IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පේ‍්‍රම්කුමාර් වූ සම්පත් ජයවීර

3

 

 

මං පුංචි කාලයේ ඉඳලා හැදුණෙ බාලිකාවක.
ආ... කලබලයට වැරදි එකයි කියැවුණේ.
පුංචි කාලයේ ඉඳන් මං හැදුණෙ බාලිකාවට අල්ලපු ගෙදර.
ඉතිං මං පුංචි කාලයේ ඉඳලා වැඩිපුර උන්නෙ, ගැහැණු ළමයින්ගෙ ඔඩොක්කුවල. ඉතිං මට හිතෙන්නෙ තවමත් මං ගැහැණු ළමයෙක් කියලයි.
මෙහෙම කියන්නෙ පේ‍්‍රම්කුමාර්. ඔහු ඒ විදියට කියන්නෙ ඬේසිට. අන්තිමට පේ‍්‍රම්කුමාර් මෙන්න මේ විදියටත් කියනවා.
”මගේ අංකය 168. ලෝරන්ස්ගෙයි - ඬේසිගෙයි කසාදෙ කෙරුණේ නැහැ.
මට හරි සතුටුයි ඇත්තටම මං මගේ ඬේසිට පණටත් වඩා ආදරෙයි.”

 

2

 

පේ‍්‍රම්කුමාර් ලෙස මේ විදියට චරිත රංගනයක යෙදෙන්නෙ සම්පත් ජයවීරයි. ඔහුගෙ ඒ අපූරු රංගනය අපට දැකගත හැකිවන්නේ, ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය සමගයි. ඒ අපූරු චරිතයට අමතරව, සම්පත් රූපවාහිනි තිරයේ විකාශය කෙරෙන විෂ්ණු සංක‍්‍රාන්තිය, හඳුනා ගත්තොත් ඔබ මා හුස්ම සහ ඔක්සිජන් යන ටෙලිනාට්‍ය සමග අප හමුවට පැමිණෙනවා. මේ හැම දෙයක් ගැනම අපි සම්පත් සමග ටිකක් කතා බහකරමු.

   


button සම්පත්, මේ දිනවල රඟපාන මේ චරිත අතරින් ඔබට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ?
හුස්ම සහ ඔක්සිජන් ටෙලි නාට්‍යයේ චරිතයට වගේම ”ලෝරන්ස්ගෙ මනමාලි” නාට්‍යයේ සජීවී අත්දැකීමටත් බොහෝදෙනා ප‍්‍රිය කරන වග පෙනෙනවා.

 


button සම්පත් ජයවීර කියන ඔබ, නළුවකු වුණේ කොහොමද?
පාසැල් අධ්‍යාපනය හමාර වුණාට පසුව ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධවී රංග කලා අංශයෙන් නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලාවක් හැදෑරුවා. ඒ විදියට පටන් ගත්ත ගමන තමයි මේ

 

5
button ඒ කාලයේදී වෙන රැකියාවක් ගැන හිතුවෙ නැද්ද?
රස්සාවක් කරන්න හිතුණා. නමුත් නළුවකු වීමේ අදහස තමයි ඇතුළාන්තයේ තිබුණෙ. නළුවකුට එහා ගිය රංග ශිල්පියකු කියන තැනට ආවේ.

 


buttonනළුවා සහ රංග ශිල්පියා අතර වෙනස?
ඒක හරි සරලයිනෙ. නළුවෝ සෑම තැනකදීම හමුවේවි. බස් හෝල්ට් එකේ ඉඳලා  ඕනෑ තැනක සිටින්න පුළුවනි. නමුත් රංග ශිල්පියා යනු ඊට වඩා වෙනස් රංගනයට සහ රංග කලාවට වැදගත් වන චරිතයක්.

