IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් : එ්කාබද්ධ විපක්ෂය එජාප මන්ත්‍රීට තඩි බායි

අද පාර්ලිමේන්තුවේ සභා මැදට පැමිණි එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කෑගල්ල එජාප මන්ත්‍රි  සන්දීත් සමරසිංහ මහතාට  පහර  දුන්හ. ගැටුම සංසිදුවා  ගත නොහැකි කළ කතානායක මිනිත්තු පහකට  සභාව කල් තැබීය.

ගැටුම ඇරඹුණේ මෙසේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව අඩු කළැයි  දිනේෂ් ගුණවර්ධන මහතා  ප්‍රශ්නයක් මතු කළේය.

කතානායකවරයා  පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි. ඒ සමඟම එකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු පස්වරු  1.20 ට  පමණ සභා ගැබ මැදට  ආහ. ප්‍රසන්න රණවීර,එජාප මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහත්වරු ඒ අතර  වුහ.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා  දිනේෂ් ගුණවර්ධන මහතාට  පිළිතුරු දෙමින් කතා කරන්නට  විය. “මහින්ද රාජපක්ෂ මහතාට  ආරක්ෂාව දෙනවා. එතුමාට ආරක්ෂාව දිය යුතුයි. එතුමා  නැත්නම් අපට  ඡන්දය  දිනන්ට  බැහැ.” ඉන්පසු ඇමැති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කතා කළේය. මහින්ද රාජපක්ෂ සමයේ  ඔහුට  ලැබුණු  ආරක්ෂාවේ තරම ඔහු  විස්තර  කළේය. “වෙල්විදානේ” යනුවෙන් කෑගසමින් විපක්ෂ මන්ත්‍රිවරු තව තවත් කෑ කෝ ගසන්නට  වුහ. ප්‍රසන්න රණවීර හා  පාලිත තෙවරප්පෙරුම යන මන්ත්‍රිවරු එකිනෙකාට  අභීයෝග කර ගනිමින් ඉදිරියට  එද්දී සන්දීත් සමරසිංහ මහතා  මැදට  පැමිණියේය. එකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරු  පිරිසක්  ඔහුට  තඩි බාන්නට  වුහ. කතානායකවරයා  පස්වරු 1.35 ට රැස්විම කල් තබා  අසුනින් නැගිට  ගියේය.

webParliment_201653 webParliment_201653-2



අදහස් (0)

පාර්ලිමේන්තුවේ ගුටි කෙළියක් : එ්කාබද්ධ විපක්ෂය එජාප මන්ත්‍රීට තඩි බායි

අරුණ Tuesday, 03 May 2016 02:55 PM

මෙන්න අපේ උත්තරීතර මන්ත්‍රීවරු! (නි)

:       0       0

සිරි Tuesday, 03 May 2016 02:55 PM

දියේ ඉන්න මාලුවටත් මෙහෙම වෙනවලු කට නිසා (නි)

:       0       0

නිම්මි Tuesday, 03 May 2016 03:00 PM

බලය ආවහම අනිත් මිනිස්සු පාගාගෙන ඉන්න බලන්නේ. පරාද වූ අය ගෙනවිත් රට බේරාගත් මනුස්සයාට ගරහනවා. (නි)

:       0       0

නුවන් Tuesday, 03 May 2016 09:53 AM

මහින්දගේ ගෝලයෝ දන්නේ තර්කයෙන් නොවේ අතින් පයින් ජයගන්න. (ම)

:       0       0

වින්සන්ට් Tuesday, 03 May 2016 09:56 AM

ඊයේ සිදුවීමට නියමිතව තිබු ගුටි කෙළිය කල්නොදමා අදම පැවැත්වීම ගැන මෙතුමන්ලාට අපේ ඉහළම ගෞරවය හිමි වෙනවා ඇත. (ම)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Tuesday, 03 May 2016 03:33 PM

ඔය ඒකාබද්ධ විපක්ෂය කියන එකේ කට්ටිය පාර්ලිමේන්තුව තුළ හැසිරුනේ මැරයින් ලෙසයි. ආණ්ඩු පක්ෂයට කතාකරන්නට ඉඩනොදී දිගින් දිගටම අශීලාචාර ලෙස බාධා කළ නිසා තමයි මේ තත්වය ඇතිවුණේ. (නි)

:       0       0

ලංකා Tuesday, 03 May 2016 10:00 AM

හිතුවට වඩා මහා සෙනගක් රජයේ මැයි රැලි වලට ආව නිසා කලබල වෙලා වගේ... (ර)

:       0       0

රොමේෂ් Tuesday, 03 May 2016 10:04 AM

බලය නැතුව මෙහෙමනම් ලැබුනොත් කොහොම තියේවිද ? (ම)

