IMG-LOGO

2025 මාර්තු මස 10 වන සඳුදා


ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි හැදූ සහ හදන අයට දඬුවම් නැද්ද?

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස් මහල් හෝටල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ඊට පහළින් තිබූ හෝටල් ගොඩනැගිල්ලක සිටි තරුණ අඹු සැමි යුවළක් සහ ඔවුන්ගේ මාස එකහමාරක් වයසැති බිලිඳිය මිය යාමේ සංවේග ජනක ප්‍රවෘත්තිය අප පුවත්පත පෙරේදා වාර්තා කළේය. අනපේක්ෂික අනතුරෙන් පණ පිටින් වැළලුණ මව – පියා සහ මාස එකහමාරක් වයසැති බිලිඳිය නමින් කම්පිත මිනිස් හදවත් සමග ‘‘ලංකාදීප’’‌යද සාතිශය සංවේගයෙන් යුතුව එක්වෙයි.

මියගිය සදාදරණීය මිනිසුන් වෙනුවෙන් අහසට නැගුණු සුදු කොඩිවැල් තව දින කිහිපයකින් දිරාපත්වී යනු ඇත. නාඳුනන නමුත් මියගිය මව පියා හා බිලිඳිය වෙනුවෙන් මුමුණන අනුරාගී මිනිස් කතාබහ තව ටික දිනකින් නතරවනු ඇත. ඒ මිනිසුන් වෙනුවෙන් නැගුණු කඳුළැලි වියැකී යනු ඇත. ඉන්පසුව සිරිත් පරිදි දවස් ගෙවා දැමීම ඇරැඹෙනු ඇත. ඒ යළිත් මෙවන් අවාසනාවන්ත අකල් මරණ, ඛේදවාචකයක් අබියස සංවේදී වීම පිණිසය. විය යුත්තේ එය නොවන බව ඒකාන්ත සත්‍යයකි. අවශ්‍ය වන්නේ මෙවන් විපත් වළක්වාලීමට සමත් දියුණු පරිසරයක් වෙනුවෙන් කැපවීමය. නොමළවුන් නිදිගත් බිමක මළවුන් උදෙසා යුක්තිය ඉටු නොවන බව පරම සත්‍යය වේ.

ගොඩනැගිල්ලක් නිවෙසක් එක්වරම කඩා වැටීමට හේතුවක් නැත. නියමිත ක්‍රමවේදවලට හා ප්‍රමිතියට අනුව ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ නම් එය කඩා ඉවත් කරනතුරුම නිරුපද්‍රිතය. එය එසේනම් පස් මහල් හෝටල් ගොඩනැගිල්ල කඩා වැටුණේ කෙසේද? මේ සම්බන්ධයෙන් පුළුල් විධිමත් පරීක්‍ෂණයක් සිදු කළ යුතුය. දැන් එය සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි. අහිංසක පවුලක්ම පණපිටින් වැළලී ගොස් තිබේ. ඒ මිනිසුන්ට යළිත් පණ දිය නොහැක. අපරීක්‍ෂාකාරී ලෙස ගොඩනැගිලි ඉදිකර මිනිසුන් මරා දැමීමට කිසිවකුට ඉඩ දිය යුතු නැත.

පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටුණේ එහි ඉදිකිරීම්වල ඇති දුර්වලතා හේතුවෙන් යැයි ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානය, මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයට දැනුම් දී ඇතැයි අප පුවත්පත වාර්තා කළේය. එහි ඉදිකිරීම් නිසි ගවේෂණයකින් තොරව සිදුකර ඇති බව ද සඳහන්ය.

