇත්තටම හිම උඩ කඳු නැගල තිබ්බෙ නෑ. උඩට නගිද්දි නගිද්දි ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒක තමා අමාරුව. සමහර තැන් වල ලනු අල්ලගෙන උඩට නගින්න තියෙනවා. ඒ වගේ තැන් තමා අමාරු. අපේ ගමනට සහායට ඒ පළාතෙ කඳු නගින කිහිප දෙනෙක් ගන්නවා උදවුවට එයාලට කඳු නගින්න පුදුම හැකියාවක් තියෙන්නෙ ඒ අය කදු වලම ජීවත් වෙන අය එයාලට කියන්නෙ “ ශර්පා “ කියලා‘ යැයි කණ්ඩායම් සාමාජික ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසු සකුන් උපේක්ෂණ පැවසීය.
හිමාලය තරණය අතරතුර නොවැම්බර් 17 වැනිදා තම කණ්ඩායමේ ප්‍රණාම මතන්ගවීරගේ උපන්දිනය යෙදී තිබූ බවත් හිමාලය තරණය කරද්දීම එය සැමරීමට ලැබුණු බවත් ඔවුහු කියති.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පේරාදෙණි සිසුහු හිමාලය ජයගෙන ආපසු එති
ප්‍රියා Saturday, 24 December 2016 09:54 AM
ඔබ සැමට ඉදිරියටම යන්න වාසනා! (නි)
සෙනෙවි Saturday, 24 December 2016 12:33 PM
පේරාදෙණි සරසවියේ සිසුන් ගැන අපිට ආඩම්බරයි (නි)
ටෙෂාන් Sunday, 25 December 2016 01:10 AM
ඔබ සැමට සුබ පැතුම්! (නි)
උදාරත් Sunday, 25 December 2016 03:27 AM
මගේ සුබ පැතුම්! (නි)
අරුණ Sunday, 25 December 2016 06:03 AM
මෙවන් අභියෝග ජයගන්නට බිය නැති දරුවන් රටට වාසනාවන්! (නි)
පෙරුමාල් Friday, 23 December 2016 07:12 AM
මං හිතා ගෙන හිටියෙ සිරීපාදෙ යන්න කියල. කමක් නෑ ඔන්න ඔහෙ හිමාලයම නැගල එනව (බ)