IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


‘ප්‍රභාකරන්ට බැරිවූදේ දේශපාලනයෙන් කරනවා‘

ප්‍රභාකරන්ට බැරිවූදේ දේශපාලනය මගින් කරගැනීමට ඇතැම් පිරිස් දැන් සැරසෙන බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා අද (5) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති දේශය සුරැකීමේ ජාතික සුරැකීමේ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ දේශනයක දී පැවසීය.

‘අලුතින් ගෙන ඒමට සැරසෙන ව්‍යවස්ථා මර උගුල පටන් ගත්තේ ප්‍රභාකරන් මැරුණු දවසේ ඉඳලා. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් අපි මේ ව්‍යවස්ථාව ගෙන ඒමට විරුද්ධව කටයුතු කළ යුතුයි. සමහර පිරිසක් මේ පිළිබඳ දැනුවත් නෑ‘ යැයි ද ඔහු කීවේය.



අදහස් (0)

‘ප්‍රභාකරන්ට බැරිවූදේ දේශපාලනයෙන් කරනවා‘

චානක Thursday, 05 January 2017 07:02 PM

ජාතිවාදය අවුලන්න එපා... (නි)

:       0       0

සෙනෙවි Thursday, 05 January 2017 09:53 PM

අනේ මේ රටට සාමය සහ සියළු ජනතාවගේ අයිතීන් ලබාදීමේදී විරෝධය පා කොරහේ කිඹූලන් දකිමින් කරන කටයුතු නතර කරන්න. රටට සාමය අවශ්‍යයි. (නි)

:       0       0

රවින් Friday, 06 January 2017 10:52 AM

ලංකාවේ දේශපාලනේ කියන්නේ අවස්ථාවදියෝ. (ර)

:       0       0

ඩිලාන් Friday, 06 January 2017 01:19 AM

අනාවැකි නම් මමත් දැන් දශක ගණනාවක සිට අහනවා. තවම නම් එකම අනාවැකියක්වත් හරිගියේ නැත. (නි)

:       0       0

සුරනිමල Friday, 06 January 2017 01:22 AM

නැවත යුද්ධයක් ඇතිවුවහොත් පෙරමුණට යන්නේ ඔය කෑගසන අයගේ දරුවන් නොවන බවද, එසේ යන්නේ අසරණ දුප්පත් සිංහල දමිළ මුස්ලිම් දෙමව්පියන්ගේ දරුවන් බවද සිත්හි තබා ගතයුතු කරුණකි (නි)

:       0       0

කුලසේකර Friday, 06 January 2017 02:04 AM

සුරනිමල, 2009 මහින්ද රාජපක්ෂ රජය පරාජය කළේ ත්‍රස්තවාදයයි. ගුණදාස අමරසේකර ශුරීන් කියන්නේ හරි දෙයයි. මහා ත්‍රස්තවාදියාට කරන්න බැරිවුණ දේ අද පාර්ලිමේන්තු ත්‍රස්තයන් කරන්න හදන්නේ. මේ පුංචි රටට මොන ව්‍යවස්තාද? තියන නීති තුළ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්. එදා ජනපතිට විධායක බලය නොතිබුනා නම්, ත්‍රස්තයන් පරදන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා සිංහලයන්ට තියන එකම රට බෙදන්න කවුරුහරි උත්සාහ දරනවා නම්, එ්කට විරුද්ධ වෙන්න ඕනෑ (නි)

:       0       0

බන්දුල Friday, 06 January 2017 02:12 AM

කට බොරු කිවුවත් දිව බොරු කියන්නේ නැහැ කියන්නේ මේක තමා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 06 January 2017 02:18 AM

ගුණදාස අමරසේකර මහත්තයා කවදත් කියපු කිසිදෙයක් වුණේ නැහැ. එයා කියපු සේරම දේවල් එක අන්තයකින් දකින දේවල් මිසක් ස්වාධීන මත නොවෙයි (නි)

:       0       0

නිශාන්ත Friday, 06 January 2017 02:34 AM

මෙතුමා හැමදාමත් කිවුවේ මේ වගේ දේවල්මයි (නි)

:       0       0

නිමල් ලලිත Friday, 06 January 2017 02:50 AM

මේ සිංහල අයිතිය අසිංහලයනට පාවාදෙන්න හදනවුන් කුමන හේතුවක් නිසාවත් තම පවුලට කරදරයක් වෙන්න දෙන්නේ නැතුව රැක ගන්නවනේ. ඒ වගේ තමා අපිත් මේ සිංහල රට රැකගන්න හදන්නේ. දැන් අහන්න එපා මම හමුදාවට ගියේ නැත්තේ මොකද කියලා. මම එක වරක් කැඩෙට් නිළධාරියෙකු වශයෙනුත්, වරක් ගුවන් හමුදා පියාසර නිලධාරියෙකු වශයෙනුත් තේරී, එහෙත් මගේ එදා සිටම තිබු මේ ජරා කට සහ දෙමළ විරෝධය නිසා,පොලිස් වාර්තාව අසතුටුදායකවී එම අවස්ථාව නැතිවූ කෙනෙක්. යම් විදිහකින් එදා මට අවස්ථාවක් ලැබුනා නම් අද යුද ඉතිහාසය මීට වෙනස් වන්නටත් ඉඩ තිබුනා. මම අද මහල්ලෙකු වශයෙන් සිංහල ද්‍රෝහියන්ගෙන් පළිගත හැකි ආත්මයක් මගේ මරණින් පසු ලැබේවා යනුවෙන් පතන කෙනෙක්. (නි)

