IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ප‍්‍රධානීන් 14 ක් මාරු කිරීමෙන් මානව සම්පත් අධ්‍යක්ෂවරිය තිගැස්සෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පත්වී එහි පැමිණි විට මගේ වැඩිමහල් සහෝදරයා පැමිණෙනවා වැනි හැගීමක්, ශ්‍රී ලංකා මහා බැංකුවට නව යුගයක් උදාවීගෙන එනවා කියලා හැඟීමක් මට ඇති වුණා යැයි බැඳුම්කර  කොමිසම හමුවේ සාක්කි දෙමින් ශ්‍රී ලංකා මහා බැංකුවේ මානව සම්පත් අධ්‍යක්‍ෂකවරිය ලෙස කටයුතු කළ කල්‍යාණි ගුණතිලක මහත්මිය  පැවසුවාය.

මහ බැංකුවේ දෙපාර්තමේන්තු  ප‍්‍රධානීන් 14 දෙනෙකුගේ ස්ථාන මාරූ වීම් කරන බව මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මට දැනුම් දුන් විට එකපාරටම මා ගැස්සුනා යැයිද මේ ආකාරයට දෙපාර්තමේන්තු  ප‍්‍රධානීන් මාරූ කරන අයුරු මා කවරදාකවත් දැකලා නැතැයිද කී කල්‍යාණි ගුණතිලක මහත්මිය  මෙම ස්ථාන මාරූ කිරීම් නවතන ලෙස තමා ආචාර්ය වීරසිංහ මහතා සමඟ ගොස් මහේන්ද්‍රන් මහතාට කිව්වත් ඔහු ඔහුගේ තීරණය වෙනස් කළේ නැතැයිද වැඩිදුරටත් කීවාය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර  නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කොට ඇත.
කොමිසමේ කටයුතු සඳහා පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ බැඳුම්කර  කොමිසම හමුවේ  

සාක්කි දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ මානව සම්පත් අධ්‍යක්‍ෂකවරිය ලෙස කටයුතු කළ කල්‍යාණි ගුණතිලක මහත්මිය  මෙසේද කීවාය.

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් 1983 වසරේදී සමාජ විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ විශේෂ උපාධිය  ලබාගත් මා ඉන්පසු ඇමරිකාවේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශ‍්‍රාස්ත‍්‍රපති උපාධිය ලබාගත්තා. ඊට අමතරව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප‍්‍රශ්චාත් උපාධි ආයතනයෙන් මානව සම්පත් කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ලබාගත්තා. පසුව 2010 වසරේදී එම විශ්ව විද්‍යාලයෙන්ම මානව සම්පත් කළමණාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලන විද්‍යාපති උපාධිප ලබාගත්තා.

ප්‍රශ්නය.  ඔබ ශ්‍රී ලංකා මහා බැංකුවට සම්බන්ධ වුණේ කවදාද?

පිළිතුර. 1981 වසරේදී පරිවාස මාණ්ඩලික නිලධාරීයෙකු ලෙස  ශ්‍රී ලංකා මහා බැංකුවට සම්බන්ධ වු මා එහි විවිධ දෙපාර්තමේන්තු  වල සේවය කළා.

ප්‍රශ්නය.  මෙම කොමිසමට අදාළ සිද්ධිය වන සමයේ ඔබ සේවය කළේ ශ්‍රී ලංකා මහා බැංකුවේ කුමන දෙපාර්තමේන්තු වේද?

පිළිතුර. මානව සම්පත් කළමණාකරන දෙපාර්තමේන්තු වේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කකළා.

ප්‍රශ්නය.  ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පැමිණියේ කොයි කාලයේද?

පිළිතුර. 2015 වසරේදී.

ප්‍රශ්නය.  ඒ කාලයේ ඔබත් ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවය කළාද?

පිළිතුර. ඔව්.

ප්‍රශ්නය.  ඔහුගේ පැමිණීම ගැන ඔබට ඇත්වුණේ කුමන අන්දමේ හැගීමක්ද?

පිළිතුර. මට දැනුනේ වැඩිමහල් සහෝදරයා පැමිණෙනවා වැනි හැගීමක්. මා හිතුවා ශ්‍රී ලංකා මහා බැංකුවට නව යුගයක් උදාවීගෙන එනවා කියලා.

