(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේ ඡන්ද ප්‍රතිශත සහ එළියේ ජනතා මතය අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක් ඇති බවත් ලක්‍ෂ 69 ක් ඡන්ද සහ තුනෙන් දෙකක බලයක් තිබූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉවත්කිරීමට ද රටේ ජනතා බලය ක්‍රියාත්මක වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (20) පස්වරුවේ පැවසීය.
ජනත මතය පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් නියෝජනය නොවන්නේ යැයි ජනාධිපතිවරයා පත්කිරීමේ ඡන්දයේදී පැහැදිළිව ප්‍රදර්ශනය කළ බව කී පුබුදු ජයගොඩ මහතා පාර්ලිමේන්තුවෙන් එළියෙ සිටින ලක්‍ෂ 200 කට අධික ජනතාවගේ මතය, දේශපාලන අභිලාශයන්, ප්‍රශ්න සහ දුක්ගැනිවිලි පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හෑලුල්වට ලක්කර ඇති බව ද සඳහන් කළේය.
රටේ ජනතාවට කාලයක සිටම පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොතිබුණු නිසා ප්‍රශ්න විසඳාගැනීමට අරලිය ගඟ මන්දියර අසළට යෑමට සිදුවූ බවත් ‘බලය ජනතාව අතට’ යන සටන් පාඨ අද වන විට පාර්ලිමේන්තුව තහවුරු කර ඇති බවත් ජයගොඩ මහතා කීය.
පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, පාර්ලිමේන්තුවේදී පැවැති ජනාධිපති පත්කිරීමේ ඡන්දය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම සඳහා කොළඹදී අද පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තුවේ ඡන්දයත් ජනතා මතයත් අතර ආලෝක වර්ෂ ගණනාවක පරතයක්
යෝගා Wednesday, 20 July 2022 08:42 PM
තමුන්ගේ මතයයි, ජනතා මතයයි අතර තියෙන්නේ ඊටත් වඩා ලොකු පරතරයක්...
ආලෝකයThursday, 21 July 2022 12:11 AM
ජයගොඩ මහත්තයො..ආලෝක වර්ෂ ගණනාවක පරතයක් ගැන නොසිත තමන් රැවුල කපන වෙලාවට මූණ බලන කණ්ණාඩිය දිහා බලාගෙනම හිතල බලන්න " මම මගේ පවුලට දරුවන්ට මොනවද කර ගත්තේ කියලා...." එවිට මුහුණට එන ආලෝකය වසර ගනනාවක් දිලිසෙයි..!
සුරංග Thursday, 21 July 2022 05:21 AM
සහතික ඇත්ත මොකද මුන්ගෙ පක්ෂය පිහිටුවා කොපමණ කාලයක්ද තවමත් එකම ප්‍රාදේශීය සභාවක් වත් අවම වශයෙන් ප්‍රාදේශීය සභා මංත්‍රී තනතුරක් ගන්න පුළුවන් වුනාද.මුන්ගෙ තියෙන්නෙ කයිවාරුවත් කඩාකප්පල් වැඩත් පමණයි
sirisena Wednesday, 20 July 2022 08:56 PM
පාර්ලිමේන්තුවෙන් එළියෙ සිටින ලක්‍ෂ 200 කට අධික ජනතාවගේ මතය, දේශපාලන අභිලාශයන්, ප්‍රශ්න සහ දුක්ගැනිවිලිද පෙරටුගාමී සමාජවාදී සහ අන්තරේ අන්තවාදී මතය සමග කිසි සේත්ම එකග නොවන බව තේරුම් ගැනීමට වැදගත් වේ.
karolis Wednesday, 20 July 2022 10:04 PM
දේශපාලනය කෙසේ වෙතත් ඔය ගොල්ලන්ට වගේම අනිත් හදිස්සිකාරයෝ ඔක්කොටමත් රනිල් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න නම් තියනවා.
දයාරත්න Wednesday, 20 July 2022 10:32 PM
තමුන්ට ජනබලයක් නැති අය සුරංගනා කතා කියනව
skdc Wednesday, 20 July 2022 10:43 PM
පිස්සු. ධනාත්මකව දකින්න ඕන. මේ අය හැම විටම ඍණාත්මක සාධක දෙස බලයි
Dasa P Wednesday, 20 July 2022 10:51 PM
නැහැ අවුරුදු දෙකක පරතරයක්.
Senarath Wednesday, 20 July 2022 11:05 PM
ජනතා මතය වසර 5ක් වලංගුයි.
හේමාලි සෙනෙවිරත්න Thursday, 21 July 2022 05:30 AM
රටේ දේශපාලන පක්ෂයක් පිහිටුවා අවුරුදු දහයක් තුල ලියාපදිංචි සුදුසු කම් වලට අමතරව පාර්ලිමේන්තුවේ මංත්‍රී කෙනෙක් වත් පත්නොවන සියලුම දේශපාලන පක්ෂ වල ලියාපදිංචිය අවලංගු කල යුතුය මෙහෙම පක්ෂ තිබුනම ජාතික ධනය මැතිවරණ අවස්ථාවලදී විශාල වශයෙන් නාස්ති වෙනවා අනෙක් අවස්ථාවල කඩාකප්පල් වැඩ පක්ෂයට මුවාවී කර දඩුවම් කලොත් දේශපාලන පළිගැනීම් කියනවා.
