IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ - කෙහෙළිය


මොහොමඩ් ආසික්
පාර්ලිමේන්තුවේ බලතල නැති කරලා නාමික පාර්ලිමේන්තුවක් කරලා  පළාත්වලට අසීමිත බලතල ලබා දෙන්න හදන මේ වගේ පාර්ලිමේන්තුවකට බෝම්බ එකක් නොව බෝම්බ සීයක් ගහන්න ඕන යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
මහනුවර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගේ නුගවෙල පිහිටි කාර්යාලයේදී අද 28 දහවල් පැවැති රැස්වීමකදී මන්ත්‍රීවරයා එසේ කීය.
මෙහිදී තව දුරටත් අදහස දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
ශ්‍රී ලංකාව කියන්නේ ආසියාවේම වැදගත් රටයි ඒ නිසයි හැම කෙනාම මේකට ඇහ ගහගෙන ඉන්නේ. කිලෝමිටර් 65,000 ක මේ පුංචි රටේ තියෙන සම්පත් ගැන අපට වැඩිය හොඳට ඇමරිකාව දන්නවා.ඒ නිසයි මේ රට කෑලි නවයකට කඩල පාලකයන් නවයක් දාන්න සැලසුම් කරන්නේ . ඔවුනට කෙලින්ම වැඩ කර ගන්න පුළුවන් වන්නේ එතකොටයි.  ඒ නිසයි ප්‍රභාකරන් ඉන්න කොටත් කීවේ  අපට උතුර විතරක් මදි නැගෙනහිරත් ඕන කියලා.මේ ගෙනත් තියෙන ව්‍යවස්ථාවේ ටී.එන්.ඒ. එකේ යෝජනාවේ පැහැදිලිව තියෙනවා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා.මුළු ජාත්‍යන්තරයටම ඕන වෙලා තියෙනවා මේ රට කෑලිවලට කඩල වෙන් කරන්න එතකොටයි ඔවුන් සමඟ ගනු දෙනු කරන්න පුළුවන්. කොන්ද පණ නැති නායකයන් දාලා ඔවුන්ට  යටත් වන කණ්ඩායමක් දාලා මේ රට ගෙනයන්න සූදානමක් තියෙනවා යැයිද  මන්ත්‍රීවරායා මෙහිදී කීය.



අදහස් (48)

පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ - කෙහෙළිය

blu blu Saturday, 28 October 2017 01:26 PM

ඔය කොන්ද තියෙන නායකයෝ කොහෙද ඉන්න? තමුන්නාන්සේගේ නායකයා නේද 13 දෙනවා කිව්වේ? අපට මේ කියමන් වලින් පේන්නේ මේ අය පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නේ මදාවි වැඩ කරන්න මිසක් රටේ ප්‍රශ්න විසඳන්න නෙවේ කියලයි..

:       1072       1818

NishanSunday, 29 October 2017 12:38 AM

ඇයි මෙයාලට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? සාමාන්‍ය මනුස්සයෙක් මේක කිව්වා නම් උසාවි දාලා රිමාන්ඩ් කරලා. කරුණාකරලා අයින්වෙලා යන්න. බෝම්බ ගැසිය යුතු තැන වල තවත් ඉන්න ලජ්ජා නැද්ද? වරප්‍රසාද නිසා නේද ඉන්නේ? ඕස්ට්‍රේලියා යන්න පුළුවන් නිසා නේද ඉන්නේ? ගිහින් කකුල් කඩා ගත්තම නොමිලේ බෙහෙත් කරගන්න තවත් නොමිලේ ටුවර් එකක් යන්න පුළුවන් නිසා නේද ඉන්නේ?

:       0       0

UpaliSunday, 29 October 2017 05:12 AM

කථාව නම් සහතික ඇත්ත. හැබැයි ඔබ ඇතුළු 225 ම ඇතුලේ ඉන්න වෙලාවක් බලලම කරන්න.