ප්‍රශ්නය.   ශ්‍රී ලංකා මහා බැංකුවේ ව්‍යුහය පැහැදිලි කරන්න?

පිළිතුර.  ශ්‍රී ලංකා මහා බැංකුවේ පාලක මණ්ඩලය, මුල්‍ය මණ්ඩලය, ඉන්පසු ප‍්‍රධාන විධායක නිලධාරියා වන්නේ මහා බැංකුවේ අධිපතිවරයා, නියෝජ්‍ය සහ සහකාර අධිපතිවරුන්, ඊට පසු දෙපාර්තමේන්තු  ප‍්‍රධානීන්, ඔවුන් යටතේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරුන්, ඊටත් පහළින් විවිධ ශ්‍රේණීවල මාණ්ඩලික නිලධාරීන් සිටිනවා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහබැංකු අධිපති කියලා තනතුරක් තියෙනවාද?

පිළිතුර. මහා බැංකු අධිපති විදේශගතවු පසු වැඩ බැලීම සිදුකරන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහබැංකු අධිපතිවරයායි. එය වැඩ බලන තනතුරක්.

ප්‍රශ්නය.  අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහා බැංකුවේ සිදුකළ ස්ථාන මාරූ පිළිබඳව දැනුම් දෙන්න ඔබට කතාකළාද?

පිළිතුර. ඔව්. එතුමාගේ ලේකම් මාර්ගයෙන් පෙබරවාරී 05 වැනිදා ඔහු මට කතා කරලා මේ බව මට දැනුම් දුන්නා. ඒ වන විට සිටි දෙපාර්තමේන්තු  ප‍්‍රධානීන්ගේ තොරතුරු රැගෙන මා ඔහු හමුවීමට ගියා.

මේ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා සාක්කිකාරියට ලේඛණයක් පෙන්වයි.

ප්‍රශ්නය.  මෙම ලේඛණය මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙත රැගෙන ගියේ ඔබද?

පිළිතුර. ඔව්.

ප්‍රශ්නය.  ඒ වේලාවේ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඔබට යමක් දැනුම් දුන්නාද?

පිළිතුර. මහා බැංකුවේ දෙපාර්තමේන්තු  ප‍්‍රධානීන් 14 දෙනෙකුගේ ස්ථාන මාරූ වීම් පිළිබඳව ඔහු මට දැනුම් දුන්නා.

ප්‍රශ්නය.  මෙම ස්ථාන මාරූ වීම් සම්බන්ධයෙන් නියෝජ්‍ය අධිපතිවරුන්ගේ උපදෙස් ලබාගත් බවක් ඔහු ඔබට කීවාද?

පිළිතුර. නැහැ.ඔහු එහෙම කීවේ නැහැ.

ප්‍රශ්නය.  ස්ථාන මාරූවීම් පිළිබඳවසකස් කර තිබු සී76 දරණ ලේඛණය ඔහු ඒ වේලාවේ ඔබට පෙන්නුවද?

පිළිතුර. ඔව්. මට පෙන්නුවා.

ප්‍රශ්නය.  මහා බැංකුවේ නිලධාරීන් ස්ථාන මාරූ කිරීමට මහෙන්ද්‍රන් මහතා තීරණය කර තිබුණාද?

පිළිතුර. ඔව්.

ප්‍රශ්නය.  ඒ අවස්ථාව වන විට මානව සම්පත් දෙපාර්තමේන්තු ව බාර නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කළේ කවුද?

පිළිතුර. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා.

ප්‍රශ්නය.  මෙම ස්ථාන මාරූ වීම් සිදුවු ආකාරය දැක ඔබට මොනවද හිතුණේ?

පිළිතුර. එකපාරටම මා ගැස්සුනා. මේ ආකාරයට දෙපාර්තමේන්තු  ප‍්‍රධානීන් මාරූ කරන අයුරු මා කවරදාකවත් දැකලා නැහැ.

ප්‍රශ්නය.  මේ වේලාවේදී ඔබ ඔහුට මොකුත් කීවාද?

