IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ප්‍රභූ රකින්න ඇවිත් පවුලක්ම කුසගින්නේ තියලා

(සුරංග රාජනායක)

රටේ ඉහළම ප්‍රභූවරයකු ගමන් ගන්නා මාර්ගයක  පෙරමඟට කොස්ගෙඩියක් ද කරේ තබාගෙන ආ පියකු සහ කුඩා දරුවකු එම ප්‍රභූවරයා යන තෙක් අතුරුමාර්ගය රඳවා ගත් පුවතක් ගම්පොළ වාරියගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ හේතුවෙන් ඔවුනට දහවල් ආහාරයට අහිමි වූ බව එම පියා කියා සිටියේය.

මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා මෙම ප්‍රභූවරයා මහනුවරට පැමිණ ඇති අතර පෙරහර ආරම්භවීමට පෙර කිසිවකුටත් නොදන්වා වාරියගල ප්‍රදේශයේ පිහිටි සිය ඥාතියකුගේ නිවෙසට දහවල් ආහාර ගැනීමට ගොස් ඇත. 

ප්‍රභූවරයා කිසිවකුටත් නොදන්වා මෙම ප්‍රදේශයට පැමිණිය ද ඒ පිළිබඳව දැනගත් ප්‍රදේශය බාර උසස් පොලිස් නිළධාරීන් එම ප්‍රදේශයට පැමිණ තිබේ.

ඒ අතර තුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු සිය දහවල් ආහාරයට කොස් ගෙඩියක් සොයාගෙන දරුවා ද සමග ප්‍රභූවරයා  ගමන්ගන්නා පෙර මගට පැමිණෙන අයුරු දුටු ආරක්ෂක නිලධාරීන් ඔහුගෙන් කරුණු විමසා ඇත.

දරුවන් තිදෙනා හා බිරිඳ  කුසගින්නේ සිටින නිසා කොස්ගෙඩිය තැම්බීමට රැගෙන යන බවද ඔහු පොලිසියට කීවේය. පොලිසිය, කොස්ගෙඩිය රැගෙන ආ පියා හා දරුවා ඔවුන් බාරයට ගෙන අතුරු මාර්ගයට රැගෙන ගොස් ප්‍රභූවරයා ආපසු ප්‍රදේශයෙන් පිටවන තුරු රඳවා තබා ගත් බව ඔහු පවසයි. මේ හේතුවෙන් අවුරුදු 3 , 7 සහ 9 වයස්වල සිටින දරුවන් හා බිරිඳ හා තමාට එදින දහවල් කුසගින්නේ සිටීමට සිදු වූ බවද ඔහු කියා සිටියේය.

ඔවුන්ගේ නිවස ද සාරි හා තහඩුවලින් වටෙකර සැදූ එකක් වන අතර කිසිදු රැකියාවක් නොමැති ඔහු කුලී වැඩ කර ජීවිකාව ගෙන යන බවද පියා කියා සිටියේය.



අදහස් (55)

ප්‍රභූ රකින්න ඇවිත් පවුලක්ම කුසගින්නේ තියලා

Anil Thursday, 31 August 2023 05:31 PM

කවුද ඔය කාලකන්නියා

:       4       49

ගමේ එකාලා Thursday, 31 August 2023 05:32 PM

රටම හොරාකාලා වළපල්ලට ඇදලා දාපු හොර දූෂිත දේසපාලුවන්ට කවුද ප්‍රබුවරු කියන්නේ ..උන්ට වහල්කම් කරන බත් බැලයෝ තවමත් ඉන්නවා. කවුද ඔය කියන මහලොකු ප්‍රබූවරයා.

