(නිමන්ති රණසිංහ)
නීති විරෝධී අන්දමින් පිරමීඩාකාර ගනුදෙනුවල මුදල් ගනුදෙනු කළැයි ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කර ඇති ‘ඔන්මැක්ස් ඩීටී’ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20ක් නැවත දැනුම්දෙ නතුරු පැවරීම සහ විකිණීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන් සිවු දෙනකුට අද (04) නියෝගයක් නිකුත් කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ මාතර, කළුතර, හම්බන්තොට සහ කඩවත යන ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ටය.
මෙම සිද්ධියට අදාළ අධ්‍යක්ෂවරයාගේ දේපළවල මුහුණත වටිනාකම රුපියල් කෝටි 62කට අධික වන අතර, ඒවා පිරමීඩ ජාවාරමෙන් උපයාගත් ඒවා බවට හඳුනාගෙන ඇති බැවින් මෙම දේපළ පැවරීම හෝ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අයට අයත් රුපියල් කෝටි 62කට අධික වටිනාකමකින් යුත් ඉඩම් 20හි සුපිරි හෝටලයක් මෙන්ම නවීන පන්නයේ සුපිරි නිවාස කිහිපයක් ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
මාතර ප්‍රදේශයේ සුපිරි නිවාස සහ සුපිරි හෝටල් සහිත ඉඩම් 06ක්, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම් 02ක්, කඩවත ප්‍රදේශයේ ඉඩම් 02ක් සහ කළුතර ප්‍රදේශයේ ඉඩම් 10ක් මෙලෙස පැවරීම සහ විකිණීම තහනම් කරමින් නියෝග නිකුත් කෙරිණි.
‘ඔන්මැක්ස් ඩීටී’ පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් යන අය මෙම ඉඩම් 20 ම සිය බිරිඳ සහ ඥාතීන් වෙත එකම දිනයකදී පැවරීම සිදුකර සිය වංචාව සැඟවීමට උත්සාහ දරා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත් ඉන් පැමිණිලි 10ක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධීකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
එම පැමිණිලිවලට අනුව පැමිණිලිකරුවන් දෙදෙනකුගෙන් පමණක් රුපියල් කෝටි 5කට අධික මුදලක් මෙම ඡාවාරම්කරුවන් විසින් වංචා කරනු ලැබ ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු සඳහන් කළේය.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පිරමීඩ අධ්‍යක්ෂකගේ දේපොළට තහංචියක්
Rohana Monday, 04 September 2023 09:55 PM
පිරමීඩ ජාවාරම්කාරයින් සියළු දෙනාටම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි...
අම්පාරෙ S,G,W Tuesday, 05 September 2023 07:49 AM
නිය පොතු වල ඉදල කෙසාන්තය දක්වා පුච්චන්න ඕන ??? දුප්පත් මිනිස්සුන්ගෙ හිගන ප්‍රාත්‍රය හූරගෙන කනවුන්ට ! නඩුකාර හාමුදුරුවන්ට බොහොම පිං !!ඕවට අහුවුන අසරණ මිනිස්සුන්ට අරගෙන දෙන්න හාමුදුරුවනෙ ???
Aravinda Monarawila Tuesday, 05 September 2023 08:23 AM
මහ බැංකු හොරා ,තවම නිදැල්ලේ .පිටරට සවාරිත් යනවා
රනිල් වික්‍රමසිංහ.Tuesday, 05 September 2023 08:44 PM
ඇයි, ඔයාට අමාරුද? මගේ වැඩවලට ඇඟිලි ගහන්න ඇවිත් මම නරක මිනිහයි කියන්න එපා. දන්නවනේ?
Nimal Tuesday, 05 September 2023 08:46 AM
රැවටී සුවහසක් බොරු කාරයින් හට ,පාඩම් ලබා නැත යුග යුග ගණන් සිට
Perera Tuesday, 05 September 2023 09:00 AM
ලංකාව ජාවාරම්කාරයින්ගේ පාරාදීසයක් .කලින් ජාවාරම්කාරයින් ගැන පුවත් පලවුනාට ඒ අයට දඬුවම් දුන්න පුවතක් නම් තවම දකින්න ලැබුනේ නැහැ
Gg Tuesday, 05 September 2023 09:16 AM
පොඩි මිනිහව කරන්න එපා බන් උන් නැගිටිද්දී ගහලා පාගලා දානවා
Mr Don Tuesday, 05 September 2023 11:42 AM
අනුන්ගේ මුදල් වලින් සැප විඳින මංකොල්ල කරුවන්ට දඬුවම් දෙන්න
Anonymously Tuesday, 05 September 2023 12:53 PM
✝️ දේව ගණ = අධික මෛත්‍රිය, උත්කෘෂ්ට ධර්මිෂ්ඨ ස්වභාවය. ලා පැහැති සමක් ඇත... ✝️ මනුෂ්‍ය ගණ = මධ්‍යම ප්‍රමාණයේ ධර්මිෂ්ඨ ස්වභාවයක් ඇත. ලා පැහැති සමක් ඇත... ✝️ රාක්ෂ ගණ = අධර්මිෂ්ඨ ගති ගුණ ඇත. ද්වේශ සහගතය. අඳුරු පැහැති සමක් ඇත...
nirmalTuesday, 05 September 2023 08:49 PM
අධර්මිෂ්ටයින් නිතරම දියවන්නාව අසල ඇති හොල්මන් මන්දිරයේ වසති.
pakeer Tuesday, 05 September 2023 02:39 PM
ලංකාවෙ ඉන්න බුරුවො..උන්ට කොච්චර කිව්වත් මගඩි කාරයන්ට රැවටෙන්න එපා කියල උන් රැවටෙනව...එක නිසාම තමයි හොර තක්කඩි දේශපාලකයො බිහිවෙන්නෙත්, මෙ වගෙ උන් බිහි වන්නෙත්..මම නම් මුලිකවම වර පටන්නෙ ලන්කවෙ ඉන්න බුරුවන්ට. උන්ට හිතන්න මොලයක් නැහැ....උන් හරියට..පහන වටෙ කැරකෙන මැස්සො වගේ. කාලකන්නි.
kamal Tuesday, 05 September 2023 05:18 PM
මේවාට අහුවෙන බොහෝ දෙනාගේ පරමාර්ථය ක්ෂණිකව මුදල් හම්බ කිරීමයි. ඒ අය දැන් අත් විඳින්නේ ඒවායේ ඵලවිපාකයි.