IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ප්‍රභාකරන්ගේ අරගලය සාධාරණලු

උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් සොයමින් කොටි සංවිධානය 30 වසරක් ගෙන ගිය ආයුධ සන්නද්ධ අරගලය සාධාරණ   බවත්, මෙහි සාධාරණත්වය වටහා ගනිිමින් එම අර්බුදයට පිළිගත හැකි දේශපාලන විසදුමක් ගෙන එ්ම රජයේ වගකීමක් බවත් නැතහොත් යළිත් නොසිතු අන්දමෙි ඉරණමකට මුහුණ දීමට සිදුවන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර් සමිබන්ධන් පැවසීය.

1979 වසරේදී තමන් පාර්ලිමෙින්තුවට තේරී පත්වීමෙන් පසු   එල්.ටී.ටී.ඊ   නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් දෙමළ ජනතාව සමඟ එක්වී එක්සත් අරගලයක් සිදු කළ යුතු බවට තමා සමඟ පැවසීයැයි ද ඔහු කීවේය.

කිලිනොචිචියේ ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ ප්‍රධාන කාර්යාලයයේ පැවති  සාකචිඡාවට එක්වෙමින් සමිබන්ධන් කීවේ කොටි නායක වෙිළුපිල්ලේ ප්‍රභාකරන් උතුරුනැගෙනහිර අර්බුදවලට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන එ්ම වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක නිරත වූ බවයි. එම අරගලය සාධාරණ අන්දමෙන් සිදුකල අරගලයක් බවත් හෙතෙම සදහන් කළේය.

ආයුධ සන්නද්ධ අරගලයෙන් තොරව සිය අර්බුදවලට විසදුමි හිමි වන ස්ථීර දේශපාලන විසදුමකට බලපෑම් කිරීමෙි අයිිතියක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඇති බවත්, මෙි සමිබන්දයෙන් තමන් ද ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මහතා හා සාකචිඡා කරන බවත් සමිබන්ධන් මහතා සදහන් කර සිටියේය.

සාකචිඡා මාර්ගයෙන්ම මෙම අර්බුදයට ස්ථීර විසදුමක් ගෙන ආ යුතු බවත්, මීට මුස්ලිමි ජනතාව වෙනුවෙන් ඔවුනගේ නියෝජිතයින්ද දායක විය යුතු බවත් මෙම අර්බුදයට විසදුමි ගෙන එම පැහැර හැරයහොත් නොසිතු අන්දමෙි ඉරණම්වලට යළි මුහුණ දීමට සිදුවනු ඇති බවටත් සමිබන්ධන් අනතුරු ඇගවීය.

තවද උතුරු නැගෙනහිර ජනතාව කිසිවිටක අමතක කර නොමැති බවත් එම ජනතාව ප්‍රතික්ෂේප කරන දේශපාලන විසදුමක් කිසිසේත්ම පිළිනොගන්නා බවත් එම ජනතාව පිළිගන්නා ආකාරයේ විසදුමක් කෙසේ හෝ ගෙන එන බවත් විපක්ෂ නායකවරයා සදහන් කර සිටියේය.



අදහස් (0)

ප්‍රභාකරන්ගේ අරගලය සාධාරණලු

චානක - ලොස්ඇන්ජලිස් Tuesday, 19 April 2016 12:35 PM

ශානක 100% හරි. ගරු විපක්ෂ නායක තුමාගේ පණිවිඩය රටේ ජනතාව තේරුම් ගන්න ඕනේ. අපි මෛත්‍රී මහතා ජනාධිපති කළේ රටට සංහිඳියාව හා සහජීවනය ගේන්න. (බ)

:       0       0

බන්දුල Tuesday, 19 April 2016 12:40 PM

ලොකු උන්නැහේ නැවතත් මේ රට විනාශ නොකර මිනිසුන්ට නිදහසේ ඉන්න දීලා කට පියාගෙන හිටියොත් හොදයි. මිනීමරුවෝ දෙමල වුනත් සිංහල වුනත් බැට කන්නේ (බ)

:       0       0

උදිත සංජීව Tuesday, 19 April 2016 06:16 AM

අායෙත් අවුලවා ගන්න හදන්නේ. ඔක්කොමටම යුද්දෙන් පිච්චුනා මදිවෙලාද ? (බ)

:       0       0

නිහාල් Tuesday, 19 April 2016 06:19 AM

ද්‍රවිඩ සන්ධානය එදා පෙනී සිටියේත් කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන්,අද පෙනී සිටින්නේත් ඔවුන් වෙනුවෙන්.මෙය එදා සිටි නායකයින් තෙරුන්ගෙන සිටියාට අද නායකයින් එය තෙරුන් නොගැනීම තමයි ප්‍රශ්නය. (බ)