:       6       68

dinethFriday, 01 September 2023 01:14 PM

පොනිල්

:       4       33

අසාධාරණ Thursday, 31 August 2023 05:37 PM

ලංකාවෙ සිටින මෙහෙම නිළධාරීන් නිසා වගකිවයුතු අයට රටේ තත්වය තේරුම් ගන්න බැහැ එම ප්‍රභූවරයාට මේ දුක්ඛිත පවුලේ අයට සෙතක් සැලසීමට සිතක් පහලවේවා

:       0       38

සමන් අමරසිංහ Thursday, 31 August 2023 05:55 PM

කෝ ප්‍රභූ වරයාගේ නම? කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා අහු උනොත් (මොන නීතියේද එහෙම බෑ කියල තියෙන්නේ) හරි, ළමයෙක් නැති බැරි කමට පොල් ගෙඩියක් ඇහිලුවොත් හරි නම ගම එක්ක පින්තුරෙත් දානවා. එත් මේ වගේ බලු වැඩ කරන ප්ප්‍රභූ ලගේ නම දාන්න කකුල් වෙවුලනවා නේද?

:       0       49

විජිත් Thursday, 31 August 2023 06:21 PM

ප්‍රභූ වරයෙක් ? කොහේ ඉන්න ප්‍රභුලාද ? ලංකාවේ කිසිම ප්‍රභූ වරයෙක් නැත !!! සිටින්නේ තමන් ප්‍රභූ වරයෙක්, තමන්ගේ පවුල ප්‍රභූ පවුලක් ..වශයෙන් තමන්ම කියාගන්නා " පට්ට හොරු රැලක් " පමණයි.ඔවුන්ගේ ඉඳුල්, අසුචි කෑමට ගන්නා නිලධාරීන් කියාගන්නා අන්ත දුෂිතයින් සහ උන්ගේ ඉතිරිය කෑමට ගන්නා " ආරක්ෂකයින් " යයි කියාගන්නා මිනීමරු හොර රංචුවකුත් මේ " ෆේක් " ප්‍රභූන් වෙනුවෙන් දර දිය අදිති. මෙරටේ මිනිසුන්ගේ මනසට " ප්‍රභූන් " යයි කාවද්දා ඇති උන් ගැන සොයාබලද්දී අනිවාර්යයෙන්ම පැහැදිලිවම පෙනෙන කරුණක් ඇත. ඒ තමයි උන් පැවත එන්නේ එක්කෝ ඉන්දියාවේ " වඩුග" පරම්පරාවලින්, ඒවගේම " මැලේ හෙවත් ජා " සම්භවයකින් ,එහෙමත් නැතිනම් දකුණු ඉන්දියානු සම්භවයකින් වීමයි. රටපාලනයකළ විදේශිකයින්ගේ සියලුම වහල් වැඩකරමින් ඔවුන්ගේ සිත් දිනාගත් මේ වඩුගයින් , ජාවන් වගේම ඉන්දියානුවන් , මේ රටේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ ඉඩම් බලයෙන් පවරාගත්තා.ඒ මාර්ගයෙන් ඔවුන් පොහොසත් වෙමින් රටේ ජනතාව පාගාගෙන ,තම පරම්පරාව ඉදිරියට ගෙනගියා .අන්න එහෙම තමයි අද ඉන්න ෆේක් ප්‍රභුලා හැදුනේ.හැබැයි රටේ මිනිස්සු මේ හොරුන්ව නොසලකා හරින තෙක් උන් හැමදාමත්ම මේ සෙල්ලම කරගෙන යති.

:       1       45

AB Thursday, 31 August 2023 06:23 PM

මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා මෙම ප්‍රභූවරයා මහනුවරට පැමිණ ඇත. ප්‍රභූවරයා කිසිවකුටත් නොදන්වා මෙම ප්‍රදේශයට පැමිණි පෙරහර ආරම්භවීමට පෙර කිසිවකුටත් නොදන්වා වාරියගල ප්‍රදේශයේ පිහිටි සිය ඥාතියකුගේ නිවෙසට දහවල් ආහාර ගැනීමට ගොස් සිදුවූ සිදුවීම දෙපාර්ශවයටම අමතක නොවන සිදුවීමක් නොවන්නට නම් එම පුද්ගලයට නිවසක් තනාදීමට, රැකියාවක් ලබාදීමට සහ දරුවන් පාසල් යැවීමට කටයුතු කර අවසන් රන්දෝලි පෙරහර දිනයේ විසල පුණ්‍ය කර්මයක් කරගැනීමටත් අවස්තවක් උදවිය. මෙවැනි අවස්ථවන් දෙපාර්ශවයටම උදාවන්නේ කලාතුරකිනි!!!

