IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම මාර්තුවේදී විසුරුවනවා

 ( අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභා ඡන්දයට පෙර  මහ මැතිවරණය පවත්වන බවත්  ලබන මාර්තු මාසයේදී  පාර්ලිමේන්තුව අනිවාර්යෙන් විසුරුවන බවත්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පවසයි.

 අද (16) වැනිදා පැවැති පුවත්පත් කතුවරුන්ගේ  සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී ජනාධිපතිවරයා මේ බව කීවේය.
 
තමාට කටයුතු කරගෙන යාමට  ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍ය බවත්  මේ  පාර්ලිමේන්තුව තුළ  එය කළ නොහැකි  බවත්  ජනාධිපතිවරයා කීවේය.
 
 කල් දමනු ලැබූ මැතිවරණ සියල්ල පැවැත්වීම තමාගෙත්  අගමැතිවරයාගෙත්  අදහස බව කී  ජනාධිපතිවරයා  පළාත් සභා ඡන්දය පැවැත්වීමේ තීරණය ගනු ලබන්නේ පාර්ලිමේන්තුව විසින් බවද හෙතෙම පැවසීය.
 
 මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන  ලකුණකින්දැයි මාධ්‍යවේදීයකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්  ජනාධිපති රාජපක්ෂ මහතා  එය සාකච්ඡා කර තීන්දු කරන බවද කීවේය. අගමැතිවරයා විසින්  මැතිවරණ  මැතිවරණය  මෙහෙයවන  ලබන බවත්  බැසිල් රාජපක්ෂ මහතා එහි  යාන්ත්‍රණය සකස් කරනු ඇති බවත්  කී ජනාධිපතිවරයා  තමාද ඊට සහය දෙන බව පැවසීය.
 



අදහස් (50)

පාර්ලිමේන්තුව අනිවාර්යෙන්ම මාර්තුවේදී විසුරුවනවා

පිටිගල මිලානෝ Monday, 16 December 2019 12:31 PM

ඔය එක්කම හොර රැලත් එළවලා බුද්ධිමතුන්ට නාම යෝජනා දෙන්න.

:       39       1166

ChampaMonday, 16 December 2019 12:54 PM

යූඑන්පී ඒකේ නාමයෝජනා වලටත් නිර්දේශ ඉදිරිපත් කරන්න පුලුවන්ද?

:       0       0

විමලාවතී - තංගල්ල Monday, 16 December 2019 01:26 PM

එහෙම කොහෙද...? හොරු කොයිතරම් මහන්සි වුණාද මෙයාව ගේන්න බලයට. අනික මෙයාට තියෙන හොරකම් වල නඩු.. අර මිග් ගනුදෙණු එහෙම...

:       3026       3065

SujeewaMonday, 16 December 2019 02:01 PM

අනේ විමලෝ මොනවද කියන්නේ? මහ බැංකුව කඩලා එකෙන් අර්ජුන අැලෝසියස්ගෙන් සල්ලි ගත්තු 118 දෙනා, රාජගිරියේ අහිංසක මෝටර් බයිසිකල් රියදුරු තරුණයා යටකරපු ඇමතියා, බෙහෙත්වලින් මඩිය ලොකුකරගත්තු දතා, පාස්කු ඉරිදා බෝම්බය තාත්තා කිව්වත් මහජනයාට නොකියපු ඇමතියා, කිඹුලන්ට කන්න අහිංසකයන් ගෙනිච්ච වැන් රියදුරාලා, ප්‍රභාකරන්ගේ රත්රන් ටොන් 7,000 ක් (පවුම් 875,000) අරගෙන කොළඹට අරන් ආපු රියදුරු, සංස්කෘතික අමාත්‍යංශයේ සල්ලි ගහපු ඇත්තෝ සහ අනිකුත් මෙකී/නොකී සියලු දෙනානේ... දැන් අපිට බලය නැතිනිසා, 2015 ජනවාරි 08 දින ලැබිච්ච ලම්බෝගිනියේ හරි, රත්තරන් අශ්වයා ගේ හරි නැගලා ගිහින්, ඩුබායි බැංකුවේ තියෙන ඩොලර් බිලියන 18 වත් අරන් එමු නේද?