:       0       0

ජයකීතන් රාමනාදන් Tuesday, 19 April 2016 06:23 AM

ද්‍රවිඩ ජනතාවට ඇති ප්‍රධාන ගැටලුව දැරිය නොහැකි බඩු මිලයි. මෙය ද්‍රවිඩ ජනතාවට පමණක් නොව සිංහල ජනතාවටද පොදුය. මන්ත්‍රී පර්මිට් වැනි ප්‍රකෝටි ගණනින් ලබාදෙන අනවශ්‍ය දීමනා නවත්තවා බඩු මිල අඩු කරවා ගැනීමට සිංහල දමිල මුස්ලිම් සියලු දෙනා එකා වගේ එකමුතු විය යුතුයි. (බ)

:       0       0

ගයාන් Tuesday, 19 April 2016 06:52 AM

අමතක කරන්න එපා. ඔය කථා කරන්නෙ විපක්ෂ නායක. දැන් ඔය කථා වලට ඉස්සරට වඩා ජාත්‍යන්තරේ පිළි ගැනීමක් තියනවා..(ම)

:       0       0

ලක්මාල් Tuesday, 19 April 2016 06:54 AM

නිතරම දකුණේ සිංහල අන්තවාදීන්, අන්තවාදීන් කියන ජනාදිපතිතුමා මේ ගැන මොකද කියන්නේ (ම)

:       0       0

අර්චාර්ය සිරිලාල් Tuesday, 19 April 2016 06:57 AM

නැවතත් අපි සුදානම්. (ම)

:       0       0

සඳරුවන් Tuesday, 19 April 2016 07:10 AM

දකුණේ ජනතව විරුද්ධ වෙන තීන්දුවක් උනාට කමක් නැද්ද මහත්තයෝ?(කෞ)

:       0       0

චන්ද්‍රා Tuesday, 19 April 2016 07:14 AM

1977 අමිර්තලිංගම් විපක්ෂ නායක වෙලා රට තිස් අවුරුදු යුද්දෙකට ගියා. අනේ මන්ද මේ පාර මොනව වීවිද කියලා.(කෞ)

:       0       0

සුදේෂ් Tuesday, 19 April 2016 07:23 AM

ප්‍රබකරන්ට උන දේ මෙයත් බලාපොරොත්තු වෙනවා වගෙයි (ම)

:       0       0

අසාද් Tuesday, 19 April 2016 07:48 AM

හැම නායකයෙක්ම තම ජාතියට ආදරයක් නැහැ.ඒ අය ඒ ජාතියේ ජන්ද බලාගෙන ප්‍රකාශ කරනවා.මෙහෙ ඉන්න ඇතැම් අය ඒවා තමන් බලයට පත් වෙන්න පාවිච්චි කරනවා. (බ)

:       0       0

සනත් Tuesday, 19 April 2016 07:48 AM

ලක්මාල් ඔබ හරියටම හරි. (බ)

:       0       0

සරත් Tuesday, 19 April 2016 07:51 AM

මේවට උත්තර දෙන්න ගියහම අපිට ජාති වාදියෝ කියනවා .හැබෑටම ,පිට කොන්දක් නැති යහාපාලනයත් ඉතින් කට පියාගෙන ම ඉන්නවා . එක පාරක් රට ගිනි තියුව මදිවෙලාද කොහේ දෝ .(බ)

:       0       0

සුසිල් Tuesday, 19 April 2016 07:52 AM

මුන් අායිත් සෙල්ලම් කරනවා මහින්ද නැති නිසා (බ)

:       0       0

තබුක් සිල්වා Tuesday, 19 April 2016 07:54 AM

කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි. වැඩිම වුණොත් ජීවත් වීමේ කාලය කෙටි බවනම් කිව යුතුයි (ම)

:       0       0

තිලක් - නුවර Thursday, 21 April 2016 04:08 AM

තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට එයි. මේවට වග කියන්න ඕනේ යහපාලනයට ඡන්දය දුන් අපේම අය....දැන් ඇස් උඩදාගෙන හිටපල්ලා (බ)

:       0       0

මුණසිංහ Tuesday, 19 April 2016 09:10 AM

මහින්දගේ අඩුව දැන්වත් පේනවද? හෙට අනිද්දාට අපිට අාපහු මුල ඉදන් පටන් ගන්න වෙයි. (හේ)

:       0       0

සාගර Tuesday, 19 April 2016 09:46 AM

තරහ ගන්න එපා මහතුනි මේ තමයි සංහිඳියාව. (හේ)

:       0       0

පතිරණ Tuesday, 19 April 2016 09:48 AM

දැන් හරි නේද?

