IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පාර්ලිමේන්තුවේ විදුලිය නැතිවීම: සී.අයි.ඩී වාර්තාව ළඟදීම කතානායකට

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු  සංකීර්ණයේ  විදුලිය සැපයුම  පැයකට ආසන්න කාලයක් අක්‍රියවීම  කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සෙවීමට  විශේෂ පරීක්ෂණයක් අරඹා ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි නිලධාරීන් ඇතුළු සේවකයන් දස දෙනෙකුගෙන් පසුගිය දින කිහිපයේදී  ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයීම මෙසේ පැයකට ආසන්න කාලයක් අක්‍රියවූයේ  මුළු රටේම විදුලිය පසුගිය  3 වැනිදා විසන්ධවූ අවස්ථාවේදීය.

විදුලිය විසන්ධි වන අවස්ථාවලදී  ක්‍රියාත්මක කෙරෙන විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ප්‍රමාණයට ජලය නොසැපයීම නිසා එම යන්ත්‍රය හදිසියේම අක්‍රියවීමෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය මෙසේ අක්‍රීයවී ගොස් ඇති බව  දැනට කරන ලද මූලික විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

මෙය කඩාකප්පල්  ක්‍රියාවක් දැයි දිගින් දිගටම සොයා බලන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට ලක්ව ඇති    නිලධාරීන් සහ සේවකයන් අතර  පාර්ලිමේන්තු  ඉංජිනේරු අංශයේද විදුලිබල මණ්ඩල අංශයේ සහ ජල සම්පත් මණ්ඩල අංශයේද අය වෙති.

මේ පරීක්ෂණය අවසන්වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කතානායකවරයාට මේ පිළිබඳව  විශේෂ වාර්තාවක් බාරදීමට නියමිතය.එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව කතානායකවරයා  ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියා මාර්ගයක්  ගනු ඇතැයි  පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

අයවැය විවාද පැවැත්වෙන අවස්ථාවක පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලිය සැපයුම මෙලෙස අක්‍රීයවීම   බරපතළ තත්වයක් බව  සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ අමාත්‍ය චමල් රාජපක්ෂ යන මහත්වරුන්  ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී පසුගියදා පෙන්වා දුන්හ.

මැතිසබයේදී පසුගියදා අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ  පාර්ලිමේන්තු සංකීර්ණයේ  විදුලිය සැපයුම ක්‍රියාත්මක කිරීමේ කටයුතු විදුලිබල මණ්ඩලයෙන් ඉවත් කර  පාර්ලිමේන්තුවේ පාලනයට  වහාම   ගැනීම  වැදගත් අවශ්‍යතාවක් බවයි.



අදහස් (0)

පාර්ලිමේන්තුවේ විදුලිය නැතිවීම: සී.අයි.ඩී වාර්තාව ළඟදීම කතානායකට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 523 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1195 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1188 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1345 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2165 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1218 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site