පිළිතුර. මේ පිළිබඳව අදාළ නිලධාරීන් සමඟ කතාකරන්න කියලා මා ඔහුට කීවා.

ප්‍රශ්නය.  ඔහු මොනවා හරි කිව්වාද?

පිළිතුර. මම කතාකරන්නම් කියලා ඔහු කීවා.

ප්‍රශ්නය.  ඊට පසු මොකද වුණේ?

පිළිතුර. මා නන්දලාල් වීරසිංහ මහතා හමුවී ඔහුට මේ ගැන කිව්වා. ඔහුත් පුදුමයට පත්වුණා.

ප්‍රශ්නය.  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ ස්ථාන මාරූ කීරීම් පිළිබඳව මුල්වරට දන්නේ ඒ අවස්ථාවේද?

පිළිතුර. ඒ ගැන මා දන්නේ නැහැ. නමුත් මෙම ස්ථාන මාරූ කීරීම් පිළිබඳව අසා ඔහුත් පුදුමයට පත්වුණා.

ප්‍රශ්නය.  ඔබ සහකාර අධිපතිවරයා හමු නොවී නියෝජ්‍ය අධිපතිවරයා හමුවීමට ගියේ ඇයි?

පිළිතුර. ඔවුන් දෙදෙනාගේම කාර්යාල පිහිටා තියෙන්නේ එකම තව්වුවේ.

ප්‍රශ්නය.  ස්ථාන මාරූ ලේඛණය ඔබත් හැදුවාද?

පිළිතුර. ඔව්. එම ස්ථාන මාරූ ලේඛණය මාත් හැදුවා.

ප්‍රශ්නය.  ඊට පසු ඔබ එයත් රැගෙන අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා හමුවීමට ගියාද?

පිළිතුර. ඔව්.

ප්‍රශ්නය.  එම ස්ථාන මාරූ ලේඛණය අනුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වේ ණය අධිකාරීවරයා හැටියට පත් කර තිබුණේ කවුද?

පිළිතුර. බැංකු නොවන ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තු වේ අධ්‍යක්‍ෂක ජී.ඞී.ආර්. කරුණාරත්න මහතා.

ප්‍රශ්නය.  ඔබ මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා හමුවීමට යනවිට රැගෙන ගිය සී.74 දරණ ස්ථාන මාරූ කිරීම් ලේඛණයට ඔහු කළේ කුමක්ද?

පිළිතුර. ඔහු එම ස්ථාන මාරූ කිරීම් වෙනස් කළා. සන්නිවේදන දෙපාර්තමේන්තු වේ ප‍්‍රධානියා හැටියට පත්කර සිටි හදගම මහතා ප‍්‍රාදේශිය දෙපාර්තමේන්තු වට මාරූ කිරීම සඳහා   ඊතලයක් යොදා පෙන්වා තිබුණා. ඊට පසු රාජ්‍ය ණය අධිකාරීවරයා  ලෙස පත් කර සිටි කරුණාරත්න මහතා ඉන් ඉවත්කර සෙනෙවිරත්න මහත්මිය ඒ තැනට පත් කර තිබුණා. අධ්‍යක්‍ෂකවරයෙක් වු කාසීම් මහතා සන්නිවේදන දෙපාර්තමේන්තු වට මාරූ කැන ලෙස ඊතලයක් යොදා තිබුණා.

ප්‍රශ්නය.  මේ සියල්ලම සිදු කළේ මහෙන්ද්‍රන් මහතාද?

පිළිතුර. ඔව්. මේ සියලු වෙනස් කිරීම් කළේ අර්ජුන් මහෙන්ද්‍රන් මහතා.

ප්‍රශ්නය.  සෙනෙවිරත්න මහත්මියගේ මාරූ කිරීම පිළිබඳවඔබගේ අදහස කුමක්ද?

පිළිතුර. ඇය සේවක අර්ථ සාදක අරමුදලේ අධ්‍යක්‍ෂකවරිය හැටියටත් මුදල් දෙපාර්තමේන්තු වේ ප‍්‍රධානීයා ලෙසත් සේවය කර තියෙනවා. නමුත් ඇයට රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වේ සේවය කිරීමට තරම් දැනුමක් නැති බව මට තේරුණා. ඇයට අරමුදල් කළමණාකරණය පිළිබද පළපුරුද්දක් නැහැ. මේ තත්වය මා අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට පැහැදිලි කළා.

