IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිට බලය ඇතැයි නීතීපති කියයි

( තිළිණි ද  සිල්වා, තරිදු ජයවර්ධන සහ  රංජන් කටුගම්පොළ )
 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි නීතිපති , ජනාධිපති  නීතීඥ ජයන්ත ජයසූරිය මහතා සිය කරුණු ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 13) ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සම් අද (13) අග විනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා විශේෂ බලයක් එම වගන්තිය තුළින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය.

මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බව නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේය. මේ වන විට අතරමැදි පෙත්සම කැදවෙමින් පවතී.



අදහස් (62)

පාර්ලිමේන්තුව විසුරුවන්න ජනපතිට බලය ඇතැයි නීතීපති කියයි

liyanage Tuesday, 13 November 2018 06:35 AM

හොඳ පුවතක්........

:       2182       8243

SajithTuesday, 13 November 2018 07:23 AM

උදම් අනන්න ඉක්මන් වෙන්න එපා. තවම තීන්දුව දීල නෑ.

:       2       20

sami Tuesday, 13 November 2018 06:37 AM

පිරිහීමේ අවසන් අවස්ථාවට පැමිණ ඇත .

:       4625       5168

Upul Tuesday, 13 November 2018 06:37 AM

ජය වේවා ශ්‍රී ලංකා .....බොරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට කාලය ඉවරයි ...තවත් රවටන්න එන්න එපා ...අපට එපා උස සිකියුරිටි.. මිටි කම්කරු ....

:       8588       12749

Kasun Tuesday, 13 November 2018 06:54 AM

මොහුගේ උපදෙස් වලට අනුව ජනාධිපති වැඩ කරපු නිසා ඔහු බේරා ගැනීමේ වගකීමත් මොහුටම පැවරෙනවා. කුජීතයි

:       6396       3442

Ruwan Tuesday, 13 November 2018 06:57 AM

අපි නිදහස් සහ අභිමානවත් ජාතියක්. අපිට අපේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියනවා. එක යුරෝපීය ක්‍රමය නොවෙයි. අපට අණ දීමට, අපි ඔව්න්ගේ යටත් විජිතයක්ද නොවෙයි. අපි සිතනවා ඉදිරියේදී ශ්‍රී ලංකාව සමග කටයුතු කිරීමේදී ඔවුන් මෙය පාඩමක් ලෙස සිතේ තබා ගනීවි කියා.

:       612       6535

AsankaTuesday, 13 November 2018 09:02 AM

දෙන ණය, ජී.පී.එස්. අරවා මේවා නවත්තලා අපේ අපනයන නවතුවම, අල බතල කන්න දෙන්නේ ඔයාගේ බාප්පා වෙන්න ඇති...

:       0       0

athulaTuesday, 13 November 2018 10:51 AM

අද නීතිය කියලා දෙයක් නැහැ. ඒක විධායකයේ හා බලවතුන්ගේ මෙවලමක් විතරයි.

:       0       0

Nissanka Tuesday, 13 November 2018 07:00 AM

මෙයා කොහොමත් මහින්දවාදියෙක්. හිරේ ඉන්න ඕන අය එළියේ ඉන්නේ මෙයා චෝදනා ගොනු කරන්නේ නැතිව කල් මරපු නිසා.

:       0       0

MO77 Tuesday, 13 November 2018 07:01 AM

ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදනවලට පරිභාහිරව විශේෂ බලයක් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බවද නීතිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාව ජනපතිතුමාගේ රාජ්‍යයයි. ඔහුට රටේ රජු වශයෙන් ඔහු කැමැති පරිදි ඕනෑම දෙයක් සිදුකළ හැකිය.

:       0       0

මලිත් මොරගොඩ Tuesday, 13 November 2018 07:04 AM

පෙත්සම්කරුවන් නීතිය නොදන්නා බව රටටම පෙන්වීම ඉදිරි ඡන්දයට විශාල පාඩුවකි. එජාපය නව නායකත්වයක් හරහා ඉදිරිපත් නොවුනොත් පරාජය නියත බව පැහැදිලියි.

:       0       0

Dr. Vajira Fernando Tuesday, 13 November 2018 07:05 AM

නීතිපති කියන්නේ රජයේ නීති උපදේශක. හරි හෝ වැරදි හෝ එයා කොහොමත් ජනාධිපතිගේ තීරණය සාධාරණිකරණය කරන්න ඕනෑ. ඉතිහාසයේ ඕනතරම් අධිකරණය නීතිපතිගේ අර්ථදැක්වීම් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

:       0       0

Thilini Tuesday, 13 November 2018 07:08 AM

සාධු! සාධු! සාධු! නූගත් අයට ලොකු පාඩමක්....

