IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුවේ වලි දාගත්ත තිදෙනාටම මසක තහනමක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගුටිබැට හුවමාරුවකට සම්බන්ධවීමෙන් පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලෙසී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින  සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර  යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට වරප්‍රසාද සහ ආචාර ධර්ම පිළිබඳ කමිටුව පාර්ලිමේන්තුවට ඊයේ (1) නිර්දේශ කළේය.

මේ අනුව එම තිදෙනාගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට අත්හිටුවීමේ නිර්දේශ ඇතුළත් වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුවේ වාර්තාව එහි සභාපති හිටපු කතානායක මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කරනු ලැබීය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී ඉදිරි දිනකදී බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ  පුස්තකාලය ආසන්නයේදී සිදුවූ බහින් බස් වීමකින් අනතුරුව  මෙම ගුටිබැට හුවමාරුව සිදුවූයේ පසුගිය ඔක්තෝබර් මස 20 වැනිදාය.



අදහස් (4)

පාර්ලිමේන්තුවේ වලි දාගත්ත තිදෙනාටම මසක තහනමක්

සමන් Friday, 01 December 2023 05:33 PM

බැරිද 225ම පාර්ලිමේන්තු තහනම් කරන්න...?

:       3       14

Rohana Saturday, 02 December 2023 08:06 AM

මාසයක් පාර්ලිමේන්තුව තහනම්කිරීමත් දඬුවමක්ද?

:       0       0

ranjith Saturday, 02 December 2023 08:09 AM

අසරණව හැසිරෙන අය ඉවත් කරන්න. කොහොමත් ඡන්දෙදී ඔක්කොම විසිවෙනවා...

:       0       0

Nimal Saturday, 02 December 2023 10:39 AM

කැකිල්ලේ තීන්දුවක්... අරගලය පටන්ගත් එක්කෙනාට මේ වගේ තුන්ගුණයක දඬුවමක් තමයි දෙන්න ඕනේ. අනිත් දෙන්නා අතේ වැරැද්දක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 440 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 567 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 595 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 546 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 351 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 169 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39446 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1164 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site