ප්‍රශ්නය.  ඔබ මේ ගැන වෙනත් කාට හරි කිව්වද?

පිළිතුර.  ඔව්. ආචාර්ය වීරසිංහ මහතාටත් මා මේ පිළිබඳවකිව්වා.

ප්‍රශ්නය.  පසුව මොකද වුණේ?

පිළිතුර. අපි දෙන්නම ගිහින් මහෙන්ද්‍රන් මහතා හමුවී මේ ගැන කිව්වා නමුත් ඔහු ඔහුගේ තීරණය වෙනස් කළේ නැහැ.

ප්‍රශ්නය.  කරුණාරත්න මහතාට රාජ්‍ය ණය දෙපාර්තමේන්තු ව පිළිබද අත්දැකීම් තියෙනවාද?

පිළිතුර. ඔව්.

ප්‍රශ්නය.  ඔබ සෙනෙවිරත්න මහත්මියටත් කතා කළාද?

පිළිතුර. ඔව්. මා ඇයටත් කතා කළා. ඇය ඒ වේලාවේ දුකෙන් හිටියේ. ස්ථාන මාරූව නවත්වන්න උත්සහ නොකළේ ඇයි කියලා ඇය මගෙන් ඇහැව්වා.

ප්‍රශ්නය.  සෙනෙවිරත්න මහත්මිය ඔබගේ මිතුරියක්ද?

පිළිතුර. ඔව්. ඇය මාගේ විශ්ව විද්‍යාලයේ, අපිට වඩා ඉහළ පන්තිවල ඇය ඉගෙන ගත්තේ.

ප්‍රශ්නය.  ඇය මහා බැංකුවේ මුදල් දෙපාර්තමේන්තු වේ සේවය කළේ සතුටින්ද?

පිළිතුර. ඔව්. ඇය එම අංශයේ සේවය කළේ සතුටින්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. මීට පෙර සාක්කියකදී කියවුණා අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කියන දෙයකට කිසිවෙක් එරෙහි වන්නේ නැහැ කියලා.

පිළිතුර. සාමාන්‍යයෙන් එහෙමයි.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. ඒ කියන්නේ මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා උඩ පනින්න කිව්වොත් උඩ පනිනවා කියන එකද?

පිළිතුර. එහෙම නොවෙයි. මෙම ස්ථාන මාරූ කිරීම් පිළිබඳවකවුරුත් හිටියේ අසතුටින්.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. පසුකාලයේදී මහා බැංකුවට නව අධිපතිවරයා පැමිණි විට මෙම ස්ථාන මාරූවීම් සිදුවුණාද?

පිළිතුර. නැහැ.

ඇගේ සාක්කිය එතැකින් අවසන් විය.

කොමිසමේ කටයුතු සඳහා   පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම යටතේ බැඳුම්කර  කොමිසම හමුවේ සාක්කි දුන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අතිරේක අධිපති (විශ‍්‍රාමික) සී.පී.ඒ. කරුණාතිලක මහතා මෙසේද කීය.

මුලික අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වු මා 1982 වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳවපළමු පන්තියේ සාමාර්ථයක් සහිතව සමත් වුණා. ඉන් අනතුරුව 1986 වසරේ ජනවාරී මාසයේදී පරිවාස මාණ්ඩලික නිලධාරීයෙක් හැටියට ශ්‍රී ලංකා මහා බැංකුවට සම්බන්්ධ වුණා.

මේ අතර ඇමරිකාවේ වැන්ඩවිල් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත්තා. ඒ අතරතුර මා ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් අංශයේ අධ්‍යක්‍ෂකවරයා ලෙස පත් වුණා.

2014 අගොස්තු මාසයේ 28 වැනිදා මා ශ්‍රී ලංකා මහා බැංකුවේ සහකාර අධිපති තනතුරට පත් වු අතර සේවක අර්ථසාධක අරමුදල සහ මහා බැංකුවේ නිලධාරීන්ට ඉගැන්වීම් කරන ආයතනය මා යටතට පත් වුණා.