:       379       6317

GUNARATHNATuesday, 13 November 2018 07:52 AM

තිළිණි මේ මිනිස්සු මෝඩයන් නොවෙයි.උගත් කට්ට කයිරාටික මිනිස්සු.මම කල්පනා කරන්නේ කරන්නේ මේ මිනිස්සු කොහොමද නඩු වලට කතා කරන්නේ කියල.මේ වැඩෙන් මිනිස්සුන්ගේ විස්වාසේ නැතිවෙනවා මේ අයගෙන. මුළු රටම දැනගත්ත මේ මිනිස්සු වැඩ කරන්නේ නීතියට නෙමෙඉ තමුන්ගේ පක්සේට කියල.

:       0       0

කරුණාපාල Tuesday, 13 November 2018 07:09 AM

පාලකයින්ට කඩේ යන උගත් මෝඩ අය කියන විදිහට අපේ රටට නීතියක් හා ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත. මේ ලෙස මේ රටේ ජීවත්වීම හැර වෙන විකල්පයක් නැත. ඔහොම ජඃ!!

:       3045       1025

sami Tuesday, 13 November 2018 07:17 AM

මේ අප ගෙවමින් සිටිනුයේ අප දේශයේ ප්‍රජාතන්ත්‍රවාදී අවසන් හොරා කිහිපයකි .දේශපාලන පක්ෂ පසෙකලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිනිසුන් පෙළගැසිය යුතුය .නැතහොත් අපගේ දරුවන්ට ඉතිරි වීමට තරම් රටක් නැතිවන්නේය. දේපාලන වහලුන් නොවී රටේ අනාගතය වෙනුවෙන් සැවොම එක්වෙමු . මහින්ද යනු රටට ආදරය කරන කෙනෙක් නොවන බවත් අවබෝධ වූ දවසට අප මාතෘ භූමිය ඉදිරියටම ගමන් කරනු ඇත .

:       1       3

sandy123 Tuesday, 13 November 2018 07:19 AM

මීට පස්සේ පාර්ලිමේන්තුවට පැවැත්මක් නැහැ. ජනාධිපති අකමැතිනම් මාසෙන්ද දෙකෙන්ද ප්‍රශනයක් නැහැ ගෙදර... නීතිපතිට ජීවත්වීමේ ආසාව ඇති බවට හොද සාධකයක්.

:       0       3

banda Tuesday, 13 November 2018 07:22 AM

රටම කුජීතයි. අලුත් ආණ්ඩුව ප්‍රජත්රන්ත විරෝධී .පාර්ලිමේන්තුව කැඳවා අයවැය පරාජය කල හැකයි.

:       1       1

Amila Tuesday, 13 November 2018 07:23 AM

මොහුට බනින එක තෙරුමක් නැති වැඩක්. නීතිපති නියෝජනය කරන්නේ සහ කල යුත්තේ රජය සහ ජනාධිපති ( හරි වුනත් වැරදි වුනත් ). අරයට හයක් ඉන්න පුලුවන් කියලා පසුගිය ජනවාරි මාසේ කිවේත් මෙයාමයි නීතිපති හැටියට. හැබැයි ලැබුණ තීරණය දන්නවනේ.

:       1       18

sanju Tuesday, 13 November 2018 07:36 AM

කසුන් ඔබ හරියටම හරි. පාට කණ්ණාඩි ගෙන තමන්ගේ මතයේම ඉන්න අයට මේවා තේරෙන්නේ නැහැ.

:       0       0

Nasnin Tuesday, 13 November 2018 07:41 AM

ජනාධිපති ව්‍යවස්ථාවෙන් පත්වූ කෙනෙක්... ඔහුට ව්‍යවස්ථාවෙන් පිටපැන වැඩකළ නොහැකිය. ඔහු ව්‍යවස්ථාවට යටත්ය.

