IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


පාර්ලිමේන්තු කාරක සභාවලට විශේෂඥ සහය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවන  මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්  කමිටුව), ගිණුම් කාරක සභාව වැනි විශේෂ කාරක සභා සඳහා විශේෂඥයන් සහ පර්යේෂකයන්ගේ සහාය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේ දැඩි අවධානය යොමුවූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය .

පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස් විය.

මෙම කාරක සභාවට සහභාගිවූ සභානායක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් කාරක සභාවේ සභාපති ,මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු මෙම කමිටු සඳහා  ආර්ථිකය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන්ගේ දායකත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ.

මුදල් කාරක සභාව වැනි කාරක සභාවන්ට අයවැය වකවානුවේදී දිනපතා රැස්වීමට සිදුවීම සහ   ආර්ථික කටයුතු හා මූල්‍ය අණ පනත් සංවාදයට ලක් කර ඒවාට අනුමැතිය ලබා දීමට  සිදුවන නිසා විශේෂඥයන්ගේ මෙන්ම පර්යේෂකයන්ගේද  සහය දැඩි ලෙස අවශ්‍ය වන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා ‍මෙහිදී පෙන්වා දුන්නේය.

මේ අතර  පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීම් අමාත්‍යංශවලම පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බවත් ඒ හරහා වැඩි නිලධාරීන් පිරිසකගේ දායකත්වය ලබාගැනීමට හැකිවන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය .ඒ සඳහා ස්ථාවර නියෝග සංශෝධනය කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙයට අමතරව මහජන පෙත්සම් කාරක සභාව වැනි මහජනතාව සෘජුව සහභාගීවන කාරක සභාවන්ද පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානවලදී  පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳවද  මෙහිදී අවධානය යොමු වූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසීය .
ඒසඳහා පාර්ලිමේන්තුවෙන් පිටත රජයේ ගොඩනැගිල්ලක් යොදා ගැනීම සඳහා ස්ථානයක් සොයා බැලිය යුතු බවත් පිටත ස්ථානවල පැවැත්වීමෙන්  කාරක සභාවලට මහජන සහභාගීත්වය වැඩි කරගත හැකි වනු ඇති බවත් සමාජික මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

පාර්ලිමේන්තු විවාදයන් පැවැත්වෙන අවස්ථාවලදී මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අවශ්‍ය වන කරුණු ලබා ගැනීමටද  විශේෂඥයන්ගේ සහාය වැදගත් වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය

බොහෝ කාරක සභා රැස්වීම්වලට මේ දිනවල ඔන්ලයින් (on line) තාක්ෂණය ඔස්සේ නිලධාරීන් සම්බන්ධ කරගන්නා බවත් වෙබ් අඩවිය යාවත්කාලීන කර කාරක සභාවල තොරතුරු මහජනතාවට ලබාදීමට කටයුතු කටයුතු යොදා තිබෙන බවත් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අතර උපදේශක කාරක සභා රැස්වීම් අදාළ අමාත්‍යාංශ පරිශ්‍රයන්හි පැවැත්වීමෙන්  නිලධාරීන් වැඩි පිරිසකගේ දායකත්වය ඊට ලබා ගැනීමට හැකි වන බැවින් ස්ථාවර නියෝග අනුව එසේ කළ හැකි දැයි සොයා බලන ලෙස දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක්  කළේය. 



අදහස් (0)

පාර්ලිමේන්තු කාරක සභාවලට විශේෂඥ සහය

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 64 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 280 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 845 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 340 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 80 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 1178 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 417 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1325 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 699 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site