IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පාර්ලිමේන්තුවත් හෙටට සීමාවෙයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

කොවිඩ්  අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට(8) දිනයට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය .

මේ අනුව  හෙට පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 10 සිට පස්වරු 4:30 දක්වා පැවැත්වෙනු ඇත .

පසුගිය මස පැවැත්වුණු  අවසාන පාර්ලිමේන්තු රැස්වීමේදී පාර්ලිමේන්තුව  හෙට දිනය දක්වා කල් තැබූ  හෙයින් හෙට රැස්වීම අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව පාර්ලි මේන්තු නිලධාරීහු පවසති.

කොවිඩ්  අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් එහි කැඳවීමද බරපතළ ගැටලුවක් වී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කොවිඩ්  ආසාදිත මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ද පාර්ලිමේන්තු සේවකයෝ පිරිසක් ද පසුගිය දිනවල  සෞඛ්‍ය අංශ විසින් හඳුනා ගනු ලැබූහ .

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  අද පෙරවරු 9.30ට රැස්විය.

විශේෂ බදු පනත් කිහිපයක් හෙට දින විවාදයට ගැනීමට නියමිත ය.

 



අදහස් (1)

පාර්ලිමේන්තුවත් හෙටට සීමාවෙයි

prasad Adikari Monday, 07 June 2021 12:23 PM

දැන් මේ රටේ දෙවන ප්‍රශ්නය පාර්ලිමේන්තුව කැඳවීම්ද? රටේ ජනතාව හෙට මොකද කරන්නේ කොහොමද දරුවන්ට බත්කටක් දෙන්නේ කියලා කල්පනා කරන්නේ... කරුණාකරලා වැඳලා කියන්නම් ඔය ගොන් පාට් නතරකරලා රටේ මිනිස්සුන්ට හරි වැඩ පිළිවෙළක් හදලා දෙන්න ජීවත් වෙන්න...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 27 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 34 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 286 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 130 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 214 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


ලක්ෂ 80 ක රටබීම සමඟ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 06 246 0

රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 35 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1358 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site