IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘පාර්ලිමේන්තු ඉතිහාසයේ ඵෙතිහාසික දවසක්‘

19 වැනි ව්‍යවවස්ථා සංශෝධනය තෙවැනි වර කියවීමෙන් පසුවත් වැඩි ඡන්ද 211 කින් සම්මතවීමෙන් පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ඵෙතිහාසික අවස්ථාවට දායකවූ සැමට ස්තූති කළේය.

විපක්ෂ නායකවරයා ප්‍රධාන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන නායකයන්ටත්, ජනමාධ්‍යයටත්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත්, 19 වැනි සංශෝධනයට අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කළ නීති සම්පාදකයන්ටත්, ඒ පිටුපස සිටි සියලු සංවිධාන හා බලවේගවලටත්, මහජනයාටත් සිය ස්තූතිය පුද කළේය.

 

 



අදහස් (0)

‘පාර්ලිමේන්තු ඉතිහාසයේ ඵෙතිහාසික දවසක්‘

සොපී Wednesday, 29 April 2015 06:20 AM

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා.... (ර)

:       0       0

රොහාන් Wednesday, 29 April 2015 06:23 AM

ජයවේව..ජයවේව...ජයවේව...ශ්‍රී ලංකා ..!!! (ම)

:       0       0

රොහාන් Wednesday, 29 April 2015 06:30 AM

රනිල්ට ජයවේවා .ජයවේවා .ජයවේවා .! (බ)

:       0       0

රන්දික Wednesday, 29 April 2015 06:32 AM

ජයවේවා .රනිල් (බ)

:       0       0

සොපී Wednesday, 29 April 2015 06:33 AM

සෝභිත හාමුදුරුවනේ වැඩේ හරි කියල හිතන්න නම් එපා .දැන් තමයි වැඩ පටන් ගන්න වෙලාව ..මොකද ඔය කප්පාදු කරපුවා ආයෙත් බල ගන්වන්නත් වැඩ සිද්ද වෙන්න පුළුවන් නිසා... .බැරිවෙලාවත් රට අමාරුවේ වැටුනොත් ඔබතුමාම වගකීම බාර ගන්න අපේ පින් ඇති හාමුදුරුවනේ ..ජනතාව දෙගිඩියාවෙන් .... (බ)

:       0       0

යහම්පත් Wednesday, 29 April 2015 06:38 AM

මේ විධායක ජනාධිපති ක්‍රමය ගෙනාපු ජේ ආර් ජයවර්ධන මහතා කිවේ , ජනාධිපති වන කිසිම කෙනෙක් , මෙම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්නේ නැහැ , මක් නිසාද මේකෙන් කළ නොහැක්කේ ගැහැණියක් පිරිමියෙක් කිරීම හෝ පිරිමියෙක් ගැහැණියෙක් කිරීම පමණයි , එහෙත් අද වෙනස් වුනා , මෛත්‍රී කියන්නේ දෙවියෙක් වැනි කෙනෙක් , ඔබට සදා ජය (බ)

:       0       0

සම්පත් Wednesday, 29 April 2015 07:14 AM

1815 ? ඉතිහාසේවත් හරියට කියවලා නැහැ වගේ.මේකට සමාන වෙන්නේ කොහොමද ?(හේ)

:       0       0

අශාන් Wednesday, 29 April 2015 07:17 AM

මෙය ඓතිහාසික ජයග්‍රහණයක් තමයි.(හේ)

:       0       0

කුෂාන් Wednesday, 29 April 2015 07:19 AM

මේ දේ වෙනකන් තමයි අපිත් බලාගෙන හිටියේ.(හේ)

:       0       0

කුෂාන් Wednesday, 29 April 2015 07:20 AM

සුමුදු හේවා ගේ කුහකකම පරාදයි බක පණ්ඩිතකම. ! (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 29 April 2015 07:28 AM