:       1       22

විජිත් Thursday, 31 August 2023 06:40 PM

ඔය කියන ප්‍රභූවාද මොකාද කියන එකා නිසා මේ අහිංසක දුප්පත් මිනිසාව රඳවාගත් ආරක්ෂකයින් යයි කියාගන්නා උන්ගේ.. ජිවිත ගැන, ජිවත්වන ආකාරය සහ පවුල් ජීවිතය ගැන චුට්ටක් හිත යොමා බලමු.මේ මිනිස්සු සහ අර අහිංසක මනුස්සයා අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම " එකම පන්තියේ " කට්ටිය.අන්ත දුප්පතුන් !!! වෙනස ..අර දුප්පත් අහිංසක මනුස්සයා ජීවත්වීම සඳහා කුලී වැඩක් කොට අඹු දරුවන් පෝෂණය කිරීමත් , ආරක්ෂකයින් කියනා දුප්පතුන් " පොහොසත්,බලවත් "යයි කියාගන්නා හොරු රැලකට " කුලී වැඩ " ලෙස ආරක්ෂාව සැලසීමයි.තමන්ව ආරක්ෂා කරන කුලී වැඩ කරුවාට අවශ්‍ය " ඕනෑම දෙයක් " බලවතා සපයයි, ඒ ඔවුන්ගේ මුදල් වලින් නොව රටවැසියන්ගෙන් හොරාකන මුදල්වලිනි.ඒ ලෙස ෆේක් ප්‍රභුවාගේ ඉඳුල් ,ඉතිරි මස් කටු ආදියෙන් " සප්පායම්වන " ආරක්ෂකයින් කියාගන්නා අන්ත දුප්පතා " පිස්සු බල්ලෙක් " මෙන් රටේ වෙසෙන අන්ත දුප්පතුන්ට " රවයි ...ගොරවයි..හපාකයි ".ඒකා බලෙන් අමතකකල එක දෙයක් ඇත .. ඒ තමුනුත් අන්ත " දුප්පත් " අසරණ කරනලද එකෙක් බවයි.ඔහු මේ බව තේරුම් ගන්නාතෙක් ..මේ මිනිස් දඩයම කරගෙන යයි.නමුත් කවදා තෙක්ද යන්න තීරණය කරන්නේ කාලය සහ මිනිසාගේ චින්තනයයි.

:       0       26

දසුන් Thursday, 31 August 2023 06:48 PM

මේකත් හොදයි කියන වැඩේ අනුමත කරන වහල්ලු සෙට් එකකුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා

:       0       21

Lalla Thursday, 31 August 2023 07:18 PM

ප්‍රවෘත්තියේ අඩංගු විය යුතුම කරුණක්.කන්න බොන්න නැතත් ලමයි තුන්දෙනෙක්... පවුල් සංවිධාන සංගමය නැවත පනගන්වන්න.අපේ හිඟමනටහේතුව ජනගහන බෝම්බය..

:       29       18

මහසෙන් Thursday, 31 August 2023 08:17 PM

ඔය ප්‍රභූවරයා.කියන එකාට නමක් නැද්ද.සාමාන්‍ය මෙහෙම.කලා නම්.නම.විතරක් නෙවේ ලිපිනයත්.දාන ජනමාධ්‍ය දැන් මේ ප්‍රභූ වරයා කවු ද කියලා.අපි හොයාගන්න ඕන කියල ද මේ කියන්නේ.

:       0       18

dadibidishFriday, 01 September 2023 05:49 PM

මේ රටේ ඉන්න ලොකුම පුස්සා කියලා හිතාගන්නකෝ එහෙනම්...!

