(හර්ෂණ තුෂාර සිල්වා)
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් යන මහත්වරුන් අතර පැවැති දුරකතන සංවාදය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ට පැවැරී ඇති බලතල අනුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහලේකම්වරයාට දැනුම් දුන් බව එම දුරකතන සංවාදය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපතිවරයා සහ මහලේකම්වරයා අතර සංවාදය මිත්‍රශීලිව පැවැති බව ද එම නිවේදනයේ සඳහන් විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“මහලේකම්වරයා නොවැම්බර් 1 වැනිදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ දුරකතන සංවාදයක නියැළුණා.
තමන් ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලනය තත්ත්වය සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් ඇති ව තිබෙන අර්බුදය සියලු පාර්ශව හා පක්ෂ සමඟ සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහයෝගය දීමට සූදානම් බවත් මහලේකම්වරයා ජනාධිපතිවරයාට දැනුම් දුන්නා. සාමය, ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම සුරක්ෂිත කිරීමේ රජයේ වගකීමක් බවත් මහලේකම්වරයා එහිදි පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුගමනය කරමින් කඩිනමින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පවත්වන්නැයි මහලේකම්වරයා එම දුරකතන සංවාදයේදී ජනාධිපතිවරයාට අවධාරණය කළා. ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලට අනුව මානව හිමිකම්, යුක්තිය සහ සංහිඳියාව සම්බන්ධයෙන් දුන් පොරොන්දු හා එම බැඳීම් හා වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් අවධානය කළ යුතු බව ද මහලේකම්වරයා එහිදි ජනාධිපතිවරයාට කියා සිටියා”.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුව කැඳවන්න’යි එ.ජා. සංවිධානයෙන් තදබල අවවාදයක්
d.upul Saturday, 03 November 2018 06:07 AM
මහලේකම්වරයා කිව්ව දේවල් අපේ ජනාධිපතිතුමාට සිංහලට පරිවර්තනය කරලා දෙන්න. වැරදියට තේරුම් ගත්තොත් මළකෙලියයි.
RubertSaturday, 03 November 2018 08:05 AM
වැඩිය තේරුමක් නැහැ නේද? මතකද කොෆි අනන් කලින් හිටපු එ.ජා. ලේකම්? එයා ඇමරිකාවේ එ.ජා. කාර්යාලේ ඉන්නකොටමයි.. මිනිහ කියපු දේ... අධෝ වාතයකට මායිම් නොකර ඇමෙරිකාව-බ්‍රිතාන්‍ය ඉරාකෙට ගැහුවේ. ඊළගට ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව විසින් ලිබියාව, සිරියාව වගේ රටවලට ගැහුවේත් ඊළඟට හිටපු බැන් කී මුන් එපා කියද්දී. ඒවා ලොකු රටවල් තමයි... නමුත් ඒ.ජා. සංවිධානය කියන්නේ නිකම් පරිසර අධිකාරිය වගේ තැනක්... ජොලියට කතා කීවට නිවේදන නිකුත් කළාට කවුරුත් ගණන් ගන්නෙත් නැහැ. ගණන් ගන්න ඕනෙත් නැහැ. මේ නිවේදන නිකුත් කරන්නේ.. ඒ.ජා. සංවිධානෙන් ලෝකේ පුරා තියන NGO වලට ඩොලර් ලක්ෂ ගණන් අවුරුදු පතා දෙනවා. ප්රජාතන්ත්රවාදය වගේ දේවල් ගැන හොයලා බලන්න කියලා. කොළඹ ඉන්න ඒ සල්ලි ගන්න NGO කාක්කෝ මෙහෙම දේවල් රටේ වුණාම ඒවා බරපතල විදිහට පෙන්නලා ඒ සංවිධානෙන් තව සල්ලි ඉල්ලගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ අයගේ සපෝට් එකටයි මේ වගේ නිවේදන නිකුත් කරන්නේ... නැතුව ලොකුකමකට නෙවෙයි.
Ajith NissankaSaturday, 03 November 2018 03:14 PM
දේශප්‍රේමී ජනතාවනි ඇහුනේ නැහැ වගේ ඉන්න සම්බාධක පනවලා හැලිය රත් වෙනකම්ම!
