(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ යටි අරමුණ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පත්කරගෙන විශාල දූෂණ වංචා ඔස්සේ සාක්කු පුරවා ගැනීම බවත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ තීරණය දැඩි ලෙස හෙළා දකින බවත් ‘නිදහස් ජනතා සන්ධානයේ’ ප්‍රධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (30) පැවසීය.
එය නීත්‍යානුකූල තීරණයක් වුවත් අසාමාන්‍ය සහ සුවිශේෂි තතත්වයක් බවත් පාර්ලිමේන්තුවේ කටයුතු නැවත මුල සිට ආරම්භ කිරීමට දැරීමට සිදුවන විශාල කාලය සහ වියදමෙන් වන විශාල නසාස්තිය රට දරාගත නොහැකි නාස්තියක් බවත් ඒ මහතා කීය.
ආණ්ඩුවට ඇති බහුතරය පාවිච්චි කර මුදල් කමිටුවල සභාපති ධූර දරණ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඉවත් කර ආණ්ඩුවේ හිතවත් මන්ත්‍රීවරු පත්කර එම කමිටුවල වටිනා කාර්ය භාරය විනාශ කිරීමේ උත්සහයක් ඇති බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දූෂණ සහ වංචා පිළිබඳව එම කමිටු මේ වන විට කරගෙන යන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම මෙහි යටි අරමුණ බව ද සඳහන් කළේය.
පාරිලිමේන්තුවේ සැසිවාරය අවසන් වීම පසුගිය වසරේ ජූලි 28 වැනිදා සිදුවූ අතර ඉන් පසුව වර්තමාන සැසිවාරය අගෝස්තු 3 වැනිදා ආරම්භ කළ බව කියන මහාචාර්යවරයා පාර්ලිමේන්තු ඉතිහාසයේ මාස හතක් තුළ දෙවරක් අවසන් කළ සැසිවාර පිළිබඳව වෙනත් මතයක් නොමැති බව ද සඳහන් කළේය.
සැසිවාරය මේ අවසන් කිරීමේ කිසිඳු ප්‍රයෝජනයක් නොමැති වුවද අවාසි රාෂියක් ඇති බවත් පාර්ලිමේන්තුව ඉදිරියේ තියෙන පනත්, මෝසම්, යෝජනා, ඇමතිවරුන්ට යොමු කරන ප්‍රශ්න සියල්ලක්ම අහෝසි වීම සහ පාර්ලිමේන්තුවේ කමිටු 40 කට වඩා අවලංගු වන බව කී ඒ මහතා පැවසුවේ රටේ මුදල් පරිපාලනයට සම්බන්ධ රජයේ ගිණුම් කමිටුව, පොදු ව්‍යාපෘති කමිටුව සහ රාජ්‍ය මුදල් පිළිබඳව කමිටුව අහෝසිවීම කැපී පෙණෙන බවත්ය.
මෙම කමිටු තුණෙන් දෙකක සභාපති ධූරවල විපක්‍ෂයේ මන්ත්‍රීවරු වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කබීර් හෂීම් යන මහත්වරු සාර්ථකව කටයුතු කරමින් සිටි බව ද පීරිස් මහතා වැඩි දුරටත් කීය.
‘සර්වජන බලය’ පක්‍ෂයේ නෘයක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එම පක්‍ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පත්කරන බව එම පක්‍ෂයේ මහ ලේකම් නීතඥ රන්ජන් ස
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව අවසන් කිරීම ජී.එල් හෙළා දකියි
sharm warn Monday, 30 January 2023 04:42 PM
ඔව්... ඔව්. ඔයාලගේ මහ ලොකු ජනාධිපතිට ඡන්දෙ තියන්න සල්ලි නැති වුණාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්නයි, පාට් දාන්නයි ලෝභ නැතිව වියදම් කරනවා. මිනිස්සුන්ගේ පඩි පතට කෙළලා. තව පුච්චන කතා කියනවා. ඔහෙලත් මේ අපරාධවලට වගකියන්න ඕනෑ...
anaTuesday, 31 January 2023 03:40 AM
කරන කලට පව් මීරිය මී සේ..........................එයාලා බලයේ ඉන්නකොට කළා නම් හොදයි.
Jayalath Tuesday, 31 January 2023 05:42 AM
මූ ලංකාවට කරපුදෙයක් නෑ