(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට වගා නොකර අත්හැර ඇති කුඹුරු ඉඩම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වසර පහකට වගා කිරීම සඳහා පවරා දෙන බව කී අමාත්‍යවරයා එහිදී වගා කිරීමට ඉඩම් නොමැති හා ඒ සඳහා කැමැත්තක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බොහෝ පුරන් කුඹුරුවල අයිතිය තිබෙන පුද්ගලයින් විදේශ ගතව සිටින අතර තවත් සමහරුන් ශ්‍රම හිඟය නිසා එම කුඹුරු අස්වද්දන්නේ නැතැයි ද දැනට ගණන් බලා ඇති පරිදි දිවයින පුරා පුරන් කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂයකට වැඩිය තිබෙන බවද අමාත්‍යවරයා කීය.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුරන් කුඹුරු තරුණයන් ට පවරන්න යයි
පුරවැසියා... Sunday, 12 June 2022 11:06 AM
වගා නොකොට අතහැර දමා ඇති ඉඩම් වගා කිරීමට පවරා ගන්නා බවට කලින් කළට ප්‍රකාශ කළද මෙය ක්‍රියාත්මක වීමක් මෙතෙක් සිදු නොවීය. හරියට ක්‍රියාත්මක කරන්නේ නම් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවරා ගෙන වගාවන් සඳහා යොදාගැනීම සුදුසුවනු ඇත.
fairoosSunday, 12 June 2022 12:48 PM
අයිතිකරුවන්ට වගාවේ කොටස් දෙනවා නම් කමක් නැහැ.
sisiraSunday, 12 June 2022 02:01 PM
සොයාබැලීමකදී පෙනීගියේ බහුතරයක් තරුණයින්ගේ එකම බලාපොරොත්තුව පවතින දේශපාලන සහ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ විසඳුම් නොමැතිව ලංකාවේ රැඳී සිටීමේ තේරුමක් නොමැති බව වේ. පුරන් කුඹුරු තරුණයින්ට පවරන්න ලංකාවේ තරුණයින් ඉතිරි වන්නේ නැත. ගිවිසුම්ගත ඉන්දියානු පොහොර ලබාදීමට නිසි දිනයක් ප්‍රකාශ කිරීමට නොහැකි ඇමැතිවරු මෙවැනි ප්‍රකාශ කිසිවකු පිළිනොගනි...
Bamunuarachchi Sunday, 12 June 2022 12:01 PM
තරුණයෝ රට බාරගන්න පළමු සාර්ථක ලෙස කුඹුරු වපුරලා ආර්ථිකය ජයගෙන පෙන්වන්න. එතකොට මඩ සෝදා රජකමේ තියන්න පුළුවන්. හැබැයි කුඹුරු කෙරිල්ලේ උපදෙස් වැඩිහිටි අයගෙන් ගන්න වුණොත් රට පාලනයේදීත් ඒ ටිකම කරන්න වෙනවා...
sampath Sunday, 12 June 2022 08:48 PM
මේක නැති ප්‍රශ්නයක් හදන වැඩක්.. කුඹුරු වවන්න මිනිස්සුන්ට අවශ්‍ය සහාය දුන්නානම් ඇති. මිනිස්සු කුඹුරු නොකරන්නේ... තෙල්, පොහොර නැති නිසා, වතුර නැති නිසා, ශ්‍රමය සොයාගන්න බැරි නිසා, බීජ ප්‍රශ්න නිසා... ඒවා විසඳන්න ඕනෙ ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලුවක් නෑ.
ගමේ එකාලා Sunday, 12 June 2022 08:59 PM
හරිනම් මුලින්ම කරන්න තියෙන්නේ දේශපාලුවන් ටිකට අමුඩ ගස්සලා කුඹුරට බස්සන එක...!
රෝහන Monday, 13 June 2022 02:36 PM
කුඹුරට බැස්සීමට මාර ඩයල් ටිකක් ඉන්නවා දියවන්නාවේම...