අප පුවත්පත මහනුවර පොලීසියේ උසස් නිලධාරියකු උපුටා දක්වමින් පළ කළ වාර්තාවක සඳහන් වූයේ මෙම ගොඩනැගිල්ල ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ අනුමැතිය යටතේ නිසි ප්‍රමිතියකට අනුව ඉදිකර ඇති ද භූ විද්‍යා පතල් කාර්යාංශය මෙම භූමිය පරීක්‍ෂා කර එම ස්ථානයේ තට්ටු පහක ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවසර දුන්නේ ද නගර සභාවෙන් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පනවා තිබූ කොන්දේසි මොනවා ද මෙම භූමිය පරීක්‍ෂා කර තට්ටු කීයක් එම භූමියේ ඉදිකිරීමට අවසර දුන්නේ ද යන්න සොයා බලා වාර්තා කැඳවා ඇති බවය.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ හිමිකරුවන් පවසන්නේ මෙම ගොඩනැගිල්ල නිසි අවසරයකින්, නිසි ක්‍රමවේදයකට, නිසි ප්‍රමිතියකට යටත්ව ඉදිකළ බවය. ප්‍රශ්නය වන්නේ එසේ නම් මෙම ගොඩනැගිල්ල කඩා වැටුණේ කෙසේද යන්නය. අනවසර ඉදිකිරීම් මෙන්ම අනුමත කරගත් සැලැස්මට එපිටින් ගොස් ඉදිකිරීම් සිදු කිරීම ජාතික ව්‍යසනයක් බවට පත්ව තිබේ. ඇතැම් නිලධාරීන් නිසි විමර්ශනයකින් තොරව ඉදිකිරීම් සඳහා අවසර ලබාදෙන බව ද රහසක් නොවේ. මේ සියල්ල සඳහා අතයට මුදල් හුවමාරු වන බව ද රහසක් නොවේ. මුදල්වලින් සියල්ල කළ හැකි බවට විශ්වාසයක් ඇති නිසා ඇතැමෙක් බියකින් තොරව එබඳු අනීතික ක්‍රියාවලට යොමු වෙති. එහෙත් ඒවා කෙළවර වන්නේ වටිනා මිනිස් ජීවිත අහිමි කරමින් මහා ඛේදවාචක නිර්මාණය කරමින්ය.

මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පස් මහල් හෝටල් ගොඩනැගිල්ල කඩා වැටීමේ ඛේදවාචකය එයට හිමි ගැඹුරින්ම වටහා ගත යුතු වන්නේ ඉහත පරිසරයට යටත්වය. සල්ලිකාරයන් හා දූෂිත නිලධාරීන් එක්ව සිදුකරන සමූහ මිනිස් ඝාතන නතර කර දැමීය යුතුය. පස් මහල් ගොඩනැගිල්ලට අදාළ සැලසුම් සම්මත කිරීමේ දී ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකර එම ස්ථානයට ගැළපෙන පරිදි ගොඩනැගිල්ල ඉදිකිරීමට උපදෙස් දුන්නේ ද යන්න සොයා බැලිය යුතුය. එසේ උපදෙස් දී තිබිය දී එම උපදෙස් නොතකා කටයුතු කර තිබේ ද යන්න සොයා බැලීය යුතුය. අනීතික යමක් කිනම් පාර්ශ්වයකින් හෝ සිදුවී තිබේ නම් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය. මුදල් බලයෙන් සියල්ල කළ හැකි යැයි හෝ සියල්ල යටපත් කළ හැකි යැයි යමකු සිතන්නේ නම් එය ඓතිහාසික මුළාවක් බව ඔප්පු කර පෙන්වීමට සුදුසුම පැය එළැඹ තිබේ.

අප කියන කාරණා මහනුවර බූවැලිකඩට පමණක් සීමා නොවේ. ශ්‍රී ලංකාවේ ගම්වල, විශේෂයෙන්ම ප්‍රධාන නගරවල අනවසර එමෙන්ම ප්‍රමිතියෙන් තොර ඉදිවූ ගොඩනැගිලි ඕනෑතරම් ඇත. හරිහැටි ගවේෂණයක් කළහොත් එවැනි ඉදිකිරීම් දහස් ගණනක් සොයාගත හැකිවනු ඇත. එබැවින් දැන් ආණ්ඩුවත් මහ නගර සභාත්, පළාත් පාලන ආයතනත් නාගරික සංවර්ධන අධිකාරියත් ඒ පිළිබඳව සොයා බැලිය යුතු බව අපේ අදහසය. ඡන්දය හා දේශපාලන වාසි වෙනුවෙන් අසරණ මිනිස් ජීවිත සමග සෙල්ලම් නොකරන ලෙස දේශපාලකයන්ගෙන්ද අපි ඉල්ලා සිටිමු.