:       2421       2423

SamMonday, 16 December 2019 02:18 PM

විමලාවතී, ඈ බං මිග් එකක් කොහේහරි හිරවුණාද?

:       688       2001

සනත් ඉතාලිය Monday, 16 December 2019 02:54 PM

විමලාවතී, ස්විස් එම්බසියේ වැඩට යන්න කැමති පාටයි.

:       621       736

RaveendraMonday, 16 December 2019 08:43 PM

විමලාවතී නංගියේ ඇත්තට ඔබ හිටියේ කොහෙද?

:       181       242

අත්තනායක Tuesday, 17 December 2019 12:21 AM

පළාත් සභා ඡන්දයට පෙර මහ මැතිවරණය දෙකම පැවැත්විය යුත්තේ පොහොට්ටුවෙනි. ඔය ගිවිසුම් ගැන කතා කිරීමට දැන් වෙලාව නොවේ. වර්තමාන කැබිනෙට්ටුවේ මෙන් අපොස සාමාන්‍ය පෙළ අසමත් අයව පත් නොකරන්න. අලුත් ජනාධිපතිවරයෙක් සිටින නිසා අලුත්ම අලුත් කණ්ඩායමක් රටට ඉදිරිපත් කරන්න ලංකාවේ සෑම ආසනයකටම අලුත්ම මුහුණු ඉදිරිපත් කරන්න. ඔබ දේශපාලකයකු නොවන නිසා ඔබතුමාට ගැලපෙන කණ්ඩායමක් ඔබතුමා තෝරාගන්න එසේ නොමැති උවහොත් චෝදනා තිබෙන කණ්ඩායම සමග ඔබට වැඩ කිරීමට නොහැක. පරණ කණ්ඩායම් සමග අලුත් ගමකක් යාමට බැරි බව තේරුම් ගන්න. දේශපාලනික වශයෙන් නොව රට වෙනුවෙන් තීන්දු ගන්න. වෙනසක් ඇතිකර පෙන්වන්න

:       35       215

janahitha Tuesday, 17 December 2019 03:02 AM

හරියට හරි... මහ බැංකුව තියෙන්නේ තංගල්ලේනේ... ඒක කොල්ලකෑම ශ්‍රීලන්කන් ගුවන්යානා අවලංගුව සහ වන්දි මුදල් ගසා කෑම ව්‍යාපෘතිවල දිග පළල අඩුකර වැඩි මුදලට නැවත අලුත් ගිවිසුම් ගැසීම, වරාය විකිණීම ගුවන් තොටේ වී බෑම, 19 සම්මත කර රට අනාරක්ෂිත කර ජනතාව අමුඅමුවේ මරා දැමීමට සැලැස්වීම තව ගොඩක් දේවල් තියෙනවනේ...

:       0       0

Rata PerataTuesday, 17 December 2019 07:38 AM

විමලාවතී, ඔබ කියපු කරුණු ඇත්ත. ඒත් පේනවා නේද වහලුන්ගේ වහල් කම? එහෙම නැත්නම් ඒ වැරදි වහන්න අනිත් අයගේ වැරදි දානවා. ඡන්දෙන් පස්සේ වහලුන්ට තේරෙයි.

:       0       0

padminiTuesday, 17 December 2019 07:39 AM

අනේ නංගියේ, ඕක තමයි උත්තරේ, එකෙක් කරපු හොරකම් පේලිය කියපුවාම කරන්නේ අනිත් පැත්තේ කෙනා කරපු හොරකම් පේලිය කියාගෙන යන එකනේ.

:       0       0

Hafeel Monday, 16 December 2019 03:39 PM

මේ කමෙන්ට්ස් ටික බලනකොට දෙගොල්ලම දූෂිතයන්.