:       0       0

නන්ද Tuesday, 03 May 2016 04:46 PM

ලෝකයේ හොඳම මහජන මන්ත්‍රීන් ඉන්නේ අප රටේ කියා ලොවට පෙන්වූ මන්ත්‍රීවරුන්ට අපේ ගෞරවය පිරිනමමු. (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 03 May 2016 10:15 AM

ඉදිරියේදී පාර්ලිමේන්තු ඇතුලෙත් හමුදා ආරක්ෂාව දිය යුතු කාලයක් උදා වෙලා වගේ. (ර)

:       0       0

යසන්ත Tuesday, 03 May 2016 05:02 PM

මෙහෙම අය පත්කරන අයටයි ගහන්න ඕනෑ (නි)

:       0       0

ජනහිත Tuesday, 03 May 2016 05:01 PM

ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කළ පුද්ගලයින් පෑලදොරින් මැති සබයට ගැනීමේ ප්‍රථිපල දැන් ඇස් පනාපිටම පේනවා. කොතැන ගියත් වෛරය වපුරන කථා කියන සමහර උදවිය නිසා මෙසේ සිදුවන බව අපේ විශ්වාසයයි. (නි)

:       0       0

රොහාන් Tuesday, 03 May 2016 10:16 AM

මේක පුදුම වෙන්න දේවල් නොවෙයි... (ර)

:       0       0

නුෂි Tuesday, 03 May 2016 10:17 AM

පසුගිය ජනාධිපති මැතිවරණ කාලෙත් මහින්ද මහත්මයාගේ රැස්වීම් වලට විශාල සෙනගක් අවා. නමුත් එයා පැරදුනා. (ර)

:       0       0

නලින් Tuesday, 03 May 2016 10:17 AM

වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ එක පර්මිට් එකක් ලක්ෂ 200 ක් විතර වටිනවා. මේ නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් ඉන්න නිසා ගාන හදල බලන්න. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් ලැබෙනවා. රජයට අහිමිවන බදු මුදල් ප්‍රමාණය මෙතකැයි කියන්න බැහැ. මේක කිසිසේත්ම සාදාරනීකනය කරන්න බැහැ. මම ඉතා ආදරයෙන් මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ පර්මිට් වකුගඩු රෝගීන්ගේ අරමුදල් පිහිටුවා එයට පරිතාග කරන ලෙසට. ඒක අද හැම මන්ත්‍රී කෙනෙකුගේම ජාතික යුතුකමක් ලෙසත් මම දකිනවා. (ර)

:       0       0

සංක බඹරවාන Tuesday, 03 May 2016 05:58 PM

උත්තරීතර යැයි කියන්නේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙන්න ඇති. (නි)

:       0       0

කමල් Tuesday, 03 May 2016 10:22 AM

මෙවැනි අයට ඡන්දය දෙන අය කවුද? (ර)

:       0       0

රිකි Wednesday, 04 May 2016 09:35 AM

ලෙස්ලි මහත්තයෝ, ඔබ හරි. ඔය ඒකාබද්ධ විපක්ෂය කියන එකේ වැඩි හරියක්ම ඉන්නේ හොර තක්කඩි. (හේ)

:       0       0

ජයන්ත දසනායක Tuesday, 03 May 2016 10:28 AM

නියම කට්ටිය ආයෙත් බලයට ගේන්න. (ර)

:       0       0

මහින්ද නිව්යෝර්ක් Tuesday, 03 May 2016 11:53 PM

මේ දවස් වල අර අපේ අදහස් දාන චතුරි කොහෙද ඉන්නේ? (නි)

:       0       0

යසපාල Wednesday, 04 May 2016 12:04 AM

මෙන්න සුපිරි ජනතා නියෝජිතයෝ! (නි)

:       0       0

මනෝජ් Wednesday, 04 May 2016 12:04 AM

මේ ගහන අයටම තමයි මන්දබුද්ධික ඡන්දදායකයෝ ඡන්දෙ දෙන්නේත් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 03 May 2016 10:56 AM

ගමේ නගරන් දාන අයියලා පාර්ලිමේන්තුවට ඇරියාම මීට වඩා මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (බ)

:       0       0

පුෂ්ප Tuesday, 03 May 2016 10:56 AM

නලින්, ඕව කියන්න ඕන මොලයක් ඇති මිනිස්සුන්ට. කියල වැඩක් නැහැ පුදුම කලකිරීමක් තියෙන්නේ. තනිකරම මිනිස්සුන්ගේ වරද, මම කියන්නේ තනිකරම ඡන්දය දෙන මෝඩ මිනිස්සුන්ගේ වරද. ලක්ෂ දෙසිය විතරද? තව මොන තරම් පහල මට්ටමේ දේශපාලකයෝ ඉන්නවද? (බ)

