(නිමන්ති රණසිංහ)
පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 800කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ ප්‍රධානින් හත් දෙනකුගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඔවුන්ගේ බැංකු ගිණුම් පහක් අත්හිටුවීමට ද අද (22) නියෝග කළේය.
ස්පෝට්ස් චේන් නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් මෙම පුද්ගලයන් හත් දෙනා මුදල් වංචා කර ඇති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරනයෙන් කල ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ම ලබන දෙසැම්බර් මස 09 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉකුත්දා එම ආයතනයේ ප්‍රධානීන් පස්දෙනෙකුට සිතාසි නිකුත් කර තිබුණි . එමෙන්ම මෙම පස්දෙනාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද අධිකරණය නියෝග නිකුත් විය.
මොරටුව එගොඩ උයන, පදිංචි සුදත් රන්ජන් සිල්වා යන අය නිතීඥ නලීන් පතිරණ මහතා මගින් පුද්ගලිකව අධිකරණය හමුවේ පැවරූ එම නඩුවට අදාළව අධිකරණය එම නියෝග නිකුත් කළේය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිරමිඩ ක්‍රමයට මුදල් වංචා කළ හත් දෙනාගේ විදෙස් ගමන් තහනම්
Rohana Thursday, 22 September 2022 05:03 PM
මේවගෙ හොරගුහාවල ආයෝජනය නමින් මුදල් තැන්පත් කිරීමත් එක්්තරා ක්රමයක සූදුවකි. මුල්පෙලේ ආයෝජකයින්ට ප්රතිලාභ හිමිවන්නේ පසුව එකතුවන අයගේ මුදල්වලිනි. අන්තිමට එකතුවන අයගේ මුදල්වලින් මුල්පෙලේ අයට යමක් ලැබුනත් අවසන් සාමාජිකයින්ට කිසිදු ප්‍රතිලාභයක් නොලැබිම ව්ශේෂත්වයයි. ඉන්පසු මුල් අයිතිකරුවන් හා සංවිධායකයින් පැදුරටත් නොකියා අතුරුදහන් වෙයි.