:       0       2

පැරකුම් Thursday, 31 August 2023 09:09 PM

ඔය කියන ප්‍රභූවරයා කවුදැයි කියන්න ඇයි ඔය තරම් බය? අපට නම් හිතාගන්න පුලුවනි. මේ ජඩ වැඩේ කරපු පොලිස් කාරයා ලැබූ ප්‍රතිලාභය කුමක්ද? ඒ තමයි ආසියාවේ ආශ්චර්ය්‍යය…!

:       0       15

සෙනෙවිරත්න Thursday, 31 August 2023 10:19 PM

ඒ උනාට ඔය ජාතියෙ අය කැමති ඔය පිළිවෙලේ ප්‍රභූවරයන්ට ,ඒක නිසා තමයි පෝලිම් ගැහිල ඔය කට්ටිය පත්කරගත්තෙ.

:       0       11

Sam Thursday, 31 August 2023 11:16 PM

කව්ද මේ?

:       0       5

Sunil Friday, 01 September 2023 12:06 AM

කවුද මේ මෝඩයා...?

:       0       8

siri Friday, 01 September 2023 12:40 AM

අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා සම්ප්‍රදායානුකුලව නම් එන්නේ රටේ නායකයායි. මේ අහිංසක පවුල පත්කළ අපහසුතාවය ඔහුට සහ ඔහුගේ ගෙදර උන්දෑටත් දැනගැනීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. එහෙම උනොත් සමහරවිට ඔවුන් මේ පවුලට අලුතෙන් නිවසක් හෝ සදාදෙන්නට බැරි නැත. ප්‍රශ්නය තියෙන්නේ ලොක්කා වටේට මුරකාවල් යොදාගෙන ඉන්න සොක්කෝ මේ ආරංචිය ඔහුගෙන් වසන්කරාවිද යන්නයි.

:       0       15

කිරිපුතා Friday, 01 September 2023 01:21 AM

දේශපාලකයින් නම් හැදෙන්නෙම.නෑ. මේක ඔව්න්ටම ගිය රටක් වෙලා.

:       0       9

Sethuhami Friday, 01 September 2023 01:40 AM

දෙයියෝ සාක්කි... අම්මපා... කටට එන වචන ටිකක් මේ අයටම කියන්න ඇත්නම්...!

:       0       9

ලුම්බිණි Friday, 01 September 2023 04:40 AM

කාටත් නොදන්වා ආව නම් මොන හේතුවකටද පොලිසිය ගිහින් පාරෙන් මිනිස්සු එලවන්නේ? මෙතැන ප්‍රභූට වඩා ප්‍රභුලට පන්දම් අල්ලන පොලිසිය තමයි වැරදි.

:       0       25

චතුරි Friday, 01 September 2023 05:27 AM

සමහරවිට. ගාල ලිහාගත්තු. කුලුහරකා. කාටත් හොරෙන් එනකොට. මී හරක්. රෑනක් දැකලා පස්සෙන්. එන්න ඇති. කුලුහරකා ට. බයේ. ඉන්න ඇති. කොයි තරම් අමාරුවෙන් හොයා ගත්තු කොස් ගෙඩියද දුප්පතාගෙ දේවල් ම නෙ හොරෙන් කන්නේ. මී හරක් රෑන. ඇයි දන්නෙ නැහැ පාර හරස් කරන් හිටියේ. කුලු හරකා යනකම් උන්ට වෙන වැඩ නැතිව ඇති.

:       2       6

වන්නකු Friday, 01 September 2023 05:46 AM

කොහොම වුනත් දුප්පතුන් තමයි තැලෙන්නෙ.

:       0       5

Dayan Friday, 01 September 2023 06:57 AM

මේ "ප්‍රභූ"* පෙරහැරට ගෙනා හීලෑ නැති අලියෙක් වෙන්න පුළුවන්.එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ මගහරින්න හේතුවක් නැහැ.

:       0       6

ROHAN Friday, 01 September 2023 07:12 AM

ඇයි මේ ප්‍රභූ වරයගේ නම ‌නොකියන්නෙ.