:       0       0

දිසා Tuesday, 03 May 2016 10:58 AM

මේවා පුදුම වෙන්න තරම් ප්‍රවෘත්ති නෙමෙයි . මේවගේ බුද්ධිමත් ශීලාචාර පිරිසක් වෙනුවෙන් ඡන්දෙ දුන්න සියලු දෙනාම සතුටු වෙන්න ඕනේ. වපුරපු දෙයට වඩා වෙන දෙයක් අස්වැන්න විදිහට ලැබෙන්නේ නෙහෙනේ. (බ)

:       0       0

අනුර Tuesday, 03 May 2016 11:01 AM

ගහන්න තිබ්බේ හොදටම.(හේ)

:       0       0

සහීඩ් කටාර් Wednesday, 04 May 2016 03:18 AM

කරුණාකර ගහපු අයගේ නම, නියෝජනය කරන දිස්ත්‍රික්කය, පක්ෂය, ලබාගත් මනාප සංඛ්‍යාව ප්‍රසිද්ධ කරන්න. අපට බලාගන්න පුළුවන් එවැනි දිස්ත්‍රික්ක වල ජනයාගේ හැටි !!! (නි)

:       0       0

හේවා Tuesday, 03 May 2016 11:45 AM

මේ රජය බලයට ආපු දවසේ සිට අද දක්වා කිසිදිනක සන්සුන් පාර්ලිමේන්තු සැසිවාරයක් මා දුටුවේ නැහැ. (ර)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 04 May 2016 04:31 AM

අජන්ත, මාළු මාර්කට් එකේ මිනිස්සු වුණත් ගහගන්නේ නැහැ. සමාදානයෙන් තමන්ගේ වැඩ කරගෙන යනවා. (නි)

:       0       0

මංගල වේලාරත්න Tuesday, 03 May 2016 12:16 PM

විපක්ෂය බොරු සොයමින් රාජපක්ෂ රකින්න හදනවා. රටේ වැඩ කඩාකප්පල් කරලා සතුටක් ලබනවා. සියලුම හොරුන්ට නඩු දාලා පක්ෂයෙන් එළවන්න (නි)

:       0       0

උපාලි Tuesday, 03 May 2016 08:31 AM

මේ කට්ටියගෙන් මීට වඩා හැසිරීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (ර)

:       0       0

තරංග Tuesday, 03 May 2016 12:20 PM

අපේ රටේ මහජනතාවට ඉස්සරහට බොහොම දුක්වෙන්න වෙයි (නි)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 03 May 2016 01:07 PM

ඉස්සරත් අපි විවිධාකාර පොර බලලා සතුටක් ගත්තා. අද මට ඒ අතීතය මතක්වුණා (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 03 May 2016 09:02 AM

නුගත් මෝඩ දේශපාලකයින්ගෙන් මීට වැඩ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ (ම)

:       0       0

විජේ Tuesday, 03 May 2016 09:05 AM

අනේ මන්දා අපේ රටේ තියෙන උත්තරීතරම ආයතනයේ මහජන නියෝජිතයෝ හැසිරෙන්නේ මෙහෙමනම් අනෙක් අය ගැන මොනවා කතාකරන්නද. (ර)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 03 May 2016 01:23 PM

ගුටිකෙලි කොහොම වුණනත් එංගලන්තේ පාර්ලිමේන්තුවයි අපේ පාර්ලිමේන්තුවයි බැලුවහම අපේ අයට මොන සැපද? ඉතින් ටිකක් ගුටිකෑවහම මොකද? (නි)

:       0       0

විජේ Tuesday, 03 May 2016 09:11 AM

එතෙන්ට ගියානම් ඕව විඳගන්න ඕන, කතා කරන්න ජනතාවට ආදර්ශය දෙන්න. (ර)

:       0       0

අජන්ත Tuesday, 03 May 2016 01:32 PM

ලංකාවේ පාර්ලිමේන්තුව මාළු මාර්කට් එකක් ගානට වැටුනා එහෙනම් (නි)

:       0       0

සිරි Tuesday, 03 May 2016 09:13 AM

ඔහොම යමු තව හොද හොද සෙල්ලම් එළිවෙන් ජාමෙට. (ර)

:       0       0

රන්ජන් Tuesday, 03 May 2016 09:18 AM

තමන්ගේ තරම පෙන්වන්න වෙනත් දෙයක් මොකටද ? (ර)

:       0       0

ගාමිණී Tuesday, 03 May 2016 09:22 AM

මෙය පුදුමයක් නොවේ. (ර)

:       0       0

රොහාන් Tuesday, 03 May 2016 02:43 PM

රටේ උත්තරීතර යැයි පවසන තැනත් මෙහෙම නම් අනෙක් තැන් කොහොම ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 25 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 513 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1196 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 158 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 82 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 820 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38399 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site