IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ප්‍රභාකරන් ගැන පැමිණිලි කුණු කූඩේ

කුවේටයේ පවිත්‍රතා කටයුතුවල නියැලෙන ආයතනයක සේවකයන් පිරිසක් එම සමාගමට අයත් බව කියන බසයක කොටි කොඩි ගසා ගෙන  කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව  ප්‍රදර්ශනය කරමින් කුවේටයේ අගනුවර පුරා සැරිසැරූ බව එරට ශ්‍රී ලාංකිකයෙක් දුරකතනයෙන් එසැණට දැන්වීය.

එම බසයේ ඉදිරිපස ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් ද, පිටුපස කොටි ලාංඡනය ද දක්නට ලැබුණු බව ඔහු පවසයි.

ඒ ගැන කුවේට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට දැන්වූ විට එය පොලිසියට දැනුම් දෙන්නැයි එහි නිලධාරියකු පැවසූ බවත්, ශ්‍රී ලංකාවේ පොලිස් මූලස්ථානයට දැන්වූ විට ඒ බව ජාත්‍යන්තර පොලිසියට දන්වන ලෙස පැවසූ බවත් එම ලාංකිකයා කීවේය.

තම ජංගම දුරකතනයේ මුදලුත් අවසන් වන තුරු  එහාට මෙහාට කතා කළත් වැඩක් නොවුණු බව ඔහු කියයි.



අදහස් (0)

ප්‍රභාකරන් ගැන පැමිණිලි කුණු කූඩේ

පොනිල් Wednesday, 04 December 2013 04:10 AM

මෙහේ තානාපතිකම් වලට සුදුසු ආමි එකේ හිටපු නිලධාරීන් කියලයි අපි නම් කියන්නේ (නි)

:       0       0

ඉෂාක් Tuesday, 03 December 2013 06:21 PM

මේ අය ලංකාවේ උන් නම් පුරවැසි භාවය නැති කරන්න ඕනේ මින් මතුවට ලංකාවට කකුල තියන්න බැරි වෙන්න (නදී)

:       0       0

කිර්ති Tuesday, 03 December 2013 07:21 PM

මෙන්ඩිස් ඔබ හරි. (නදී)

:       0       0

චාන්දනී Tuesday, 03 December 2013 07:29 PM

කලබල වෙලා එහෙට මෙහෙට කෝල් කරලා වැඩක් නැහැ. පුළුවන් නම් ඕව කරන අයගේ ෆොටෝස් ටිකක් සාක්ෂි එක්කම අරගෙන ආරක්ෂක ලේකම් තුමාට එවන්න. ඔවුන් ලංකාවේ අය නම් අපහු එන දවසක රටට ඇතුල් වෙන්න කලින්ම ආපහු හරවලා යවන්න පුළුවන් වෙයි. කුවේටයේම ඊලම හදාගන්න. (නදී)

:       0       0

සංජීව Tuesday, 03 December 2013 01:50 PM

පේනවනේ ලංකාවේ උන්දලාගේ තත්වය. (ස)

:       0       0

මොරාල Tuesday, 03 December 2013 01:54 PM

ඔය වැඩේ කරපු එවුන්ගේ පින්තුරය අරන් එවන්ඩ. ආපු දෙන්කෝ ලංකාවට මෝඩයෝ ටික. (ස)

:       0       0

අමිළ කටුනායක Tuesday, 03 December 2013 07:50 PM

ඔබ තුමා අතිජාත අභිමානවත් පුතෙක්. (නදී)

:       0       0

චන්න Tuesday, 03 December 2013 01:59 PM

ගණන් ගන්න එපා.දැන් ප්‍රභා කුණු කුඩේ. (ස)

:       0       0

මෙන්ඩිස් Tuesday, 03 December 2013 02:03 PM

සාමාන්‍ය ජනතාවට රට ගැන ඇති ආදරය හා කැක්කුම ඉහල නිලධාරීන්ට හා දේශපාලකයින්ට නොමැත. ඔවුන්ට ඇත්තේ තමන්ගේ හා පවුලේ ඉදිරි පරම්පරා වල සුඛ විහරණය පිලිබඳ වූ "පර්සනල් ටාගට්" පමණි. (ස)

:       0       0

කමල් Tuesday, 03 December 2013 02:04 PM

කොටි සංවිධානය ලංකාවේ තහනම් සංවිධානයක් වගේම ත්‍රස්තවාදී සංවිධානයක්.එය විමුක්ති සංවිධානයක් නොවේ. මේ අයව ලංකාවට නැවත පැමිණෙන විට අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාගෙන කටයුතු කරන්න බලධාරීන්ගේ ඇස් ඇරේවා. (ස)

:       0       0

ලුම්බිණි Tuesday, 03 December 2013 02:11 PM

කුවේටයේ නීති කඩ කරලා නම් විතරයි ප්‍රශ්නය. (ස)

