IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන‘ - කරුණා කියයි

කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා දියණිය ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මිය ගිය බවත් හිටපු කොටි නායකයකු හා නියෝජ්‍ය ඇමැතිවරයකුවූ කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් ඉන්දීය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

‘පුදියතලමුරෙයි‘ රූපවාහිනී නාලිකාව සමග ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

‘කොටි සංවිධානයේ හමුදාව භාර සේනාධිපති හැටියට මා කටයුතු කළා. නෝර්වේ සාම සාකච්ඡාවලදී ෆෙඩරල් ක්‍රමයට යෑම ගැන මම අවධාරණය කළා. ඇන්ටන් බාලසිංගම් ඒකට පොඩි බියක් දැක්වූවා. ශ්‍රී ලංකාවේ පැවැති අවසාන යුද්ධයේදී ඉන්දියාව ශ්‍රී ලංකා රජයට උදව් කළා. මා කිසි දිනක එල්ටීටීඊ සංවිධානය පාවා දුන්නේ නෑ. අවසන් යුද්ධයේදී ඔවුන් අනුගමනය කළ යුද්ධ ක්‍රමය නිසයි පරාජයට පත්වුණේ. ඔවුන් සටන්කාමීන් සියලු දෙනා එක් ස්ථානයක සටන් වැදීමට නොයොදවා ගරිල්ලා ක්‍රමය අනුගමනය කළා නම් ජයග්‍රහණය අත් කරගන්නවා පමණක් නෙමෙයි ජනතාවත් බේරා ගැනීමට හැකි වෙනවා. කොටි නායකයින් වන පුලිදේවන්, නඩේසන් යන අයට වෙඩි වැදී මැරුණා. ප්‍රභාකරන් සමග බාල පුතා බාලචන්ද්‍රන් පැන යද්දී බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනුණා. ප්‍රභාකරන් එවිට පිස්තෝලයෙන් ඔහුටම වෙඩි තබාගත්තා. ඇත්තටම ප්‍රභාකරන් පණ පිටින් හමුදාවට අහුවෙන්න කැමැති නෑ. ඔහු පිළිබඳව මම හොඳින් දන්නවා. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන්වූ විගස මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව සොයා බලා ඔහුගේ පාලන සමයේ පියවර ගැනීම කළ යුතුව තිබුණා. ඔහුට එය කරගන්න බැරිවුණා. මා ඇත්ත වශයෙන්ම ගරු කරන නායකයෙක් තමයි ප්‍රභාකරන්. ඔහු විනය ගරුක අවංක පුද්ගලයෙක්. මෙය සියලු දෙනා පිළිගත යුතුයි. ප්‍රභාකරන් මිය ගිය බව සත්‍යයක් මෙය අප පිළිගත යුතුයි. මෙය හෑල්ලුවට ලක්වන පරිදි ප්‍රභාකරන් අත් අඩංගුවට ගනු ලැබුවා, පසුව මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියට ගෙන ගියා. වධහිංසා පැමිණුවා, ඉන්පසු ශ්‍රී ලංකා හමුදාව වෙඩි තබා ඝාතනය කළා කියන දේවල් සියල්ල ඔහුගේ කැපවීමට කැළලක්‘

ප්‍රභාකරන්ගේ සිරුරේ තිබූ කිසිකෙනකු නොහඳුනන සලකුණක් තමා දැන සිටි බවත් ඒ අනුව මළ සිරුර හඳුනාගත් බවත් කරුණා අම්මාන් එහිදී සඳහන් කළේය.

 



අදහස් (0)

‘ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන‘ - කරුණා කියයි

දසුනි Sunday, 30 August 2015 12:51 PM

ඇයි මෙයා ඔය කතාව කියන්න මෙච්චර කල් ගියේ?. අපි ඔයාලටද මෙච්චර කල් කොටි කිව්වේ?. (බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 30 August 2015 01:26 PM

මෙතැනදී කරුණට අවශ්‍ය ප්‍රභාකරන් වීරයෙක් කරන්නද නැතිනම් හිටපු ලොක්කා ආරක්ෂා කරන්නද? (බ)

:       0       0

මනුක සෞදි Sunday, 30 August 2015 01:54 PM

මෙම කතාවෙන් ලොක්කත් ආරක්ෂා වෙනවා ප්‍රභාකරනුත් වීරයෙක් කරලා තියෙනවා. ඔහු කියල තියෙන්නේ ගරු කරන නායකයෙක් සහ විනය ගරුක අවංක පුද්ගලයෙක් කියල. අනේ මන්ද එය අවංක කොටින්ට විතරයි (නදී)