:       0       61

Sathyayaa Saturday, 28 October 2017 01:30 PM

මුළු රටම මෝඩයින් වැඩිවීමේ අවදානමකට ලක්ව තිබෙනවා. වසර 40 ගණනකට උඩදී තරුණයෝ ආණ්ඩුවට බෝම්බ ගහන්න සැලසුම් කරන කොට ඒ කොල්ලන්ව හම ගහන්න ඕනේ කියල කියපු මිනිස්සුයි, බෝම්බයක් තියා (පොල්) කෝම්බයක්වත් අතට ගන්න බය එහෙත් විප්ලව කරන්න කතා කරපු මිනිස්සුයි බෝම්බ කතා හරහා අසරණ ඡන්ද දායකයින්ගේ වීරයින් වෙන්න හදනවා.

:       178       389

ජයරත්න Saturday, 28 October 2017 01:32 PM

බෝම්බ ගහනවලු අවි අතට ගන්නවලු. විපක්ෂයක් මෙහෙම කතා කරනවා ඇහුවමයි. ජනමත විචාරණයේදී හැමදේම තීන්දු වෙයි. නැවත තරුණයන් නොමග යවා රට ලේ විලක් කරන්න කවුරුහරි උත්සාහ කරනවා නම් දැන්මම ඒවාට පියවර ගත්තොත් හොඳයි.

:       282       535

guneSunday, 29 October 2017 03:41 AM

බෝම්බ ගහන්න වෙන්නේ මේ රට බෙදන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් නේ. ජනමත විචාරණයකට යන්නේ නැතුව පර්ලිමෙන්තුවෙන්ම මේක ප්‍රතිෂේප කරන්න කියලයි විමල් ඉල්ලන්නේ. කැටලෝනියාවේ ප්‍රශ්නය ගැන කියවලා බලා දැනගන්න.

:       0       0

dututgamunu1 Saturday, 28 October 2017 01:40 PM

අපිත් එකඟයි මේකට.... ඉන්න හොරු 225 ටමත් කියන්න තියෙන්නේ එච්චරයි.

:       7       182

Neel Perera Saturday, 28 October 2017 02:01 PM

ඇමරිකාවෙන් පත්කරන්නේ පණනැති හෝ කොන්දක් තියෙන මිනිහෙක්වනේ... නමුත් පසුගිය දසක කීපයේම මෙහෙ නායකයො කියලා හිටියේ මොනම කොන්දක්වත් නැති ඇමීබාවෝනේ. නැත්නම් මෙපමණ ණය කන්දරාවක් ගොඩ ගැහෙයිද? අධිරාජ්‍යවාදීන් මේ රට පාලනය කරපු යුගයේ මේ මනුෂ්‍යයෝ මීට වඩා දහස් ගුණයක් හොඳින් ජීවත් වුණු බව අපේ වැඩිහිටියෝ අදටත් කියනවා.

:       230       314

rocky Saturday, 28 October 2017 02:25 PM

රටගිය අවස්ථාවක හෝටලේක සිද්ධියක් නම් ආරංචියි. එයාටත් දෙපැත්තෙන්ම වන්දි ගත්තාලු නේද?

:       0       27

naradha Saturday, 28 October 2017 02:27 PM

මේවා ජනතාව ගොනාට ඇන්දවීම සඳහා ගැලරියට කරන ප්‍රකාශන පමණයි.

:       90       342

Aruna Saturday, 28 October 2017 02:30 PM

බෝම්බ ගහන් ඕනෑ හරිනම් 225ම ඇතුළේ ඉන්න වෙලාවට තමයි.

:       0       204

kumara Saturday, 28 October 2017 02:33 PM

ජනාධිපති වශයෙන් පත්කරන්නම වටිනවා...

:       123       113

rocky Saturday, 28 October 2017 02:37 PM

බෝම්බ කොහොම වුනත් එක්කෙනෙක් ඕස්ට්‍රේලියාවේ හොටලේකදි බිමට පත බැවිලා කකුල් කඩා ගත්තු කතාව අපට මතක් වෙනවා!

:       96       572

කසුන් Saturday, 28 October 2017 03:03 PM

අනේ එහෙම කරලවත් ඔය පිරිස ඉවත් කරන්න පුළුවන් නම් රටට හොඳ කාලයක් උදාවේවි !!