:       0       0

සත්‍යයා Wednesday, 04 December 2013 08:21 AM

නෝනිස් මහත්තයා මුළු ජීවිතේටම කොටි ගැන එක කතාවක් කරලා කලින් ඔතන ඉඳන් බිස්නස් කරපු වෙන රටවල හොරෙන් රැකියා කළ තානාපති වරුනුත් බේරාගත්තා. අනුල මොනවාද ලෝකයේ වෙන දේවල් ගැන දන්නේ? (නදී)

:       0       0

මනෝජ් Tuesday, 03 December 2013 02:21 PM

මෙන්ඩිස් ඔබගේ කතාව හරියටම හරි...... (ස)

:       0       0

අනු Tuesday, 03 December 2013 02:37 PM

එංගලන්තයේ ඉන්න ලංකාවේ තානාපතිලා වගේ අය තමයි අපට ඉන්න ඕන. හොද දක්ෂ ජනතාවට රට ගැන ඇති ආදරය හා කැක්කුම ඇති අය දාන්න ඕන. (ස)

:       0       0

සේරම් Wednesday, 04 December 2013 08:31 AM

ලංකාවේ ගඳ ගහන ප්‍රශ්නවලට අත දාල නිකන් කාලය කන්න ඒ රටවල මිනිස්සුන්ට පුරුදු නෑ. ඒකනේ එයාල එතන ඉන්නේ අපි තාමත් මෙතැන පල්වෙන්නේ. (නදී)

:       0       0

ආරියසේන Tuesday, 03 December 2013 08:38 PM

වේදමහත්තයෝ,එක නම් ඇත්ත ,ඒ අයගෙන් රට වෙනුවෙන් යමක් වෙනවා නම් බොහෝ අල්පයි. රටක් ගැන කැක්කුමක් නැති සුද්දන්ට ගැතිකම් කර ලංකාවේ පුරවැසි බාවය ලබාගත් කොටසක් තමා බොහෝ මැද පෙරදිග රටවල් වලට පත්කර සිටින්නේ .(නදී)

:       0       0

මාටින් Tuesday, 03 December 2013 03:06 PM

එංගලන්තයේ අගමැති අපිට හොඳට කියල ගියේ තානාපතිගේ ඇති විශිෂ්ට බව නිසා වෙන්න ඇති. මොලේ තියෙන, කැපවීමෙන් වැඩ කරන, පලපුරුදු අය මේවට දාන්න ඕන. (ස)

:       0       0

සරත් පර්ත් Tuesday, 03 December 2013 03:17 PM

රට ගැන අවංක ආදර කැක්කුමකින් සේවයකරන තානාපතිවරුන් ඉන්නේ ටිකදෙනයි. ඔවුන්හට මගේ ප්‍රණාමය. වැඩිදෙනෙක් කරන්නේ පැසිපන්දු ක්‍රීඩාව.(නදී)

:       0       0

දිලංක Tuesday, 03 December 2013 09:18 PM

තමන් ජීවත්වන රටක හෝ රැකියාවක් කරන රටක සිට තමන්ගේ අදහස් අයුතු ජන රාශියකින් තොරව නිදහසේ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අප රටේ නොමැති වූවාට වෙනත් රටවල ඇත මානව හිමිකම් යනු එයයි(නදී)

:       0       0

කුවෙටී Tuesday, 03 December 2013 03:30 PM

වෙනත් රටක සිදුවීමක් ඕනෑම කෙනෙකුට ඕනෑම විදියට පින්තූර ගසාගෙන යන්න පුළුවන්. අපේ නීති රටේ නැති උනත් අපේ රට ඇතුලට පමණි කුවේටයට අදාල නොවේ .පළමුව රටේ මිනිසුන් නායකන් නීති රට තුල ක්‍රියාවේ නැගිය යුතුය.(නදී)

:       0       0

වෙදමහත්තයා Tuesday, 03 December 2013 03:33 PM

ඔය මැද පෙරදිග සිටින තානාපති නිලදාරීන් බොහෝ දෙනෙක් ලංකාව වෙනුවෙන් කිසිම දෙයක් කරන අය නොවේ . ඔවුන්ගේ කාලය තුල උපරිමයට මුදල් සොයා ගැනීම මිසක් . (නදී)

:       0       0

විරාජ් කාලිංග Tuesday, 03 December 2013 03:36 PM

රට ගැන කැක්කුමක් තියෙන ශ්‍රී ලාංකිකයා ගැන ආඩම්බරයි.ඔහොම තමයි තානාපති සේවාව අද කාලේ. විදේශ අමාත්‍යංශයෙන් පත් කරලා යවන නිලධාරීන් එහෙ ගිහින් කරන්නේ වෙන වෙන පෞද්ගලික වැඩපල. කුවේට් පොලිසියට කරන්න දෙයක් නැහැ. ඒ උදවිය දැනුවත් නැහැ කොටි ගැන, උන් හීනෙන් සතුටු වෙනවා ඇති ඔහොම ඇවිදිලා. උන් දන්නේ නැතුව ඇති අනුන්ගේ කුණු බක්කි වැසිකිලි අදින්න අද සිද්ධ උනේ උන්ගේ මහ ලොකු කොටි හින්ද කියලා. ඉගෙනීමක් ලබන්න පුළුවන් කමක් තිබ්බ නම් අද ඔහොම ඉන්නවද, (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 03 December 2013 09:32 PM

