IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පාර්ලිමේන්තු කලබලේ “රහස” පාඨලී කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය කඩාකප්පල්  කිරිමේ  අරමුණින් පාර්ලිමේන්තු කලබලය  සැලසුම්   කළ බව  පෙනේ යැයි ජාතික හෙළ උරුමයේ  ප්‍රධාන  ලේකම්  හා විදුලිබල හා  බලශක්ති   අමාත්‍ය   පාඨලී   චම්පික රණවක මහතා  පැවසීය.

ව්‍යවස්ථා  සංශෝධනයක්  සිදුවීම වළක්වා   රට හදිසි මහ   මැතිවරණයකට  ගෙන ගොස්  එයින්  දේශපාලන වාසි  ලබා ගැනීමට  එක්සත් ජාතික පක්ෂයේ  හා ශ්‍රි ලංකා  නිදහස් පක්ෂයේ  සමහරුන්  කටයුතු   කරමින්  සිටින  බව ද  අමාත්‍යවරයා  සඳහන්  කළේය.

ව්‍යවස්ථා  සංශෝධනයට  ගැනීමට  නියමිත තිරණාත්මක  අවස්ථාවේදීම හිටපු  ජනාධිපතිවරයා අල්ලස්  කොමිසම හමුවට   කැඳවිම ද සැක සහිත බව  රණවක මහතා   කිවේය.

19 වැනි ව්‍යවස්ථා  සංශෝධනයට  මෙන්ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරිම සඳහා  ශ්‍රි ල නි ප ය  ඉදිරිපත්  කර ඇති  20 වැනි   ව්‍යවස්ථා සංශෝධනයට   ද  ජාතික  හෙළ  උරුමය  එකඟ බව හෙතම කියා සිටියේය.

අමාත්‍යවරයා මේ  බව  පැවසුවේ   බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ  පිහිටි ජාතික හෙළ  උරුම  ප්‍රධාන  කාර්යාලයේදි   අද  (21) පෙරවරුවේ  පැවති  මාධ්‍ය  හමුවක දීය.

 

 



අදහස් (0)

පාර්ලිමේන්තු කලබලේ “රහස” පාඨලී කියයි

අබේ- ටෝක්යෝ Tuesday, 21 April 2015 05:28 PM

අපරාදේ මගේ ඡන්දය මෙයාට දුන්නේ . (ස)

:       0       0

සමන් විජේසේකර Tuesday, 21 April 2015 06:20 PM

චම්පික ලොක්ක කට්ටිය දාල වගේ කමෙන්ට් කරන්න (ස)

:       0       0

වින්සන්ට් Tuesday, 21 April 2015 09:10 PM

ජනතාවට පිළිගත හැකි ප්‍රකාශයකි. දැනට සිටින දේශපාලකයන් අතරින් රටක නායකත්වයකට ඉතා සුදුසු බුද්ධිමත් නායකයෙකි මෙතුමා.අනාගත අගමැති වුනොත් එය ජනතාවගෙත් රටෙත් වාසනාවකි. (ස)

:       0       0

ප්‍රනාන්දු පැරිස් සිට Tuesday, 21 April 2015 09:36 PM

ඔබට මගේ ඡන්දයද මින් ඉදිරියේදී කිසි දිනක ලබා නොදෙමි (රට විනාසය කරා යන ගමනට දායක වීම නිසා ). (ස)

:       0       0

විකුම් Wednesday, 22 April 2015 12:32 AM

මම නම් කියන්නේ සංශෝධන අනවශ්‍යයි. විධායක ජනාධිපතිධූරය සඳහා ඡන්දයක් පවත්වන්න. (නි)

:       0       0

අවන්ති Wednesday, 22 April 2015 01:01 AM

රට නිදහස් කරදුන් හිටපු ජනපතිතුමාට සහ එයට අභීතව නායකත්වය දුන් ගෝඨාභය මැතිඳුන්ට කරන අවමන් නිසාම අපිට නම් සමහරු මතක්වෙනකොටත් අප්‍රසන්නයි.බොරුවට එජාපයටත් එහි නායකත්වයටත් දැන් කැගහන්න එපා.රට අද වෙනකොට පක්ෂ, පාට, ජාති වලින් බෙදිලා. (නි)