ගාමිණි මහත්තයට හතලිස් අදිරියට පේන හැටියට වරදක් කියන්න බැහැ..එත් එදෙපලට දැන දැන හෝ නොදැන අපහාස කරන එකනම් ඉතින් හොද මදි..කට්ටිය නිකම් අපිට කිරි පැණි ඉතුරුව. වගේනේ වර්ණනාව..හොර ආණ්ඩු වල පිනා අගමැතිට මොන ජනවරමක්ද ලැබිල තියෙන්නේ ව්‍යස්ථා වෙනස් කරන්න..චන්දෙකින් දිනලා ඇවිත් මේ දේ කරානම් ඔන්න අපි ගරු කරනවා..කොහොම වුනත් මහින්ද මහත්තයට ජනපතිට ඔලුව නමන්නේ නැති අගමැති කෙනෙක් වෙන්න අවස්ථාව සලසල දුන්නටනම් රනිල් මහත්තයට ස්තුති කරනවා..අපි මහා මතිවරනේදී හමු වෙමු..දින 100න් තටු හලලා අගමැතිව ගෙදර යවන්න..(බ)

:       0       0

මංජු Wednesday, 29 April 2015 07:39 AM

සුමුදු හේවාට පුදුම අමාරුවක් තිබෙනවා එයා ඉතිහාස චක්‍රවර්ති කියල පෙන්වන්න. (බ)

:       0       0

අනුර Wednesday, 29 April 2015 07:50 AM

රනිල් යනු රටට වැඩක් කළ හැකි පුද්ගලයෙකි බුද්ධිමතුන් අතර රනිල් වීරයෙකි මෙතුමාගේ තීක්ෂණ බුද්ධිය රටේ දියුණුව වෙනුවෙන් යොදාගෙන ඉදිරිය දකිමු ! (බ)

:       0       0

මහනාම - කඳාන Wednesday, 29 April 2015 08:06 AM

ඔන්න යන්තම් දින 100 ඇතුලත එක පොරොන්දුවක් ඉෂ්ට වුනා ( ශ්‍රී ලාංකික සිංහල අපිට ) , හැබැයි ශ්‍රී ලංකික බෙදුම් වාදීන්ට නම් ගොඩක් දේවල දින 100 ඇතුලත් වුනා , මේ ආන්ඩුව තරම් මේ කෙටි කාලය තුල වැඩ කරපු තවත් ආණ්ඩුවක් 1948 ඉදන් නැ . හැබැයි දකුණට නොවේ , උතුරටත් නොවේ , බෙදුම්වාදීන්ට , ඔන්න තවත් මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ . දැනට තහනම් කර තිබෙන ඩයස්පෝරාවට සමබන්ධ ආයතන කීපයකම තහනම අයින් කරන්නයි යන්නේ .මේ පාර්ලිමේන්තුව තුල කොන්ද පන තිබෙන නියම ශ්‍රී ලාංකිකයා සරත් වීරසේකර හිටපු නාවික හමුදා නිලධාරියා පමණි . කමක් නැ , ස්වාධීන කොම්සන් සබා අපිට අවශ්‍ය දෙයකි , නමුත් රනිල් ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න බැ , පේනවනේ අල්ලස් හා දුෂණ කොමිසමේ ස්වාධීන කොමසාරිස් තුමිය කවුද කියලා , පේනවනේ මහා බකුවට පත් කල ස්වාදීන අධිපති ගේ වැඩ , කොහොමද අධිපති ගේ වැඩ ගැන හොයන්න පත් කරපු ස්වාධීන නීති කමිටුවේ ස්බාවය හා පිළිතුර , දින 100 ට මෙහෙම නම් බහුතර ආණ්ඩුවක් තිබ්බ නම් කොහොමද ? අද ජනාධිපති තුමා කියනවා දුෂණ මඩ පවත්වන්න හදපු විශේෂ ආයතනය එතුමා දන්නෙත් නැහැලු , ඒක විසුරුවා හරිනවලු .(බ)

:       0       0

මංජු Wednesday, 29 April 2015 08:44 AM

මමනම් දැක්කේ විධායකය තියාගෙන රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳලා රටට සංවර්ධනය කියන වචනය යතාර්ථයක් බවට පත්කිරීමට වෙර දරපු නායකයෙක්. මට නම් 19 සම්මත වුණා කියලා වෙනසක් පේන්නේ නැහැ.(හේ)