කොටි සංවිධානය මේ තරම් පිට රටවල ව්‍යාප්ත වෙන්න එක හේතුවක් තමඊ අපේ දුර්වල තානාපති සේවය. මෙහි මුල්තැන දෙන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද මත නොව දේසපාලන හැදුනුම මත සහ නෑ හිතවත් කම් උඩය. එම නිසා මෙහි නිතර මුල්තැන ගන්නේ වැඩ බැරි මිනිස්සුය . රටේ බදු ගෙවන ජනතාව කර ගහන්නේ අනුන්ගේ පවු වලටය.(නදී)

:       0       0

දම් Wednesday, 04 December 2013 09:30 AM

ඉතින් අපේ මොකෝ...මං හිතන්නේ ළඟදීම කුවේට් වලින් කෑල්ලක් ඉල්ලන්න වෙන්න ඇති ලෑස්තිය...මරේ මරු..... (ස)

:       0       0

සංජීව Tuesday, 03 December 2013 04:03 PM

කුවේටයේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්නේ මෙහි වැඩ කරන ශ්‍රමිකයන් වැරදි වැඩක් කලොත් විතරයි..ශ්‍රමිකයන්ට සාධාරණයක් මේ කුවේටයේ කිසිම දවසක වෙලා නැහැ....!මමත් ඉන්නේ කුවේටයේ තමයි...! (ස)

:       0       0

රනිල් Tuesday, 03 December 2013 04:05 PM

ඔහේ පලයන් මාටියා,.කැමරන් නවත්වන්න තානාපති කෙනෙකුට පුලුවන්ද?.......ගොන් කතා (ස)

:       0       0

දිසානායක Tuesday, 03 December 2013 04:08 PM

මහත්තයා ඔබ තුමා වාහනේ අංකය ලබා ගත්තා නම් ඵල කරන්න. පේනවා නේද නිලධාරී නරියන්ගේ හැටි (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 03 December 2013 10:19 PM

ත්‍රස්තවාදියාට නිදහසේ පිටරට වලදී සංවිධානය වීමට ඉඩනොදිය යුතුයි. මෙවැනි දේවල් සංවිධානය කිරීමට පළපුරුදු විෂය පිළිබඳ දැනුමක් ඇති නිලධාරීන් වුවමනාය. (නි)

:       0       0

දනජ්ලි Tuesday, 03 December 2013 04:40 PM

ඔය ආයතන වල ගොඩක් වැඩ කරන්නේ ඉන්දියාවේ අය සමහර විට ඒ දෙමල අය මේක කරනවද දැන් නැ. ටිකක් මේ විදියටවත් දැන ගැනීමකින් තානාපතිතුමා යම්කිසි ක්‍රියා මාර්ගයක් ගන්න කටයුතු කරාවී නේද ?? (ස)

:       0       0

ධනංජලී Tuesday, 03 December 2013 04:40 PM

ඔය ආයතන වල ගොඩක් වැඩ කරන්නේ ඉන්දියාවේ අය. සමහර විට ඒ දෙමළ අය මේක කරනවද දන්නේ නැහැ. ටිකක් මේ විදියටවත් දැන ගැනීමකින් තානාපතිතුමා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරාවී නේද .(නදී)

:       0       0

ෆෙෂීක් Tuesday, 03 December 2013 05:22 PM

ලුම්බිණි නිවැරදි, මාටින් පහුගිය දිනවල කොහෙද හිටියේ.(දිල්)

:       0       0

කින් බෙනට් Tuesday, 03 December 2013 05:30 PM

මෙයා කරන්න ඕන කාරිය නෙමෙයි නේ කරලා තියෙන්නේ ... අරාබියේ නම් ඉස්සෙල්ලම කෝල් කරන්න ඕන අරාබි පොලිසියට නේ ...අපරාදේ නිකන් කෝල් වලට සල්ලි වියදම් කලේ ..තානාපති කාර්යාලයටයි , ශ්‍රී ලංකා පොලිසියටයි අරාබියේ පොලිස් බලතල තියෙනවා කියල හිතපු එක මොන මෝඩකමක්ද?(දිල්)

:       0       0

ඉන්දු ලංඩන් Tuesday, 03 December 2013 05:47 PM

මොකටද මේ වගේ තානාපති නිලධාරීන්...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 836 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 744 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 156 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1015 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 202 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1207 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site