:       0       0

නිහාල් Wednesday, 22 April 2015 02:30 AM

අපි නම් දැන් ඕවා අහන්නේ නැහැ (නි)

:       0       0

සොපී Wednesday, 22 April 2015 02:30 AM

එයා දැන් ඇත්තක් කිව්වත් ජනතාව බලන්නේ වපර ඇහෙන්.තමුන් ගැන ජනතාව තැබූ විශ්වාසයට කණකොකා හඬලා ඉවරයි (නි)

:       0       0

සචිත් Tuesday, 21 April 2015 11:55 AM

හෙට දිනය අද දකින නායකයා ඔබයි චම්පික. (බ)

:       0       0

අනුරංග Tuesday, 21 April 2015 12:07 PM

ව්‍යාවස්තා සංශෝදනය හා මැතිවරණ ක්‍රමය යන දෙකම මේ වෙලාවේ කර ගත යුතුය. පාඨලී ඔබ හෙට දින රටේ නායකයා විය යුතුය. (ර)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Wednesday, 22 April 2015 03:14 AM

බෝදිලිමාට වෙනස් කරගන්ට කොයිතරම් පාට තියෙනවාද ? ඉස්සර ඉඳං ඕක මම දැක්කා. (ස)

:       0       0

ප්‍රකාශ් Wednesday, 22 April 2015 11:19 AM

තුට්ටුවකට විශ්වාසයක් තියන්න බැරි කුමන්ත්‍රණ කාරයෙක් රනිල් වගේ තක්කඩියෙක් සමග පොදු අපේක්ෂක ඡන්දෙට වැඩ කළේ බම්බුවටද? රට නිදහස් කළ නායකයාට මේ අය ණය ගැතියි.(බ)

:       0       0

ගිහාන් Tuesday, 21 April 2015 01:11 PM

හෙළ උරුමය දැන් සංශෝදනයට කැමතිද? (අ)

:       0       0

කිරි ගමරාල Wednesday, 22 April 2015 04:26 AM

විරෝධතාවල පෙරමුණේ හිටියේ අල්ලස් කොමිසමෙන් තේ පානයට ආරාධනා ලබල කොමිසම සමඟ පිලිසඳරේ යෙදිච්ච මන්ත්‍රීන් පිරිසක් නේ. (ස)

:       0       0

ලක්මාල් Tuesday, 21 April 2015 03:37 PM

මෙයා හෙට දිනය අද කොච්චර දැක්කද කියලා දන්නෝ දනිති. ඒ නිසාම මීළග මැතිවරණයට නාම යෝජනා ගන්නේ කොහෙන්ද කියලවත් හිතා ගන්න බැරි තරමටම මේගොල්ලෝ දැන් නන්නත්තාර වෙලා.(බ)

:       0       0

ඈන් Tuesday, 21 April 2015 03:39 PM

රනිලුත් එක එක පූජාවල් කර කර හීන මවන්නේ 'විධායක ජනාධිපති/අගමැති' වෙන්නයි. එයා විධායකයේ 'රස' දැකලා තියෙනවනේ. දැන් එයාට ඕනේ ඒක විඳින්න. ඒක හරියට 'ඉඟුරු දීලා මිරිස් ගත්තා' වගේ වැඩක් වෙයි. පේනවනේ මහ බැංකුවේ සිද්ධිය. ඒකට විරුද්ධ වෙන්නේ චම්පික ඇමැතිතුමා නිසා, එතුමාගේ චරිතය රනිල් ගේ හෙංචයියන් ලවා ඝාතනය කරනවා. එක එක සමීක්ෂණ පවත්වලා ලැබිලා තියෙන ප්‍රතිඵල වලින් ප්ලෑන් කරන්නේ යූ.ඇන්.පී. දිනලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය අල්ලන්න. මොකද දෙමල, මුස්ලිම් ඡන්ද ෂුවර් එකට එයාට නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන කුමන්ත්‍රණයේ පිටුපස ඉන්නෙත් එයා. එතකොට සිංහල ඡන්ද දෙකට කැඩෙනවනේ. රට ගැන හිතන හැමෝටම තියෙන්නේ පාට දේශපාලනය අමතක කරලා නිදහසෙන් පස්සේ මාරුවෙන් මාරුවට රට කාපු ඔය පක්ෂ දෙකටත්, සිංහල තරුණ ජීවිත බිලි දීපූ ජේ.වී.පී. එකටත් ඡන්දය නොදී 'හෙළ උරුමය' බලයට ගේන්න. (බ)