:       0       0

RanjithTuesday, 17 December 2019 06:45 AM

විසුරුවන එක නෙමෙයි අපිට තියන ප්‍රශ්නේ. ඉන්න ටිකට පැන්ෂන් එක දෙනවද කියලයි. මිනිසුන්ට බදු ගහ ගහ මේ අයට පැන්ෂන් දෙන්න එපා.

:       0       128

NishanTuesday, 17 December 2019 02:45 PM

නාමයෝජනා දෙන්න බුද්ධිමතුන් ඉන්න එපැයි එයාලට...

:       0       0

NARAYANA Monday, 16 December 2019 12:37 PM

අපේ ඡන්ද අයිතිය හොරාකාපු ජවිපය සහ එජාප නඩයට දුන්නා විසිවෙන්න. පාඩමක් උගන්නමු.

:       0       0

නෙවිල් Monday, 16 December 2019 01:05 PM

දැනට කරගෙන යන විදිහට ඉක්මණින් වැඩ කර නියම දිනට විනාඩියක්වත් පමා නොවී විසුරුවා හරින්න.

:       555       818

janatha hitha Tuesday, 17 December 2019 03:05 AM

19 ව්‍යවස්ථාවෙන් එය කළ නොහැක. කිසිම පනතක් සම්මත කළ නොහැකිව ඇත. පොලිස්පතිවත් ඉවත් කළ නොහැක. ඔවුන්ගේ මිනිසුන් ස්ථානගත කර පාලනය බාරදී ඇත. අවදානම් තත්වයකි...

:       0       0

නිශාන්ත Tuesday, 17 December 2019 11:56 AM

අප පොහොට්ටුව සමග සන්ධාන ගතවුයේ පොහොට්ටුවෙන්නොව පුටුව සලකුණෙන් මහා මැතිවරණයට තරග කිරීමට. අපේ ගිවිසුමට විරුද්ධව කට යුතු කරනවානම් එතන ප්‍රස්නයක් මතුවනු ඇත.

:       0       0

NishanTuesday, 17 December 2019 02:40 PM

දැනට වැඩ කෙරෙන ආකාරය කිව්වේ දවසින් දවස බඩු මිළ ඉහල දමමින් කරන වැඩේද?

:       0       0

isurandi Monday, 16 December 2019 01:07 PM

පසුගිය කාල වකවානුව තුළ ජනතාව දිගින් දිගටම 225 ප්‍රතික්ෂේප කලේ මෙදාපාරවත් මහා මැතිවරණයට උගත්, බුද්ධිමත් රටට වැඩක් කළහැකි පිරිසක් ඉදිරිපත් කරයි කියන චේතනාවෙන්..

:       3       249

කෝලීත් Monday, 16 December 2019 01:48 PM

අපරාදේ රනිල් අස්වුනේ. මාර්තු වෙනකම් හිටියා නම් එජාප රජයක් පිහිටුවන්න තිබුණා. හරින් වගේ අයට කිසි ඉවසිල්ලක් නැහැ.

:       250       319

Shanaka Monday, 16 December 2019 10:05 PM

හීනෙන්ද කියවන්නේ? නිකන් විහිලු කරන්න එපා

:       147       109

බන්දුල Monday, 16 December 2019 01:59 PM

වියත්මගේ ඉන්නා දක්ෂයෙක්... අගමැති අපේක්ෂක ලෙස නම් කරන්න. අපට ඔබතුමා ගැන බලාපොරොත්තුවක් තිබුණාට අනෙකුත් පැරණි දේශපාලකයන් ගැන කිසිම පැහැදීමක් නැහැ.

:       422       727

NishanWednesday, 18 December 2019 02:13 AM

වියත්මගේ ඉන්නවද දක්ෂයෝ?