:       0       0

මංගල Tuesday, 13 November 2018 07:42 AM

මහජන පර්මාධිපත්‍ය බලය ඔය හැම නීතියකටම වඩා උතුම්. ඔය කෑ ගහන හැමෝම මිනිස්සු ඉස්සරහට එන්න බය මොකෝ? මහජනතාවට අවංකව සේවය කරලා තියෙනවා නම් රට පාලනය කරලා තියෙන්නේ මහජන සිතුම් පැතුම් අනුව නම්, හොරකම් කරලා නැත්නම්, මිනී මරලා නැත්නම්, රට විකුණලාත් නැත්නම් මොකටද බය වෙන්නේ...?

:       0       0

sugath Tuesday, 13 November 2018 07:46 AM

මෙතන කොටපු ගොඩක් දෙනෙක් නීතිපතිගේ කරුණු දැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දීමයි කියල පටලවාගෙන තියෙන බව හිතෙන්නේ මට විතරද?

:       0       0

Perakum Tuesday, 13 November 2018 07:50 AM

ලෝකය ඉදිරියේ අපි උපහාසයට අපහාසයට ලක් නොවන රට අරාජික නොවන අන්දමේ ඕනෑම තීරණයක් ගන්න. ලංකාවේ දේසපාලුවෝනම් හරිම ඔල මොට්ටල හැතිකරයක්. මොනව කරන්නද අපේම වැරැද්ද...!

:       0       0

Mahee Tuesday, 13 November 2018 07:50 AM

ලංකාවට ගැලපෙන්නේ මෙහෙම නීතිපතිලා තමයි. ප්‍රමුඛතාවය නීතිය රැකීමද බලයේ ඉන්න අය රැකීමද කියල අපට නම් තේරෙනවා.

:       0       0

ruchi Tuesday, 13 November 2018 08:03 AM

සතුටුයි! මේක හොඳ අවස්තාවක් මහජනතාවට. පසුගිය අවුරුදු තුනහමාරක කාලය තුල රටට කිසිම යහපත් දෙයක් සිදුවුනේ නැහැ. සියලු ජනතාව දෙශපාලනමය තීරණ වලට නොයා රටේ යහපත වෙනුවෙන් තීරණයක් ගන්න.

:       0       0

amila Tuesday, 13 November 2018 08:06 AM

ඡන්දෙකින් අත උඩින් පරාදයි කියල යහපාලන කොල්ල කල්ලිය දන්නවා. එකයි මෙච්චර බයේ දඟලන්නේ. මේ නඩුව ඉවර වූ හැටියේ පුළුවන් කෙනෙක් මේ කල්ලියට විරුද්දව නඩු දාන්න ඡන්ද කල් දාපු එකට.

:       0       0

lanka Tuesday, 13 November 2018 08:08 AM

හරි එහෙනං ඔයා කියනවා නම් ඉතින් වෙන මොනවා කරන්නද? මීට පස්සේ හරි ව්‍යවස්ථාව හරි විදිහට අඩුපාඩු හදලා එහි අපැහැදිලි තැන් නිසි ආකාරයට නිවැරදි කරලා ගත්තොත් නරකද? එතකොට මෙහෙම ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැනේ...

:       0       0

ෆාරිස් Tuesday, 13 November 2018 08:09 AM

ගැටළුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොවේ. ගැටළුව නම් ඇයි ඒක මුලින්ම නොකළේ. එ්කෙන්ම පේනවා තමන්ගේ නොහැකියාව සහ අර පල්හොරා මහින්දව අගමැති පුටුවට ගේන්ට තියෙන වුවමනාව... අනික ලංකාවේ නීතිය බල්ලට ගිහින් තියෙන එකේ ඒ බල්ලව තමන්ට වුවමනා විදිහට හීලෑ කරගන්ට බැරුවයෑ...

:       0       0

Raawana Tuesday, 13 November 2018 08:11 AM

බලය තිබෙන බව අපිත් දන්නවා. එ්කට ක්‍රමවේදය 70(1) අනු ව්‍යවස්ථාවේ සඳහන් බව දන්නේ නැද්ද?

:       0       0

Samantha Tuesday, 13 November 2018 08:12 AM

මේ යකා මොනතරම් නිවට වෙලාද? ඇත්ත දැනගෙනම මොනතරම් බොරු කියනවද?

:       0       0

isurandi Tuesday, 13 November 2018 08:17 AM

කොහොමත් ඔහොම වෙන බව අමුතුවෙන් අහන්න දෙයක් නෙමෙයිනේ. එහෙම නොවුනත් මේක ඇදගෙන යනබව සහසුද්දෙන් දන්නවා...

