පැයකට පසු ආර්ථික මධ්‍යස්ථානය විවෘත කළ නමුත් ඒ9 හා ඒ6 මාර්ග තවමත් වසා ඇත.
මේ වන විට මාර්ග වසා පැය පහකට වැඩි කාලයක් ගතවී ඇති බව ප්‍රදේශවාසීහු කියති.
ලොකු ලූනු ගොවීන්ගේ උද්ඝෝෂණයක් නිසා දඹුලු ආර්ථික මධ්‍යස්ථානය පැයකට වසා දැමූ බව එහි පාලකයෝ කියති.
මහනුවර යාපනය ඒ නවය මාර්ගය ද, දඹුල්ල කොළඹ ඒ හය මාර්ගයද ගොවීන් විසින් අවහිර වී ඇති බව පොලිසිය කියයි.
දඹුල්ලේ ලොකු ලූනු කිලෝවට රුපියල් 80ක 90ව මිලක් ඉල්ලමින් ලොකු ලූනු ගොවියෝ 500ක් පමණ අද උදේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වටලාගෙන උද්ඝෝෂණ ඇරැඹූහ.
එළවළු රැගත් ලොරි සියයක් පමණ පාර දිගේ නතර කර ඇති අතර කිසිම ලොරියකට මධ්‍යස්ථානයට ඇතුළු විය නොහැකි ලෙස ගේට්ටුද වසා තිබේ.
ගොවීන්ගේ ඉල්ලීම වනුයේ තමන් ඉල්ලන මිල දෙන්නට බැරි නම් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන ලෙසයි.
ගොවීන් පවසනුයේ ලොකු ලූනු කිලෝව රුපියල් 40-60 අතර මිලකට ඉල්ලන බවයි. ඒ මිලට දීමෙන් වියදමවත් නොලැබෙන බව ඔහු කියයි. ගොවීන්ගේ තවත් මැසිවිල්ලක් වනුයේ රටින් ගෙන්වන ලූනු දඹුල්ලේ නැතත් කොළඹ හා තවත් ප්‍රදේශවල අඩු මිලට විකුණන බවයි.
හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.
ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත
පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.
වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රධාන පාරවල් දෙකක් පැය පහක් වැහෙයි
ශාන්ත කටාර් Wednesday, 28 September 2016 03:51 PM
ඉල්ලීම් සාධාරණ වුණත් මාර්ග වහන එක ගැන නම් ලංකාවට ලොකු අපකීර්තියක් ගෙන දෙන්නේ. මෙහෙ ඉන්න විදේශ ජාතිකයින් අහන ප්‍රශ්න වලට දෙන්න අපිට උත්තර නැහැ (අ).
සිරිපුරසිරි Thursday, 29 September 2016 05:18 AM
අස්වනු නෙලන කාලයට ආනයනික නිෂ්පාදන සීමා කිරීමට හෝ ඒවාට වැඩි බදු පැනවීමට බැරි ඇයි. ?දේශීය නිෂ්පාදකයා මෙන්ම පාරිභෝගිකයාද ආරක්ෂා කිරීම රජයේ යුතුකමක්. ඒත් රජයේ වෙළඳ ප්‍රතිපත්තියෙන් ලාභ ලබන්නේ අතරමැදි මුදලාලිලා පමණයි. (ම)
බුද්ධි Wednesday, 28 September 2016 08:10 AM
ගොවි සටනට සහය පතමු. කවදත් හඬක් නැති අසරණම මිනිස්සු. තමන්ගේ ශක්තිය එකමුතුකම බව දැනගැනීමත් සතුටක්. (නි)
ලුම්බිණි Thursday, 29 September 2016 12:36 AM
තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්න අනෙක් අයගේ අයිතිවාසිකම් නැති කරන එක වැරදියි නේද? මේක දොස්තරලාගේ වර්ජනයෙන් ලෙඩුන්ට කරන අසාධාරණයට සමානයි. (නි)
සමන් Wednesday, 28 September 2016 10:12 AM
මේ මිනිස්සුන්ගේ සටන සාධාරණ වුණත් මේ පාරවල් වහගෙන විරෝධතා දක්වන එකනම් නීතියක් මගින් හරි තහනම් කරන්න ඕනේ. එකෙනුත් පිඩාවට පත් වෙන්නේ එදිනෙදා ගමන් බිමන් යන අහිංසක ජනතාවමයි. අඩුමගානේ පාරවල් අවහිර නොකර අදාල දේශපාලකයන්ගේ ගෙවල් ළඟටවත් ගිහින් විරෝධතා කළා නම් පාලකයන්ටවත් පෙනිලා විසදුමක් දේවි. (අ)
නිමල් ලලිත Thursday, 29 September 2016 02:13 AM
සමන්, ඔබ හරියටම හරි. යහපාලනයේ කෙරුවාව රට පුරා අද ඇතිවී ඇති තත්වය අනුව හොඳින්ම පෙනීයනවා. (නි)
බුද්ධි Wednesday, 28 September 2016 05:54 AM
ජය වේවා ගොවි මහතුනි...! රජයේ සේවකයන් මෙන්ම බත සපයන ගොවියා ගැනත් ඇස් ඇරෙන්න මේක හොඳ ආරම්භයක් වේවා..! (නි)
සිරි Thursday, 29 September 2016 03:11 AM
මේ මිනිස්සුන්ගේ සටන පාරවල් වහගෙන විරෝධතා දක්වන එකනම් නීතියක් මගින් හරි තහනම් කරන්න ඕනේ. (ම)
අංගොඩ ලාල් Wednesday, 28 September 2016 12:41 PM
උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තියෙන්න ඕන , එත් පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ කිරීම තහනම් කිරීමට අපේ රටේ තියෙන නීතියේ ප්‍රතිපාදන නැතිද ? (ර)
තිළිණ Thursday, 29 September 2016 03:14 AM
රට පුරාම වර්ජන ..මේවාගෙන් තලෙන්නෙත් අහිංසක මිනිස්සුමයි..මේවාට උත්තර දෙනවාට වඩා මිනී ගොඩ දාන එක වඩා වැදගත්. (ම).
නිලාම් Thursday, 29 September 2016 03:32 AM
හැම දෙයක්ම පාලකයන්ගේ කර පිට නොපටවා.මහජනයා වන අපි යමක් කළ යූතූයි. සුළු දෙනෙක් කරන ඉල්ලීම් වලට මෙහෙම කරන එක හරි ද ?මොහුන්ව දැනුවත් කළ යුතුයි.අහිංසක ජනතාව ... (ම)
බණ්ඩාර - කැකිරාව Wednesday, 28 September 2016 02:05 PM
ලොකු ලූනු හොද මිලක් ගන්නනේ යහපාලනයට ඡන්දෙ දුන්නනේ ,දැන් ඉතින් හැමදාම පාරේ ළඟින්න වෙයි ,ලොකු ලූනු ,මාළු මිරිස් ,අමු මිරිස් ටික කුනුවෙනකන්ම .වෙනස සැපයි නේද යාලුවේ . (අ)
අනුලා Thursday, 29 September 2016 04:43 AM
මේ මිනිස්සු තමන්ගේ මහන්සියට සරිලන මුදලක් ඉල්ලන්නේ ඒකට පාර කඩ වැහුවම මොකද අරු රටෙන් කොටසක් ඉල්ලන්න කඩ සාප්පු වහගෙන පෙළපාලි ගියේ අැයි ඒ ලංකාවේ නොවෙයිද නැත් නම් උන්ට බයේද (බ)