(***)



අදහස් (6)

ප්‍රමිතියෙන් තොර ගොඩනැගිලි හැදූ සහ හදන අයට දඬුවම් නැද්ද?

kamal Wednesday, 23 September 2020 06:27 AM

ඔන්න ඔහේ කොහේහරි යන බාර් කෙනෙක් අල්ලලා හිරේ දාන්න. ලොකු අය එක්ක හැප්පෙන්න යන්නේ නැතිව.

:       1       6

Ajith Wednesday, 23 September 2020 06:31 AM

අවසානයේදී ,සිමෙන්ති සහ ගඩොල් වරදකරු විය.

:       0       8

sachith Wednesday, 23 September 2020 07:05 AM

වෙන්නේ මොකක්ද කියලා පේනවා රූපවාහිනිය බලපුවාම, කිසිම බයක් නැතිව ටීවී එකේ වොයිස්කට් දෙන්නේ ගෙදර අයිතිකාරයා. අපේ එහෙම ඉඩමේ ගහක අත්තක් වැටිලා ගෙදරක වහලේ උළු කැටයක් කැඩුණත් පොලිසියෙන්, ග්‍රාමසේවක ඇවිත් කුදලාගෙන ගිහින්..

:       0       11

පූජා Wednesday, 23 September 2020 10:29 AM

කෝටි ගණන් වටිනා, වැලි මාලිගාවල වෙසෙන හිස් මිනිසුන්.. තමන්ට මොනවද වෙන්නේ කියා හිතාගන්නවත් බැරි නිමේෂයක පණපිටින් වැළලී, ජීවිතයෙන් වන්දි ගෙවූ මේ අහිංසකයන්ගේ ජීවිත, මොනවා ලීවත්, මොනවා කරත් ආපසු එන්නේ නැත. නැවතත් මෙවැනි දේවල් අසන්නට, දකින්නට නොලැබෙයි කියා කාට කිව හැකිද? මොකද අපේ රට ලෝකයෙන්ම උතුම්ම රට වන බැවින්.

:       4       90

saman Wednesday, 23 September 2020 11:56 AM

මේ සිද්ධිය "නිලමේස් කේස්" එකක් නිසා බොහෝවිට කිසි කෙනෙකුට දඬුවම් නොලැබිය හැකිය...

:       0       8

Perera Thursday, 24 September 2020 07:11 PM

දේශපාලන හයියක් තියෙනවානම් ලංකාවේ මොන වරද කලත් ඒ අයගේ මයිල් ගහකටවත් දඬුවම් විඳින්න සිද්ධ වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

විපක්ෂ නායකතුමාට ඕන නම් ආපහු බස් දෙන්න’’
2025 මාර්තු මස 10 653 0

විපක්ෂ නායකතුමාටත් ඕන නම් නැවත පාසල් වලට බස් පරිත්‍යාග කරන්න අවස්ථාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිම


සරසවි ඇදුරන්ගේ පර්යේෂණ-ශාස්ත්‍රීය දීමනා කපලා
2025 මාර්තු මස 10 220 1

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ සහ ශාස්ත්‍රීය දීමනා පහත හෙලා තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


මොළයයි හදවතයි ඇති මිනිහෙක් හදන්න අධ්‍යාපනය වෙනස් කරනවා
2025 මාර්තු මස 10 129 3

මොළය විතරක් නොව හදවතක් තිබෙන පරපුරක් අවශ්‍ය නම් අධ්‍යාපනය අනිවාර්යයෙන්ම පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍


මාස දෙකේ සිඟිත්තෙක් මහා පාරේ දමා ගිහින්
2025 මාර්තු මස 10 380 0

අම්බලන්ගොඩ මාදම්පේ දේවගොඩ ප්‍රදේශයේ මහ පාර අයිනේ දමා ගිය කුඩා බිළිදෙකු අද උදේ සොයාගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.


බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන
2025 මාර්තු මස 10 1467 7

ශ‍්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරට


ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් කටුනායකට
2025 මාර්තු මස 10 1000 1

ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් මහතා ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක් සදහා අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ට පැමිණියේය .


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 88 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 179 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site