2015 ජනවාරී 26 වැනිදා අර්ජුන් මහෙන්ද්‍රන් මහතා  ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිවරයා ලෙස පත් වුණා. මහෙන්ද්‍රන් මහතා   එම තනතුරට පත් වී දින දෙකකින් පසු මහා බැංකුවේ අධ්‍යක්‍ෂවරුන් 14 දෙනෙකු හා අධිපතිවරුන් විශාල ප‍්‍රමාණයක් වෙනත් අංශ වලට මාරූ කර යවනු ලැබුවා. මහා බැංකුවේ තිබු අංශ වලට අමතරව ඔහු අළුතින් අංශ කිහිපයක්ද ඇති කළා.

ප්‍රශ්නය.  මේ මාරූ කිරීම් පිළිබඳවඔබගේ අදහස කුමක්ද?

පිළිතුර. මා පමණක් නොවේ මහා බැංකුවේ බොහෝ අංශවල නිලධාරීන් මෙම ස්ථාන මාරූ කිරීම් පිළිබදව මවිතයට මෙන්ම කම්පනයට පත්ව සිටියා. සමහරුන් බැංකුවෙන් ඉවත් වීමට පවා තීරණය කර තිබුණා. ඒ විතරක් නොවේ මෙම ස්ථාන මාරූ කිරීම් පිළිබඳවඔවුන් මහා බැංකු අධිපතිවරයා සමඟ සාකච්ඡාවක්ද ඉල්ලා සිටියා. මෙම ස්ථාන මාරූ කිරීම් අසාමාන්‍ය දෙයක්.

ප්‍රශ්නය.  මහා බැංකු අධිපතිවරයා සාකච්ඡාවක් දුන්නාද?

පිළිතුර. ඔව්. අපි ඔහු හමුවීමට බැංකු නිවසට ගිය විටදී ඔහු අපිව ඉතාම සුහදව පිළිගෙන අපි සමඟ කතා කළා.

ප්‍රශ්නය.  මහා බැංකු නිලධාරීන් මොනවද කිව්වේ?

පිළිතුර. මෙම ස්ථාන මාරූ කිරීම් වලදී සහකාර අධිපති සිරිවර්ධන මහතා යටතට පත්වී තිබුණේ එක් අංශයක් පමණයි. මේ පිළිබඳව ඔහු දැඩි කණස්සල්ලට පත්වී සිටියා. මෙම ස්ථාන මාරූ කිරීම් යළි සළකා බලන ලෙස ඔහු අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගෙන් ඉල්ලා සිටියා.

විනිසුරු ප‍්‍රසන්න ජයවර්ධන මහතා. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මොනවද කිව්වේ?

පිළිතුර. මීට පසුව ස්ථාන මාරූ වීම් කරන විටදී සාකච්ඡා කරන බව ඔහු කීවා.

මේ අවස්ථාවේදී සාක්කිකරුට එම්. ඕ.සී. යනුවෙන් හදුන්වන වෙළද මෙහෙයුම් කමිටු රැස්වීමට අදාළ ලේඛණයක් පෙන්වන ලදුව,

ප්‍රශ්නය.  2015 පෙබරවාරී 27 වැනිදා වෙළද මෙහෙයුම් කමිටු රැස්වීමක් පැවැත්තුවාද?

පිළිතුර. ඔව්.

ප්‍රශ්නය.  සාමාන්‍යයෙන් වෙළද මෙහෙයුම් කමිටු රැස්වීමක් පවත්වන්නේ කීයටද?

පිළිතුර. සාමාන්‍යයෙන් උදේ 9.00ට.

ප්‍රශ්නය.  2015 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු වෙළ`ද මෙහෙයුම් කමිටු රැස්වීමට ඔබ සහභාගී වුණාද?

පිළිතුර. ඔව්. නමුත් එදින එම රැස්වීමට පැමිණීමට මට විනාඩි 05ක් 07ක් වැනි කාලයක් ප‍්‍රමාද වුණා.

ප්‍රශ්නය.  ඒ ඇයි?