 


button එතැනින් එහාට ඔබට පුද්ගලික ජීවිතය ගැන කිව්වොත්?
මම විවාහකයි. බිරිඳගෙ නම රුවිනි. සිරස ගුවන් විදුලියේ සේවය කරන්නෙ. අපට පුතෙක් සිටිනවා. පුතාගෙ නම මේඛන ආදිත්‍ය.

 


button සම්පත්ගෙ ජීවිතය අද ගෙවෙන්නෙ මොන විදියටද?
සංකීර්ණ නැහැ. සමාජයට ඉතිරි කළ දෙයක් සමග සරලව ජීවිතය ගලාගෙන යනවා. සජීවීව අද ලෝරන්ස්ගෙ මනමාලි නාට්‍යය වෙතින් ලබන ප‍්‍රතිචාර එහි රඟපාන අපි හැමෝටම අමුතු ජීවයක් ගෙන දෙනවා. බොළඳ මට්ටමින් තොරව එකිනෙකාගෙ අභිමතාර්ථ වලට වඩා ගුණාත්මක නාට්‍යයක් හැටියට පවත්වාගෙන යන ඒ නාට්‍යයට දර්ශන වාර 50 පිරෙන්නෙ මෙම 14 වැනිදාටයි. එදාට ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී සවස 3.30 ට සහ 6.30 ට මේ නාට්‍ය වේදිකාගත වෙනවා. ඊටත් අමතරව එය නිමිති කරගෙන ප‍්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කීපදෙනෙකුට මෙම නාට්‍ය කණ්ඩායමේ අපි විසින් උපහාර සම්මාන උළෙලක්ද පවත්වනවා.

 


button මේ නාට්‍යයේ පේ‍්‍රම්කුමාර් ගැන ඔබට හැෙඟන්නෙ මොන විදියටද?
අවංක ගම්බද පේ‍්‍රමය ගැන ලොකු කැපකිරීමක් කරන, එය ජයගන්න උත්සාහ කරන තරුණයෙක්.

 


button පේ‍්‍රම්කුමාර් ඬේසිට (දුලීකාට) කියන අපූරු දෙබස් අතරින් ඔබට එක්වර මතකයට එන දෙබස් කිව්වොත්?
මම ආපහු ඬේසිව හොයාගෙන ඇවිල්ලා, එයාව බඳින්න  ඕනෑ කියලා එයාගෙ මමීට කිව්වා, වාසනාවකට වගේ එයාලා ඒකට කැමති වුණා. අර මෙලෝගෙ කැමැත්ත ගන්න රුපියල් 5000 ක් විතරයි මට ගියේ. අන්න දැන් ඒකා කොරියාවේ රස්සාවක. කොහොම හරි අන්තිමට මට මගේ ඬේසිව ලැබුණා. අද අපි දෙන්නගෙ වෙඩින් එක.

 


button ලෝරා ඇන්ටිට කාරයක් නැහැලූ. මල්සර අංකල් බලා ගන්නම් කිව්වෙ.
එයාලා පල්ලිය ළඟ බලාගෙන ඉන්නවා. මං සුරුස් ගාලා යන්න  ඕනෑ. ආ එක දෙයක් කියන්න අමතක වුණා. ”එදා අර වතුර ලයින් එක කැපුවෙ මං”

 


button මෙහෙම කියන මේ පේ‍්‍රම්කුමාර්ට (ඔබට) බිරිඳගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
ඇය සාමාන්‍ය බිරිඳක්. මට සහයෝගය දෙනවා. වෙනත් චරිතයක් ලෙස අපි දෙන්නා සමාජ ගත වෙලා නැහැ. සරලයි සාමාන්‍යයයි.