රෝහණ Wednesday, 20 July 2022 11:15 PM
කවුරු හරි මැදිහත් වෙලා මේ මිනිස්සුන්ට මොකක් හරි රැකියාවක් හොයල දෙන්න ඕන. නැත්නම් හරිම කරදරයක් තියෙන්නෙ මේ අයගෙන්. මාධ්‍ය නිදහස අයුතු ලෙස යොදා ගනිමින් රටේ ජන මනස කෙලසන එක අපරාධයක්. රටේ වෛරය පැතිරීම නොකළ දෙයක්.
Sisira Wednesday, 20 July 2022 11:25 PM
මෙයාලට කවුරු ආවත් හරි නෑ එ ගොල්ලො ආවොත් තමා හරි, කඩාකප්පල් කරන උන්.
Sanka Wednesday, 20 July 2022 11:58 PM
දැන් මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ අරගලේට මිනිස්සු එන්නේ එයාලා හින්දා කියලා, නැත්තන් ඒගොල්ලෝ පේන්නන්න හදන්නේ එහෙමයි කියලා, ඒකේ ඇත්ත තේරැන් ගන්න මේගොල්ලන්ට තව මාස 2-3න් තේරෙයි,
balasuriya Thursday, 21 July 2022 03:50 AM
ජනමතය කියන්නේ ඡන්දයෙන් පත්වීම. කාලකන්නි කොල්ලෝ ටිකක් පාරට බැහැලා පාරවල් වහලා අරගලයක් කියලා නම දාගන්නවාට නොවෙයි. කාලකන්නි කියලා කිවුවේ රටේ දුප්පත් ජනතාවගේ මුදල්වලින් පිනට ඉගෙනගන්න ගමන් ඒ බදු මුදල් විනාශ කරන නිසයි.
Jayaya Thursday, 21 July 2022 04:17 AM
කමෙන්ට් කරල තියෙන හදහස්වල අනුව පෙනීයන්නෙ , බහුතර ජනයා හොරකම කමති හ ඔවුනුත් හොරකමෙ යෙදී සිටිනව පමණක් නොවෙ , හොරකමෙන්එම මුදලින් ජීවත්වන බවයි
ජයලත් Thursday, 21 July 2022 05:40 AM
කිසිදු මන්ත්‍රී කමක් ගන්නවත් ජනපදනමක් නැති මේ වගේ මිනිස්සු මොකොටද මේ දෙශපාලනයේ යෙදෙන්නේ මිනිසුන් රවටල ජීවත් වෙන්න ඕන
Rani Thursday, 21 July 2022 05:43 AM
අරගලයෙන් ඉතිරිකරගත්, ලබාගත්දේ කුමක්ද? ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී අගමැති නිවසට ගිනි තබමින් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් කෙතරම් අශීලාචාරද යන්න ඔවුන් මුළු ලෝකයටම පෙන්වා දුන්හ. මොවුන්ගේ ක්‍රියා දැකීමෙන් පසු කිසිම බටහිර රටක් ඔවුන් දේශපාලන රැකවරණ සඳහා සලකන්නේ නැත. ගෝඨා වගේ මහත්මයෙක්ව හෑල්ලු කරලා එලවලා දාලා නාකි නරියෙක් ජනාධිපති කරගත්තා.
kamal Thursday, 21 July 2022 07:08 AM
පෙරටුගාමි පක්ෂයේ ඡන්ද පදනම අටදාහයි. ඒ කියන්නෙ එයාලගෙ අන්තරේ සාමාජිකයොවත් ඡන්දෙ දෙන්නෙ නෑ.
saman Thursday, 21 July 2022 09:06 AM
මොවුන්ට අවශ්‍ය පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම, බෙදුම්වාදීන්ට උඩගෙඩි දෙන ආණ්ඩුවක් පත්කර ගැනීම...
darma Thursday, 21 July 2022 09:13 AM
ජවිපෙයි පෙරෙටුයි මතේ තියෙන්නෙත් ආලෝක වර්ෂ ගණනාවක් දුරින් වගේ. ඒ හින්ද වෙන්න ඇති වසන්ත උන්නැහේට නැව් ටොකු දුන්නේ.
Rohan perera Thursday, 21 July 2022 09:33 AM
නන් දොඩවනෝ....
Deepal Nirosh Thursday, 21 July 2022 10:04 AM
ඒ වගේම මේ නිර්පාක්ෂීක (?) ජනඅරගල සංවිධායකවරුත් ජනඅරගල අනුගාමිකයොත් අතර ඒ වගේම පරතරයක් තියනවා.
මහී Thursday, 21 July 2022 10:37 AM
අනේ මචං ජොබ් එකක් හොයාගන කරගෙන හිටපල්ලා. රාජපක්ෂල විතරක් නෙවෙයි උඹලත් මේ රටට සාපයක්. ආණ්ඩුවෙ ජොබ් කරන අයට වඩා තැලෙන්නෙ මේ අපි වගෙ අපේ හයියෙන් ජීවිතේ ගෙවන එවුන්
anura Thursday, 21 July 2022 10:57 AM
නරියා මිදි ඇඹුල් රසයි කිව්වලු.
සිරි Thursday, 21 July 2022 11:00 AM
ජනතා මතයත් එය පෙරටුගාමීන්ට අවනත වන ලෙස හසුරුවා ගැනීමත් අතර තිබෙන්නේද ආලෝක වර්ෂ ගණනාවක පරතරයකි.
janaka Thursday, 21 July 2022 12:14 PM
සාමාන්‍ය මිනිස්සු අතරේ තියෙන්නේ 3%ට එහා යන්න බැරි මොකක්දෝ මූසලකමක්...