සමන්ත Saturday, 03 November 2018 04:10 PM
මිත්‍රයා , ජාත්‍යන්තර දේශපාලනය සහ භූ දේශපාලනික කරුණු කාරණා ගැන උඩින් පල්ලෙන් අතගාලා නිකම්ම නිකම් ගමේ ගොඩේ මතවාද වලට එන්න එපා කියලයි විතරයි මට කියන්න තියෙන්නේ.
Lasantha Saturday, 03 November 2018 06:10 AM
තදබල ලෙස අවවාද කළ බව ප්‍රකාශයේ කොහෙද තියෙන්නේ..?
ajith Saturday, 03 November 2018 06:11 AM
එයා අපි පඩි ගෙවන සේවකයෙක් නේද?
Nuwan Saturday, 03 November 2018 06:59 AM
ජී.එස්.පී සහනය නැතිවෙන ළකුණු...
රවින් Saturday, 03 November 2018 07:01 AM
ඕං අපි ඉල්ලන් පරිප්පු කන හැටි...
janis Saturday, 03 November 2018 07:09 AM
මහින්ද අකුලාගෙන යන හැටි බලන්න ආසයි..
Sampath Saturday, 03 November 2018 07:22 AM
මම දන්නා විදියට නම් ලංකාවේ පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් ලංකාවේ ජනාධිපතිට...
sandySaturday, 03 November 2018 10:53 AM
ඒ නිසා තමයි කැඳවන්න කියන්නේ.
AnandaRSaturday, 03 November 2018 11:19 AM
Boa හරි... ඒ නිසානේ ජනාධිපතිතුමා 01 කියලා තියෙන්නේ...
සාමෙල් Saturday, 03 November 2018 07:46 AM
කෝ... ගෝඨා... මොනවත් නැද්ද කියන්න...?
BamunuarachchiMonday, 05 November 2018 11:40 PM
ඝෝටා කිය කිය ඉන්න කෙනෙක් නොවෙයි කරලා පෙන්වන කෙනෙක්. කරපුදාට බලාගන්න.
ගලබොඩ අත්තේ චමින්ද Saturday, 03 November 2018 08:50 AM
සතියක් තිස්සේ මේවා අහලා එපාවෙලා. දැන්වත් මේකේ ඉවරයක් දකින්න විදිහක් නැද්ද? එජාපය ඉගෙනගන්න ඕනේ ලංකාවේ ඉන්න අයගේ හැටි. එහෙම වුනානම් අද මාධ්‍ය වලින් එජාප තොරතුරු වාර්තා කරනවා. දැන් ඒ අය උන්නද මලාද කියලවත් මාධ්‍යකින් දැනගන්න බැහැ. මහින්ද ආපු ගමන් කරපු මාධ්‍ය වෙනස්කම් කොහොමද? 2015 ට කලින්වගේ නේද?
Mala Saturday, 03 November 2018 08:59 AM
දේසපාලුවන්ගෙ පටු අරමුණු සහ ආත්ම ලාභය සදහා සියලුම පුරවැසියන්ට වන්දි ගෙවන්න කාලය ඇවිත්. ඔය එක එක්කෙනාට කඩේ යන පාට කන්නාඩි දාපු අයත් තේරුම් ගනීවි තමන්ගෙ කෙනෙකුට ඕන කරන බෙහෙතක් එහෙම හොයා ගන්න නැතුව පිටරටින් ගෙන්නන බැරි උනාම.