DSC_5497

 

 

sadun-gamage

 



අදහස් (0)

පේ‍්‍රම්කුමාර් වූ සම්පත් ජයවීර

ජෝන් Sunday, 15 February 2015 11:19 AM

ශ්‍යාම්ගේ අදහසට ගරු කරන අතරේ ...එය සම්පුර්ණ වැරදි අදහසක් බව කියමි ...දුම්මලසුරිය යම් තරමකට එය පහදාදීම පිළිබඳව සතුටුයි ! (බ)

:       0       0

ධෝන් Wednesday, 18 February 2015 09:24 AM

පව් අනේ මේ මනුස්සය (අ)

:       0       0

දුම්මලසූරිය Saturday, 14 February 2015 07:08 PM

රගපෑම කියන්නේ සැබෑ ජිවිතයට නෙවෙයි. ඔහු රංගන ශිල්පියෙක් . එපමණයි. ඔහු රගපෑම සදහා තෝරාගත් චරිතය ඔහු එහි අධ්‍යක්ෂකට අවශ්‍ය විදිහට නිරුපනය කලා. ඒ රංගනය පිලිබදව යම් යම් මත පළවුණා තමයි. නමුත් ඔහු. ඒ කියන්නේ සම්පත් ජයවීර ඉතා දක්ෂ ශිල්පියෙක්. අපි ඒ දක්ෂකම අගයකල යුතුයි. ශ්‍යාම් මට හිතෙන්නේ එහෙමයි. (නදී)

:       0       0

ප්‍රියානි Monday, 16 February 2015 07:02 AM

හොඳට රඟපාන කෙනෙක් .සුභ පැතුම් (දිල්)

:       0       0

දුමින්ද Thursday, 19 February 2015 10:54 AM

කළකම් අනුව අපි කවුරුත් කරන්නේ අප නොවන අපේ චරිතවල නළු-නිලි කම් පමණි.(හේ)

:       0       0

දිනිතී Wednesday, 18 February 2015 11:32 AM

අධ්‍යක්ෂකවරයකුගේ කීමට තමන්ගේ ගරුත්වයට හානි වෙන දෙයක් කරන්නේ ඇයි.? (ර)

:       0       0

සුරංගි Saturday, 21 February 2015 07:58 AM

අපි වැදී බණ කියන්නේ නැහැ. අපි පුද්ගලිකත්වයක් ඇතිව සිදු විය යුතු දේවල් රඟපෑමක් ලෙසින් හරි ප්‍රසිද්ධියේ ඉදිරිපත් කිරීම හොඳයි කියල කියන්නේ නැහැ. චිත්‍රපටියේ එම පුවත් අවශ්‍ය නම් ඊට වැඩිය සංයමයකින් ඉදිරිපත් කල හැකියි. බලන්න සුමිත්‍රා පීරිස්ගේ ලොකු දුව චිත්‍රපටියේ මහා රාත්‍රී ගෙදර එන දුවගේ මුහුණේ මහන්සිය සමග දුවට ගෙට එන්න දොර හරින මවගේ නුරුස්සන බැල්ම, දුව විසින් තරුණියක විසින් නොගිය යුතු ගමනක් ගිය බව හොඳින්ම ප්‍රේක්ෂකයන්ට වැටහෙනවා. ප්‍රතිභාපුර්ණ රඟපෑමකට තමන්ගේ විලි බිය නැති බව ප්‍රදර්ශනය කරන්න අවශ්‍යම නැහැ. (නදී)

:       0       0

සන්ධ්‍යා Friday, 13 February 2015 10:32 AM

අපි ආදරය කරන කෙනෙක් (නි)

:       0       0

රෝහණ‍ Saturday, 14 February 2015 05:21 AM

ඔහු දක්ෂයෙක්. මම ඔහුට සුබ පතනවා (නි)

:       0       0

මලානි Thursday, 19 February 2015 01:42 PM

මේ අය කරන්නේ රඟපෑමක් විතරයි ..එත් අපේ මිනිස්සු මේ වගේ දහජරා වැඩ ඇත්තටම කරනවා තමන්ගේ පවුල් ජිවිතයට හොරා....ඒ වගේ අය හැමදෙයක්ම හංගන්න තමයි උත්සහ කරන්නේ ..අන්න එහෙම කරන මිනිසුන්ගේ දරුවන්ටනම් අනාගතේ පාරේ බැහැල යනකොට හොඳවයින් ටිකක් අහගන්න පුළුවන් ..මේ මනුස්සයාගේ රංගනය විවේචනය කරන ඔබ සැබවින්ම යහපත්නම් ඔබේ විවේචනය යම් තරමකට හෝ සාදාරනයි ! (අ)