:       0       0

නදීක Wednesday, 29 April 2015 08:50 AM

ඉස්සර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බොහෝ විට අත ඉස්සුවේ බයට. නමුත් මේ අවස්ථාවේ සැමදෙනාම පක්ෂව ඡන්දය දුන්නේ, ජනතාව කෙරෙහි තැබූ ගෞරවයකින්. එ් නිසා අපිත් ඔබ සැම දෙනාටම ගරු කරනවා. ගරු, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමා මේ රට සැබෑ ධර්මද්දීපයක් කරන බව අපට විශ්වාසයි!!!(හේ)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 29 April 2015 09:00 AM

19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තු සජීවී විකාශයෙන් මම බැලුවා. ඉතා හොඳ තර්ක විතර්ක අදහස් වගේම වැඩකට නැති කතාවලින්ද පිරී තිබුනා. කාරක සභා අවස්ථාවේදී විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ වැදගත් සංශෝධන ප්‍රතික්ෂේප වුණා. එම අවස්ථාවේදී අගමැතිතුමා හැසිරුණු ආකාරය ගැන මගේ පැහැදීමක් නැහැ. එම යෝජනාවලට ආණ්ඩු පක්ෂයේ නායකයා විධියට අගමැතිතුමා ඊට වඩා නම්‍යශීලී උනානම් ඉතා හොඳ බවයි මගේ අදහස. අගමැතිතුමා ජනාධිපතිතුමාටත් වඩා ඉහලින් ඉන්නවා කියා හිතා ඉන්න බවක් මට පෙනුනා. මමත් එක්සත් ජාතික පක්ෂයට උදවු කරන කෙනෙක්. ඒත් රනිල් මහත්මයට ජනාධිපතිකම ලැබුනොත් කොහොම වෙයිද කියල බයක් හිතට එනවා. ඒක නිසා ඊළඟ සැරේ තව ටිකක් හිතල බලනවා. (බ)

:       0       0

චමිල Tuesday, 28 April 2015 06:32 PM

මේ ජයග්‍රහණයේ සැබෑ නියමුවා ඔබයි රනිල් මහතාණෙනි (නි)

:       0       0

විකුම් රංගන Tuesday, 28 April 2015 07:25 PM

ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 28 April 2015 07:56 PM

1815 ත් අපිට මේ වගේ ඓතිහාසික දවසක් තිබුණා. (නි)

:       0       0

විජේසුන්දර Tuesday, 28 April 2015 08:44 PM

අපිටත් හරිම සතුටුයි (නි)

:       0       0

දයාරත්න Tuesday, 28 April 2015 08:51 PM

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතිහාසගතවෙන මොහොතක් (නි)

:       0       0

දයා වීරසේකර Tuesday, 28 April 2015 08:57 PM

ඉතිහාස ගතවෙන අවස්ථාවක්. සැරදේ ශ්‍රී ලංකා මාතා! (නි)

:       0       0

විලකින් Tuesday, 28 April 2015 09:14 PM

රට වෙනුවෙන් අවංකව කවදත් ක්‍රියාකළ ඔබතුමාට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

මහනාම - කඳාන Wednesday, 29 April 2015 10:11 AM

අජිත් කරුණාරත්න මහතාගේ අදහස් ඉතා අගය කරමි . අජිත් මහතා එජාපයට හෝ ශ්‍රී ලනිපය පැත්ත ගන්න එපා , රටේ පැත්ත ගන්න , රට හරි මග ආර්ථික , ආරක්‍ෂිත හා සමාජමය පැත්ත ගැන සලකා බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි . මෙහි එ්ක පාක්ෂිකව අදහස් දාන අයට ඔබතුමා දුන්නේ හොඳ උත්තරයකි . මෙහි අදහස් දාන දෙතුන් දෙනෙක් නො පිළිගත්තද , අද ජනමතය එදා ජන 9 වෙනිදාට වඩා වෙනස් දකුණේ නම් , හැබැයි උතුරේ නම් එයාල බලාපොරොත්තු දේවල් ගොඩක් ලැබුණු නිසා එජාපයට ගොඩක් වාසි වේවි . ඔබ තුමා දැක්කද අද ජාතික පුවත් පතක තියෙනවා ඩ්‍රාවිඩ් සන්දානයේ අදිකාලන් මන්ත්‍රී තුමා කියන්නවා , ඊළඟ ආණ්ඩුව පිහිටවන්නේ එයාල ගේ බලය අනුව කියලා . කාටද මේවා කියන්නේ ? මේවත් අනුමත කරන අය දැන් උඩ පැන පැන අහාවී ඇයි එයාල අපේ රටේ අය නොවේද කියලා ? කොහොම නමුත් අජිත් මහතා වැනි අයගේ අදහස් මතුවටත් බලා පොරොත්තු වෙමි (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 28 April 2015 11:32 PM