අමිත Saturday, 03 November 2018 09:13 AM
මේ වගේ විදේශ බලවේග වලට දැන් තමයි ඕව කියන්න මතක් වෙලා තියෙන්නේ. ඡන්ද දිගින් දිගටම කල් දාන කොට, විපක්ෂ නායකකම මන්ත්‍රී වරු 16 ක් හිටපු පක්ෂෙට දෙන කොට මේ අය නිදි. මොනව උනත් මේව කිවුව කලා කියඡ මහින්දව යවන්න බෑ. මේවට ලෑස්ති වෙලා තමයි මේ ආණ්ඩුව පෙරළුවේ. කොහොමත් ඉදිරි වසර ඇතුළත මහ ඡන්දෙ ගේනවා මේ ආණ්ඩුව වගේ කල් නොදමා. ඉස්සෙල්ලම පලාත් සභා එනවා. බහුතරයක් මිනිසුන් මේ වෙලාවේ ඉන්නෙ මහින්ද එක්ක. මහින්ද කෙලින් හරි විදියට රට ගැන හිතල වැඩ කලොත් කාලයක් රට පාලනය කරයි. යුද්ධය දිනුවට පස්සෙ කරන්න තිබ්බ අවස්ථාව ආයේ ඇවිත් තියෙන්නේ. දවල් වැටුන වලේ ආයෙමත් නොවැටේවා කියල ප්‍රාර්ථනා කරනවා.
Bamunuarachchi Saturday, 03 November 2018 09:40 AM
චන්ද්‍රිකා 2002 මාස තුනක් පාර්ලිමේන්තුව කල් දානකොට ප්‍රේමදාස පාර්ලිමේන්තුව කල් දාන වෙලාවේ අපේ මිනිස්සු කතා කලෙත් නැහැ එ.ජා. සංවිධානය කතා කලෙත් නැහැ. මොකද දැන් ? අපිට වුවමනා විදිහට වැඩකරමු.
ruchi Saturday, 03 November 2018 10:01 AM
අමෙරිකාව ඉරාක් වලට සහ ලිබියා වලට ගහලා එම රටවල් අකර්මන්‍ය කරනකොට ඔය එක්සත් ජාතීන් කොහෙද හිටියේ ?
Darshana Saturday, 03 November 2018 10:20 AM
ඒ අය කියන විදියටද අපි වැඩ කල යුත්තේ .... මේක ස්වාධීන රටක්නේ...
chathuri Saturday, 03 November 2018 10:25 AM
වියවස්තාවට අනුව නම් ඇයි මෙතරම් බය පාර්ලිමේන්තුව කැදවන්න.
Amda Saturday, 03 November 2018 12:16 PM
අකුලාගෙන යන එකට මිනිස්සු 4506ක් කැමැතියි.
RNG Saturday, 03 November 2018 02:50 PM
ඒක විතරද පේන්නෙ..? කොච්චර අකමැති ද කියලා පේන්නෙ නැද්ද..?
bo Saturday, 03 November 2018 12:35 PM
යූ.එන් එක රටවල් වල අභ්‍යන්තර දේවල් වලට ඇඟිලි ගැසීම වැරදියි.
Nandalal DE SILVA - FranceSunday, 04 November 2018 08:36 AM
මොන පිස්සුද? අපේ මේ පුංචි ප්රජාතන්ත්රවාදී ඉන්දියන් සාගරයේ "අ'මුතු' ඇටය" යූ.එන්. එකේ පළමු සාමාජිකයන් අතර පැරණිම රටක්! අපට පුළුවන් වේලාවට එහි සාමාජික ගාස්තු එහෙමත් ගෙවන රටක්. ඒකෙන් අපට විවිධ ආකාරයේ ආධාර එහෙම ලැබුණත් එන්ජීඕ කාක්කන් මෙහෙ ඇවිත් නටන නාඩගම් නිසා සමහරු UN එකට විරුද්ධව තුන්මුල්ල හන්දියේ උද්ගෝෂණ එහෙමත් පවත්වලා පිස්සු නටනවා!
MP Saturday, 03 November 2018 01:36 PM
මේ පිටරට මිනිසුන්ට තමන්ගේ වැඩක් බලා ගන්නම බැරිද? මොකේ ගායද? මොකද ශ්‍රි ලංකාව ඒ අය කුලියට අපට කුලියට දීපු එකක්ද?
