IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට හිරිහැර එපා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

 ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් කරන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණ සභාවේ ගරුත්වයට නොගැලපෙන බව කථානායක  නිවේදන ඉදිරිපත් කරමින් නියෝජ්‍ය කථානායක  අජිත් රාජපක්ෂ  අද (24) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 සභාවේ වැඩ කටයුතු පවත්වා‍ගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී  ආකාරයෙන් මෙහෙයවීමට කථානායකවරයාට/මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහාය වීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකි බව  ද නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

 එබැවින් එලෙස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරන  නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් කරන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන බවද නියෝජ්‍ය කතානායකවරයා  නිවේදනය කළේය.

 නිලධාරීන් පිළිබඳ  චෝදනා ඇත්නම් ඒවා කතානායකවරයා  වෙත යොමු කරන ලෙසද නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.



අදහස් (3)

පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට හිරිහැර එපා

අරවින්ද මොනරවිල Thursday, 24 August 2023 05:49 PM

ඕක ගරුත්වයක් සහිත සභාවක් නොවෙයිනේ, මහා පුටුවේ ලගින්නේ පඹයින්නේ, අනුර, කරු වගේ අයව මතක් වෙන කොට හිනහා යනවා.

:       0       0

Bunny Preena Saturday, 26 August 2023 10:40 AM

අශීලාචාර විදිහට හැසිරෙන අයව පාලනය කරන්න ඔබතුමා රබර් උණ්ඩ පිස්තෝලයක් පාවිච්චි කරන්න කැබිනට් අනුමැතියක් ලබාගන්න. එතකොට කවුරුවත් සීට් එකෙන් නැගිටලා එන එකක් නැහැ.

:       0       1

de silva Saturday, 26 August 2023 07:24 PM

පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ උසාවියෙන් වැරැදිරකරුවන් වූ කප්පම් කාරයෝ, මිනීමරුවෝ, කුඩු මුදලාලිලා, වැලි ජාවාරම් කරුවන් වැනි පිරිසක්.. ඕකේ ඉන්න නිලධාරීන්, පිරිසිදු කිරීමේ සේවිකාවෝ දූෂණය කරන බව අද සාක්ෂි සහිතව ඔප්පුවුණ බව කියන නමුත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්න තවම කටයුතු කර නැහැ. කෝපි කඩේ නාටකයේ පොලී මුදලාලිට වංචා, දූෂණ ගැන පැමිණිලි කරලා ඵලක් තියෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස තවත් දීර්ඝ වෙයි
2024 ඔක්තෝබර් මස 14 117 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්


කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් ඇවිත් අගමැතිනියට ලිපියක් දෙයි
2024 ඔක්තෝබර් මස 14 2309 0

ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)


සමාජ ශාලා වටලා රටබීම අල්ලයි
2024 ඔක්තෝබර් මස 14 562 0

සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ


මැකෝ පක්ෂ ලේකම්වරුන් හමුවක් හෙට
2024 ඔක්තෝබර් මස 14 142 0

මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.


ආණ්ඩුව අයි.එම්.එෆ් යෝජනා ඇහිපිල්ලමක්වත් වෙනස් කර නෑ
2024 ඔක්තෝබර් මස 14 868 0

රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර


එ.ජා සංවර්ධන සහකාර මහලේකම්වරිය ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 14 432 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 390 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 447 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1406 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site