:       0       0

කුමාර් Sunday, 30 August 2015 01:54 PM

මේ කියන්නේ බොරු (නදී)

:       0       0

නුවන් Sunday, 30 August 2015 04:34 PM

කරුණට ඕන ප්‍රභාකරන් වීරයෙක් කරලා මහින්දවත් බේරන්න.දැන් තමයී සත්‍ය වැටහෙන්නේ .(ම)

:       0       0

සාමි Sunday, 30 August 2015 09:51 PM

හා හා හා කට බොරු කිව්ව්වත් දිව බොරු කියන්නේ නැහැ ....ප්‍රබා ගේ ඇඟේ කිසිවෙකු නොදන්නා සලකුණක් මෙයා දන්නවලු...හරි හරි හිතා ගන්ඩ පුළුවන් ...කැලෑවල් වල ජීවත් වෙනකොට ඔහොම වෙනවා...දුක දැනෙන එක අහන්ඩත් දෙයක්ද. (බ)

:       0       1

දුමින්ද Monday, 31 August 2015 02:19 AM

සිය දිවි නසා ගැනීම ප්‍රබාකරන් ට සුළු දෙයකි (අ)

:       0       0

කැප්පෙටිපොළ Monday, 31 August 2015 02:22 AM

කිසිම කොටි ත්‍රස්තවාදියෙක් විශ්වාස කල නොහැකියි. මොහු නොයෙක් අවස්ථාවට පරස්පර විරෝධී අදහස් ප්‍රකාශ කරන්නේ දඩුවම් වලින් බෙරිමටයි. කරුණා යනු මිලේච්ච ත්‍රස්තවාදියෙක්. අපේ සිංහල පවුල්, අත දරුවන්, බඩදරු අම්මල, සංඝයාවහන්සේලා, බාරවුණු පොලිස් නිලධාරීන් අමු අමුවේ කපා කොටා මරපු මිනිමරුවෙක්. මොහුව වහාම අත්අඩංගුවට රැගෙන මරණිය දඬුවම දිය යුතයි . (අ)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 31 August 2015 02:44 AM

මේ කතා කරන්නේ මහින්ද මහත්තය තුරුල්ලට ගත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිතුමා බව අමතක කරන්න පුලුවන්ද? තවම කේ පී කට අරින්න පටන් ගත්තේ නැහැ.එහෙම වුණ දාට හොඳ හොඳ දේවල් කියාවි. (අ)

:       0       0

හිමන්ත Monday, 31 August 2015 03:03 AM

කොටි සිංහයෝ අතර හන්ගිලත් හිටිය, අනේ විමල් දන්නා දේශපාලනය, තමන්ගේ ව්‍යාපාරයේ පැවැත්ම සඳහා ඒ ගොල්ලෝ එක්කෙනෙක් පරෙස්සමට තියල වගේ .පැවති ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව කොච්චරද කියනවා නම් කේ පී හා කරුණ අඳුර ගන්න බැරි වුණා නේ? 9අ)

:       0       0

එක්ස්පට් Monday, 31 August 2015 03:59 AM

යුද්දේ ඉවර වෙලා අවුරුදු කීයද?මේ වෙනකන් මේක මළාද? (ම)

:       0       0

යසන්ත Sunday, 30 August 2015 09:04 AM

කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නැනේ, ඇමති කම් කලත් මෙයා තවම ඒ පැත්තේ (ම)

:       0       0

මොහමඩ් Tuesday, 01 September 2015 06:04 AM

මේ මොන කතාවක්ද? ප්‍රභාකරන් කොහෙද වීරයෙක් වෙන්නේ? අහිංසක මිනිසුන්ගේ ජීවිත නැතිකළ මිනීමරුවෙක්. හිතුවේ නැතුව ඇති මෙහෙම වෙයි කියලා (නි)

:       0       0

අශෝක රළපනාව Sunday, 30 August 2015 11:12 AM

නෑ එයා කියන දේ හරි. එහෙම නොවුණානම් අපේ රජාටයි නරක් වෙන්නේ (බ)

:       0       0

වීරවංශ Sunday, 30 August 2015 11:37 AM

මට නම් තාම තේරෙන්නේ නැහැ කවුද කොටිය කියල . මැරුව , වධ දීල මැරුව, වෙඩිතියාගෙන මරුන හතර බීරි කතාවක් මේක (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 77 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 181 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 562 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1112 1

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 823 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1520 1

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14562 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 148 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site