IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පාර්ලිමේන්තුවට එරෙහිව නීතිඥයකු උසාවි යයි

අග‍්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි සිංගරාසා නඩු තීන්දුව අවලංගු නිරීමට කථානායකවරයා පියවර ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ,කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අවලංගු කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසද ඉල්ලා නීතීඥවරයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති ,අගමැති ,කථානායකවරයා නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ

පසුගිය ජූලි 07 වැනි දින අග‍්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ප‍්‍රකාශිත සිංගරාසා නැමැති නඩු තීන්දුව අවලංගු කරන ලෙස කථානයකවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම නඩු තීන්දුව මඟින් විදේශ අධිකරණයන්හි හෝ ආයතන වල නියෝග ක‍්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අධිකරණය බැඳී නොමැති බව ප‍්‍රකාශ කර ඇත.

අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන් ප‍්‍රකාශිත ජනතාවගේ සෙවරීභාවය සෘජුවම උල්ලංඝනය වේ.

ඊට අමතරව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (ඉ) වගන්තියෙන් සහතික මූලික අයිතිවාසිකමද උල්ලංඝනය වීම සිදුවේ.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද මෙම පෙත්සම විභාගයට ගෙන අවසන්වන තුරු මේ සම්බන්ධව කිසිදු පියවරක් ගැනීම වළකාලමින් කථානායකවරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටී.තමන්ගේත් ,ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද ,කථානායකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් අවලංගු කිරීමට බලයක් නොමැති බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

සිංහරාසා පූජකවරයා කොටි හිතවාදියකු බව නඩුවේදී කියැවිණි.



අදහස් (0)

පාර්ලිමේන්තුවට එරෙහිව නීතිඥයකු උසාවි යයි

ප්‍රනාන්දු Saturday, 23 July 2016 02:18 PM

කළු සුද්දෝ කොහොමත් හොර සුද්දෝ කියන දේ කරන ජාතියක් .(හේ)

:       0       0

විජේසුන්දර Saturday, 23 July 2016 01:08 AM

එංගලන්තය යුරෝපියන් යුනියන් එකෙන් ඉවත්වීමට එක ප්‍රධාන හේතුවක් වූයේ ඔවුන්ගේ අධිකණයේ ස්වාධිපත්‍යය අහිමි වී තිබූ නිසාය. ඔවුන්ගේ රටේ අධිකරණයට ඉහළින් යුරෝපියන් යුනියන් අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබුණි. එසේනම් ශ්‍රී ලංකාව වෙනත් රටක අධිකරණ බලයකට යටත්කොට අපගේ රටේ අධිකණයේ ස්වාධීනත්වය පාවාදෙන්නට වලිකන්නේ ඇයි? මේවා විදෙස් කුමන්ත්‍රණ නොවේද? (නි)

:       0       0

බන්දුල Saturday, 23 July 2016 03:49 AM

නීතියටත් ඇගිල්ල දික් කරන එකද ඔය කියන සංහිදියාව.(හේ)

:       0       0

සුමුදු Saturday, 23 July 2016 05:53 AM

රනිල් මේ වෙලාවේ කරන්නේ හොඳ දෙයක්. (නි)

:       0       0

සරත් Friday, 22 July 2016 12:43 PM

ගරු අධිකරණයට ඇඟිලි ගහන්නේ නැහැ කිවුවේ මහජනයා රවටන්නද එතකොට? (නි)

:       0       0

සිරිල් Saturday, 23 July 2016 06:30 AM

මෙයාලගේ දිව දෙකේ කතා සහ ක්‍රියා දැන් අපිටත් ඇතිවෙලා (නි)

:       0       0

සිරි Saturday, 23 July 2016 06:34 AM

අනේ මෙහෙම යහපාලනයක්?? (නි)

:       0       0

පෙරේරා Saturday, 23 July 2016 08:43 PM

ඔන්න ඔය උසාවි ටික වහලා දාලා ඒ කර්තව්‍යයත් පාර්ලිමේන්තුවේම කළා නම් ඔය ප්‍රශ්න නැහැනේ. (නි)

:       0       0

නිම්මි Friday, 22 July 2016 02:26 PM

මේවා තමයි දැන් මේ රටේ වෙන්නේ. (නි)

:       0       0

හේමපාල Friday, 22 July 2016 02:54 PM

ඔබට අපගේ ආචාරය! (නි)

:       0       0

රොකී Friday, 22 July 2016 03:28 PM

ජය වේවා! (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 22 July 2016 05:08 PM

මේකද එතකොට යහපාලනය කියන්නේ? (නි)

:       0       0

සමන් Saturday, 23 July 2016 09:53 AM

අධිකරණයට වඩා පාර්ලිමේන්තුව බලවත් බවට පෙර නඩු තීන්දු කීපයක්ම තිබෙනවා .(හේ)

:       0       0

සුමනා Friday, 22 July 2016 07:49 PM

හොඳටම හොඳයි. ඇයි අපිට බැරි ඡන්ද පොරොන්දු කඩ කළා, අපිට බොරු පොරොන්දු දුන්නා කියලා නඩු දාන්න? මේවා හැම ආණ්ඩුවකින්ම දෙන පුස් පොරොන්දු. අපිට බැරිද ඒවාට විරුද්ධව නඩු මර්ගයකට යන්න? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 50 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 205 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 67 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 46 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 214 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1116 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site