IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොරොන්දුවක් ඉටු කරන්න සිංගප්පූරුවට ගියා

2016-04-23-ent-51

අවුරුදු දවස් දෙක තුනේ මම මගේ පවුලේ අයත් එක්ක විදෙස් ගතවෙලයි හිටියේ. ඒකට හේතුව තමයි මගේ පුතාට වුණ පොරොන්දුවක් ඉටු කිරීම. අලුත් අවුරුද්ද ආසන්නයේ ඒ කියන්නේ අප්‍රේල් මාසෙ මුල වෙනකන්ම මට මගේ සංගීත කණ්ඩායමත් එක්ක මාස එකහමාරක විතර ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත සංචාරයක යෙදෙන්නට සිද්ධ වුණා. ඉතින් මගේ පුතා කැමැති වුණේ නෑ මාස එකහමාරකට මම එයාලා දාලා යනවට. ඊට පස්සෙ මම පුතාට කිව්වා මම ආයෙත් ලංකාවට ආව ගමන්ම ඔයාලව කොහෙ හරි එක්කන් යනවා කියලා. අන්න ඒ විදිහට තමයි අපි අලුත් අවුරුද්ද සමරන්නට සිංගප්පූරුවට ගියේ. සිංගප්පූරුවේ අපි නැවතුණේ අපේ හිතවත් නිවෙසක. එහෙදි තමයි අපි සියලුම අවුරුදු චාරිත්‍ර ඉෂ්ඨ කළේ.

2016-04-23-ent-50අපි විදෙස් ගත වෙන්න කලින් ජාතික රූපවාහිනිය දෙරණ හා ස්වර්ණවාහිනියේ අවුරුදු වැඩසටහන්වලට සහභාගි වුණා. අවුරුදු දවස් ටිකේ මම සිංගප්පූරුවේ හිටියත් මගේ කලායතනයේ පිරිස මෙහෙ වැඩසටහන්වලට සහභාගි වුණා. ඉතින් අපි එහෙ ඉඳගෙන ඒවත් නැරඹුවා.

මම දෙවෙනි වතාවට තමයි සිංහල අලුත් අවුරුද්දට රටින් පිටව ගත කළේ. මීට කලින් අවුරුද්දකත් මේ විදිහට විදේශ ගතවෙන්න සිදුවුණා. අපි රටින් පිට හිටියත් මෙහෙ වෙලාවත් එක්ක සසඳලා ලංකාවේ නැකැත් වෙලාවටම එහෙදි සියලු චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ඨ කළා. ඒක ඉතින් ලොකු සතුටක්. මොකද ලංකාවේ හිටියත් අපිට ගොඩක් වෙලාවට චාරිත්‍ර කරන වෙලාවට ගෙදර ඉන්න වෙන්නෙ නෑ. එක එක වැඩසටහන්වලට යන්න වෙන නිසා. මගේ තාත්තා ලයනල් රන්වල මහත්මයා ඉන්න දවස්වලත් එහෙමයි. ඔවුන් කලාතුරකින් තමයි අවුරුදු චාරිත්‍ර කරන්න ගෙදර හිටියේ. අද අපිත් කාර්යබහුලයි. නමුත් මේ සැරෙ අවුරුද්දෙ විදේශ රටක සිටිමින් හරි නැකැත් චාරිත්‍ර ඉෂ්ඨ කරන්න ලැබුණ එක ලොකු සතුටක්. අනිත් එක අපි අවුරුදු මේසයට අවශ්‍ය කරන දේවලුත් මෙහෙන් අරන් ගියා.

අපේ පරණ ශිෂ්‍යවක් වන නිල්මිණී කියන සොයුරියගේ ගෙදර තමයි අපි මේ විදිහට අවුරුදු සැමරුවේ. ඇයගේ සැමියා ඒ රටේ සේවය කරන වෛද්‍යවරයෙක්. අපේ අම්මයි, මමයි, මගේ බිරියයි, මගේ පුතයි නිල්මිණිගෙ පොඩි පුතයි, සැමියයි මේ හැමෝම එකතු වෙලා තමයි මේ විදිහට අවුරුද්ද සැමරුවේ. ඒ පුංචි දරුවටත් ඒක හොඳ අත්දැකීමක් වුණා.

සාමාන්‍යයෙන් අවුරුදු කාලයට අපේ රූපවාහිනී නාලිකා දිහා බලගෙන ඒවත් එක්ක තමයි අපි අවුරුදු සමරන්නට ගොඩක් වෙලාවට පුරුදුවෙලා ඉන්නේ. ඉතින් මේ අවුරුද්දෙත් ලංකාවෙන් පිට ඉන්නවා කියන හැඟීම අපිට දැනුණෙ නෑ. අපි ඒ නාලිකා එක්ක එකතුවෙලා හිටිය නිසා. ලංකාවේ වෙලාවත් එක්ක ඒ රටේ වෙලාව වෙනස්නෙ. ඉතින් ඒ සුළු ගැටලුව හැරෙන්නට අපිට කිසිම වෙනසක් දැනුණෙ නෑ. මොකද අපේ කණ්ඩායමේ අය මේ නාලිකාවල කතාකරනවා. ඒවත් බලාගෙන අපේ ලංකාවේ අයත් එක්කම ඉන්න හැඟීමකින් තමයි අපි අවුරුද්ද ගත කළේ.