:       0       3

සත්‍යපාල Monday, 16 December 2019 02:20 PM

අන්තිමට පවුලේ ඉන්න අයගේම ආණ්ඩුවක් වෙලා නතර වෙයි වගේ. හොර දූශිතයන් සෙට් එක මෙයාව බලයට ගේන්න මොනතරම් කට්ටක් කෑවද? රටට ආදරේටද? ඔවුන්ගේ පැවැත්මට... දේශපාලකයින්ගේ කෙරුවාවල් වල තරම අපි නොදන්නවා නෙවෙයි. ජනතාව ගොනාට අන්දවපු එකයි සිද්ද වුනේ...

:       1172       1343

jayasekaraTuesday, 17 December 2019 05:52 AM

ඔව් ඔව්. අනේද කියන්නේ.......ගොනාට අන්දන්න හැදුවේ මේ රටේ මහා සංඝරත්නය සහ සිංහල බෞද්ධයන්ව. ඒකනේ හත්පොලේ ගාගත්තේ.

:       298       196

lalithmWednesday, 18 December 2019 02:19 AM

අන්දවන්න දෙයක් නැහැ. ඇඳගෙන තමා ඉන්නේ. පොඩ්ඩක් ප්‍රවෘත්ති බලන්න ඕනෙම චැනල් එකක. ලංකාව පාලනය කරන්නේ මහා සඟ රුවන වගේ පෙනෙන්නේ. ජනපති තුමා නොවෙයි වගේ. අපි හත්පොලේ ගාගෙන තමා ඉන්නේ.

:       0       2

මහින්දසිරි වැලිකඩ Monday, 16 December 2019 02:26 PM

කිසිම දේශපාලන පළපුරුද්දක් නැති අය අනෙක් අයගේ අදහස් මත පිහිටා කටයුතු කිරීම පුදුමයක් නොවේ.

:       781       801

රං පුතා Monday, 16 December 2019 03:02 PM

නාම යෝජනා දෙන අයගේ වෘත්තිය සහ අධ්‍යාපනික සුදුසුකම් හෙලිදරව් කරන්න.. ඉතුරු හරිය ජනතාව බලාගනියි.

:       10       236

අභීත Monday, 16 December 2019 03:39 PM

ඔබතුමාට හිතවත් හමුදා නිලධාරියෙක් අගමැති ලෙස පත් කරන්න. අප සහාය දෙන්නම්...

:       0       0

vidya Tuesday, 17 December 2019 12:39 AM

ජනාධිපතිතුමනි මෙම කාරුණික ඉල්ලීම ඉටු කරන්න. කරුණාකර උගතුන් පාර්ලිමේන්තුවට එවන්න. අධ්‍යාපන සුදුසුකම් ඇති අය විද්වත් ප්‍රභූන් සහිත කමිටුවක් ඉදිරිපිට සම්මුඛ පරීක්ෂණයක් තබා ලිඛිත විභාගයක් පවත්වා, සාමාන්‍ය දැනුම, ගණිතය, ඉතිහාසය, විදෙස් රටවල් පිලිබඳව දැනුම පරීක්ෂා කොට පමණක් මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ දෙන්න. පසුගියදා කීප වතාවක්ම සෙංකෝලය උස්සගෙන දිවීම, පාර්ලිමේන්තුව තුල මැරවරයන් ලෙස හැසිරී මහජන දේපොළ විනාශ කිරීම සහ පරුෂ වචන භාවිතා කිරීම නැවැත්විය යුතුය. අතීතයේ පාර්ලිමේන්තුවේ හිටපු මැති ඇමතිවරුන්ගේ විනය භාවය රකිමින් එවකට අපී පාසල් යන දරුවන් විදිහට දැකපු දෙය අද දකින්නට නැත. පාසල් යන දරුවෙකුට ආදර්ශමත් වන විදිහට හැසිරෙන පිරිසක් මේ සභා ගැබට පිවිසිය යුතුය. නුගත් මිනිසුන් මන්ත්‍රීවරු, ඇමතිවරු උනාම වැඩ කරන්නට වෙන්නේ උගත් සිවිල් සේවකයන්, ඉංජිනේරුවන්, ගණකාධිවරුන් සහ නොයෙක් ආයතනවල සමගය. එතකොට ලැබෙන ප්‍රතිපලය වැඩදායක නොවෙනු ඇත. අප රටේ තරුණ පිරිස බලාගෙන ඉන්නේ වෙනසක් සිදු වෙනවා දකින්නටය මෙම වෙනස මෙම මැතිවරණයෙන් ආරම්භ කල හැකිය. ඔබතුමාට මෙම කටයුතු හරියාකාරව කිරීමට දිරිය ලැබේවා

