හන්තාන කෝවිලේ පැවතී ආගමික උත්සවයකට සහභාගි වී එමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට රාතී‍්‍රයේ මග රැක පොලු මුගුරුවලින් පහර දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනකු බ්‍රහස්පතින්දා (13) දක්වා රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (12) නියෝග කළේය.
කේ.එම්.ඒ.චන්දන, එන්.ටී.විජේසිංහ, ඩබ්ලිව්.ටී.වී.රංගන, ටී.සී.එච්.ටී. ප්‍රනාන්දු, ඩබ්ලිව්.ඒ.කේ.ෂෙහාන්, ඒ.එම්.එස්. මධුසංක, එම්.ජී.ටී.ආර්. ලක්මාල්, සී.එම්.සෙනෙවිරත්න, ජේ.පී.ඩී.එල්.පී. ලක්ෂිත, ජී.එස්.එල්.සිල්වා, ආර්.ඒ.එස්.එස්.රණවීර සහ ටී.ජී.ආර්.එම්.එස්.ටී.එස්.රත්නායක යන සිසුන් එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.
අයුතු ජනරාශිය, සිසුන් පිරිසකට පහර දීම යන චෝදනා මත එම සිසුන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු
තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය
පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන
අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පේරාදෙණි සිසුහු 12ක් රිමාන්ඩ්
බමුණුසිංහ Thursday, 13 October 2016 02:01 AM
මටනම් කිසිම වරදක් පෙනේනේ නැත. අපිට ගැහැව්වා අපිත් ගැහැව්වා. මට පොඩිකාලේ කියල තිබුණ ගුටිකාලා ගෙදර ඇවිත් කියන්න එපා කියල, මේ දේම හිලරි ක්ලින්ටන්ට එයාගේ අම්ම කීව කියල එයාගේ ලිවින් හිස්ට්‍රි කියන පොතේ කියල තිබෙනවා. ඒ එක්කම හිලරි කියනවා ඒ අවවාදය එයට හරිගියා කියල. (අ)
සරත් Thursday, 13 October 2016 07:38 AM
නීතිය එපත්තට මෙපැත්තට නැමෙන හැටි හරි අපූරුයි (ම)
සජී Thursday, 13 October 2016 02:03 AM
බුද්ධයක් තිබුණත් විනයක් නැති කමයි මීට හේතුව (අ)
බමුණුසිංහ Thursday, 13 October 2016 02:04 AM
විශ්ව විද්‍යාලවලට ද රටේ නීතිය ක්‍රියාත්මක වෙන බව මොවුන් දන්නේ නැහැ එතකොට යාපනයේ විශ්ව විද්‍යාලයේ රටේ නීතිය නැද්ද. ඒ නිසාද දෙමල දෙසපලුවෝ ඒ ළමයි බෙරා ගන්න ඉදිරිපත් වුණේ (අ)
කාරියවසම් Thursday, 13 October 2016 03:03 AM
විශ්ව විද්‍යාල තුළත් රටේ නීතිය ක්‍රියාත්මක වියයුතුයි. (ම)
ප්‍රසන්න Thursday, 13 October 2016 04:15 AM
තරගෙට විභාග ලියා විෂය දැනුම ලබාගත් පමණින් බුද්ධිමතුන් බිහිනොවන බවට හොදම උදාහරණය ලංකාවේ සමාජ පරිහානියයි , බුද්ධිමතුන් පිරි රටක මෙවැනි පුවත් අවම විය යුතුවේ (ම)
ශාන්ත කටාර් Wednesday, 12 October 2016 03:35 PM
සරසවි සිසුන් යනුවෙන් අපි හදුන්වන්නේ හුදෙක් බුද්ධිමත් දරුවන් කොටසක් ,,,මේ වගේ වැඩ කරන්න කොහොම පෙලඹෙනවද යන්න හිතා ගන්නවත් බැරි දෙයක් (බ)
සමන් Thursday, 13 October 2016 05:37 AM
සිද්ධිය ගැන හරි තොරතුරු නැතුව යමක් කීම අපහසු වුනත් යාපනේ සරසවියේදී හරියාකාරව ක්‍රියාත්මක නොවුණු නීතිය පේරාදෙණියේදී ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති බව නම් පෙනේ. (ම)
සරත් Wednesday, 12 October 2016 05:25 PM
කෙසේවෙතත් දේශපාලකයින් සිසුන් වෙනුවෙන් පෙනීනොසිටීම සුභ ලකුණක්. (නි)
ඔසධ Wednesday, 12 October 2016 07:56 PM
මේ දේවල් මෙහෙම සිද්ධවෙන්න දෙන්න එපා (නි)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 12 October 2016 08:25 PM
විශ්ව විද්‍යාල තුළද රටේ නීතිය ක්‍රියාත්මක වෙන බව මොවුන් දන්නේ නැහැ. රංචු ලැදියාව නිසා අනාගතය නිකන් සවුත්තු කරගෙන ඉල්ලන් කනවා! (නි)
එඩ්වඩ් Wednesday, 12 October 2016 08:29 PM
මේ ප්‍රශ්න දුරදිග යවන්න නම් එපා (නි)
චෝන් Wednesday, 12 October 2016 09:01 PM
සරසවි නෙමෙයි දාන්න හිරේට. මේ අයට නීතිය තදින් ක්‍රියාත්මක වියයුතුමයි. (නි)
ශාන්ත Thursday, 13 October 2016 04:26 PM
බමුණුසිංහ, එහෙ ගැහුවා කියලා මෙහෙ ගැහුවාම හරියනවද? එහෙනම් ඔයා ඉදිරිපත්වෙලා හැම සරසවියකටම ආයුධ බෙදලා දෙන්න (නි)
බමුණු ආරච්චි Thursday, 13 October 2016 12:05 AM
ශාන්ත කටාර්, එතකොට අර යාපනය විශ්ව විද්‍යාලයේදී සිංහල කොල්ලන්ට ගහපු අය බුද්ධිමත් දරුවන් කොටසක් නොවෙයිද? (නි)
බමුණු ආරච්චි Thursday, 13 October 2016 12:08 AM
මේ ගැහිල්ල මොකක් වුණත්, කෝ සිංහල දේශපාලඥයෝ මේ සිංහල ළමයි බේරගන්න ඉදිරිපත් වුණාද? (නි)
රාජුන් Thursday, 13 October 2016 12:34 AM
මේක ජාතිවාදී නැත්නම් ආගම්විරෝධී ක්‍රියාවක්ද? නැත්තම් පෞද්ගලික කොන්තරයක්ද? මොනවා වුණත් ඉතාම වැරදියි. (නි)
චාමර Thursday, 13 October 2016 12:46 AM
සරසවියේ මොළෙයි කටයි විතරයි වැඩකරන්නේ. ලංකාවේ බුදුදහම ප්‍රායෝගික නැහැ කියන්නේ ඕකටයි. මුළු ශරීරයම ප්‍රයෝජනයට ගන්න පුළුවන් අධ්‍යාපන ක්‍රමයකිනුයි ඕක නැතිවෙන්නේ. (නි)