අනිත් දේ තමයි මේ සංචාරයේදී අපේ දරුවන්ව සන්තෝෂ කරන්නට තමයි අපි වැඩි අවධානයක් යොමුකළේ. සෙන්තෝසා අයිලන්ඩ්, යුනිවර්සල් ස්ටුඩියෝ, මරීනා බේ ඇතුළු තවත් ස්ථාන කිහිපයකම අපි සංචාරය කළා. ඇත්තටම අපේ කාර්ය බහුලත්වයත් එක්ක අපේ දරුවන් තමයි වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙන්නේ. ඒකට මගේ පුතාට වුණ පොරොන්දුව ඉෂ්ඨ කරලා මම මේ අවුරුද්දෙ ලොකු සතුටක් ලැබුවා.

ඇත්තටම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද කියන්නේ අපිට ඉතාමත් සුවිශේෂී වූවක්. මගේ තාත්තා සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මීට කාලෙකට ඉහතදී නිර්මාණය කරපු ගීත වගේම අපේ ගීත නිර්මාණත් හැම අවුරුද්දකම අසන්නට ලැබෙද්දී අපිට හිතෙන්නේ අපි අපේ සංස්කෘතිකයට උචිත ආකාරයට නියම විදිහට ඒ නිර්මාණ කර ඇති බවයි. අපිට ඒ ගැන නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. අපි අපේ රට වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරලා තියෙනවා කියන එක අපිට හැම වෙලාවෙම දැනෙනවා. අපි නිර්මාණය කරපු අහසෙ ඉන්නවලු, ගම අවුලඤ්ඤං, පොඩි අයට ජන ගී වැනි ගීත නිර්මාණ ගත්තම මේ වගේ අවුරුද්ද සම්බන්ධ ගීත දෙකතුනයි තියෙන්නේ. අනෙක් ගීත 12ම වෙන වෙන මාතෘකාවලින් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අවුරුදු කාලෙට අදාළ කරගෙන නිර්මාණ වගේම අවුරුදු කාලෙට එක එල්ලේම අදාළ නොවුණත් සිංහලකම මේ හඬේ තියෙන නිසා මේ නාද මාලාවේ තියෙන නිසා ලංකාව නියෝජනය කරන්න මේ ගීත, නාදමාලාව සුදුසු නිසා නාලිකාවල වැඩසටහන්වල තමන්ගේ පූර්ව ප්‍රචාරක වැඩසටහන් සඳහා භාවිත කරනවා. මෙතනදි ඇතැම් අය අපෙන් අහනවා ඔබලාගේ නිර්මාණ මෙහෙම යොදාගත්තට මේවට ගෙවීම් කටයුතු කරනවාද කියලා. නමුත් මම ඒවා දකින්නේ වෙනම විදිහකට. කොහොමත් වෙළඳ දැන්වීම් සඳහා මේවා යොදා ගැනීමට මම එකඟ නෑ. නමුත් මේ නාද මාලා අවුරුදු වැඩසටහන්වල තේමා සංගීතයන් විදිහට යොදාගන්නවා දැකීම අපිට සතුටක්. ඇත්තටම කියනවා නම් ලංකාවේ ජීවත්වෙනවා කියන එක අපේ බොහෝ දෙනෙකුට දැනෙන්නේ මේ අවුරුදු කාලෙදි. අපේ නාද මාලාවන් හි අවශ්‍යතාවය මිනිස්සුන්ට දැනෙනවා. විදේශ සංචාරවලදී අපේ සංදර්ශන නරඹපු අය වැඩිදෙනෙක් කියපු කතාවක් තමයි ඔය ගොල්ලො අපිව ලංකාවට ගෙන ගියා කියලා. අපේ නිර්මාණත් එක්ක ජනතාවගේ විශාල බැඳීමක් තියෙනවා. ඉතින් අපේ නිර්මාණ ගැන අපි තෘප්තිමත්. ඒ වගේම මේ අවුරුද්දත් ප්‍රීතිමත්ව ගත කළා.

 

කුමී 

DESHAYA

 

2016-04-23-ent-52
2016-04-23-ent-49

 



අදහස් (0)

පොරොන්දුවක් ඉටු කරන්න සිංගප්පූරුවට ගියා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 43 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 440 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 242 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 352 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1100 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2886 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site