:       0       0

කපිල Tuesday, 19 April 2016 09:49 AM

කාට කාටත් දැන් පැහැදිලි වෙයි.(හේ)

:       0       0

ගිහාන් Tuesday, 19 April 2016 04:05 PM

කලින් එකාට වුන දේම තමා මුටත් වෙන්නේ (බ)

:       0       0

බාබරා Tuesday, 19 April 2016 10:03 AM

මේ හඬ ඇසෙන්නේ අල්ලපු රටෙන් අපේ ගරු අගමැතිතුමාට කෙරෙන විරෝධය කරුණාකර කල්පනාකාරිවන්න (බ)

:       0       0

ශානක Tuesday, 19 April 2016 10:06 AM

‘ආයුධ සන්නද්ධ අරගලයෙන් තොරව‘ සම්පූර්ණ ප්‍රජාතාන්ත්‍රික මතයක්. හැමෝටම තමන්ගේ මතය ඉදිරිපත් කරන්න ඉඩ තිබිය යුතුයි. (බ)

:       0       0

සමන් Tuesday, 19 April 2016 10:21 AM

රටේ විපක්ෂ නායකයා 40000ක් අමුවෙන් වෙඩිතියල කපල කොටල මරල 60000 ක් විතර අබ්බගාත කරල 50000 ක් විතර කාන්තාවො වැන්දඔුවන් කරපු මිනීමරුවකු ගැන මේ කියන කතාව නපුංසකයකුට හැර මේ රටේ ජීවත්වන පුද්ගලයෙකුට අනුමත කළ හැකිද (බ)

:       0       0

ජයන්ත Tuesday, 19 April 2016 10:23 AM

දැන් කොහොමද වෙනස? මහින්ද නැති එකේ පාඩුව තවම තේරුනේ නැහැ. හැබයි වැඩි කලක් යන්න කලින් අපි සැමටම තේරෙනවමයි. ඒක නියතයි. (බ)

:       0       0

ජයන්ත Tuesday, 19 April 2016 10:24 AM

ඒක තමය ඒගොල්ල දැන් ආයුධ එකතු කරන්නේ.(ම)

:       0       0

ලංකා Tuesday, 19 April 2016 10:31 AM

මෙම කතාව කිසිවිටකත් සැහැල්ලුවෙන් තකන්න එපා, එදත් සිංහලයට වැරදුනා, අදත් සිංහලයට වරදින්න යන්නේ. මෙවැනි ප්‍රකාශ සම්බන්දයෙන් නිදහසට කරුන් ඇසීම පාර්ලිමේන්තුවේ වගකීමයි. පැහැර නොහරින්න. (අ)

:       0       0

පී. ඉලංගරත්න Tuesday, 19 April 2016 10:46 PM

පහුගිය කාලේ ඔය සද්ද තිබුනේ නැහැ නේද? සැබෑ වෙනසකට මුල පුරන්න වාගේ හදන්නේ. (නි)

:       0       0

කරුණාරත්න පෙරේරා Tuesday, 19 April 2016 10:47 AM

මෙයා කොටියම තමා. ප්‍රභාකරන් ආනන්ද සංගරීව බලයෙන් එලියට එදා දලා ටී එන් ඒ එකේ නායකයා කළේ නිකමටයි.(අ)

:       0       0

චින්තක Tuesday, 19 April 2016 11:20 AM

ඉන්දියාවේ දෙමළ ජනතාවා කෝටි ගණනක්‌, මැලේසියාවේ ඉන්නේ ඉතා විශාල දෙමළ ජනතාවක්‌, සිංගප්පූරුවේ ඉන්නේ විශාල දෙමළ ජනතාවක්‌, අපේ ඉන්නේ ලක්‍ෂ 10 ක්‌ විතර ඉතා සුළුතර දෙමළ ජනතාවක්‌ දෙමළ ජනතාවට රටක්‌ නැති වුණ පළියට මේ රටේ ජනතාව පලිද, කොන්දක්‌ නැති නායකන් බිහි කරන එකේ පව් තමයි අපි හැමදාමත් අත් වින්දේ. (බ)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Tuesday, 19 April 2016 11:31 AM

නැතුව නැතුව හැබැයි මතක තියා ගන්නවා ලොකු උන්නැහේ මහින්ද රාජපක්ෂ නම් වු ඒ සද්දන්තයා තාම ඉන්නව. කට පරිස්සන් කරගත්තොත් හොදයි නැත්නම් ප්‍රබා ලොක්ක ගිය දිහාටම ඉක්මනටම වීසා ලැබෙයි (බ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 20 April 2016 09:11 PM

යහපාලනයේ රැස් විහිදේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 193 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 557 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 511 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 519 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1218 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 465 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site