:       1       185

janahitha Tuesday, 17 December 2019 03:08 AM

එය කළ යුත්තේ ඔබමය. සිදු නොවන්නේද එයමය. තෙරුවන් සරණයි.

:       0       0

MaheshTuesday, 17 December 2019 04:23 AM

හැබයි රවී, රනිල්, උදය සහ එස් බි වගේ අයත් ඉගෙන ගත්තු උගත් අය

:       0       0

Shahiwal Tuesday, 17 December 2019 04:32 AM

Vidya. ඔබ හීනයක් දැකලා වගේ. කවදාවත් වෙන්නේ නැහැ.

:       0       0

මුණසිංහ Tuesday, 17 December 2019 02:49 AM

ඔව්, ඉක්මනින් විසුරුවලා ඡන්දයක් තියන්න. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න, නමුත් එළවා දැමිය යුතු පිරිසක් ඉන්නවා. එතැනත් සුද්ධ කරන්න අපිට ඕනෑ...

:       0       0

Mahesh Tuesday, 17 December 2019 03:13 AM

පුලුවන් තරම් නාමල් සහ ගම්මන්පිල වැනි චරිත ගොඩක් ඈතින් තියාගන්න. දැනටමත් ඔවුන් මෝඩවැඩ පටන් අරන් තියෙන්නේ. ඔවුන් නිසා ඡන්ද අඩුවෙන්න පුලුවන්...

:       0       0

janaka Tuesday, 17 December 2019 03:34 AM

ගරු ජනාධිපතිතුමනි, පළාත් සභා ඡන්දය නැවතත් මේ මහ පොළව මත පිහිටුවන්න උත්සාහ කරන්න එපා. ඒ සුදු අලියා මේ විදියටම වලදාමු. නැවත නොනැගිටින්නම... පළාත් සභා හරහා තමයි මේ රට බෙදන ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. පළාත් සභා වසාදමා ප්‍රාදේශීය සභාවලට වැඩි හැකියාවක් සහිතව ක්‍රියාත්මක වීමට ඉඩ සලසමු. ප්‍රාදේශීය සභා ජනතාවට ඉතාම ලඟින් වැඩකරන යාන්ත්‍රණයයි.

:       0       0

Amula Tuesday, 17 December 2019 03:58 AM

අනේ අපේ ලෝයර් බබාගෙනුත් අදහසක් ගත්තොත් හොඳයි නේද? පවුලේ ඉන්න උගත් අයනේ.. අනික පුතණ්ඩියත් සල්ලි කාරයෙකුලු...

:       0       0

සමන් ඕස්ට්‍රේලියාව Tuesday, 17 December 2019 04:02 AM

නූගත් මිනිසුන් ඇමතිවරු වුණාම, සිවිල් සේවකයන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරවරුන් රට ගසා කනවා. මොකද ඇමතිගේ කනෙන් රිංගලා යන්න ඒ අයට පුළුවන්. මොනවා හරි ටෙක්නිකල් වචනයක් දාලා. අර ඉන්ටර්නෙට් එකේ තියෙන Yes...Minister නාට්‍යය බලන්න. ඇමතිවරු විෂය දන්නවා නම්.., ලේකම්ලාට කනින් රිංගන්න අමාරුයි.

