(නිමල කොඩිතුවක්කු)
පරිපූරක වෛද්‍ය උපාධිධාරින් බඳවා ගැනීමට වහාම පිළියමක් යොදන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ අරගලයට පහරදී ගැටලුව යටපත් කරන්නට උත්සාහ කලහොත්, වර්ජන ක්‍රියා මාර්ගයක් ආරම්භ කරන බවත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.
සම සෞඛ්‍ය ශිෂ්‍යයන්ගේ ගැටලුවට පිළියමක් ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ව සීමාවාසික පුහුණුවට අනුයුක්ත කළ හැකි බවද එහි සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.
මුදල් අමාත්‍යාංශයට අමතර ප්‍රතිපාදන මේ සඳහා ලබාදිය නොහැකි නම්, පරිපූරක වෛද්‍ය වෘත්තිවේදී ඩිප්ලෝමාධාරීන් පුහුණුව සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන භාවිතා කිරීම සෞඛ්‍ය ලේකම්වරයාගේ එක පෑන් පහරකින් සිදු කළ හැක බවද ඔහු කීවේය.
වසර පහක පමණ කාලයක් තිස්සේ වෛද්‍ය රසායනාගාර ඩිප්ලෝමා පාඨමාලාවට සිසුන් බඳවාගෙන නොමැති බැවින් හා ඉදිරියේදී කිසිදු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෙකු ඩිප්ලෝමා පාඨමාලා සඳහා බඳවා නොගන්නා බැවින් එම ප්‍රතිපාදන මගින් සියලු ගැටලු විසඳාගත හැකිව තිබියදී බරපතල අර්බුදයක් නිර්මාණය කොට ඇතැයිද කුමුදේශ් මහතා සඳහන් කළේය.
උපාධිධාරීන් සීමා වාසික පුහුණට අනුයුක්ත කිරීමෙන් පසු රැකියාවට බඳවා ගැනීමේ ගැටලුව විසඳීම සඳහා මාස හයක කාලයක් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට තිබියදී, උපාධිධාරීන්ව පාරට බස්සවා, ඔවුන්ට පොලිසිය මගින් ප්‍රහාර එල්ල කර සිරගත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔහු කීවේය.
පරිපූරක වෛද්‍ය සේවාවේ අනුමත නිලධාරී සංඛ්‍යාව වසර විස්සකින් පමණ යථාවත් වී නොමැති බැවින්, දැනට අනුමත නිලධාරී සංඛ්‍යාව සේවාව පවත්වාගෙන යාම සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති බවද ඔහු සඳහන් කළේය.
අනුමත නිලධාරී සංඛ්‍යාව යාවත්කාලීන කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කර ඉදිරිපත් කරන ලද ඉල්ලීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගේ එක පෑන් පාරක් ලබා දිය හැකිනම්, කිසිදු විභාගයකින් තොරව මෙම සියලු උපාධිධාරින් සේවයට බඳවා ගත හැකි බවද කුමුදේශ් මහතා තවදුරටත් කීවේය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බව ෆැෆරල් සංවිධානයේ විධායක අධ්
මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගෙන් රතු එළියක්
සිල්වා Monday, 31 March 2025 04:02 PM
සියලුම වර්ජන අසාධාරණයි. රට ගැන හිතලා වැඩ කරමු.
ukran Monday, 31 March 2025 05:56 PM
සිල්වා එතකොට අර කෝවිඩ් 19 කාලේ කරපුවා...
සිල්වා Monday, 31 March 2025 06:22 PM
කෝවිඩ් 19 කාලයේ අපි හිටියේ විපක්ෂයේ. ඒක සාධාරණයි.