IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් වෙතින් රාජ්‍ය අමාත්‍යවරයකුට මිලියන 3 ක චෙක්පත්

(නිමන්ති රණසිංහ)

                
පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ ඩබ්ලිව් එම් මෙන්ඩිස් සමාගමෙන් රාජ්‍ය අමාත්‍යවරයකු වෙත අවස්ථා තුනකදී මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 3 ක චෙක්පත් තුනක් ලබාදී ඇතැයි නිතිපතිවරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සදහන් කළේය.

 
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු සදහන් කරනු ලැබීය.
 
සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස්  සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් ඖෂධී පලිසේන යන අයවලූන් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සැකකරුවන් ලබන 21 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමටද අධිකරණය නියෝග කළේය.



අදහස් (19)

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් වෙතින් රාජ්‍ය අමාත්‍යවරයකුට මිලියන 3 ක චෙක්පත්

ජයරත්න Thursday, 07 June 2018 12:31 PM

දැන් ඉතින් රාජ්‍ය ඇමතිලා දිවුරුම් පෙත්සම් දෙයි පෝලිමට.

:       0       0

sirimal Thursday, 07 June 2018 01:18 PM

බී වාර්තාවේ තියෙන්නේ සුජීව සේරසිංහගේ නමලු. එතකොට අලෝසියස් ගෙන් ගත්ත සල්ලි විතරද ප්‍රශ්නය? මැතිවරණය දවසේ ඇලෝසියස් අරලිය ගහ මන්දිරයේ හිටිය බවටත් වාර්තාවක් පලවෙලා තියෙනවා. එයා හිටපු මහා බැංකු සභාපතිගේ "ක්‍රෙඩිට්" කාඩ් බිලත් ගෙවලාලු. මේ රටේ කොච්චර ධනවතුන් දේශපාලඥයින්ට සල්ලි දීල තියෙනවද? නිකන්ම නිකන් හිටපු අය ලංකාවේ දෙවෙනි සහ තුන්වෙනි ධනවතුන් උනේ කොහොමද කියලත් කතා බහ කලොත් තම වටින්නේ. දැන් පොලිස්පති පුජිත ජයසුන්දර එළවලා ඒ තනතුරට එස්.එම් වික්‍රමසිංහ පත් කර ගැනීමේ කුමන්ත්‍රණයක් දියත් කර තිබෙන බවත් කියනවා. එකලු අර නායකයින් දෙදෙනාම ඉස්සරහ අසූචි වළක සිටින පුද්ගලයෙකු පිළිබඳව වහෙන් ඔරෝ කතාවක් කියනවා ඇහුනේ.එහෙම උනොත් ඉදිරි මාස 2 ක් තුල ආණ්ඩුව බිඳ දැමීම සඳහා රට පුරා කඩාකප්පල් කාරී ක්‍රියා රැල්ලක් ක්‍රියාත්මක වෙන්නට ඉඩ ඇති බවයි කියන්නේ.

:       0       0

ගැබා Thursday, 07 June 2018 01:52 PM

අන්තිමට පර්පෙචුවල් පිටින් සියලු කුණු යවන්න පුලුවන්.

:       0       0

rasika Thursday, 07 June 2018 02:25 PM

මේ ඇමතිවරු ඔක්කොම ඉල්ලා අස්වෙන්න ඕනේ. ඔන්න දැන් තමයි හොරු ටික එළිවෙන්නේ..

:       0       1

Sanath Thursday, 07 June 2018 02:26 PM

බලාගෙන යනකොට බැඳුම්කර වංචාවට බලපුළුවන්කාර හැමෝම සම්බන්ධ කරගෙන තියෙනවනේ. සල්ලි දෙනවනම් අපායට වුනත් යන්න සූදානම් කියල කියන්නේ විහිලුවකට නෙමේ වගෙයි දැන් නම් හිතෙන්නේ.

:       0       0

සතයපාල Thursday, 07 June 2018 02:46 PM

දෑන් තමයි පෙරහැර පටන් අරන් තියෙන්නේ. ඔය එන්නේ කස කාරයෝ, නිළමෙලා අලි ඇත්තු තව පස්සේ කරළියට එයි. දැන් බැලුවම පසුගිය මහා මැතිවරණයෙදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම වියදම් කරලා තියෙන්නේ අර්ජුන ඈලෝසියස්ගේ සල්ලී ඒ කියන්නේ මහ බැංකුව කඩපු සල්ලී .