:       26       146

Hafeel Saturday, 28 October 2017 03:08 PM

අද මෙවැනි ප්‍රකාශ ඉතා සැහැල්ලු වඩනයක් බවට පත්වෙලා. සාමාන්‍ය මිනිහෙක් මෙවැනි ප්‍රකාශ කළානම්, අද වනවිට කොහෙද ඉන්න වෙන්නේ?

:       1       181

සිරිපාල Saturday, 28 October 2017 03:27 PM

ඔයා නේද ඔස්ට්‍රේලියාවේ ගෑණු ළමයෙක් පස්සෙ ගිහිල්ල කකුල කඩාගෙන හොටෙල් එකෙන් වන්දි ඉල්ලුවේ. මහා වන්චාකාර ක්‍රියාවක් නේ... ඉන්න ඔනෙ හිරේනේ....

:       59       1249

parakkrama Saturday, 28 October 2017 03:29 PM

මෙතුමාගේ මේ බෝම්බ කෙලියේ යෙදෙන්න කලින් එසේ කරන්නට එළඹෙන බව පෙන්වන කාරණය මහජනයාගේ ඔලුවලට ඇතුල් කිරීම හරිද වැරදි දැයි පාඨකයෙකු හැටියට මා ද ටිකක් සිතුවා. ඒ මාත් යන්න ඕනෑ කොයි පැත්තටද කියා තීරණයක් ගන්නයි. මෙතුමා කියන්නේ " මේ ගැනත් තියෙන ව්‍යවස්ථාවේ ටී.එන්.ඒ. එකේ යෝජනාවේ පැහැදිලිවම තියෙනවා. උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා ", සඳහන් ය කියාය. නොදන්නා නිසයි අහන්නේ මගේ ඔලුවත් කුරුවල් වේගන එන නිසයි මේ අහන්නේ... මෙතුමන් මේ කියන විදිහට මේක මැනැවින් සාකච්ඡා කර, අවසන් තීරණයකට එළැඹ සකස් කොට, පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඔන්න මෙන්න කියා තිබෙන ව්‍යවස්ථාවක ස්වරූපයකුයි ඕනෑම කෙනෙකුට බැලූ බැල්මට පෙනෙන්නේ. මෙතුමන් එහෙම එකක් කොහෙදිවත් දැකලා ද දන්නේ නැහැ. එහෙම එකක් තවම හදලා නැහැ කියලයි මට වැටහිලා තිබෙන්නේ. මෙවැනි නොයෙක් යෝජනා සළකා බලා, කපා කොටා, කිරා මැන බලා හදන ව්‍යවස්ථාවේ කෙටුම්පත් අවස්ථාවේදීත්, රටට, ජන වාර්ගික සංහිඳියාවට, සමයට අහිතකර වගන්ති සංශෝධනය කරගත හැකියි නේද කියා මට හිතෙනවා. අන්න එතනදී, මෙතුමාගේ පාර්ශවයෙන් මීට අදාලව අවශ්‍ය දේ පාර්ලිමේන්තුවේ කෙරුනොත් හරි කියලයි මට සිතෙන්නේ.

:       88       210

erdi Saturday, 28 October 2017 03:36 PM

රට කාපු, දැනටත් රට කමින් ඉන්න ඔක්කොම කට්ටියම තොලොංචි වෙලාම යන්න.

:       0       112

purawasiyek Saturday, 28 October 2017 03:38 PM

මොහුගේ ප්‍රකාශය පිළිබඳ පරීක්ෂණයක් කල යුතුයි. මොහු විශාල කුමන්ත්‍රණයකට සම්බන්ධ දැයි සැකයක් මතු නොවේද?. රට නැවතත් 88 /89 තත්වයක් උදාවෙයිද? මොවුන් හදන්නේ රට අරාජික කරන්නයි. විශාල කුමන්ත්‍රණයක්...