:       0       0

රවිඳු Tuesday, 13 November 2018 08:21 AM

19 වන ව්‍යවස්ථාවේ 33 වෙනි වගන්තිය මොකක්ද කියලා නැද්ද? කියලා නැත්නම් අපට දැනගන්න ඒ අමුතු වගන්තිය ටිකක් කියනවද?

:       0       0

rama Tuesday, 13 November 2018 08:32 AM

දැන් ඉතින් U. N. P. සහ J. V. P. සහ T. N. L. මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂවලට ඡන්ද එපා කියලා මහජනතාව ඉදිරියට යන්න පුලුවන්ද රෙදි ඇඳගෙන? මේක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය... දේශපාලකයන්ගේ නෙවේ...

:       0       0

Bamunuarachchi ffç Tuesday, 13 November 2018 08:38 AM

නීතිපතිටත් වැඩිය නීතිය දන්නා ගොඩ පෙරකදෝරුවෝ ගොන්නක් මෙතන ඉන්නවානේ...

:       0       0

රවින් Tuesday, 13 November 2018 09:00 AM

හ්ම් ! මෙම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වරක් කියලා තිබුණා වගේ මතකයි ව්‍යවස්ථාවේ බලතල වැරදි කෙනා අතට පත් වුවහොත් රටට වන්නේ විනාශයක් බව... ඒ වගේම ඔහු කියලා තිබුණා ඔය පුටුවට එන කෙනෙක් පුටුව අත හරින්න කැමති නැහැ කියලත්...

:       0       0

හුසේන්- ගාල්ල Tuesday, 13 November 2018 09:03 AM

මහින්දගේ කාලයේ ප්‍රජාතන්ත්‍රවාදයක් රටේ තිබුනෙම නැහැ. පහුගිය යහපාලන ආණ්ඩුව කාලෙදී, විශේෂයෙන් මාධ්‍යවේදීන් නිදහසේ අදහස් ලිව්වා. ගුණමකු ජනපතිවරයා, සෝභිත හිමියන් ඉදිරියේ වෙච්චි හැම පොරොන්දුවක්ම ඉතාමත් අසික්කිත ලෙස සුන්නත්දූලි කරමින් සහ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් ක්‍රියා කරනවා. නීතිපතිවරයත් තම වෘත්තියේ ගෞරවයටත් නිගාකරමින් අධිකරණයේ තීන්දුව කෙසේවිය යුතුදැයි අධිකරණයටම කියා දෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙවැනි දෑ සිදුවිය හැකිද..? උතුම් වූ ලංකා මාතාවගේ ඉතාමත් අභාග්‍ය සම්පන්න කාලයක් මේ...

:       0       0

chris Tuesday, 13 November 2018 09:08 AM

උසාවි ගානේ රස්තියාදු වෙන්නේ නැතුව මැතිවරණයට සුදානම් වුණානම් හොඳයි කියලා දැන්වත් කට්ටියට තේරෙනවද? සිහිමොලය තියෙනවා නම් මේ යථාර්තය තේරුම් ගන්නට ඔය කියන තරම් නීති දැනුමක් අවශ්‍ය නැහැ...

:       0       0

Priyantha Tuesday, 13 November 2018 09:09 AM

දේශපාලන පත්වීම්වලින් සාධාරණයක් කොහොම බලාපොරොත්තු වෙන්නද?

:       0       0

Maduranga Tuesday, 13 November 2018 09:12 AM

අවසාන තීරණය මොකද්ද එතකොට නීතිපතිගේ අදහස්වලට අනුව?

:       0       0

upali Tuesday, 13 November 2018 09:18 AM

ආණ්ඩු විසුරනවා වගේ දේවල් නිකම්ම කරයි කියල හිතනවා නම් ඒක මෝඩකමක්.. බොහොම හොඳට හිතල බලලා, නීති විශාරදයන්ගෙන් අහල තමයි.. ඕව තීරණය කරන්නේ. එනිසා ඒවා වෙනස් වෙන්නේ නැහැ කව්රු උඩ පැන්නත්. ලංකාවේ අපිට හොඳකලක් උදාවෙයි කියල හිතෙනවා.. උදේ වරුවේ වැටුණු කොටස් වෙළඳපලත් දැන් ඔය සීඝ්‍රයෙන් වැඩිවෙන්නේ...

:       0       0

janahitha Tuesday, 13 November 2018 09:24 AM

මහබැංකුව, බදු බර පටවපු නිසා රනිල් ඇතුළු නඩය බේරා ගැනීමේ වගකීමත් මට ඇත කියා නිවැරදි කරන්න...