:       0       8

සල්ලි Friday, 01 September 2023 07:18 AM

ප්‍රභූ පරිස්සම් කරන පොලීසිය . පරිස්සම් කරන්න තරම් වටිනවාද බන් ඕකුන්ලා. ඕකුන්ලාටත් ට්‍රැෆික් එකේ හිර වෙලා යන්න දියන්.

:       2       9

පූරුවෙ Friday, 01 September 2023 07:38 AM

නම දාපං ප්‍රභූ කියන කාලකන්නියාගෙ සහ ඒ කාලකන්නි වැඩෙ කරපු නිලධාරීන්ගෙ.. ඒකට කොන්ද පණ නැත්තං මෙ පත්තරෙ බත් ඔතන්න විශේෂයි කියලා නමට පහලින් දාගනින්... නැත්තං මෙ පත්තෙර නම වෙනස් කරපල්ලා ඔපා දූප කියලා. බත් ඔතන්න ෙෙකොල නැද්ද ගන්න ලංකාදීප... ඔපාදූප නං ලංකාදීප...

:       0       13

Krid Friday, 01 September 2023 07:38 AM

ඇයි කොස්ගෙඩිය පොලිස් අත් අඩංගුවේද?

:       0       8

Kaputa Friday, 01 September 2023 07:48 AM

උත්තමයන් ගමන් ගන්නා මාර්ගයක කුසගින්නේ ගමන් ගත් මෙම නරුම පිය පුතුන් හට වහාම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු... එයින් රටට සහ උත්තමයන් හට සිදුවූ අපහාසයට මෙන්ම පොලිස් රාජකාරියට සිදුවූ බාධාව සම්බන්ධයෙන් උත්තරීතර ජාතියෙන්ම වහාම සමාව ගතයුතු බව මෙම ත්‍රස්තවාදීන් හට දැනුම් දෙනු....

:       1       3

Mal Mama Friday, 01 September 2023 08:22 AM

ප්‍රභූ කියන කෙනාගේ නම කියන්න... තිරිසන්නු වගේ තමයි.

:       1       5

එමි එමි Friday, 01 September 2023 09:05 AM

පොලිසියේ අයට දරුවෝ නැද්ද? පව් අහිංසක මිනිස්සු ගැන කවුද ඔය කියන ලොකු එකා මොකක්ද එයාගෙ තියන වටිනාකම? මොවුන්ට තණකොළ කන්න දෙන්න ඕනෙ... ගොන් හරක්ට පොලි⁣සියේ අය ලකුණු දාගන්න අර අහිංසක මිනිස්සු බඩගින්නේ තිබ්බ නුඹලාට හෙන ගහනවා පර හැත්ත....!

:       1       15

dilshan Friday, 01 September 2023 09:21 AM

කාලකන්නි දේශපාලනය.

:       0       9

සුසිලආ Friday, 01 September 2023 09:31 AM

මේවා මහා පව් වැඩ.

:       0       11

Sanjeewa Friday, 01 September 2023 09:49 AM

ගොඩක් සංවේදී පුවතක්... කරුණාකර තොරතුරු එවන්න.

:       0       12

Muthu Kumara Friday, 01 September 2023 10:43 AM

රටේ සංවර්ධනය යන වචනයේ සැබෑ සත්‍යය මෙයද? ජනතාවට යථාර්ථය අවබෝධ වේවා. ශ්‍රී ලාංකේය දේශපාලඥයින් සියල්ලෝම මනුෂ්‍යත්වයේ ප්‍රතිරූපය විනාශ කර ඇත...

:       1       20

Perera Friday, 01 September 2023 10:44 AM

ඔය ප්‍රභූ කියාගන්නා අපත පරයින්ටයි... ඔවුන්ගේ පවුල්වල අයටයි, ජාති ජාති පරම්පරාවලට හෙණ ගහලා, මකබෑවිලා සාප වෙන්න ඕනේ...