:       170       407

Sathyayaa Saturday, 28 October 2017 08:58 PM

කුමන්ත්‍රණයක් කෙසේ වෙතත් බංකොලොත් දේශපාලනයෙන් ගොඩ එන්න සැලසුම් කරන යටි මඩියක් වෙන්නත් පුළුවන්. අනාගතයේදී දේශපාලන අරමුණක් වෙනුවෙන් බෝම්බ ගහන්න හිටිය ජ. වී.පෙත් දැන් ආයුධ ගැන කතා නොකරන නිසා, එ. ජ.පයෙන් ශ්‍රී ලං නි පයට පැන එතනින් පනින්න තැනක් සොයන සෙයක් පෙන්නුම් කරනවා. මුවහත් කරන කඩු වලින් යුද්ධය තබා කොස් ගෙඩියක් වත් කොටන්න දන්නැති මිනිස්සු බෝම්බ ගැන කරන කතා ඇත්තෙන්ම හාස්‍ය ජනකයි.

:       0       0

bamunuSunday, 29 October 2017 03:39 AM

"මොවුන් හදන්නේ රට අරාජික කරන්නයි." මොකද රට දැන් ලිච්ඡවි වෙලාද? බෝම්බ 100 නොවෙයි පරමාණු බෝම්බයක් දාන්නනේ වටින්නේ. පරමාණු බෝම්බයක් දානවට අකමැති අපිත් ඒ අවට ජීවත්වන නිසාය. නැතිනම් රට දෙමළාගෙන් බේරාගත් අය පාර්ලිමේතුවේ නැති වෙලාවක් 100 දමන්නකෝ අපිට අමාරුද කියල බලන්න. අපට නම් කිසිම අමාරුවක් නැත.

:       17       0

dias Saturday, 28 October 2017 03:42 PM

රට සහ ළමුන්ගේ අනාගතය විනාශ කරන්න එපා. බෝම්බ ගැහීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නේද? මේ ගැන පොලිස් පරීක්ෂණයක් තැබිය යුතුයි. රට කරන පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්ඩ ඉඩ තිබ්බොත් රටේ ආර්ථිකය කඩා වැටෙයි.

:       22       260

Deepal Saturday, 28 October 2017 03:47 PM

අනේ මට දෙන්නකෝ... බෝම්බ 100ට 200ක්ම ගහන්නම්කෝ...

:       0       38

විකුම් රංගන Saturday, 28 October 2017 04:04 PM

රටේ මිනිස්සු ගහන්න ඕනා බෝම්බ ටික මේ යාම ගහ ගනියි වගේ. අනේ එහෙමවත් වෙලා අපේ රට හොරුන්ගෙන් නිදහස් වෙනවා නම්!!!!

:       101       104

Saman Saturday, 28 October 2017 05:13 PM

නියම ඩබලක් පින්තූරෙ ඉන්නෙ...

:       0       0

Saman Saturday, 28 October 2017 05:14 PM

ඔහේගෙ පුතා නේද උඩදි ප්ලේන් එකේ දොර අරින්න ගියේ මුත්‍රා කරන්න ?

:       0       0

rohana Saturday, 28 October 2017 05:56 PM

කෙහෙළිය සහ දිලුම් දෙදෙනාම පා.ම.මහින්දගේ උදවිය මේ අයට ලබන සැරේ දෙවියන්ගේම පිහිටයි.

:       0       0

සව්දන් මාමා Saturday, 28 October 2017 08:29 PM

තුවාලවන දියවන්නාවෙ කට්ටියට ජනාධිපති අරමුදලින්ද වන්දි ගෙවන්නෙ

:       0       0

වින්සන්ට් Saturday, 28 October 2017 09:05 PM

කිලෝමීටර් 65,000 මේ පුංචි රටේ සම්පත් ගැන ඇමරිකාවට වැඩිය හොඳට දන්නේ අවුරුදු 70 ක් තිස්සේ පුංචි රට උලා කාපු කෙහෙළිය රඹුක්වැල්ල වැනි දේශපාලකයන්ය. වේල පිරිමහ ගැනීමට මෙවැනි ජාති ප්‍රේමි ප්‍රකාශ කරන දේශපාලකයන් උතුරේ වගේම දකුණේත් අපි දකින්නෙමු. පෙරේත කම අත්හැරලා කාටත් සමාන අයිතිවාසිකම් සමඟ ජිවත්විය හැකි රටක්,ක්‍රමයක් ගැන කතා කරනවා නම් නරකද කෙහෙළිය රඹුක්වැල්ල උත්තමයාණෙනි.

