(අංජුල මහික වීරරත්න)
ප්‍රයෝජනයකට නොගන්නා රජයේ ඉඩම් වාණිජ වැවිලි කළමනාකරණ ව්‍යාපෘති සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා වැනි රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ප්‍රමාණයක් නීති ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය ආදී විවිධ හේතුන් මත දීර්ඝ කාලයක් තිස්සේ වගාවකින් හෝ ඵලදායී භාවිතයකින් තොරව පවතින බව අයවැය කතාවේදී ජනාධිපතිවරයාද පෙන්වා දී ඇතැයි රජය කියයි.
විශාල ප්‍රමාණයේ ඉඩම් හා ඌණ ඉපයෝජිත ඉඩම් අපනයනය කළ හැකි භෝග වගා කිරීම,අපනයනය සඳහා පශු සම්පත් ගොවිපළ ඇති කිරීම සහ වෙනත් අපනයනය කළ හැකි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සඳහා තෝරා ගනු ලබන අයෝජකයන් වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
ඒ සඳහා දේශීය ව්‍යවසායකයන් සම්බන්ධ කර ගනිමින් සමාජයට බහුවිධ ප්‍රතිලාභ අත්වන අයුරින් එකී ඉඩම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගැනීම පිණිස රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශය විසින් වැවිලි ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලක් සකස් කර ඇතැයි ද රජය කියයි.
එකී වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ප්‍රයෝජනයක් නැති රජයේ ඉඩම් බදු දෙන්න කැබිනට් අනුමැතිය
වීර Tuesday, 13 February 2024 08:12 PM
මොරටුව රාවතාවත්තේ බුදුපිළිම හන්දියේ තිබුණු සමූපාකාර ඉඩමත් වැඩකට නැතුව තිබ්බේ. කිසිම වැඩකට නැති නිසා සත පහකට වත් කවුරුත් ගන්නැති නිසා මොරටුවේ හිටපු පා මංත්‍රීයෙක්ගේ හාල් කිලෝවක ගාන දන්නැති ක්ලබ් යන දුවෙකුට දුන්නාලු.. අනේ වාසනාවන්..!
swene Wednesday, 14 February 2024 05:50 AM
තුට්ටුවට දෙකට බදු දීමත්, අත යටින් ගනු දෙනු කිරිමත් සාර්ථකව කෙරෙනවා