:       1       19

චමින්ද Friday, 01 September 2023 12:37 PM

පෙරේරා ලොක්කා මෙතැන සිදුවූ දේ ඔය කියන විදියට ජනාධිපතිවරයා දන්නේ නැහැ. ඉතින් ඔහුට දොස් කියලා වැඩකුත් නැහැ ජනාධිපති ගිහිල්ලා තියෙන්නේ කිසිවෙකුට නොදන්වා කියලා තියෙනවා. එතුමා යද්දී කාටවත් කරදරයක් වෙලා කියලා පුවතක් නැහැ එහෙම නම් ගිය විදියටම ආවා නම් ඔය අසරණයින්ට පිහිටක් ලැබෙන්නත් ඉඩක් තියෙනවා කියලා හිතන්නේ නැද්ද ඔතැන වරදක් කරලා තියෙන්නේ ජනාධිපතිද නැත්නම් පොලිසියද කියලා ඔහේගේ බෙල්ලේ පාලුවට ලැබුණු ඔලුව කියන එකට ටොක්කක් ඇනගෙන හැමදේටම දේශපාලනය නොගාවා සාධාරණව සිතා බලන්න...

:       6       12

Siripala Friday, 01 September 2023 10:50 AM

කවුද ප්‍රභූ පුද්ගලයා...? සම්බන්ධ වුණු පොලිස් නිලධාරියා කවුද?

:       0       21

Rata Perata Friday, 01 September 2023 11:35 AM

මේ අයනේ එන්නේ ජනතාව රකින්න කියලා... කාලකණ්ණියෝ..!

:       1       25

Don perea Friday, 01 September 2023 12:42 PM

තවත් ගොන්නු පිරිලා රටේ... !

:       0       7

කුමාර පෙරේරා Friday, 01 September 2023 01:05 PM

යාළුවනේ ඔය කියන දිනේ මහනුවරට එන එකම ප්‍රභූවරයා රටේ නායකය.රටේ දේශපාලකයන් පිරිහිලා තියෙන්නේ. නමුත් ඔය කියන ප්‍රවෘත්තයට ඔහු වග කිවයුතු නැහැ. ඔය ක්‍රියාව කරන්න අනදුන්න එකාත් ඒ අන ක්‍රියාත්මක කළ එකාත් ඔය කියන සිද්ධියට වග කියන්න ඕනේ. අනෙක ප්‍රවෘත්තියක් වාර්තා කිරීමේදී සදාචාරයක් තියෙනව ලංකාදීපය එය අකුරටම කරල තියෙනවා. ඒ ගැන ප්‍රවෘත්ය ලියපු අයට දොස් කියන්න හොද නෑ. රටේ තත්ත්වය නායකයන් දැන ගත යුතුයි. ඒවා හංගන්නේ සපත්තු ලෙව කන කාලකණ්නි තවමත් පොලිස් දෙපාර්තමේන්තුව ඉන්න නිසා. අන්න ඔවුන හොයාගෙන ගිහිල් රටෙන් පන්නන්න ඔනේ.

:       3       7

Nimesh Friday, 01 September 2023 01:07 PM

වෙන කවුද ඉතින් බටලන්දේ තමයි ඔය , ඔය මිනිහට කැක්කුමක් තියෙන්නේ මිනිහගේ පැලැන්තියේ අය ගැන විතරයි

:       6       6

teron Friday, 01 September 2023 01:30 PM

මිනිස්සු කුලප්පු කරන වැඩ...

:       0       3

Namal Friday, 01 September 2023 02:02 PM

ඔය කියන ප්‍රභූවරයාට සහ ඒ අසරණ පවුල බඩගින්නට හේතු වුණු සෑම පොලිස් නිලධාරීන්ටම දේව ශාප අත්වේවා ! ඔය කියන ප්‍රභූවරයාට සහ ඒ අසරණ පවුල බඩගින්නට හේතු වුණු සෑම පොලිස් නිලධාරීන්ටම සහ ඔවුන්ගේ පවුල්වල උදවියද කුසගින්නෙන් පීඩා විඳිත්වා...!