:       0       0

රොෂාන්ත Thursday, 19 February 2015 04:35 AM

අපි ඉගිලෙන මාලුවෝහි රඟපෑමට ගයේෂට වැරැද්ද තැබුවා. මෙයත් එම ෆිල්ම් එකේ රංග නොපෑවා නම් ඉතාම දක්ෂ නළුවෙක්. (නදී)

:       0       0

දිලුමි Tuesday, 17 February 2015 10:59 AM

මේ නළුවාගේ දරුවා ගැහැණු දරුවෙකු වුණා නම් ඔය චිත්‍රපටියේ රඟපෑම පෙන්නන්න පුළුවන්ද ? තමන්ගේ දරුවන්ට තමන් ඉදිරිපිට බලන්න බැරි දෙයක් රඟපානවා කියන්නේ ..මට නම් ඒ ගැන තවත් කියන්න දෙයක් නැහැ. (බ)

:       0       0

මේනක Tuesday, 17 February 2015 11:01 AM

මම මේ නළුවාගේ රඟපෑම අගය කරන නමුත් අධ්‍යක්ෂකගේ පදයට නැටීම සෑම සම්භාවනීය නළුවෙක්ම කළ, කරන හෝ අනාගතයේ කළ හැකි දෙයක් යන්නට නම් එකඟ නොවෙමි. (බ)

:       0       0

ශ්‍යාම් Saturday, 14 February 2015 07:44 AM

මේ අර ඉගිල්ලෙන් මාළුවෝ චිත්‍රපටියේ රඟපෑවා කියන නළුවා නේද ? දරු පවුල් කාරයොත් මෙහෙම ඒවායේ පානවනේ ! සල්ලි වලට හැම දේම යටයි . තමන්ගේ ගරුත්වය කුජීතයි. (අ)

:       0       0

සුරංගි Tuesday, 17 February 2015 11:12 AM

මොනවා වුනත් විශේෂයෙන් දරුවන් ඉන්න නළු නිලියන් අනාගතයේදී තමන් නිසා ඔවුනට යම් අපහසුතාවක් ඇති නොවන ලෙස තිරයේදීත් ඉන් පිටතදීත් හැසිරෙන එක හොඳයි. අන්තිමේදී වයස්ගත වුනාම තමන්ට වතුර ටික හරි ලඟට දෙන්න ඉන්නේ දරුවන් මිසක් අධ්‍යක්ෂක නෙවෙයිනේ. (නදී)

:       0       0

විද්‍යා Tuesday, 17 February 2015 12:14 PM

ඔබ හොද දක්ෂ නළුවෙක් හොද රංගන ශිල්පියෙක් මානව හිතවාදියෙක් පිඩිත ජනතාව වෙනුවෙන් යමක් කරාවි යන විස්වාසය තියේවි ඔබට ජයවේවා . (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අවම බස් ගාස්තුව රුපියලකින් අඩු කරයි
2024 ඔක්තෝබර් මස 01 0 0

ඉන්ධන ගාස්තු අඩු කිරීමට සාපේක්ෂව අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.


අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 124 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 99 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 814 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


අල්ලස් ගත් සැරයන් - පීසි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 22 0

මඩකලපුව පනෙයි අරුප්පන් කෝවිලේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි පනෙයි අරුප්පන් වැවෙන් ගොඩ දැමීමට එරෙහිව නීතිමය කටයුතු නොකර සිටීමට රුපියල් 2000ක අල්ලසක


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 76 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38430 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25315 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site