ඒ වගේම ඔබතුමාට බොහොම ස්තුතියි මේ තරම් භාරධූර කටයුත්තක් සියලු බාධක මැද ජයගෙන රට ජයග්‍රහණය කරා රැගෙනයාම ගැන (නි)

:       0       0

වසන්ත Wednesday, 29 April 2015 12:04 AM

අලුත් ක්‍රමයට මැතිවරණයක් තියලත් බලමු. (නි)

:       0       0

නදීකා Wednesday, 29 April 2015 12:07 AM

ඇත්ත. මේක නම් ඉතිහාසගතවෙයි (නි)

:       0       0

මෂූඩ් Wednesday, 29 April 2015 12:59 AM

මෙම ආයතන ක්‍රියාත්මක කිරීමට නිලධාරීන්, වාහන සහ ප්‍රතිපාදන නොඅඩුව ලබාදිය යුතුයි (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 29 April 2015 12:08 PM

පියාට බලතල වැඩියි කියලා ඒවා පුතාට හෝ අම්මට භාර දෙන්නේ නැ , පියා දුර්වල නම් වෙන්නේ පවුල බිඳ වැටෙන ඒකයි , පියෙක්ව නම් ආයේ ගන්න බැ ඉන්න කෙනාව හදා ගන්නවා ඇරෙන්න , නමුත් රාජ්‍ය නායකයා දුර්වල නම් රට පිරිහෙනවා හැම අතින්ව , ඒවා නැවත හරි ගැස්විය හැකි හා බැරි නිසා කල්පනා කාරී වියයුතුයි . (හේ)

:       0       0

මහානාම - කඳාන Wednesday, 29 April 2015 12:14 PM

19 සම්මතයි.(හේ)

:       0       0

දිසානායක Wednesday, 29 April 2015 01:27 AM

පොරොන්දුවක් ඉටුකළ නායකයෝ දෙදෙනෙක්. (නි)

:       0       0

කැනඩා දිසා Wednesday, 29 April 2015 01:33 AM

රටට අවශ්‍ය විශිෂ්ට නායකයෝ දෙන්නා. මේ රටේ වාසනාව. ජය ශ්‍රී ශ්‍රී ලංකා! (නි)

:       0       0

නදීශ් Wednesday, 29 April 2015 01:46 AM

මේක නම් අපි කවදාවත් නොහිතපු දෙයක් (නි)

:       0       0

වෙදගේ Wednesday, 29 April 2015 02:17 AM

අපේ මහජන නියෝජිතයෝ හිතපු තරම්ම නරක නෑ (ම) 

:       0       0

දිලිප් Wednesday, 29 April 2015 02:32 AM

විශ්මයජනකයි.(හේ)

:       0       0

ප්‍රකාශ් Wednesday, 29 April 2015 12:59 PM

කවුරු කොහොම කීවත් රනිල් කියන්නේ මේ රටට ආදරයක් තියෙන කෙනෙක් නොවේ. මෙයාල හොඳට බොරු කියල ජනතාවට කොලේ වහල වැඩ කරන කට්ටියක්. රටේ නිදහස සහ ආරක්ෂාව විනාශ කරනවා. (බ)

:       0       0

සේනක Wednesday, 29 April 2015 02:37 AM

මේ අයට මේක ඓතිහාසික ජයග්‍රහනයක් වුනාට අපිටනම් නෑ.(හේ)

:       0       0

ප්‍රියනංග Wednesday, 29 April 2015 03:04 AM

හොර බොරු නැති අවංක නායකයන් දේපළක්. ඔබ දෙපළට දීර්ඝායුෂ වේවා. (ත)