:       0       8

Anura Pathirana Friday, 01 September 2023 02:06 PM

මහ රජා නෙවෙයි, මෙයා වෙනත් එක්කෙනෙක්... පසුගියදා කුඹුරක පාවඩ දමලා ඇවිදිනවා දකින්න ලැබුණා. ටිකක් නෙවෙයි, බොහෝම උද්දච්ඡ කෙනෙක්. එයාගේ බිරිඳ නම් බොහෝම නිහතමානී සරසවි ඇදුරෙක්... කැන්ටිමෙන් ළමයි සමග තේ බොනවා. ළමයින් අතර ආදරයක්, ගෞරවයක් දිනාගත්තු උතුම් කාන්තාවක්

:       1       5

Pathirana Friday, 01 September 2023 02:07 PM

නොදකින් මෙහෙමත් එවුන්...!

:       0       3

de silva Friday, 01 September 2023 02:31 PM

ඡන්දෙ කිට්ටු වෙනකොට හොරුන්ගේ පිටිපස්සේ යමින් ඔවුන්ට ඡන්දෙ වැඩ කරන්නෙත් මෙවැනි මිනිස්සු තමයි. හොරුන්ට ඡන්දෙ දුන්නා නම් දැන් බඩගින්නේ හිටහල්ලා.

:       0       6

Deshabandu Friday, 01 September 2023 03:45 PM

අහිංසක ගම්වැසියාව පීඩාවට පත්කළ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් යැයි කියාගන්නා ඔය සෙරෙප්පු ලෙවකන නරුමයින්ව තලන්න ඕනේ..!

:       0       6

Nimal ... Friday, 01 September 2023 03:49 PM

පොලිසිය මන්ද බුද්ධික වෙලා වගෙයි.

:       0       8

ajith Friday, 01 September 2023 06:23 PM

ප්‍රජාතන්ත්‍රවාදී රටක කොහේද "ප්‍රභූ" ඉන්නේ? මොවුන්ව "ප්‍රභූ" කරලා උඩ තියන්නේ රටේ මාධ්‍ය ආයතන වලින්ම තමයි.

:       0       2

පතිරණ Friday, 01 September 2023 06:59 PM

වසල වැඩක් කළ අයට කියන්න සුදුසු නම යොදන්න. අසරණ දරුවන් පව්. කෑමට කිසිඳු දෙයක් නැතිව පාසල් නොයන දරුවන් විශාල පිරිසක් ඉන්න රටේ මොවුන් කුමක් කළයුතුද?

:       0       1

මොහමඩ් බෝර්හම් Friday, 01 September 2023 07:02 PM

සකල සිරින් පිරි සිරි ලංකාවේ කසල සෝධකයින්ගේ වැඩ තමයි මේවා...!

:       0       1

මොහමඩ් බෝර්හමි Friday, 01 September 2023 07:06 PM

සකල සිරින් පිරි සිරි ලංකාවේ කසල සෝධකයින්ගේ වැඩ තමයි ඒ...

:       0       0

සුමුදු Friday, 01 September 2023 07:41 PM

මස් කන බල්ලට වඩා කටුකන බල්ලා සැරයි ආයුබොවන්ඩ...

:       0       0

Hiromi Saturday, 02 September 2023 06:06 AM

අම්මෝ වෙලාවට තුන්වේල කන පවුලක්....

:       1       0

wasantha Tuesday, 05 September 2023 11:45 AM

රාජකාරී අවසන්ව මිනිසුන් නිවෙස් කරා යන අධික කාර්ය බහුල වෙලාවක වුවත් එතරම් අධික රථවාහන නොමැති මාර්ගය වුවද ප්‍රබූවෙකු මාර්ගයෙ ගියහොත්, එවුන්ට යන්න ඉඩ දී අනෙක් සියලු මාර්ග කලර් ලයිට් වලින් බ්ලොක් කරනවා. එදාට කඩිමුඩියේ දුම්රිය ස්ථාන වෙත යන මගීන්ට යන්න බැරිවෙනවා. එදාට දුර බැහැර නිවෙස් වෙත යන මගීන් ට නිවසට යන්න වෙන්නේ රෑ බෝ වෙලා. එකෙකුගේ විනාඩි පහ නිසා විශාල පිරිසකට හිරිහැර වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 204 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1888 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3501 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 567 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1586 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 10989 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 351 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1378 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site