:       0       0

Bamunuarachchi Thursday, 07 June 2018 06:02 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙටලු

:       0       0

Chanak Los angeles Thursday, 07 June 2018 07:58 PM

මෙහෙම බෙදන්න කොහොම වංචා කර ඇතිද ? සුළු වැරදිවලට හිරගෙදර අච්චු විඳින මිනිසුන් නිදහස් කර මේ හොරකමට සම්බන්ධ සියල්ලන් හිරගෙදර යවන්න ඕනේ

:       0       0

surath Thursday, 07 June 2018 10:42 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට. කවරකුගේ ඉල්ලීමටද මේ ගෙවිම කරලා තියෙන්නේ?

:       0       0

Nishantha Thursday, 07 June 2018 11:41 PM

අර බැදුම්කරේ ගැන පොත් කියපු ඇමති වෙන්න ඇති.....

:       0       0

Lapaya Friday, 08 June 2018 12:25 AM

අනේ හොර බේරෙන්න පොත් ලියපු ෆුට් නෝට් ඇමතිතුමා..................

:       0       0

lalithsjm Friday, 08 June 2018 01:05 AM

එක එක දවස්වලට එක එක ප්‍රවෘත්ති මවනවා ඒත් කිසිම දෙයක් නීත්‍යනුකුලව වෙන්නේ නැ

:       0       0

gallage Friday, 08 June 2018 02:39 AM

අනේ අම්මේ...අතාරින්නෙම නැහැ, කොහොම කොහොම හරි කරලියට එනවා.. ඇත්ත නැත්තට පුර හඳ..............

:       0       0

kauda Friday, 08 June 2018 02:47 AM

පොත පල කරන්න අය කරපු ගාස්තුව වෙන්න ඇති. මේ හාල් කෑල්ලට වැඩියෙන් සල්ලි ගත්තු ලොක්කොත් ඇති නොවැ. ඒ කට්ටියගෙත් නම් ටික එළියට ගමුකෝ.

:       0       0

PA - RA Friday, 08 June 2018 02:48 AM

ඔයමල ඉලව්ව අහලා කියවලම අපිට එපාවෙලා, එකෙන් ඔය මල ඉලව්ව කියවල කාලේ නාස්ති කරන්නේ නැතිව රටේ දියුණුවට වැඩ කරමු, හොරකම වහන, ඒවාට උදව් කරන, මහා බලවතුන් වැඩියි, ඕක ඕක ගන්න බැරි අති විශාල මුදලක්, ලැබෙනවා නම් ලැබිල. එක නොලැබෙන නිසාත් එයින් රටේ යම් යම් බලවතුන්ට කොටස් ලැබුණ නිසාත් , මහා එකාගේ ඉදන් දුප්පත් හිගන්නාගේ ආහාර පතෙන් බදු අය කරගෙන එව පියව ගන්න කරුණක් බව අපි දන්නා නිසා, කාලය නාස්ති නොකර රට ගොඩ නැගීමට අපි සියලුදෙනා වගකීමෙන් කටයුතු කරමු .

:       0       0

Chandima Friday, 08 June 2018 03:08 AM

ඔන්න රටේ ජනතාවට බලාගන්න පුළුවන් ක්‍රමානුකුලව මේ රටේ දේසපාලකයන්ට මොන හොර සල්ලියක් ගත්තත් මොන ජරා වැඩක් කලත් එක වරදක් නොවෙයි, ඒක එහෙම තමයි, ඒකට අයිතියක් තියෙනවා, ඒක අභියෝග කරන්න බැහැ, ඒක හොයන්න ලේසි නැහැ, කලිනුත් ඕවා වුනා, හරියටම කියන්න කොමිසම් දාලා කල්ප කාලයක් තවත් හොයන්න ඕනි, ඒ නිසා ඔන්න ඔහේ අමතක කරලා වෙන වැඩක් බලාගමු, අඹ ගෙඩියක් කොස් ගෙඩියක් කඩපු කෙනෙක් අහුවුනොත් විතරක් හිරේ දාමු කියන මහා සිද්ධාන්තය.

:       0       0

PA - RA Friday, 08 June 2018 03:26 AM

මොව්න්ට දඩුවන් නැත මොකද මන්ත්‍රී වරු ඇමතිවරු, දියවන්නාවේ ආදිපාද වරු නිසා, පාඩුව විද ගන්න. නඩුත් හබත් තින්දුත් ඔඋන් ගේ

:       0       13

RaveendraFriday, 08 June 2018 03:46 AM

ඔබගේ අදහස් වලටගරු කරන්නෙමු. නමුත් "වරු නැත" හොරු ඇත. නිකරුනේ හොරුන්ට "වරු" යන වචනය භාවිතයෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       2

MAAR Fernando Monday, 11 June 2018 01:46 AM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 17 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 98 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 206 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 159 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 112 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 214 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 575 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site