:       0       0

නෙවිල් Tuesday, 17 December 2019 04:37 AM

බැසිල් ලව්වා සංවිධාන කටයුතු කලාට කමක් නැහැ, හැබැයි පරිපාලනයට නම් ගාව ගන්න එපා

:       0       0

peiris Tuesday, 17 December 2019 05:07 AM

ජනාදිපතිතුමා කියන විදියට ඔවුන්ට 2/3 බලයක් ලබාදීමට මිනිසුන් කටයුතු කළහොත් එය තරම් ලංකාවට කරන විනාසයක් තවත් නැතිවේවි.. කොහොමත් එතුමන්ට ලේසියෙන් බහුතර බලයක් ලබාගැනීමට හැකියාව ඇත. එතුමා කියූ ආකාරයට ප්‍රජාන්ත්‍රවාදී නීතිගරුක දුෂණයෙන් තොර රටක් හදන්නට ඇත්තටම උවමනාවක් තිබේනම් ඔය දැනට පොහොට්ටුවේ සහ එතුමා වටේ ඉන්න පල්හොරු සහ දුෂිතයන්ට නාමයෝජනා පවා නොදිය යුතුය.. කෙසේවෙතත් 2015 පෙර පැවතියාට වැඩ භයානක පවුලකට රටේ බලය ආර්ථිකය සහ නිතිය කෙන්ද්‍රවූ කාලයකට රට නැවත ගෙන නොයන්නට අපේ රටේ මිනිස්සුන්ට බුද්ධිය පහල වේවා..

:       0       0

225ත් ගෙදර යවමු Tuesday, 17 December 2019 06:32 AM

මාර්තුවලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියනම් සෑහෙන කට්ටියකට පෙන්ෂනුත් නැතුව ගෙදරටම යන්න වෙනව නේද?

:       0       18

ලැවොයිසියර් Tuesday, 17 December 2019 06:50 AM

කලක් පවතින යහපත් ස්ථාවර ආණ්ඩුක්‍රම ව්‍යවසථාවක් සම්පාදනය කිරීමට තරම් උගත්කම,දැනුම හා දක්ෂතාව ඇති තරුණ හා මැදිවියේ අපේක්ෂකයන් පත්කළා නම් ඉතාම වටිනවා. මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ පෞද්ගලික අවධානය යොමු වේවා!

:       2       74

athulaThursday, 19 December 2019 07:15 PM

දවල් හීන දකිනවද,,,

:       0       0

ලුම්බිණි Tuesday, 17 December 2019 07:59 AM

මේ දීගෙන යන සහන වල හැටියට මාර්තුවලදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නැත්නම් ලොකු අවුලක් වෙනවා.

:       0       0

Vinimaya Tuesday, 17 December 2019 11:28 AM

මහ ඡන්දෙන් 2/3 පොහොට්ටුවට ආවොත් පළාත් සභා අහෝසි වෙනවා.

:       0       0

Walter White Tuesday, 17 December 2019 02:15 PM

කෝ අර යහපාලන ආණ්ඩු කාලයේ ඡන්ද වෙලාවට තියන්නේ නෑ කියලා මැරෙන්න හැදුව අයියලා.

:       0       0

padmini Tuesday, 17 December 2019 06:16 PM

ඔබලාගේ ප්‍රජාතන්ත්‍රවාදය කෝ?

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 17 December 2019 10:01 PM

මෙයාගේ කතාවෙන් නම් පේන්නේ අර පොළොන්නරුවේ හාදයා වගේ මෙයා "නිර්පාක්ෂික" ජනාධිපති කෙනෙක් හැටියට ඉන්න සූදානම් නැහැ වගෙයි !

:       0       0

bandula Wednesday, 18 December 2019 02:41 PM

මට පෙන්නේ විද්‍යා දහවල හීනයක් දැකල වගේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1798 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 2004 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1430 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 292 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 784 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 579 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2111 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site