:       0       0

නන්ද Wednesday, 29 April 2015 03:07 AM

මෙහි ප්‍රතිචාර දක්වන ඇතැමෙක් ලංකාවේ ජීවත් වූ අයදැයි සිතේ. (ත)

:       0       0

ප්‍රවීන් Wednesday, 29 April 2015 03:24 AM

කියපු දේ කරන, කරන දේ කියන දූරදර්ශි නායකයෙකි....! බාධක හමුවේ නොසැලී ඉදිරියටම යමු. ජය...(ම)

:       0       0

නිශාර්ඩ් Wednesday, 29 April 2015 03:31 AM

අපි සාරධර්ම වලින් යහපත් සමාජයකට පියනගන්ට ඕනෙනම් විනිවිද භාවයකින් යුතු, නීතිය ඉදිරියේ සෑම පුරවැසියෙකුම එක හා සමානව සලකන, සෑම පුරවැසියෙකුම තරාතිරම පසෙකලා නීතියට හිස නමන, කාටවත් නීතියට ඉහලින් යා නොහැකි, වැරදි කරුනම් දඬුවම් ලැබිය යුතු, පිරිසදු පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමට හොඳ ආරම්භයක්. එහෙම කටයුතු කලොත් තමයි ලෝකයේ අනිත් රටවල් සමග අපිට ශිෂ්ට ජාතියක් හැටියට ඉදිරියට යන්ට හැකිවන්නේ. (බ)

:       0       0

වසන්ති Wednesday, 29 April 2015 03:32 AM

ජනාධිපතික්‍රමය හොඳයි, එය විනාශ කළේ එයට පත් උණු පෙද්ගලයෙක් විසින් පවුල් පෝෂණය කල නිසා. අපිට මේ වෙනස ගැන සතුටුයි. (බ)

:       0       0

ලුම්බිණි Wednesday, 29 April 2015 03:48 AM

බොහොම කාලෙකින් මැතිවරණයකදී කරනවා කියපු දෙයක් එම කාල සීමා තුල කරලා පෙන්වල තියෙනවා. එයට සුභ පැතිය යුතුයි. (බ)

:       0       0

ජනහිත Wednesday, 29 April 2015 03:55 AM

බලාගෙනයි ඕක හදපු කෙනා වලෙන් නැගිටලා මොනවා හෝ කරන්ඩ පුළුවන්. (බ)

:       0       0

අසංක Wednesday, 29 April 2015 03:58 AM

රනිල්ට ස්තුති කරන්න තව කල් තියෙනවා, මේ පටන් ගත්ත විතරයි (බ)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 29 April 2015 03:59 AM

රනිල් මහත්තයට තනියෙන් ඉල්ලලා ජනාධිපති වෙන්න පුළුවන් කියල පෙනුනනම් මෙයා මෙන්න කියල 19 ගෙනෙයි..මේක අර කඩන්න බැරි මිදී තිත්තයි වගේ වැඩක් තමයි.. ඒ වගේම මේ විධායකයේ කපපු තටු මොනවද කපන්න ගිය තටු මොනවද කියල බලල ඒ දෙකේ වෙනස වටහ ගත්තනම් රටට වටහල දුන්නනම් මේක නිකන් පුස් වෙඩිල්ලක් කියල ඕන කෙනෙකුට පැහැදිලි වේවි..කොහොම හරි රනිල් මහත්තයට ගහපු ගැටේ හරියට ගහගන්න බැරි වුනා..රනිල් මහත්තය පරාදයි..මෛත්‍රී මහත්තය දිනුම්..එ්ක තමයි අවසාන ප්‍රතිඵලය..(බ)

:       0       0

ජනහිත Wednesday, 29 April 2015 04:04 AM

මේ කියන අය හරියටම දැනගෙනද කියන්නේ. අපේ රටේ ඉන්නේ ව්‍යවස්ථාවට අනුවම, නිතිප්‍රකාරව කටයුතු කරන අය නම් අපි ලෝකේ ඉහලම තැනක ඉන්නවා නොඅනුමානයි. (බ)

:       0       0

නිරාන් - සෞදි Wednesday, 29 April 2015 04:04 AM

මගේ ශ්‍රී ලංකා මතා බැබලේවා ලොතලේ ඔබ දෙපලට අපි සදා ණය ගැතියි (බ)