:       0       0

Rasi Tuesday, 13 November 2018 09:33 AM

ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් ජනතාව රවට්ටන්නන්ට දඩුවම් කල යුතුයි. තමන් බලයේ ඉන්න නීතිරීති තමන්ට ඕන ආකාරයට අර්ථකථනය කරන පුද්ගලයන් නිසා ශ්‍රිලංකාවේ වැසියන් දරුණු ලෙස මුලාවට පත්වන ආකාරය සහ ඔවුනොවුන් මරා ගන්න ආකාරය ලජ්ජා සීලි වේ. සමහර දේශපාලකයන් පවා මදය කතා කල පලියට දැනුවත් නොමැති බව එක්තරා නාලිකාව විකාශය කරන ලද වැඩසටහනේදී දකින්නට ලැබිණි.

:       0       0

janahitha Tuesday, 13 November 2018 09:34 AM

පසුගිය පාලකයින්ට අද පාලකයන්ට කඩේ යන උගත් අය කියන විදිහට අපේ රටට නීතියක් හා ව්‍යවස්ථාවක් අවශ්‍ය නැත "උගත් මෝඩයන්" මේ ලෝකයේ නැත නමුත් කඩේ යන මෝඩයන් අපේ රටේ උපරිමයක් ඇත

:       0       0

Sam Tuesday, 13 November 2018 09:36 AM

වගන්ති 33 (2) - C අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරවා හැරීමට බලය ඇත නමුත් මෙම වගන්තිය කියවිය යුත්තේ වගන්ති 70 (1) වන වගන්තිය සමග වේ මෙය අනුව 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට අනුකුලව ජනාධිපති වරයා අනුගමනය කල ක්‍රියා පටිපාටිය ව්‍යවස්ථාවට පටහෙනි වේ.

:       0       0

janahitha Tuesday, 13 November 2018 09:38 AM

ඕනෑම කෙනෙක්ට තම වාසියට හරවාගන්න සංශෝදන කරන්න පුළුවන් ව්‍යවස්ථාව පසෙක දමා නීතිය පෙරට ගත යුතුය

:       0       0

chandana Tuesday, 13 November 2018 10:01 AM

එතුමාටත් ඉතින් දරු පවුලක් ඇතිනේ...

:       0       0

ගල්කටස් Tuesday, 13 November 2018 10:28 AM

විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගටිටනයක් විසදීම සදාහා අධිකරණයට සිදු වීම බරපතල ඛෙදවාචකයති.මෙ වැනි ගටිටනයක් සහිතව රටකය ඉදිරියට යෑමට නොහැකිය. මෙම 19 වෙනි ව්‍යස්ථා සංශා්ධනය සකස් කල නීති ඔස්තාර්ලා මෙන්ම එය සමිමත කල මන්ත්‍රීවරු 225 දෙනාම මෙය කියවා හො අධ්‍යයනය කර නොමැති බව පෙනි යන කරැණකි. මෙහි ඉංග්‍රීසි පිට පතෙහි බරබකල ව්‍යකුලතාද තිබිය හැකිය. එබැවින් ඉදිරියෙදි රට වෙන් කරන ව්‍යවස්ථාවකු වුවද මෙවන් කාරයට පාර්ලිමේන්තුව තුල සමිමත විය හැත. එ අප විසින් පත් කරන හරක් පාර්ලිමේන්තුවට යැවීම නිසාය.ඉදිරියෙදි අැති වන ගැටලු වලට අද දින ගරු අධිකරණය දෙන තීන්දුව බලපානු අැත. රටෙි අාරක්ෂාවට නමි ජනාධිපති වරයාගෙ විධායන බලය තිබිය යුතු බවක් පෙන්නුමි කරන කදිම අවස්ථාවක් මෙය වනු අැත. තීන්දුව අනුව ⁣රටෙහි පැවැත්ම තීරණය කරනු අැත.

:       0       0

බණ්ඩාර Tuesday, 13 November 2018 10:29 AM

මේ තීරණය නිවැරදි නමි 2019 ජනවාරි 15 (ඡන්දය තිබුනොත්) ජයග්‍රහණය කරන කණ්ඩායමටත් මේ අවදානම මේ විදිහටම තියෙනවා කියලයි මට හිතෙන්නේ. අවශ්‍ය නම් 18 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න පුලුවන් වෙනවා නේද.