td Saturday, 03 November 2018 01:48 PM
ශ්‍රී ලංකා ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුගිය වසර කිහිපයේම ගොස් ලෝකයේ රාජ්‍ය නායකයන් ඉදිරියේ මහා ලොකුවට ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යයට ගෞරව කිරීම සුරක්ෂිත කිරීම ගැන පුරසාරම් කියූ සිරිසේන පසුගිය සතියේ කරන ලද ප්රජතන්ත්ර විරෝධී ක්‍රියාව ලෝකයම මේ වනවිට හෙළා දැක ඇත... ජාත්‍යන්තර මාධ්‍ය ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාව සම්බන්ධව පුළුල් ප්‍රචාරය ලබාදී තිබේ. 2015 ජනවාරි 8 වැනිදිනෙන් පසු ජාත්‍යන්තර සම්බාධකවලට ලක්ව තිබූ ජීඑස්පී ප්ලස්, මත්ස්‍ය තහනම සහ තවත් බොහෝ ජාත්‍යන්තර මැදිහත්වීම් ඉවත්කර ලෝකය විසින් කොන්කර තිබූ ලංකාව නැවත ලොවට එකතු කිරීමට මූලිකව කටයුතු කරන ලද්දේ අගමැතිවරයාය. මෙවැනි ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාවන් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකත්වයෙන් පවා ලංකාව ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත. ජනාධිපති පසුගිය සතියේ කරන ලද ප්රජාතන්ත්රවිරෝධී ක්‍රියාව ලෝක නායකයන් විසින් හෙලා දැකීම පමණක් නොව ප්‍රතිපත්තින් නොමැති නායකයන් ගේ අදුරදර්ශී බලලොභී ක්‍රියාවන් නිසා ලංකාවේ සිටින ජනතාවට සහ රටේ අනාගතයට කුමක් වේද?
Jayathunga Saturday, 03 November 2018 04:06 PM
අපේ රටට අනිත් අයට ඇඟිලි ගහන තැනටම ඇදලා රට කැඳ හැලියක් කලා.
vidya Saturday, 03 November 2018 05:37 PM
හැමෝම කියන්නේ පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. එය ඉතාම සුළු වැඩක්. එදාට අවිනිතව හැසිරෙන්නේ නැතිව විනීත මිනිසුන් වගේ හැසිරිලා තීන්දුවක් අර ගත්තහම ඔක්කොම ඉවරයි. දියුණු වන ලෝකයට අපි ආදර්ශමත් වෙන්න ඕනේ.
Pablo Saturday, 03 November 2018 05:53 PM
අවවාද දෙන්න අපේ කට්ටිය පොඩි ළමයිද....
Thushara Saturday, 03 November 2018 07:32 PM
ශ්‍රී ලංකාව තියෙන්නේ ලෝකය තුල බවත්, ලෝකය තියෙන්නේ ශ්‍රී ලංකාව තුල නොවන බවත් බොහෝ දෙනාට තවම හරි හැටි වැටහී නැති බවයි මෙතන තියෙන බොහෝ අදහස් වලින් පෙනී යන්නේ.
gamaathi Saturday, 03 November 2018 07:38 PM
අපේ රට අප්‍රිකානු ගෝත්‍රික රටක තත්වයට පත්වී ඇත.
Desapriya Sunday, 04 November 2018 12:23 AM
මන්ත්‍රීවරු අරගෙන ගාන හරි ගියාම පාර්ලිමේන්තුව කැඳවයි
anura Sunday, 04 November 2018 01:56 AM
ලංකාවේ ඡන්ද නොතියා කල් දමමින් ජනතා පරමාධිපත්‍යයට ඉඩනොදී ඉන්න කොට ජාත්‍යන්තර ප්‍රජාව කියන කට්ටියයි, ඔව්න්ට ආවඩන එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන ආයතනයයි නිදගෙනද ඉන්නේ?
ජනා Sunday, 04 November 2018 03:47 AM
දැනටම පාර්ලිමේන්තුව කැඳ හැලියක් වෙලා තියෙන්නේ. ආයි කැඳ වෙන්න දෙයක් නැහැ.
kumari Sunday, 04 November 2018 07:49 AM
ජනාධිපතිතුමා කලේ හරිම දෙයක්... එහෙම නොකළානම් ජෙනිස්ලා වගේ අයට අකුලාගෙන තමයි යන්න වෙන්නේ.. .