:       0       0

සහන් Wednesday, 29 April 2015 04:07 AM

ඔබතුමාලට ජය වේවා (බ)

:       0       0

දයා Wednesday, 29 April 2015 04:11 AM

ජේ.ආර් වලෙන් උඩ ඇවිත් මේකත් ඒ පැත්තට අරන් යයි නේද (බ)

:       0       0

වැකෝ Wednesday, 29 April 2015 04:31 AM

ඊළඟ අගමැති මහජන ඡන්දයෙන් පත්වෙන කෙනෙක්ද? (බ)

:       0       0

වැකෝ Wednesday, 29 April 2015 04:32 AM

මහින්ද ඊළග අගමැති. (බ)

:       0       0

ගාමිණී Wednesday, 29 April 2015 04:42 AM

දැන් අපේ රටට නෙල්සන් මැන්ඩෙලා වගේ ජනාධිපති කෙනෙක් සහ ලී ක්වාන් යු වගේ අගමැති කෙනෙක් ඉන්න නිසා රට දියුණු කළ හැකියි. (බ)

:       0       0

පියල් Wednesday, 29 April 2015 04:43 AM

දැක්මක් ඇති ශ්‍රේෂ්ඨ නායකයෙක්. රට ගොඩගත හැකි එකම නායකයා. (බ)

:       0       0

ක්‍රිස්ටෝපර් ප්‍රනාන්දු Wednesday, 29 April 2015 04:45 AM

ජනාධිපතිතුමා ,අගමැතිතුමා මේ කලදෙයත් ඊයේ වෙනත් අය සමග කළ සටනත් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි. දෙදෙනාටටමදීර්ඝායු ලබා දිගු ගමනක් යාමට සුබාසිරි. (බ)

:       0       0

සුමුදු හේවා Wednesday, 29 April 2015 06:50 PM

අජිත් කරුණාරත්න මහතාණෙනි, විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත්කළ ඉතා වැදගත් සංශෝධන ප්‍රතික්ෂේපවුණ බව මමද දුටිමි. සැබවින්ම එකී සංශෝධන ඉවතලීමේ සැබෑ වාසිය ඇත්තේද කාටදැයි අපිට වැටහෙන නිසා ඒවා සම්බන්ධයෙන් නම්‍යශීලීවීමක් අපේක්ෂා කළ නොහැකි බවයි මගේ නම් වැටහීම. (නි)

:       0       0

පාලිත Wednesday, 29 April 2015 04:52 AM

අපි නම් දෙවතාවක් මහින්දට ඡන්දේ දුන්නා. නැවත දෙන්නේ නෑ. කොටි විනාශ කරපු එකට අපි ගරු කරනවා. නමුත් රට විනාශ කරපු එකට අපි විරුද්ධයි (බ)

:       0       0

දයා අලහකෝන් Wednesday, 29 April 2015 04:56 AM

ගරු මාදුළුවාවේ සෝභිත හිමියනි, ඔබ වහන්සේගේ වෑයම එදා බුදුන් දවස ගම් නියම්ගම් හරහා බුදු දහම පැතිරුවාසේම මෙතැනදීත් සුබ ඵල පැතිරුණා. රටම බේරුණා. ඔබලාට පින් (බ)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Wednesday, 29 April 2015 05:00 AM

කෙදිනක හෝ දුක් වෙන්න සිදු වෙයිද දන්නෙ නැහැ කාලයට ඉඩදී ඉවසීමෙන් බලා සිටිමු. ලක් මවුණි ලියන මකන ව්‍යවස්ථා අපේ රටට කොඩිවිනයක් උදා කරයිද? රජ වරු ගලෙහි ලියවන ලද සෙල් ලිපි අදද නොවෙනස්ව පවතී එහෙත් අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙරපාසැල් ලියවිල්ලක් බදුය ලියලියා මකති මකමකා ලියති. මහජනතාවගේ සැකය වන්නේ වර්ථමාන පාර්ලිමේන්තුවේ සිටින්නේ පෙර පාසැල් ලමුන්ද එසේත් නැත්නමි පෙර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකසන ලද්දේ පෙරපාසැල්වත් නොගිය අයද යන්නයි. මෙයට සිංහල වචනයෙන් කියන්නේ මාමාට බෑණා ගැසු දැවැන්ත කනේ පහරක් යනුවෙනි . අපේ මවුබිමට තෙරුවන් සරණයි (බ)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 05:00 AM