:       0       0

රජින්ද Tuesday, 21 April 2015 03:44 PM

අනේ චම්පික මහත්තයෝ, මේ ආණ්ඩුව පත්කරගන්න දගලනකොට කිව්වේ ඔයාල මේ ආණ්ඩුවට වැරදි කරන්න දෙන්නේ නැහැය, එහෙම කළොත් ඔයාල ඒවාට විරුද්ධ වෙනවය කියල. දැන් බලපුවහම ඔයගොල්ලන්ටත් කොලේ වහන කට්ටියක් ආණ්ඩුවේ ඉන්නවා කියල ඔයාම කියනවා. එතකොට අපි තමුන්නාන්සේලාව පත් කළේ මේ බහුබූත අහන්නද. තමුන්නාන්සේලාගේ වැඩ ගැනත් දැන් අපිට තියෙන්නේ තද කලකිරීමක් විතරයි. (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 April 2015 04:02 PM

චම්පික නායකයා වෙන්නෙ නෑ (බ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 April 2015 04:28 PM

ඉතාමත් නින්දිත ආකාරයෙන් රට බේරාගත් නායකයාට පහර ගසමින් රටට යුද ජයග්‍රහණයට අවමන් කල යුද විරුවන් දන්ගෙඩියට දක්කන්න වෙරදරන පාර්ශවයන් සමග හිරිකිතයක් නැතුව හිටගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුනට කඩේ ගිය චම්පික ,හෙළ උරුමය පිලිබදව තිබු අපේ බැදීම සම්පුර්ණයෙන් බිද දැම්මවූ මේ චම්පික නායකයා වේවි කවද හරි ..මේ රටේනම් නෙමෙයි..(ස)

:       0       0

පරණගම ප්‍රියන්ත Tuesday, 21 April 2015 04:52 PM

මොන රටක් ද මොන පක්ෂයක් ද ? ඔහු නායකයා වනු ඇත. (ස)

:       0       0

සුරන්ග Tuesday, 21 April 2015 05:14 PM

රනිල් වගෙ බල ලෝභීන් පිනට පත් උනාම වෙන දේවල් තමයි මේ. චම්පික, අවැසි තැන නැගී සිටි ඔබට අපි සැමදා ගරු කරන්නෙමු. ජ.වි.ප.යත් තම පක්ෂය රැක ගන්න පමණ බවයි පෙනී යන්නේ. (ස)

:       0       0

සුමුදු හේවා Tuesday, 21 April 2015 05:21 PM

චම්පිකට ඕනේ බලය සහ බලය විතරමයි. වරක් ජාතිකත්වය මාකට් කරන්න බැරි මළකඳක්ය කියලා බෙදුම්වාදය පස්සෙත් ගිය ඔහු ජාතිකත්වයට තැනක් ඇති බව පෙනුණාම නැවත බොරු ජාතිකත්වයක් මවාගෙන අන්තිමට ඒ බොරු ජාතිකත්වය ගිය ජනපතිවරණයේදී සැබෑ ජාතිකත්වය වනසන්න පාවිච්චි කළා. දැනුත් ඔහු වැඩ කරන්නේ රටට සතුරු විදේශ බලවේග වල දේශීය ඉත්තෙක් හැටියටයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 465 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 469 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 771 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 583 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 403 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 748 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site