පිළිතුර. වෙළද මෙහෙයුම් කමිටු රැස්වීමක් පවත්වන්නේ 15 වැනි තට්ටුවේ, මාගේ කාර්යාලය තියෙන්නේ 14 වැනි තට්ටුවේ මා මාගේ කාර්යාලයට ගොස් ලේඛණ කිහිපයක් රැගෙන යළි වෙළද මෙහෙයුම් කමිටු රැස්වීමට පැමිණීමේදී මට මෙම ප‍්‍රමාදය සිදුවුණා.

ප්‍රශ්නය.  ඒ වේලාව තුළ යම් වැදගත් සිද්ධියක් සිදුවී තිබුණද?

පිළිතුර. ඔව්. ඒ අතර කාලය තුළදී ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙළද මෙහෙයුම් කමිටු රැස්වීම පැවැති ස්ථානයට පැමිණ ගොස් තිබුණා.

ප්‍රශ්නය.  ඔබ ඒ බව දැනගත්තේ කොහොමද?

පිළිතුර. මා එම ස්ථානයට පැමිණී විටදී එහි සිටි අනිත් නිලධාරීන් ඒ බව මට කීවා.

ප්‍රශ්නය.  ඔබ අලෙවි මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙන්ද?

පිළිතුර. ඔව්. මා එහි සභාපතිවරයා.

ප්‍රශ්නය.  එහි අනෙකුත් සාමාජිකයින් කවුද?

පිළිතුර. නිහාල් රුද්‍රිගු (දේශීය මෙහෙයුම් අධ්‍යක්‍ෂ), රුවිනි ගුණසේකර, ආචාර්ය වීරසිංහ,

ප්‍රශ්නය.  අනිත් නිලධාරීන් තවත් දේවල් ඔබට කීවාද?

පිළිතුර. ඔව්. මහා බැංකුවේ අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා පැමිණ කරුණු දෙකක් දැනුම් දී ගිය බව ඔවුන් කීවා.

ප්‍රශ්නය.  ඒ කරුණු දෙක මොනවාද?

පිළිතුර. එතෙක් සීයයට 05ක්ව පැවතී සම්මත තැන්පතු අනුපාතය  ඉවත් කිරීමට ඔහු නියම කල බවත් මුල්‍ය වෙළද පොළේ ද්‍රවශීලතාවය අවශෝෂණය වීමට ඉඩ සළසන ලෙස දැනුම් දුන් බවත් ඔවුන් මට කීවා.

ප්‍රශ්නය.  මෙම පොළී අනුපාත තීරණය කරන්නේ කවුද?

පිළිතුර. මුල්‍ය ප‍්‍රතිපත්ති කමිටුව.

ප්‍රශ්නය. මෙම පොළී අනුපාත වෙනස් කිරීමට අලෙවි මෙහෙයුම් කමිටුවට බලයක් තියෙනවද?

පිළිතුර. නැහැ.

ප්‍රශ්නය.  එවැනි තත්වයක් තුළ 2015 පෙබරවාරී 27 වැනිදා මෙම පොළි අනුපාත වෙනස් කළේ අලෙවි කමිටුවේ තීරණයක් අනුවද?

පිළිතුර. නැහැ.

ප්‍රශ්නය.  එහෙනම් මේ පිළිබඳව තීරණය කලේ කවුද?

පිළිතුර. අර්ජුන් මහෙන්ද්‍රන් මහතා.

ප්‍රශ්නය.  2015 පෙබරවාරී 27 වැනිදා වන විට රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වේ සහකාර අධිපතිවරයා ලෙස කටයුතු කළේ කවුද?

පිළිතුර. සේපාල රත්නායක මහතා.

ප්‍රශ්නය.  එහි නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කළේ කවුද?

පිළිතුර. පී. සමරසිරි මහතා.

ප්‍රශ්නය.  ඔබ එදින පැවැති බැඳුම්කර  ටෙන්ඩර් මණ්ඩල රැස්වීමට සහභාගී වුණාද?

පිළිතුර. ඔව්. එය මාගේ පළමු බැඳුම්කර  ටෙන්ඩර් මණ්ඩල රැස්වීමයි. ඊට පෙර මා භාන්ඩාගාර බිල්පත් ටෙන්ඩර් මණ්ඩල රැස්වීම් තුනකට මා සහභාගී වී තියෙනවා.