:       0       0

sam Saturday, 28 October 2017 09:53 PM

මම මේ කතාව දිහා බලන්නේ ඉහත අදහස් දමාපු මහත්වරුන් නොදැකපු කෝනයකිනුයි. මෙතුමා නැවත නැවතත් බෝම්බ කතාව පුනරුච්චාරණය කරන්නේ මීට පෙර වීරවංශ මහතා සිදු කල ප්‍රකාශයේ බරපතලකම අඩු කිරීමට බව මගේ හැඟීමයි . වීරවංශ මහතාගේ කියමන කටවාචාලකම නිසා කියවුනක් මිසක් (එතුමාගේ අනිකුත් සියලුම කියමන් මෙන්ම ) දැනුමක් තේරුමක් ඇතිව කියවුණු දෙයක් නොවේ. ඒ හැරත් ඉතිහාසයේ සිදුවුන එකම පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය එල්ල කලේ තම මස්සිනා බව එතුමාට කවුරුන් හෝ මතක් කර දී ඇත්තේ මේ කතාවෙන් පස්සේ විය යුතුයි . ඒ නිසා ඉදිරියේදී සිදුවියහැකි පාර්ලිමේන්තු /උසාවි චෝදනා ගොනු කිරීමකදී මේ කතාවේ බරපතලකම අඩු කිරීමට (මම විතරක් නොවේ, ඕක කෙහෙලියත් කිව්වානේ, ඊට පසුව අහවලාත් කිව්වානේ, ආදී වශයෙන් ) බවයි .

:       0       0

Rohana Saturday, 28 October 2017 11:33 PM

මේ අම්බරුවන් සුදුසු අංගොඩට. ඔස්ට්‍රේ ලියවෙ ඇවිල්ල බීල කකුල කඩාගෙන මිලියන ගණනක් වියදම් කලා ජනපති අරමුදලින්. අහිසක දුප්පත් මහා ජනතාවට වියදම් කරන්න තිබෙන මුදල්.. මේ මංකොල්ල කාරයන් මේ පවු ගෙවන්න අම්බරුවෝ වෙලා ඉපදෙන්නේ,

:       0       2

ravin Sunday, 29 October 2017 12:52 AM

පාර්ලිමේන්තුව ඇතුලේ බෝම්බ ගහල ඕක විනාස කලාම අපහු හදන්න යන වියදමෙනුත් කොමිෂන් ගහන්න පුළුවන්නේ. දැන් මද්දුම බණ්ඩාරලා වගේ කෑගහන්නේ හොඳට හොරකන් කරපු උදවියම තමයි.

:       0       0

ranjith Sunday, 29 October 2017 01:33 AM

මුන් වගේ අය මොකට පාර්ලිමේන්තු යවනවද මොන පක්ෂෙන් උනත් යවන්න ඕනේ උගත් අය

:       0       0

Ashan Sunday, 29 October 2017 02:20 AM

ඒකාබද්ධ විපක්ෂයේ 100 නැහැ නේද? බෝම්බ වුණත් නාස්ති නොකළා නම් හොඳයි.

:       0       0

bandara Sunday, 29 October 2017 02:56 AM

තක්කඩි, හොරු ටික නැතිනම් අපේ රට සුරපුරයක් කල හැකියි. ප්‍රභාකරන් නැවත ඇවිත් මේ ටික කළානම් ඉවරයි.

:       0       0

Ajith Nissanka Sunday, 29 October 2017 02:57 AM

පාර්ලිමේන්තුවට බෝම්බ 100ක් ගහන්න ඕනෑ... හැබැයි ඔක්කොම ඒක ඇතුලට දාලා !