:       0       0

විමලරත්න Friday, 06 January 2017 03:06 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

අතුල Friday, 06 January 2017 03:34 AM

කුලසේකර, මෙයා කියන්නේ හරි දේ නම් ඔයා මෙයාගෙන් අහලා බලන්න මෙයාගේ දරුවෝ කී දෙනෙක් යුද්දෙට ගියාද කියලා. අනෙක පාර්ලිමේන්තුවේ හැම ජනතාවක්ම නියෝජනය කරන ජනතා නියෝජිතයෝ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 06 January 2017 03:41 AM

වෙස් මුහුණු බැඳන් ආවට අපි නැහැ රැවටෙන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 06 January 2017 03:59 AM

චානක, අපේ ජාතිය රට ගැන කතා කළොත් ඒක ජාතිවාදයද? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 06 January 2017 04:00 AM

සෙනෙවි, සාමය අවශ්‍යයි කියල රට පාවාදෙන්න හදන්න එපා. දුන්නොත් අපසු ගන්න බැහැ. ඉඩම් බලතල සහ පොලිස් බලතල දෙන්න එපා. අපි සිංහලයෝ එයට විරුද්ධයි (නි)

:       0       0

නුවන් Friday, 06 January 2017 04:09 AM

රටක් ගැන අනාවැකි කරන්නේ අවුරුද්දකට දෙකකට නෙමෙය්. අවුරුදු විස්සකට,පනහකට, සීයකට. මේවා කාලගුණ අනාවැකි වගේ නෙමෙයි. (ම)

:       0       0

ඉමේෂ් Friday, 06 January 2017 04:45 AM

අනේ ඇත්තද (හේ)

:       0       0

ඇසල Friday, 06 January 2017 05:43 AM

මොනවද මේ නිකන් තේරුමක් නැති කතා ? මේවා ඒකාධිපති වාදයට රුකුල් දෙන ඒවා, ඔබ එදත් කිව්වේ ඕවා, දැනුත් එ්වමයි, බොරු නැතිව ඉන්න මහත්තය.(බ)

:       0       0

සුසන්ත Friday, 06 January 2017 07:20 AM

මට තිබෙන ගැටලුව තමයි ඔය කියන දෙමළ ජනයාට තිබෙන දේශපාලන ගැටලුව කුමක්ද කියන එක. ඔය ඔවුන් විදින මුහුණදෙන බොහෝ ගැටලුවලට සිංහල ජනයාත් මුහුණ දෙනවා.ඔවුන්ට අවශ්‍ය ඔවුන්ට කියා රටක් කෙසේ හෝ නිර්මාණය කරගැනීම පමණි. (ම)

:       0       0

චින්තක Friday, 06 January 2017 07:35 AM

අතුල, මෙයා කියන දෙය හරි කියලා අද ලංකාවේ පොඩි දරුවෙක් පවා තේරුම් අරගෙන තියෙන්නේ.පර ගති තියෙන නිවටුන් රට පාලනය කරන තාක් කල් උතුරේ සමහරු ප්‍රබාකරන්ගේ සිහිනය දකින්න බලාගෙන ඉන්නවා. ඔක්කොම සිංහල මිනිසුන්ගේ දරුවන් යුද්දෙට යනවා කියලා දෙයක් නේ. යුද්ද කෙරුව රණ විරුවෝ අප සේවොමගේම දරුවෝ (බ)

:       0       0

විපුල Friday, 06 January 2017 07:46 AM

ඇත්තටම අලුත් ව්‍යවස්ථාවක් ඔබට , මට අවශ්‍යද? මේවා තනිකර බලය ආරක්ෂා කරගන්න උපාය මාර්ග. මේවාට කොපමණ මහජන මුදල් වැය කරනවද. මීට වඩා හොද නැද්ද රටේ ප්‍රවාහන කෘෂිකර්මාන්තය ධීවර කර්මාන්තය වැනි ජනතාවගේ ජීවන තත්වය උසස් වන දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න. (බ)

:       0       0

බමුණු Friday, 06 January 2017 07:56 AM

ප්‍රභාකරන්ට බැරිවූදේ දේශපාලනයෙන් කරනවා එ්ක අපට පැහැදිලිව පෙනෙනවා. එ්ක තේරුම් ගන්න බැරි අය අපි අතර බොහොම ඉන්නවා. මොනවා කොරන්නද අපේම කරුමේ. තමන්ට පුද්ගලිකව කරදරයක් නැතිනම් රට මොකට ගියත් ඒගොල්ලන්ට කාරිනැත .(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1187 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2125 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 294 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 935 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9184 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3347 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 348 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site