(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊය (1) හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .
මේ නිලධාරීන් තිදෙනා අතර සැරයන්වරු දෙදෙනෙක්ද වෙති .
පාර්ලිමේන්තු පොලිසියේ මේ දක්වා කොරෝනා ආසාදිතවූ නිලධාරීන් සංඛ්‍යාව 9කි.
මින් පස්දෙනකු තවමත් ප්‍රතිකාර ලබන බවද සිව්දෙනකු සුවවී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි .
මෙම ආසාදිතයන් හමුවීමෙන් පසුව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරීහු 75දෙනෙක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. මින් දෙදෙනකු නිරෝධායනයට යොමු කරනු ලැබ ඇත්තේ ගතවූ පැය 24 දීය .
පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය ,නියෝජ්‍ය මහලේකම් කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයකින්ද කොරෝනා ආසාදිත සේවකයෝ කිහිප දෙනෙක් පසුගිය දිනවල සොයා ගනු ලැබූහ .
මේ අතර පාර්ලිමේන්තුව ලබන 8 වෙනිදා යළි රැස්වීමට නියමිතය .
පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ පැවැත්වෙන ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 7 වැනිදා උදේ 9.30ට පැවැත්වේ .
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාර්ලිමේන්තු පොලීසියේ තවත් 3කට කොරෝනා