:       0       0

ධනුුෂ්ක Sunday, 29 October 2017 03:13 AM

මෙතුමා කියන කථාව අැත්ත. හැබැයි මෙතුමත් එ් වෙලාවට පාර්ලිමේනතුව අැතුලේ ඉන්න ඕනේ. මම ලොකේ දියුණුවුනු රටවල ඉතිහාසය හොයා බලනකොට දැක්ක දෙයක් තමයි අද ලංකාවේ වගේ. පාලක පලැන්තියක් යම් කාලයක එම රටවල්ද සමාජ, අාර්ථික, දේශපාලන, වශයෙන් එකතැන පල් කරමින් ඉදිරියට යාමට නොදී බඩ ගෝස්තරවාදීව පාලනය කලා. හැබැයි එ් රටවල සැබෑ පුරවැසියන් බැරිම තැන පාලක පැලැන්තිය එලොව යවා හෝ රටින් පන්නලා හරි එ් රටවල පිරිසිදු ධනපති හෝ සමාජවාදී පාලනයක් පිහිටුවා අද ලෝකයේ ඉදිරියට අැවිත් තියෙනවා. යුරෝපයේ එ්ක සිදුවෙලා දැන් අවුරුදු සියගාණක්... එහෙම නොවුනේ සිංගප්පුරුවේ හා ජපානයේ පමණයි. හැබැයි එ්ත් දැඩි පාලනයක් යටතේ. කවුරු මොන බයිලා ගැහුවත් ලංකාවේ කවදා හරි එහෙම දෙයක් වෙනකන් දූෂිත වලල්ල බිඳිනකන් මේ දුක එහෙම්මම තමයි. 2020 වෙන අාණ්ඩුවක් අැවිත් කියයි. 2015 ගත්ත ණයට වඩා දැන් ණය දෙගුණ වෙලා කියයි. ඔවුනුත් පරම්පරා ගාණකට හොයාගෙන ගෙදර යයි. අපි ඔවුන්ගේ බර අදීවි.

:       0       0

piyal Sunday, 29 October 2017 03:22 AM

මුලින්ම විමල් අල්ලාගෙන බෝම්බයක් ගැන කියමින් ඔහුට චෝදනා කළා. පසුව බෝම්බ කතාව ගොඩ දෙනෙක් කිව්වා. මේ සියලු දෙනා ගැනම පරීක්ෂණ කරන්න. හඳට ඇඟිල්ල දික්කරහම ඇඟිල්ල දිහා බලාගෙන කියවන නුවණක්කාර පිරිසක් ඉන්න බව පේනවා.

:       0       0

Padmini Sunday, 29 October 2017 04:21 AM

ගැලරියේ කතාවක්. නමුත් මෙවන් ප්‍රකාශ බොහොම බරපතලයි නේද? පාසල් ළමුන් මේවා බලනවා. මේ පිළිබද රජය වහා ක්‍රියාත්මක විය යුතුයි.

:       0       0

jiffri Sunday, 29 October 2017 05:42 AM

එදා ඔබතුමා හිටපු ආණ්ඩුව නේද පොරාන්දු වුණේ? 13 නෙමෙයි ඊටත් එහා 13 දෙනවා කියලා. එවිට ඔබතුමා කොහෙද හිටියේ?

:       0       21

janatha anura Sunday, 29 October 2017 10:22 AM

එයා පොරොන්දු වුණා මෙයා ඡන්ද ගන්න දුන්නු පොරොන්දුව කරලම පෙන්වනවා කියලා. ඇයි මේ රට එක්සත් ජාතික පාක්ෂිකයින්ට පමණක් අයිති රටක්ද?

:       0       0

modayek Sunday, 29 October 2017 05:48 AM

මෙතුමා එක්කෝ මොලේ අමාරුවක්. එහෙම නැත්නම් සිය දිවි නසා ගැනීමක්. ඉක්මණින්ම දොස්තර මහතෙකුට පෙන්විය යුතුයි. එහෙමත් යන්තම් ජනතාව මුලා කරනවද?

:       0       25

silva Sunday, 29 October 2017 09:26 AM

මෙනන නියම මොලකාරයෝ, මොකද මෙයාගේ පුතාගේ වැඩ මතකේ ඇති ෆ්ලිඝ්ට් එකේ යනගමන් දොර අැරියා නියම පාර්ලිමේන්තුවට නොවෙයි ප්‍රජාමණ්ඩලයකට වත් යවන්න හොඳ නැහැ රස්තියාදුකාරයෝ ....