ප්‍රශ්නය.  2015 පෙබරවාරී 27 වැනිදා පැවැති බැඳුම්කර  ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ සෙසු සාමාජිකයින් කවුද?

පිළිතුර. සභාපති පී. සමරසිරි මහතා, සේපාල රත්නායක මහතා, නිහාල් රුදි‍්‍රගු මහතා, ආදාර්ය ආර්ෂින් මහතා සහ මුතුගල මහත්මිය.

ප්‍රශ්නය.  එදින මොනවද වුණේ?

පිළිතුර.  සමරසිරි මහතා ඇවිත් අදාළ විෂය සම්බන්ධව ලේඛණ වගයක් බෙදුවා.

ප්‍රශ්නය.  එම රැස්වීමට සමරසිරි මහතා පැමිණියේ පරක්කු වෙලාද?

පිළිතුර. ඔව්. ඊට පසු වෙන්දේසි ලැයිස්තුව දුන්නා. ඔහු කිව්වා බිලියන 10 දක්වා බැඳුම්කර  පිළිගන්නා ලෙස අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කියා ඇති බව.

ප්‍රශ්නය.  මේ ගැන කවුරුන් හෝ අදහස් පළ කළාද?

පිළිතුර. සේපාල රත්නායක මහතා විරුද්ධව අදහස් පළකළා. බහුතරයකගේ අදහස වුණේ බිලියන 2.6 දක්වා ලංසු පිළිගැනීමටයි. එය රාජ්‍ය ණය දෙපාර්තමේන්තු වේ තීරණය බව සේපාල රත්නායක මහතා කීවා. අපි අර්ජුන් මහෙන්ද්‍රන් මහතා හමුවෙමු කියලත් සේපාල රත්නායක මහතා කීවා.

ප්‍රශ්නය.  සමරසිරි මහතා ඊට කැමැති වුණාද?

පිළිතුර. අපි සමඟ ගොස් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා හමුවීමට සමරසිරි මහතා ඊට කැමැති වුණේ නැහැ. ඔහු අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට දුරකතනයෙන් කතා කළා.

ප්‍රශ්නය.  ඊට පසු මොකද වුණේ?

පිළිතුර. ඔහු අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට දුරකතනයෙන් කතා කරලා අපිට සිංහලෙන් කිව්වා අපිට මේක බාරගන්න සිදුවෙනවා කියලා කිව්වා. ඒ අවස්ථාවේදී සේපාල රත්නායක මහතා කතා කරලා අපි මේක අනුමත කරලා ඇදුම් ගලවලා එළියට යමු කියලා කීවා.

වැඩිදුර සාක්කි විමසීම අද (26 වැනිදා) තෙක් කල් තබන ලදී.

මෙම කොමිසමේ කටයුතු සඳහා   අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක  මහතා, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ෂහිඩා බාරී මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නයෝමී වික‍්‍රමසේකර මහත්මිය, රජයේ නීතීඥ  ධනුෂන් කනේෂයෝගන් මහතා සමඟ  අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා සාක්කි මෙහෙයවමින් කොමිසමේ කටයුතු සඳහා   සහය ලබා දෙයි.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් නීතීඥ නෙරංජන් අරූල්ප‍්‍රගාසම් මහතා සහ නීතීඥ රොමාලි තුඩාවේ මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ නිහාල් ප‍්‍රනාන්දු මහතාද භාන්ඩාගාර බැඳුම්කර  නිකුත් කිරීම සඳහා   පත්කළ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා වෙනුවෙන්  නීතීඥ ශනිල් පෙරේරා සහ නතාෂා නුර්දීන් මහත්මිය සමඟ නීතීඥ හර්ෂ  ප‍්‍රනාන්දු මහතාද කොමිසම හමුවේ පෙනී සිටියහ.



අදහස් (7)

ප‍්‍රධානීන් 14 ක් මාරු කිරීමෙන් මානව සම්පත් අධ්‍යක්ෂවරිය තිගැස්සෙයි

savant Wednesday, 26 April 2017 01:22 AM

අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුව මෙම තනතුරට ගෙනා සියලුම දෙනා මේ වරදට දඬුවම් විඳිය යුතුයි. නමුත් අද අපේ රටේ නඩුත් බඩුත් දෙකම හාමුගේ. ගිය ආණ්ඩුවලත් වැරදි තිබුනා නමුත් හොරුන්ව මේ විදිහට ආරක්ෂා කරලා යාලු කමට මුල්තැන දීල රට කන්න බාර දුන්නේ නැහැ.

