(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පෞද්ගලික ආයතනයක් මුදල් වැයකර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ කාර්යාලයට සුපිරි මෙට්ටයක් සහ ඇඳක් ඇතුළු භාණ්ඩ කිහිපයක් පසුගිය ජූලි මාසයේදී ගෙනැවිත් ඇති හෙයින් මේ සුපිරි ඇඳ සහ මෙට්ටය ගෙනාවේ කාට යහන්ගතවීමට දැයි සමගි ජන බලවේගයේ පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළේය.
පෞද්ගලික ආයතනයක් පාර්ලිමේන්තුව ඇතුළට මෙලෙස භාණ්ඩ ගෙන ඒම ජනාධිපතිවරයාගේ මෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂාවටද විශාල තර්ජනයක් බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
පතිරණ මහතා මෙසේ පැවසුවේ මුලසුනේ අවසර ඇතිව ප්‍රකාශයක් කරමිනි.
බුද්ධික පතිරණ මහතා
මේ පාර්ලිමේන්තුවට ජූලි මාසේ 28 දහවල් 11.00 ට භාණ්ඩ වගයක් ඇවිල්ල තියෙනවා. හැබැයි පාර්ලිමේන්තුවෙන් මිලදී ගැනීමක් කරල නැහැ. මම ඒ රිසිට් සියල්ල සභාගත කරනවා.මේක ගෙනල්ලා තියෙන්නේ පෞද්ගලික ආයතනයක්. ඒ ආයතනය මුදල් ගෙවලා තියෙන්නේ. ඒ භාණ්ඩ ඇවිල්ල තියෙන්නෙ ජනාධිපතිතුමාගේ කාර්යාලයට. එතකොට ඒ ඔක්කොටම අස්සන් කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු ලේකම්තුමා. මම ඒ ලියකිවිලි සභාගත කරනවා.
ඒ භාණ්ඩ අතර සුපිරි මෙට්ටයක් තියෙනව. ඝනකම අඩියකට වැඩියි. මෙහෙම මෙට්ටයක් මේ කාමරයට ගෙනාවෙ මොකටද. මම දන්න තරමට ජනාධිපතිතුමාගේ කාමරේ කවුරුත් බුදි යන්නේ නැහැ. එකේ කවුරුහරි යහන්ගත වෙනවද කියන එක බරපතළ ප්‍රශ්නයක්. නැත්නම් ජනාධිපතිතුමා යහන්ගත වෙන්න ඕන. එහෙම නැත්නම් කාර්ය මණ්ඩලය. මේ ගැන පරීක්ෂණයක් කරන්න. අගමැතිතුමනි ඕනිනම් අපිත් එන්නම් බලන්න. ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාවටත් හොඳයි. සභාවේ ආරක්ෂාවටත් හොඳයි. මේ විදියට මේ වගේ බඩු ගේන්න පුලුවන්ද. රුපියල් තුන්ලක්ෂ හතළිස් දෙදහසක ඩබල් බෙඩ් එකක් ගෙනල්ලා තියෙනවා. සින්ගල් බෙඩ් එකක් නම් තව හිතන්න තිබුණා. ඊට අමතරව දෙලක්ෂ හැත්තෑ තුන් දහසක පුටුවකුයි එක්ලක්ෂ දහනව දහසක මෙට්ටෙකුයි ගෙනල්ලා තියෙනවා.
(ආණ්ඩු පක්ෂයෙන් බාධා)
පතිරණ මහතා:
ඔව් ඔව්, කාගෙත් කීර්තිනාමය හානි වෙන්නේ මේවා ගෙනාපුවාමයි. ඩබල් බෙඩ් ගෙනල්ලා කාර්යාල කාමරයක තියපුවාම. කරුණාකර ඒ ගැන පරීක්ෂණයක් කරන්න. මහලේකම්තුමා දැනුවත්වද මේ භාණ්ඩ ආවේ. ආරක්ෂක අංශ දැනුවත්වද ආවේ. පෞද්ගලික ආයතනයක් මුදල් ගෙවපු භාණ්ඩ මේක ඇතුළෙ තියෙන්න පුලුවන්ද. ඒ වගේම ජනාධිපතිතුමාගේ දිවුරුම් දීමට අදාළ උත්සවයේ සියලුම බ්ල්පත් ජනාධිපතිතුමාගේ පෞද්ගලික සල්ලිවලින් නිරවුල් කළා කිව්වට ඒ සල්ලි ගෙවලා තියෙන්නෙත් මේ පෞද්ගලික ආයතනය. ඒ ලියකිවිලිත් මම මෙතන සභාගත කරනවා. මේකේ භයානකකම මේකයි. මේ වගේ එක මිනිහෙක් ඔහොම කරලා ගියා. ජනාධිපතිතුමා එදා අර්ජුන මහේන්ද්‍රන් යන්නේ මඟුල් ගෙදරකට කියලා කිව්වා . ගියා ගියාමයි ආවේ නැහැ. දැන් මේ දෙවෙනි මිනිහා වෙන්න පුළුවන්. එදා අගමැතිතුමා බ්ලැක්මේල් කරලා අර්ජුන මහේන්ද්‍රන් රට පැන්නා. දැන් දෙවැනි මිනිහා ජනාධිපතිතුමාට ඇඳන්දීලා මෙට්ට දීලා රට පැන්නොත් මොකද කරන්නේ.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා:
ඔය විස්තර සභාගත කරන්න
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා
දැන් මේ කාරණය ඔබතුමාලා පුන පුනා කියනවා. කතානායකතුමා තීන්දුවක් ගත්තා. බලලා කියන්නම් කියලා කිව්වනේ. ඔබතුමා ඔය ඇඳේ නිදි යන්නේ නැහැනේ. මම දන්නේ නැහැ ඔබතුමා යනවද කියලා. ඕකට ඔච්චර උනන්දු නිසා කියන්නේ. වැදගත් දේවල් මෙතන කතා කරන්න තියෙද්දි ඇඳක් ඇද ගන්නවා. ඇඳවල් ගැන කතා කරන්නෙ නැතුව රටේ ප්‍රශ්න ගැන කතා කරන්න.
සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර
දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවට සුපිරි ඇඳක් ගෙනාවේ කාට යහන්ගත වෙන්නද?
sharm warn Friday, 09 December 2022 04:43 PM
සමහර විට අර උපදේශක මණ්ඩලෙ කවුරු හරි විවෙක ගන්න පවිච්චි කරනවද කවුද දන්නෙ. . කප්පම් මොකද මෙකට උඩ පනින්නෙ?
නැතිද මං කියන්නේ...! Friday, 09 December 2022 05:06 PM
පාර්ලිමේන්තුවේ ඉඳලා මහජන මුදල් සොරාකාල සැපට හම්බකරපු සැමදේම ක්‍ෂණිකව දාල "පණ යන" වටිනාම ඇඳ නිසා වෙන්න ඇති පාර්ලිමේන්තුවේ 225හේ සුපිරි ඇඳවල්....!!
de silva Friday, 09 December 2022 05:13 PM
ජනාධිපතිතුමා ඇතුළු පාර්ලිමේන්තුවේ බහුතරයක් විශ්‍රාම ගැනීමේ වයස පැනලා දැන් අවුරුදු 15 ක් 20 ක් ගත වෙලා. සමහරු පාර්ලිමේන්තුවේ පුටුවේ වාඩිවෙලා නිදි. මේ වයසක සීයා පාර්ලිමේන්තුවේ දී ගිමන් හරින්න ඇදක් ගෙනාවහම ඒකටත් විරුද්ධ වෙන්නේ මොකද? කප්පම් කාරයා පවා මෙවැනි දෙවල් අනුමත කරනවා.
සඳුන් Friday, 09 December 2022 05:23 PM
අළුත් ඇමතිකම් වලට සුදුසුකම් තෝරන සම්මුබ පරීක්ෂණ වලට ගේන්න ඇති.
ranil Friday, 09 December 2022 05:56 PM
ඔව් මෙගොලොන්ට වැඩ කරලා මහන්සියි.
Kumara Friday, 09 December 2022 07:51 PM
මෙගොලොන්ට තියෙන සැප මදි වෙලාද තවත් ඇඳවල් දීලා තියෙන්නේ.
sampath Friday, 09 December 2022 08:24 PM
ඔය කාලා නිදිකිරා වැටෙන අයට හදිසියට ගිහින් නිදාගන්නයි ඕක ගේන්න ඇත්තේ. රටේම මිනිස්සුන්ට පේන ගොරව ගොරව නිදාගන්නට වඩා හොඳයි ඕක ඇතුළට වෙලා නිදා ගන්න එක. අනෙක ඔය 70,80 පැන්නම එක තැන නින්ද යනවා. ඔය මෙට්ට තව ටිකක් ඕනි වෙයි. තරුණයට ඕවා තේරෙන්නේ නෑ.
Dasa P Saturday, 10 December 2022 03:07 AM
සමනල් තටුවක පහස ඇති සුපිරි මෙට්ටයක්.
Chandra Saturday, 10 December 2022 08:25 AM
දැන් පාර්ලිමේන්තුවෙන් කෙරෙන්නේ ජනතාවගේ , ඉදිරිපස , පිටිපස සහ ගැන සොයා බලන එකනේ.. ජනතාව මේ අමාරුවේ වැටිලා තියෙන්නේ ඒවා ගැන සොයා බලන අමාත්තන්ශ්යක් නැතිකමට .ඒවාට දක්ෂ කෙනෙක් වහාම පත් කල යුතුයි . ඒ නිසා, ඒවා පරීක්ෂා කරන්න, හොයා බලන්න පාර්ලිමේන්තුවට ඇදක් අනිවාර්යේම්ම අවශ්ෂයි . මේ රට එතකොට ඉක්මනටම දියුණුවෙයි .