:       0       62

janatha anura Sunday, 29 October 2017 10:20 AM

මෙතන සත්‍ය වශයෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අදහස පැහැදිලි නැහැ. ඔබලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියෙව්වද? එයට එකඟ වෙනවද? එහෙම නැතුව කිසිම හෙවිල්ලක් නැතිව 1815 කාලෙ වගේ තමන්ගේ පක්ෂය නිසා එකඟ වෙනවාද? අපිට ලක්ෂ ගාණක් ජනතාවගේ රුධිරය හෙලන්නේ නැතිව මේ බලය බෙදීම කරන්න තිබුණා. ඡන්දයේදි මෙම බලය බෙදීමක් ගැන අපිට කිව්වේ නැහැ. නමුත් වෙනත් පාර්ශවයකට පොරොන්දු වී ඇති බව චන්ද්‍රිකා මැතිණියගේ කතාවලින්, වැඩවලින් පේනවා වඩා ඒකීය රටක් තුළ රට බෙදෙන බව ඕක හදපු යූ.එන්. එකේ අය දන්නවා....

:       0       0

ලලිත් ප්‍රෙමලල් Sunday, 29 October 2017 10:23 AM

කෙහෙලිය ඇතුළු මහින්දගේ පොහොට්ටු කාරයෝ හදන්නේ කොහොම හරි නැවත බලය ගන්න.. ලංකාවේ මිනිස්සු හිතන තරම් මෝඩ නැහැ ....දැන් හැමෝම දන්නව තවම පාර්ලිමේන්තුවට කෙටුම්පතක් වත් ඇවිත් නැහැ කියලා .. විවිධ පක්ෂ වලින් විවිධ යෝජනා සහ අදහස් පමණක් අරගෙන ඒ අදහස් සහ යෝජනා පක්ෂ නායකයෝ සාකච්ඡාවට බඳුන් කරලා අනවශ්‍ය දේ අයින් කරලා කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ගෙනැල්ලා විවාද කරයි... ඉතින් කෙහෙලිය කියන ව්‍යවස්ථාව කරුණාකර මහජනතාවට පෙන්වන්න.. මිනිස්සු කුලප්පු නොකර පොහොට්ටුවේ වැඩක් බලා ගන්න.. අපි නොදන්නවා නොවෙයි ඔබලාගේ කාලෙ කරපු වැඩ ..

:       0       0

ලලිත් ප්‍රෙමලල් Sunday, 29 October 2017 10:23 AM

කෙහෙලිය ඇතුළු මහින්දගේ පොහොට්ටු කට්ටිය හදන්නේ කොහොම හරි නැවත බලය ගන්න.. ලංකාවේ මිනිස්සු හිතන තරම් මෝඩ නැහැ... දැන් හැමෝම දන්නවා තවම පාර්ලිමේන්තුවට කෙටුම්පතක් වත් ඇවිත් නැහැ කියලා.. විවිධ පක්ෂ වලින් විවිධ යෝජනා සහ අදහස් පමණක් අරගෙන ඒ අදහස් සහ යෝජනා පක්ෂ නායකයෝ සාකච්ඡාවට බඳුන් කරල අනවශ්‍ය දේ අයින් කරලා කෙටුම්පත් කරලා පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාද කරයි... ඉතින් කෙහෙලිය කියන ව්‍යවස්ථාව කරුණාකර මහජනතාවට පෙන්වන්න.. නිකන් මහත්තයෝ.. මිනිස්සු කුලප්පු නොකර පොහොට්ටුවේ වැඩක් බලා ගන්න.. අපි නොදන්නවා නොවෙයි ඔබලාගේ කාලේ කරපු වැඩ.. දැන් සුදනා වෙන්න හදනවා.. ඔස්ට්‍රේලියාවේ ගිහින් කකුල් කඩාගෙන ජනාධිපති අරමුදලෙන් කෝටි සියගණනක් ගනිපු මිනිහෙක්නේ...

:       0       78

janatha anura Sunday, 29 October 2017 10:24 AM

දහස් ගණනක් රුධිරය හෙළා රැකගත් රට පාවා දෙනවා නම්..., එයාලට කඩේ යන අයට හෙණ 7ම වදීවි...

:       0       9

janatha naura Sunday, 29 October 2017 10:26 AM

මුට්ටිය අල්ලන්නේ කාටද? එහෙම කළත් මේ අය සිරිකොතේ වහලේ ඉඳීවි..

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1892 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 565 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 893 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 893 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1023 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1138 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site