:       0       0

sathya Tuesday, 13 November 2018 10:47 AM

ජනපතිවරයාගේ ධුරකාලය ගැනත් මෙතුමා මේවගේ දෙයක් කිව්වා

:       0       0

LAKEE Tuesday, 13 November 2018 10:54 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.. අපට හැමදාමත් බඩුම තමයි.. ආර්ථික ඔස්තාර් තාම කසාය බොනවද? නැත්තන් විරේක බීලද? මුකුත්ම කියන්නැහැනේ...

:       0       0

vipula Tuesday, 13 November 2018 10:55 AM

බොහොම හොඳයි ජනතාව වශයෙන් අපි මෙය පිළිගන්නවා. රට තවතවත් අස්ථාවර කරන්නේ නැතුව මැතිවරණයකට යන එක හොදයි. මේ සඳහා අධිකරණයට ගිය අය සම්බන්දයෙන් ජනතාව තීන්දුවක් ගත යුතුයි...

:       0       0

Nishantha Tuesday, 13 November 2018 10:56 AM

එන්න කලින්ම බයවෙලා වගෙයි.

:       0       0

Duminda Tuesday, 13 November 2018 11:12 AM

ඕකේ කියන්න දෙයක් තියෙනවද? එයේ SC කිව්වේ ජනාධිපතිට කතා කරලා කියන්නම් කියලනේ...

:       0       0

chathuri Tuesday, 13 November 2018 11:27 AM

අළුගෝසුවන්ට බයේ ව්‍යවස්ථාව පාවලා දෙනවද? ඔබ වැනි කට්ටිය ගෙදර ඉන්න. මොකටද වැටුපක් දීලා මෙවැනි සේවයක් ලබන්නේ?

:       0       0

lakmal Tuesday, 13 November 2018 11:49 AM

දී කිරට බළල්ලුත් සාක්කිලු.

:       0       0

Appuhami Tuesday, 13 November 2018 11:56 AM

කෝ අර සමනල්ලු ටික..? කට වැහිලද?

:       0       0

Sisira Tuesday, 13 November 2018 11:59 AM

අපේ ලංකාවේ සමහරක්ට ඕනේ ලංකාවේ තියන සම්පත් ටික මොකාට හරි විකුණලා එදාවේල නිකන් ඉඳගෙන කාල බොරු සෝබනේට ලොකු ලොකු දේවල් කරගෙන වංචාවෙන් ජීවත් වෙන්න. ඇයි ඡන්දයක් එපා කියලා උසාවි යන්නේ? දියුණු රටවල්වල මිනිස්සු ඡන්ද ඉල්ලලා උද්ඝෝෂණ කරනවා. රනිල්ගේ ආණ්ඩුව ඇවිල්ලා රටට මොනවද කලේ කියලා සමහර බුද්ධිමත් ජනතාව දන්නවා. පල්හොරු ටික බේරගන්න අසාර්ථක උත්සාහයක යෙදෙනවා. ලංකාවේ සමහර ඡන්ද දායකයෝ කියන්නේ වංචාවට, නිකන් ඉඳලා කන්න කැමැති අලස ජාතියක්. විවෘත්ත මනසක් නැහැ.

:       0       0

Ruwan Tuesday, 13 November 2018 12:07 PM

එංගලන්තයේ ව්‍යවස්ථා කෙටුම්පතක් නොමැත. එහෙත් නීතිය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිඳු සැකයක් නැත. ලංකාවේ ව්‍යවස්ථාවක් තිබුණද පවතින දේශපාලන වාතාවරණය අනුව අර්ථ දැක්වීම් වෙනස් විය හැක...

:       0       0

d.upul Tuesday, 13 November 2018 12:25 PM

අපේ ව්‍යවස්ථාව ලියල තියෙන්නේ කුමන භාෂාවකින්ද? කාටවත් තේරුම් ගන්න බැහැ.

:       0       0

සුරංග Tuesday, 13 November 2018 01:36 PM

කොහොමද නීතිපතිගේ නීතිය නැවිල්ල... තම තමන්ගේ බුද්ධි මට්ටම අනුව හිතා ගන්නකෝ හොරුන්ට උදව් කලේ කවුද කියලා...

:       0       0

Saman Tuesday, 13 November 2018 07:28 PM

මෙයා කිව්වේ 5 නෙවෙයි 6යි කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 2386 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 696 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 1169 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 1008 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 730 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 2194 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site