අති විශිෂ්ට අවසානයකට විශිෂ්ට ආරම්භයක් කරගන්න (බ)

:       0       0

චානුක Wednesday, 29 April 2015 05:07 AM

සතුටුයි. පාර්ලිමේන්තු මැති ඇමතිතුමන්ලා ගැන ගොඩක් සතුටුයි. හැමෝම ජනාධිපතිතුමාගේ කතාව හොදින්ම තේරුම් ගෙන තියනවා. මේ වගේ අවශ්‍ය හොද දේට සහය දෙන්න.(බ)

:       0       0

මාලිංග Wednesday, 29 April 2015 05:16 AM

සුමුදු හේවගේ කුහක කම හොදටම ප්‍රදර්ශනය උන දවසක් කෝ මේ රුපවති (බ)

:       0       0

නිමල් ලාලිත Wednesday, 29 April 2015 05:22 AM

මෙයත් ජයග්‍රහණයකි. නමුත් හවුල් අාණ්ඩු,ජාතික ආණ්ඩු ගැන නොසිතා, මැතිවරණයකදී එකම මන්ත්‍රී ආසනයක් හෝ වැඩියෙන් ගන්නා පක්ෂයට නියමිත කාලසීමාව රටට වැඩ දායක දේ පමණක් කරමින් බලයේ සිටීමට හැකි වනසේ, මැතිවරණයෙන් පසු සන්ධාන ගසා බලය ලබා ගැනීමට ඉඩ නොතබන, නීතියක් ඇතුළත් කලා කෙතරම් අගනේද ? මේ ජාතික ආණ්ඩු ක්‍රමයෙන් සිදුවනුයේ ඇමතිකම් වැඩි වී ඒගොල්ලන්ගේ බරත් මහා ජනතාව ගේ කරමත පැටවීම නොවේද? මැතිවරණයට පෙර වර්තමාන පාලනය ඇමති වරුන් ගණන කීයද? අද කියක් සිටීද? විධායක බලයෙන් සියලුම හැකියාවන් සහිතව බලයට පත්වූ ජනාධිපති තුමා සිය විධායක බලය අඩු කිරීමට කරන උත්සාහයේදී ද සමහරු බල ලෝභීකම ප්‍රදර්ශනය කරති. අනේ අපි වගේ ඡන්ද දායකයෝ. (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 03:37 PM

අජිත් කරුණාරත්න මහතාණෙනි, මා පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත්කළ ඉතා වැදගත් සංශෝධන ප්‍රතික්ෂේප කෙරුණේ ඒවා ප්‍රතික්ෂේප කිරීම වත්මන් අගමැතිගේ වාසියට හේතු වන නිසා බවත් එහිදී නම්‍යශීලී වීම ඔහුගේ වාසියට හේතු නොවන නිසා ඔහු දරදඬු ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවත් ය. (බ)

:       0       0

සුමුදු හේවා Thursday, 30 April 2015 03:39 PM

මාලිංග, මෙතන මගේ කුහකකමක් ප්‍රදර්ශනය වෙන බව ඔබ සිතුවත් සැබෑව නම් මෙහිදී සැබවින්ම ප්‍රදර්ශනය වන්නේ මගේ ප්‍රකාශ දිගට හරහට කැපීමයි (බ)

:       0       0

ප්‍රියංග Wednesday, 29 April 2015 05:48 AM

කුහකනම් අතහැරලා දේශය වෙනුවෙන් ගත් හොදම තීන්දුව මෙය බව ඉතිහාසගත වේ .(හේ)

:       0       0

වසන්ත Wednesday, 29 April 2015 05:48 AM

විධායක ජනාධිපති ක්‍රමය ඇතිකළේ දිවංගත ගරු ජේ .ආර්. ජයවර්ධන මැතිතුමා, හොරුන්ට නොවේ . රටට ආදරේ නායකයෙකුට හරියාකාරව රට පාලනය කරන්න හැකිවෙන්න .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 122 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1985 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2276 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2967 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 279 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site