:       24       311

yaha Wednesday, 26 April 2017 02:51 AM

අපේ රටේ පරිපාලනයට එන්නේ ආර්ට් කරපු අය සහ ඇග්රි කරපු අාතක් පාතක් නැති අය , ඉතින් ආයතන තියෙයිද?

:       234       27

himal Wednesday, 26 April 2017 05:49 AM

හරි ස්ථානමාරු ප්‍රතිපත්තියක් තිබ්බා නම් ඔහොම වෙන්නේ නෑනේ. 14 දෙනෙක්ව ස්ථාන මාරු කරාම කැළඹෙනවා නම් ඒකේ තේරුම කාලයක් තිස්සේ කට්ටිය එකම තැන හිටියද නැත්නම් එක එක ප්‍රධානීන්ගේ පුද්ගලික ප්‍රශ්නද?

:       24       3

chandana Wednesday, 26 April 2017 06:14 AM

මානව සම්පත් අධ්‍යක්ෂවරිය විතරක් නෙමෙයි. රටම බංකොලොත් කරලා මේ කරලා තියන වැඩේට යහ පාලනයක් වෙනුවෙන් ඡන්දෙ දුන්නු බහුතරයක් තිගැස්සිලයි ඉන්නේ. ඒත් ඒ දවස්වල මම වෙනසක්, යහ පාලනයක් වගේම හොරු පැන්නීම ගැන කතා කරනකොට අපේ රාගම අත්තම්මා කිව්වා "පුතේ පික් පොකට් කාරයෝ කාගේ හරි පසුම්බියක් අරගෙන දුවන්න පටන් ගන්නේ අන්න හොරෙක් හොරෙක්" කිය කියලු. මේ ලිපිය කියවද්දී මට හිතුනේ අපේ අත්තම්මා සීයට සීයක් හරි කියලයි.

:       2       64

sunil Wednesday, 26 April 2017 07:07 AM

ඉතින් මැඩම් කලින් තිගැස්සුනාට දැන් තේරෙනවානේ ඔයතරම් ස්ථාන මාරු කිරීම් කලේ මොකටද කියලා!

:       0       42

රොමේෂ් Wednesday, 26 April 2017 07:11 AM

අමාරුවෙන් හම්බකරගෙන බඩට දාගත්ත බත් ඇටෙත් පිච්චිලා යනවා මේවා කියවද්දී. මේ පට්ටපල් හොරාව, හොරාව පත්කරපු හොරාව සහ හොරා විසින් පත්කරගත් හොර නඩය රකින්නනේ එක එක ආකාරයේ කොමිසම් දාගෙන කල්මරන්නේ. රටම දන්නා සත්‍ය තමයි බැඳුම්කර වංචාවෙන් කෝටි ප්‍රකෝටි ගානක අලාභයක් වෙලා ඇතිබව. විශේෂ අධිකරණ පත්කරනවෙලේ සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාත්මක වුනත් අඩුම තරමේ මොව්න්ගේ බලපත්‍රය හරි අවලන්ගුකරගන්න තිබුනා මෙවෙද්දී. ඒ හරහා විශේෂ අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියානම් හොරාකාපු දේපළ රාජසන්තක කර සියලුම හොරුන්ට දඬුවම් දෙන්න තිබුනා. මේ කල්මරන්නේ හොරාකාපු ධනය විවිධ ක්‍රම හරහා සුදුකරගන්නකම් සහ ගැලවීමට අවශ්‍ය නීතිමය රාමුව සකස්වනතුරු පමණක් බවයි පෙනෙන්නේ.

:       0       288

akila Wednesday, 26 April 2017 08:54 AM

ලොකුම තනතුරට , මෙයාව හොයාගත්ත කෙනා ගැනත් හැමෝටම හිතගන්න පුළුවන් දැන්

:       2       55

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 564 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 242 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 854 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3826 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1910 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1070 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 714 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site